කිරුළු නොපැළඳූ සොඳුරුත ම ඔලිම්පික් පරාජිතයා; රණතුංග කරුණානන්ද.

ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතක් වුණත්, විවිධ අංශවලින් ලංකාවේ නම ලෝකයට ම ගෙනියපු උදවිය හුඟක් ඉන්නවා. ඒත් මේ හැම කෙනෙක්ට ම එක වගේ ගෞරවයක් ලැබිලා තියෙනවද කියන එක නම් සැකයක්. මොකද අපේ හුඟක් අයට ඕනේ ම දෙයක් හරි ඉක්මනට අමතක වෙනවනේ.  

Image Source : ada.lk

රණතුංග කරුණානන්ද; මේ නම අහලා පුරුදුද? ලාංකිකයෝ බොහෝදෙනෙක් ට දන්නේ නැති වුණාට, ජපානේ පොඩ්ඩෙක්ගෙන් මේ නම ගැන අහලා බලන්න. ඔය කවුද කින්ද මන්ද කියන එක හරි අපූරුවට උන් කියාවි. 1964 අවුරුද්දේදී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුණු ඔලිම්පික් තරගාවලියේ විශිෂ්ටත ම මලල ක්‍රීඩකයා වුණු ඔහු ගැන අපේ පොත පතේ කොහොම වෙතත්, ජපානයේ පෙළ පොත්වල පවා සඳහන් වෙනවා.

සොඳුරුත ම ඔලිම්පික් පරාජිතයා

1936 අවුරුද්දේ ඉපදුණු රණතුංග කරුණානන්ද සේවය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවෙයි. ඔහු ඒ වෙද්දී ලංකාවේ ඉඳපු දක්ෂත ම දිගු දුර ධාවකයා වුණා. 1964දී ඔහු ටෝකියෝ අග නගරයට ගියේ ඒ වසරේ ඔලිම්පික් තරගාවලියේ මීටර 5000 සහ 10000 තරගවලට සහභාගී වෙන්නයි. ඔහු ඇතුළු හයදෙනෙක් විවිධ ක්‍රීඩා සඳහා තරග කිරීමේ බලාපොරොත්තුවෙන් ලංකාවේ පිටවුණා.

දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වෙලා ගිය ජපානයට, මේ කියන ඔලිම්පික් උළෙල සෑහෙන්න වැදගත් එකක්. මේ තරගාවලියෙන් ඔවුන්ට ලබාගත හැකි උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට ඔවුන් ලෑස්ති වෙලා හිටියා.

මීටර 10000 තරග ඉසව්ව ඇරඹීමේ සංඥාව ලැබෙනවාත් එක්ක ම, රටරටවල්වලින් ආව දිගු දුර ධාවකයෝ සෙමින් සෙමින් ධාවන පථය දිගේ ඉදිරියට ඇදෙන්නට වුණා. මේ තරගයේ මුළු වට ගණන 25ක්. තරගය ආරම්භ වෙලා පළමු වටය අවසන් වෙද්දී කරුණානන්ද හිටියේ අනෙකුත් ධාවකයන් ට වඩා මීටර 200ක් විතර පිටුපස්සෙන්. මුල් වට දහය අවසන් වෙද්දී කරුණානන්ද නව වෙනි වටය දුවමින් සිටියා. වට 20ක් අවසන් වෙද්දී ඔහු තරගයේ අන්තිමයා බවට පත්වෙලා.

තරගයේ අවසන් වටය එළඹෙද්දී, ඇමෙරිකාව, ටියුනීසියාව සහ ජපානය යන රටවල් තුනේ ක්‍රීඩකයන් පදක්කම් වෙනුවෙන් තරගයක නිරත වෙලා හිටියා. ඒ වෙද්දී කරුණානන්ද හිටියේ අනෙකුත් ධාවකයන් ට වඩා වට හතරක් පසුපසින්. ඒ කියන්නේ මීටර් 1600ක පමණ දුරක් ඔහු සහ අනිත් අය අතරේ තිබුණා. තරගය අවසාන වුණේ කලින් කියපු රටවල් තුනේ ක්‍රීඩකයන්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ලැබීමෙන්. ඊළඟ තරගය වෙනුවෙන් කටයුතු සූදානම් කරන්න තරග සංවිධායකයෝ ලෑස්ති වෙලා හිටියත්, ඔවුන්ට ඒ සඳහා ඉඩක් ලැබුණේ නැහැ. මොකද ඒ වෙද්දීත් ධාවන පථයේ දුවමින් උන්නු කලින් තරගයේ ක්‍රීඩකයෙක් හිටපු නිසා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ලංකාවේ තරගයට සහභාගී වුණු කරුණානන්දයි.

Image Source : ada.lk

පදක්කමක් නොලැබුණත්, ලංකාවේ මේ ක්‍රීඩකයා ඉතිහාසගත වුණේ මෙන්න මේ අන්තිම වට හතරෙනුයි. හැටදහසක් පමණ වූ ප්‍රේක්ෂකයන් හැල්මේ දුවන කරුණානන්ද දිහා බලාගෙන හිටියේ සමච්චල් සහගත මුහුණුවලින්. නමුත් ඒ ගැන කණකටවත් නොගත්ත ඔහු, කලින් විදියට ම ධාවනයේ නිරත වුණා. අන්තිම වට හතරෙන් දෙවැනි වටය පටන්ගන්නකොට, අර කලින් ඇහුණු හූ හඬ හිමීට මැකිලා ගියා. ඒ වෙනුවට ඇහුණේ සිහින් අත්පොළසන් නාදයක්. 24වෙනි හෙවත් අන්තිම වටය ආරම්භ වෙද්දී මුළු ප්‍රේක්ෂකාගාරයෙන් ම ඇහුණේ “කරූ සිලෝන්! කරූ සිලෝන්” කියන ඔල්වරසන් නාදය විතරයි.

තරගයේ අන්තිම මීටර් 400, කෙටි දුර තරග ධාවකයෙක් මෙන් දුවපු කරුණානන්ද සම්පූර්ණ තරගය අවසාන කරන්න ගත්ත කාලය විනාඩි 34යි තත්ත්පර 21.6යි. ඒත් තරගයේ රන් පදක්කම ගත්ත ඇමරිකානු ජාතික විලියම් මිලාස්ට වඩා වැඩි අවධානයක් ඔහුට ලැබුණා. ඒ කරුණානන්ද දක්වපු අප්‍රමාණ ආත්ම ශක්තිය නිසා.

“Not to win, but to take part”

Image Source : ada.lk

කරුණානන්ද තරගයට ආවේ පදක්කමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් ක්‍රීඩකයෙක් විදියට තමන්ගේ රට නියෝජනය කරන්නයි. පරාජය දැකදැකත් ඔහු අවසන් වට හතර දිව්වේ ඒ රාජකාරිය අකුරට ම ඉටු කරන්නෙක් විදියට. තමන් තරගය දිනුවත් සැබෑ කිරුළ හිමිවෙන්නේ ලංකාවෙන් ආ දිරිමත් ක්‍රීඩකයාට බව රන් පදක්කම දිනපු විලියම් මිලාස් පවා කිව්වේ ඒ නිසයි.

ජපානයේ පමණක් නෙවෙයි, ලොව පුරා පුවත්පත් ගණනාවක කරුණානන්දගේ ධෛර්යවන්ත බව ගැන කතා කෙරුණා. ජපානයේ පාසල් පෙළ පොතට ඔහු ගැන පරිච්ඡේදයක් එකතු වුණෙත්, ඒ වෙද්දී දෙවන ලෝක යුද්ධයෙන් කඩා වැටී උන්නු ඔවුන්ගේ රටේ මිනිසුන් ව දිරිමත් කිරීමටයි.

තරගාවලිය අවසන් කරලා ලංකාවට ආව කරුණානන්දට ගෞරවයක් ලෙසට ක්‍රීඩා පිට්ටනියක් ඉදි කරන බවට එවකට ඉඳපු පාලකයන් නා නා ප්‍රකාර කතා කිව්වත්, ඒ සේරම හිස් වචන විතරක් වුණා. ඒ ගැන තැකීමක් නොකරපු ඔහු සාමාන්‍ය පරිදි යුද හමුදාවට තමන්ගෙන් විය යුතු සේරම රාජකාරි ඉෂ්ට සිද්ධ කළා.

ජපානයට හපනෙක් වුණත් අපට පොඩි මිනිහෙකු වූ රණතුංග කරුණානන්ද

Image Source : ada.lk

1975දී ජපානයට පැමිණ විශේෂ ගෞරව සම්මානයක් ලබාගන්නා ලෙසට කරුණානන්ද ට ආරාධනාවක් ලැබුණා. ඔහුගේ අඹුදරුවන් සියල්ලට ම ලැබුණු මේ ඇරයුම ඔහු පිළිගත්තේ හරි ම නිහතමානී විදියට.

ඒත් මේ ගමනට සති දෙකකට කලින් අම්පාර නාමල්ඔය ජලාශයේ ඔරු පදිමින් සිටි කරුණානන්ද, වතුරේ ගිලීමෙන් මරණයට පත්වුණා. අම්පාර යුද හමුදා කඳවුරේ රැකියාව කරමින් ඉඳපු ඔහුගේ මරණය, අදටත් නොවිසඳුණු අබිරහසක්. මේ ප්‍රවෘත්තිය සැල වුණා ම ලංකාවටත් වඩා කම්පා වුණේ ජපානයයි. වෙන එකක් තියා ඔහුගේ සිරුර ගොඩගත්තෙත් ජපානයෙන් ආ කිමිදුම්කරුවන් පිරිසක්. ජපානයේ පුවත්පත්, රූපවාහිනීවලින් ඔහුගේ මරණය ගැන ලෝකයට ම කියද්දී, අපේ පුවත්පත්වලින් ඒ සඳහා දීලා තිබුණේ හරි ම පොඩි ඉඩක්. ඔහු දියේ ගිලෙද්දී කවුරුත් බේරා නොගත්තේ ඇයි? මලල ක්‍රීඩා සංගමයෙන් ඒ ගැන පරීක්ෂණයක් නොකළේ ඇයි?; මේ කිසිම ප්‍රශ්නයකට අදටත් උත්තර ලැබිලා නැහැ.

Image Source : ada.lk

කරුණානන්දගේ මරණයෙන් අසරණ වුණු පවුලට උදව් කිරීමට ජපානය මැදිහත් වුණත්, ඒ සඳහා ලංකාවේ බලධාරීන්ගෙන් සහයක් නොලැබුණු බවත් හෙළි වෙනවා. ඔහුගේ කතාව ඇසුරෙන් ජපානයේ වාර්තාමය චිත්‍රපටයක් හැදීමේ කතාවක් තිබුණත්, ඒකටත් ලංකාවේ රූපවාහිනී ආයතනවලින් ඒ හැටි උදව්වක් ලබාදී නැහැ.

අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, මානව වටිනාකම ගැන ලෝකයට ම පණිවිඩයක් දුන් රණතුංග කරුණානන්දගේ චරිතය ලංකාවට වැදගැම්මක් නොවීම, ඇත්තට ම හරි ම කනගාටුදායක කාරණයක්. ඒත් 2020 අවුරුද්දේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙදීවත් ඔහු ගැන මතකය ආවර්ජනයක් වේවී කියන පුංචි බලාපොරොත්තුව බොහෝදෙනෙක්ගේ සිත් සතන්වල තියෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide