පොෂ් එකේ..! සුව පහසුව වාඩි වෙලා බත් වේලක් රස බලන්න කියාපු අවන්හල් 9ක්.

රයිස් ඇන්ඩ් කරි කියන්නෙ අපේ ජාතික ආහාරයනෙ. අන්න ඒ නිසාම හොඳ පදමට මිරිස් තුනපහ දාලා, උයපු රස බත් වේලක් බඩට වැටුණෙ නැත්නම් අපේ කට්ටියට නින්ද යන්නෙ නැති ගාණයි. ඔෆිස් එකට ගියත්, ඉස්කෝලෙට ගියත් නැත්නම් වෙන වැඩකට ගියත් අම්මගෙ අතින් හරි බිරිඳගෙ අතින් හරි බැදෙන බත් මුලක් අනිවාර්යයෙන් අරන් යන පුරුද්දක් අපිට තියෙනව.

හැබැයි ඔය කොහොම වුනත් මාසෙකට සැරයක් හරි එළියෙන් කෑවෙ නැත්නම් ඒත් අපේ හිතට මොකක්ද වගේනෙ. අතේ තියෙන ගාණ බලල එක එක කට්ටිය එක එක පැලැන්තියෙ කඩවල් වලට ගොඩ වෙනව. සමහරු නම් අල්ලන්නෙ ගමේ රහට කෑම හැදෙන පුංචි කඩයක්. තවත් සමහරු තරමක් සුව පහසුව ඉඳගෙන හිතේ හැටියට බත්, ව්‍යංජන රස බලන්න පුලුවන් මධ්‍යම පන්තියෙ කඩයක් අල්ලනව. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව හොඳ හයි ෆයි අවන්හලක් අල්ලල අතමිට දිග ඇරල වියදම් කරන ගමන් බඩයි හිතයි දෙකම පිරෙන කම් බත් කන.

අන්න ඒ කට්ටියට තමයි අපි අද මේ කතාව කියන්න යන්නෙ. කතාවක් කිව්වට ඇත්තටම මේක අවන්හල් ලැයිස්තුවක්. හැබැයි එසේ මෙසේ එකක් නෙවෙයි. අතමිට දිග ඇරල බත් කන්න යන කට්ටියට නියමෙටම ගැලපෙන සුපිරි පන්නයේ අවන්හල් ටිකක්.

අද හෙටම ගියා නම් තමයි හොඳ. ගිහින් හිතේ හැටියට බත්, ව්‍යංජන ටිකක් රස බලන්නකො. බලල හොඳ නරක, අඩු පාඩු ගැන අපිටත් කියන්න.

1. Kaema Sutra

නියම පොල් කිරි දාලා හදන අල පරිප්පු, රස පදමට මිරිස් තුනපහ දාල හදන මස් මාලු,  ලුණු ඇඹුල් අඩු නැතුව වැටිලා හැදෙන කොළ මැල්ලුම්, උණු උණු සම්බා හාලේ බතට එකතු වුනාම ගමකට කත හැකි. ඒ අතරට එකතු වෙන රියල් කට ගැස්ම, බැදපු මිරිස්, පපඩම් ටික දිවට ගේන රස, පංකාදු පහයි. නිදහස් චතුරස්‍ර කෑම සූත්‍ර අවන්හලේ බත් වේලක් රු.1000, 1500 වගේ ගාණක් වෙන්නෙ. ඒ වුනාට බඩ කට වගේම හිතත් පිරෙන්න කන්න පුලුවන් නිසා යනවද නැද්ද කියන එක ගැන නම් දෙපාරක් හිතන්න දෙයක් නෑ.

2. Colombo City Hotel

මුලු මනින්ම අපේ ටයිප් බත් වේලක් නොවුනට කොටුව සිටි හෝටලයෙ තියෙන රයිස් ඇන්ඩ් කරි එකට අපේ ලිස්ට් එකේ දෙවනි තැන දෙන්නෙ ඒකෙ තියෙන වෙනස්ම රස නිසා. බාස්මතී හාලේ බතයි චීන, මැලේසියන් වගේ රසට හදපු මස් කරියයි එක්ක චොප්සිය එහෙම නියමෙට ගැලපෙනව. හැබැයි ඉතින් එළවලු නම් තම්බල තමයි මේසෙට එන්නෙ. ලුණු ගම්මිරිස් ටිකක් දාගත්තාම මරේ මරු. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ චිකන් කරියෙ තියෙන රස, සෝස් මිශ්‍ර රසක් වුනාට බත් පිඟන් එකකට නෙවෙයි දෙකකට වුනත් වග කියන්න පුලුවන් තරම් රසයි. ගාණත් රු. 1000, 1500 අතරෙනෙ.

3. Upali’s 

ටවුන්හෝල් උපාලිස් එක ගැන නම් ගොඩ දෙනෙක් දැනටමත් දන්නව. උපාලිස් එක කෑම සූත්‍ර අවන්හලට දෙවනි වෙන්නෙ ගාණෙන් විතරයි. ඇත්තටම මෙතනදි නම් රු. 1000කට බඩ පැලෙන්න බත් කන්න පුලුවන්. ඇති තරම් බතුත් ලැබෙනව. මදි පාඩු එළවලු ටිකත් ලැබෙනව. විශේෂයෙන්ම මෙයාලගෙ චිකන් කරිය, මාලු ඇඹුල් තියල් එක එහෙම පට්ට රසයි. කොටින්ම කියනව නම් ඒ ඇති බත් කන්න. හොඳ පදමට තුනපහ දාලා හදපු එළවලු ජාතිත් 4,5කුත් ලැබෙනවනෙ. පොඩි අවුලකට කියල තියෙන්නෙ කෑම වල සැර ගතිය මදි එක තමයි.

4. Palmyrah

ගොඩ දෙනෙක් මේ අවන්හල දන්නෙ රේණුකා හෝටලයෙ අවන්හල කියල. තියෙන්නෙ කොල්ලු පිටියෙ. කලින්ම කියන්නම් මෙයාල ලගත් තියෙන්නෙ ඔරිජිනල් ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි නම් නෙවෙයි. පොඩ්ඩක් විතර ඉන්දියානු, මැලේසියානු ආභාෂය තියෙනව. කට්ටිය දන්නවනෙ තුනපහ රසයෙන් ටිකක් එහාට ගියපු සෝස් රස මිශ්‍ර වෙච්ච ව්‍යංජන. අන්න ඒ නිසා අපිට හුරු පුරුදු පොල් කිරි රස, තුන පහ රස ලොකුවටම බලාපොරොත්තුවෙන් මෙතනට යන්න එපා. එහෙමයි කියල අවුලක් ගන්න ඕන නෑ. මෙයාල ලඟ තියෙනව පට්ට රස සී ෆුඩ් කරි. එකක් ගත්ත නම් අනිත් ව්‍යංජන ටිකත් එකතු කරගෙන රු. 1000කටත් අඩු ගාණකට බඩ කට පිරෙන්න බත් ගිලින්න පුලුවන්.

5. The Gardenia Coffee Shop

මේකත් තියෙන්නෙ හෝටලයක. කොල්ලුපිටිය රාමදා හෝටලය කිව්වාම තමයි කට්ටිය දන්නෙ. රු. 1000ක් වගේ වියදම් කරල හොඳ බත් වේලක් කන්න කියාපු තවත් තැනක්. එකම අවුල තමයි මෙයාලගෙ ව්‍යංජන වලටත් ඉන්දියානු, චීන ආභාෂයන් මිශ්‍ර වෙලා තියෙන එක. එ් වුනාට රසේ කිසිම අඩුවක් නම් නෑ. සෝස් රසයි, මිරිස් තුනපහ රසයි හරි අපූරුවට ගලපල උයල තියෙනව. දැක්කාම කටට කෙල උනන ගාණයි. ඇත්තටම රාමදා හෝටලයෙන් බත් කාපු කෙනෙක්ට නම් ඒ රස අමතක වෙනව බොරු.

6. Siam House

මදි නොකියන්න පොල් කිරි, මිරිස් තුනපහ දාලා හදන පට්ට රස මස් කරියක් එක්ක බාස්මතී හාලේ බත් ටික් රස බලන්න, යන්න බම්බලපටියෙ සියාම් හවුස් එකට. ගාණ නම් ටිකක් සැරයි. රු. 1500ක් විතර වෙනව. ඒ වුනාට රස හොඳයිනෙ. මස් කරිය විතරක් නෙවෙයි, කටට සැරට හැදෙන ඉස්සො බෝංචි කරියකුත් තියෙනව මෙයාල ලග. ඒ හැරුණාම අලුත් එළවලු දාලා හදන සලාදයක්, රස වෑහෙන තායි ව්‍යංජනයක් එහෙමත් මේසෙට එනව. රස වැටිල කාගෙන කාගෙන යද්දි ව්‍යංජන ජාති එහෙම මග ඇරෙන්න පුලුවන් නිසා හොඳ කල්පනාවෙන් කන්න ඕන හොඳද.

7. Flavoured

කොල්ලුපිටිය සිනමන් රෙඩ් හෝටලයෙ අවන්හල තමයි ෆ්ලේවර්ඩ් කියන්නෙ. ටොප් එකට බත් ටිකක් කන්න කියාපු තැන. කෙලින්ම අපේ රසමයි. නියම ගාණට කිරි දාලා හදපු අල, බෝංචි ව්‍යංජන, සැර අඩුවෙන් තුනපහ රස වැඩියෙන් එන්න හදපු මාලු කරිය එතකොට සැරයි, තුනපහයි දෙකම හොඳ හැටි තියෙන මස් කරිය, මතක් වෙද්දිත් කටට කෙල උනනව. සම්බා හාලේ බතට ඔය ටික එකතු වුනාම මදැයි, ඉස්මුරුත්තාව එනකම් කන්න බැරියැ. ලොකු ගාණකුත් නෑනෙ. උපරිම වුනොත් රු. 1000ක් වෙයි.

8. Raja Bojun

ඇත්තටම රාජ බෝජන පරාදයි. කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරෙ තියෙන රජ බොජුන් එකේ කෑම වල රස මේචර කල් දැනන් හිටියෙ නිතර දෙවේලෙ යන එන අය විතරයිනෙ. ඔන්න අද ඉඳන් අනිත් අයත් දැන ගනීවි. රජ බොජුන් එකේ කෑම ඇවිල්ල කෙලින්ම ගැමි ගෙදරක හදන කෑම වගේම රසයි. සමහර වෙලාවට ඊටත් වඩා රසයි. පංකාදු පහට හැදෙන්නෙ මෙයාලගෙ මස් කරි ටිකයි ඇඹුල් තියල් එකයි තමයි. ඒ හැරුණාම කිරි මාලු එකත් මරු. හැම ව්‍යංජනයකටම හොඳ හැටි පොල් කිරි, මිරිස් තුනපහ දාලා උයන නිසා සුදු බත් වලට විතරක් නෙවෙයි රතු බත් වලටත් නියමෙට ගැලපෙනව. හැබැයි ඉතින් මෙයාලගෙ ගාණ නම් රු. 1000ක් 1500ක් විතර වෙනව.

9. Indian Summer

විහාරමහා දේවි පාර්ක් එක පැත්තෙ ඉඳන් බොරැල්ල පැත්තට යද්දි හමුවෙන හොර්ටන් ප්ලේස් පාරෙ තමයි ඉන්දියන් සමර් අවන්හල තියෙන්නෙ. මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරි එක මුලු මනින්ම ඉන්දියානු එකක් වුනාට වෙජිටේරියන් නම් නෙවෙයි. හොඳ සැරට හැදෙන චිකන් කරියක් තියෙනව, පට්ට රසයි. ඒ හැරුණාම පරිප්පු ව්‍යංජනයත් මරු. හැම දෙයකටම වඩා රස ඉන්දියන් රියිස් ඇන්ඩ් කරි එකටම එන ව්‍යංජන ටික තමයි. සමහර ඒව මසාලා රසයෙන් අනූනයි. එතකොට මී කිරි දාලා හදපු ව්‍යංජන ටිකත් නියමෙටම තියෙනව. බාස්මතී හාලේ සුවඳ දැනෙද්දි කාටද නොකා ඉන්න පුලුවන්, නේ. ඒ වෙලාවට රු. 1000 මොන කජ්ජක්ද?

ඔය හැරුණාම හිල්ටන්, සිනමන් ග්‍රෑන්ඩ් වගේ හෝටල් වල තියෙන අවන්හල් වලත් පට්ට රසට හැදෙන රයිස් ඇන්ඩ් කරි තියෙනව. හැබැයි ඒව නම් සෑහෙන්නම ගණන්. රු. 1500නුත් එහා පැත්තෙ. ඒ නිසා ඒව ගැන වෙනම දවසක කියන්නම්. එතකන් මේ අවන්හල් වලින් බත්, ව්‍යංජන ටිකක් රස බලන්නකො. ඒ විතරක් නෙවෙයි අපිට මග හැරුණු තැන් තියෙනව නම් ඒවත් කමෙන්ට් කරන්න හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide