සතිඅන්තේ අපූරු සවාරියක්! රු. 8000ට අඩුවෙන් නිවාඩුව ගතකරන්න කියාපු නවාතැන් 6ක්.

ඉස්කෝලෙ නිවාඩුවත් ඉවර වේගෙන නේ එන්නෙ. නරකද ඊට කලින් පොඩ්ඩොයි ගෙදර උන්දැලයි එක්ක පොඩි ටුවර් එකක් එහෙම ගියා නම්. මොකද ඕවා හැමදාම යනව කියලයැ. අනික මාස ගණන් ගෙවල්වලට, වැඩපලවල්වලට හිරවෙලා ඉන්න එයාලගෙ හිතේ පොඩි හරි සතුටක් ඇති කරන්නත් හොඳම ක්‍රමයනෙ.

නිකම් බොරුවට වන්දනා ගමන් දාගෙන සෙනඟ අස්සෙ තෙරපිලා, රෑ නිදි වරාගෙන මහන්සිවෙලා ගෙදර එනවට වැඩිය කොච්චර හොඳද අතේ තියෙන ගාණට පුංචි හෝටලයක් බලල බුකින්ග් එකක් දාලා සුවපහසු දවසක් ගත කරල ආපහු එන එක.

එතකොට කෑමබීම ටිකත් අත ළඟට ම, නාන්න කරන්නත් හිතේ හැටියට නැචුරල් පූල් තියෙනව, ලීයෙන් හරි මැටියෙන් හරි හදපු කොටේජ් එකක් වුණොත් ෆුල් කූල් එකේ සැප නින්දක් දාන්නත් පුළුවන්. ඊටත් සුන්දර වටපිටාව! පොඩ්ඩොන්ට වගේ ම වැඩිහිටියන්ටත් එළියට බැහැලා විනෝද වෙන්න, කැලේකොලේ ඇවිදලා ගහකොළ, සතා සීපාවා, කුරුලු කොබෙයියො දැකගන්න, හැන්දැ වෙන්න අල්ලල ගිනිමැල පාර්ටියක් දාන්න… ඒ විතරක් නෙවෙයි, කොහොමද රෑ කෑම එක ලන්තෑරුම් එළියෙ ලෑස්ති වෙද්දි? ආයෙ ඉතින් අමතක නොවෙන අත්දැකීම් තමයි හොඳද.

දැන් ඉතින් දස අතේ කල්පනා කරන්න ඕන නෑ කොහොමද එහෙම අතේ තියෙන ගාණට හෝටල් හොයන්නෙ කියල. මොකද අපි ඒ වැඩේ දැනටමත් කරල තියෙන්නෙ. ලංකාවෙ ලස්සනම පැතිවල වන වදුලු අස්සෙ හැංගුණු අපූරු හෝටල් ටිකක්… හැරත් ඔක්කොම වගේ ලීයෙන් මැටියෙන් හදපු සුවපහසු ම තැන්. ඔන්න පහළින් තියෙනව, ඔයාලට කරන්න තියෙන්නෙ ඒ ටික බලලා හිතට සෙට් වෙන එකක් අල්ලල බුකින්ග් දාන්න තමයි.

හැබැයි ඉතින් එකක්! කැලේකොලේ  ගියා වගේ නෙවෙයි ඔයාලත් පරිස්සම් වෙලා කැලෙත් පරිස්සම් කරගන්න ඕන හරිද?

1. Manthally Cabanas (Hikkaduwa)

මුහුද නම් මුහුද කැලේ නම් කැලේ කියලා ඕන තෝරගැනීමකට ඉඩ තියෙන්න, යන්න හික්කඩුව, නරිගම මැන්තලි කබානාස්වලට. ඇත්තටම මේක පිහිටල තියෙන්නෙ බීච් ලයින් එකේ නම් නෙවෙයි. ටිකක් ඇතුළට වෙන්න. වටපිටාවෙ ලොකු කැලයක් නැති වුණාට වෙල්, බඩවැටි, ලඳු කැලෑවලින් පිරිලා නිසා සොබා සෞන්දර්යයේ කියන්න තරම් අඩුවක් නෑ. අනික සියල්ල ලීවලින් නිමවුණු කබානා නිසා සැපපහසුකමත් උපරිමයි. හැරත් ගියපු උදවිය කියනවනෙ මෙතන කෑමත් පංකාදු පහයි කියල. ඔක්කොමත් හරි විනාඩි 10, 15 දුර ගෙවල හැන්දෑවට බීච් එක පැත්තෙ රවුමක් ගහල ආව නම් කෙලින්ම බාබකියු එකට සෙට් වෙන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින්… නිස්කලංක පරිසරයෙ, හීන් බොංගො, ගිටාර් තාලයකට තරු පිරිච්ච අහස දිහා බලාගෙන!

2. Ella Tree House (Ella)

මෙන්න ට්‍රී හවුස් කිව්වලු. ඇල්ල රොක් යන පාරෙ පුංචි ලන්දක, බෑවුමට වෙන්න අල්ලල තමයි මේක හදල තියෙන්නෙ. වටිනාකම කියන්නෙ ඒකෙ එක පාරකට ඉන්න පුළුවන් එක පවුලකට විතරයි. ඒ නිසා බුකින්ග් දාන ඔයාලට උපරිම නිදහස. අනිත් කාරණය තමයි උඩ තට්ටුවට පේන විව් එක. පුංචි ශ්‍රීපාද කන්දෙ ඉඳන් ඇල්ල කපොල්ලෙ කඳු සෙට් එක ම වගේ පේනව. අනික උදේට ඉර පායද්දි එහෙමත් ට්‍රී හවුස් එක හරිම ලස්සනයි. ඇල්ල රොක්, කිතල් ඇල්ල අවට කැලේ නිසා මේ හරියෙ කුරුලු කොබෙයියො එහෙමත් එමටයි. එකම අවුල තියෙන්නෙ හැන්දෑවට ගිනිමැළයක් ගහන්න තැනක් නැති එක තමයි. හැබැයි එයාලට කිව්වොත් ඒකත් මොනව හරි කරල දෙයි ඉතින්.

3. Travellers Hideout (Monaragala)

මේකත් ට්‍රී හවුස් එකක්. හැබැයි පිහිටල තියෙන්නෙ මොනරාගල, බටුගම්මන මහ කැලේ. නිකම් නෙවෙයි, පොඩි ඔය පාරකට මායිම් වෙච්ච මහ ගහක කරටියෙ. කිව්වට විශ්වාස කරන්න යාළු මේ පැත්තෙ සතා සීපාවා කිව්වාම අලි, කොටි,වලසුන්ගෙ ඉඳන්ම ඉන්නව. කුරුලු කොබෙයියන්ගෙනුත් අඩුවක් නෑ. දවස ම ෆුල් නිස්කලංකෙ ඉන්න කියාපු තැන. ඊටත් උදේට හැන්දෑවට උඩට පේන විව් එක කියල නිම කරන්න බැරි තරම්. අනික කෑම ටිකත් පංකාදු පහට, ගමේ රහට හැදෙනවනෙ. හැන්දෑවට ඔය ඉවුරට බැහැලා ටොප් ගිනිමැල, බාබකියු පාටියක් දාන්නත් පුළුවන්. හැබැයි ඉතින් පරිස්සමට හොඳද!

4. Heaven Natural (Sigiriya)

එකම තැනක් විසඳුම් දෙකක්. ඕන නම් කූඩාරමේ නැත්නම් ලී කොටේජ් එකේ. හැබැයි කොහේ හිටියත් සුවපහසුවෙ අඩුවක් නෑ උපරිම ලක්ෂරි. සීගිරිය, රන්ගිරිගම තියෙන මේ ‘ස්වභාවික දිව්‍යලෝකය’ වටේට ම තියෙන්නෙ වෙල් යායවල්. ඊට පස්සෙ කැලේ. නිකම් නෙවෙයි අලි ගහන කැලේ. ඒ නිසා ම හැන්දෑවට එහෙම හිතුමතේ රවුම් ගහන්න බෑ. හැබැයි කොටේජ් කිට්ටුව එයාලා ලෑස්ති කරන ගිනිමැල, බාබකියු වැඩ නිසා එහෙම යන්න ඕන වෙන්නෙත් නෑ. කොහොම වුණත් උදෙන් ම නැගිටල රන්ගිරිගම වැව පැත්තෙ රවුමක් දාන එක නම් වටිනව. මොකද කුරුල්ලො තොගයක් බලාගන්න පුළුවන්. නැතත් ඉතින් පාන්දරින්ම සීගිරිය, පිදුරංගල වන්දනා කරන්න යන්න වුණත් බැරියැ. මෙයාල ළඟත් සුපිරි ගමේ කෑම ටිකක් තියෙනව කියල තමයි ආරංචි. 

5. Sigiri Queens (Sigiriya)

මේකත් තියෙන්නෙ සීගිරියෙ, පිදුරංගල කිට්ටුව. මෙයාලගෙ බංගලාව නම් එච්චර ම හරියන්නෙ නෑ. හැබැයි ට්‍රී හවුස් එක පංකාදුයි. ඊටත් වටපිටාව ම කැලේ නිසා සත්තු බලන්න එහෙමත් නියමයි. අලි එහෙම ඉන්නව පැලෙන්න. පිදුරංගල, සීගිරිය දැක බලාගන්නත් මෙතන ඉඳන් පොඩි දුරයි තියෙන්නෙ. ඒ නිසා පාන්දරින් ම ඇහැරෙන්න ඕනත් නෑ. ඉර පායනකම් උඩට වෙලා ඉඳලා, ඒ සුන්දරත්වයත් විඳලම පල්ලෙහාට බහින්න පුළුවන්. අනික වටපිටාවෙ හොඳ හැටි ඉඩ තියෙන නිසා හැන්දෑ ගිනිමැල පාර්ටියත් හිතේ හැටියට දාන්න පුළුවන්. දාලා ඉතින් ලන්තෑරුම් එළියෙ රෑ කෑම වේල රස බලල එහෙම නේ…

6. Kumbuk Sevena (Kitulgala/ 077 7074381)

කිතුල්ගල, බිබිලෙ ඔය ගං ඉවුරෙ පැල් කොටවල ගහපු ටෙන්ට් එකක කෑම්පින්ග් අත්දැකීමක් ගන්න. නැත්නම් ලී කොටේජ් එකක හොඳ සුවපහසු රැයක් ගතකරන්න, යන්න කුඹුක් සෙවණට. ගමේ රහට වගේ ම බටහිර රහට වුණත් කෑම ටිකක් නම් මෙතනින් රසබලන්න පුළුවන්. ඊටත්, හැන්දෑවට සුපිරි බාබකියු පාටියක් එහෙමත් දැම්මහැකිනෙ. ගං ඉවුරෙ ගල් තලාවකට කිට්ටුකරල පොඩි ගිනි මැලයක් ගහගෙන, ආයෙ සුපිරි ඈ… ඒ හැරුණාම ඉතින් කැලේ කොලේ රිංගල සතා සීපාවො, කුරුල්ලො එහෙම බලල හිතේ හැටියට ගඟෙන් නාගෙන සුපිරි කැලෑ අත්දැකීමක් ගන්නත් පුලුවන්නෙ. ඇත්තටම තෙත් කලාපීය නිවාඩුවකට යනව නම් සුපිරිම තැනක් තමයි මෙතනත්.

ආයෙ ඉතින්… තව තියෙනව. හැබැයි ඔක්කොම එක පාර කියන්න බෑනෙ. මොකද ඊළඟ නිවාඩුවටත් ටිකක් තියාගන්න එපැයි. ඒත් ඒ අතරට ඔයාලට පුළුවන්, ඔයාලා දන්න මේවගේ ලස්සන ලස්සන නවාතැන් අපිට කියන්න. එතකොට අපිට පුළුවන් ඔවයෙ රවුමක් ගහල විනෝද වෙලා… අපේ අනිත් යාළුවන්ටත් කියන්න, බය නැතුව යන්න කියල නේ…!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide