හැමදාම කන මස් කෑල්ලට අළුත් රසක්! විනාඩි 5ට ගෙදරදිම හදාගන්න කියාපු, සුපිරි ‘මස් කෑම’ 7ක්.

එක්කො චිකන් නැත්නම් පෝර්ක්!

ඒකත් එක්කො කරිය, නැත්නම් බැදල, එහෙමත් නැත්නම් ඉස්ටුවක්!

ඔහොම කෑවාම ඉතින් මස් මාළු වුණත් එපා වෙන දවසක් එනවනෙ. ඔය බීෆ්, පෝර්ක් වගේ දෙයක් හැරුනොත් හැරෙන්න වෙන දෙයක් නම් කටේ තියන එකක් නෑ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ… හැමදාම එකම රහට මස් කාලා, එපා වෙලා ඉන්න යාළුවන්ට අලුත් අදහසක් දෙන්න. එතකොට කට්ටියට පුළුවන්නෙ ෆ්‍රිජ් එකේ තියෙන මසක් මාළුවක් එළියට ඇදලා, අලුත් රස පදමකට හොඳ හැටි හදලා, ලස්සනට හැඩ කරලා මේසෙට යවලා, ගෙදර කට්ටියවත් තුෂ්ණිම්භූත කරලා ගන්න. ඒ විතරක් නෙවෙයි,ඒ ගැම්මට ම ඔයාලත් හොඳ කුකාලා කියල අම්මලට, බිරිඳලට වුණත් පෙන්නන්න.

දැන් ඉතින් කට්ටිය කල්පනා කරයි කොහොමද දෙයියනේ ඒ වැඩේ කරන්නෙ කියල?

බය වෙන්න එපා. ඒවට සියලු ක්‍රම සම්පාදන අපි සැලසුම් කරලයි තියෙන්නෙ. ඕං පහළින් තියෙනව මස් මාළුවලින් දාන්න පුළුවන් සුපිරි වැඩ කිඩ ටිකක්.

හැබැයි එකක්,

වැඩේ පටන් ගන්න කලින් බලන්න කුස්සියෙ තියෙන්නෙ මොනවද නැත්තෙ මොනවද කියල. බලල ඒ අඩු පාඩු ටිකත් කඩේට ගිහින් ෂේප් එකේ ගේන්න… ගෙනැල්ල වැඩේ පටන් ගත්ත කියන්නෙ ඉතින්,

නම්බු නාම, රසම කෑම තමයි!

1. දුමේ පෝර්ක්

කිව්ව ගමන් හිතෙයි මේක වෙස්ටර්න් ටයිප් කෑමක් කියල. නෑ… මේ අපේ කෑමක්. ලංකාවෙ පාරම්පරික මස් වේලපු ක්‍රමයක්. මේකෙදි මුලින්ම කරන්න තියෙන්නෙ ලුණු, ගම්මිරිස්, ගොරක, සියඹලා, දෙහි, අබ, සුදුලූනු, එනසාල් හරි කරාබුනැටි හරි ඇඹරුමක් එක්ක මස් ටික පදම් කරන එක. හැබැයි ඒකෙදි අල්ලක් සයිස් එකට වගේ මස් ටික කැපිලා තියෙන්න ඕන. අනිත් එක, ඒ පදම් කිරිල්ල වරුවක් වත් කෙරෙන්න ඕන. ඊට පස්සෙ මිරිස් කුඩු, කහ, බැදපු තුනපහ මිශ්‍රණයක මස් ටික අතගාලා, වරු බාගයක් විතර ගියාට පස්සෙ පෙත්තෙන් පෙත්ත වෙන වෙනම කෙහෙල් කොළවල ඔතලා දුමේ දාන්න. ගෙදර දර ලිපක් නැත්නම් ඉතින් එළියෙ ළිපකින් තමයි වැඩේ කරගන්න වෙන්නෙ. කොහොම හරි ඉතින් පෝර්ක් පෙත්ත, අඩුම වරුවක් වත් දුමේ තියෙන්න ඕන.

2. ඇඹුල් බීෆ් සම්බෝල

හරිම ලේසි වැඩක්. කරන්න තියෙන්නෙ බීෆ් කෑලි ඇඟිලි පුරුක් සයිස් එකට කපලා… දෙහි, ලුණු, සියඹලා, ඉඟුරු, ගම්මිරිස්, කොච්චි, අබ, එනසාල් දාලා හදාගත්තු පේස්ට් එකක පැයක් හමාරක් පදම් කරන එක. ඊට පස්සෙ ඒ ටික බටර් හරි මාගරින් හරි දාලා මද ගින්දරේ පෑන් ෆ්‍රයි කරන්න ඕන. ඒ අතරට හීනියට ලියාගත්තු ලූණු, අමු මිරිස්, කෑලි මිරිස්, තක්කාලි, දෙහි ටිකකුත් ලෑස්ති කරල තියාගත්ත නම් බීෆ් ටික හරියාගෙන එද්දි ම පෑන් එකෙන් බාලා, දීසියකට දාලා කවලම් කරල ගන්න. පස්සෙ ඉතින් පදම බලල ලුණු අඩුම කුඩුම ටික දාන්න බැරියැ.

3. බිත්තර මෆින්

මේකට බිත්තර 5ක් විතර ගන්න ඕන. අරගෙන ලුණු ගම්මිරිස් දාලා හොඳට බීට් කරගන්න. ඊට පස්සෙ හීනියට ලියා ගත්තු කුකින් චීස් මේස හැඳි 3,4ක් සොසේජස් කරල් 3,4ක් තක්කාලි ගෙඩි බාගයක්, ලූණු කොළ අහුරකුත් එකතු කරල කලවම් කරගන්න. ඒ අතරට මෆින් කප් ටිකක් අරගෙන බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්නත් ඕන. අන්තිමට කප්වලට පුරවල සෙල්සියස් 180ට විනාඩි 20ක් 25ක් බේක් කරගන්නයි තියෙන්නෙ. හැබැයි කප්වලට බිත්තර පුරවද්දි මතක තියාගන්න කප් එකකින් ⅓කට වඩා පුරවන්න එපා. මොකද බේක් වෙද්දි උතුරන්න ඉඩ තියෙනවනෙ.

4. ස්පයිසි චීස් චිකන්

මේකත් ඇත්තටම ටිකක් අමුතු කෑමක්. අනික චීස් නැතත්, කිරි පාවිච්චි කරල වුණත් හදාගන්න පුළුවන් කෑමක්. කොහොම වුණත් මේකට, මුලින් ම කුකුල් මස් අරගෙන පොඩියට කපල හොඳට ඉරි ගහගන්න ඕන. ඊට පස්සෙ ඒක පැත්තකින් තියල, කුකින්ග් චීස් ටිකක් වැඩිපුර අරගෙන පෑන් එකක මෙළෙක් කරගන්න ගමන් ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, සූදුරු කුඩු හරි මහදුරු කුඩු හරි ටිකකුත් එකතු කරන්න. හදිස්සියෙවත් ඔයා ළඟ චීස් තිබ්බෙ නැත්නම් එළකිරි වුණත් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එළකිරි ගත්තොත් කෝන්ෆ්ලා ටිකකුත් එකතු කරන්න වෙනව.

කෙසේ වෙතත්, අන්තිමට ඉතින් චීස් ටික තෙල් වෙන්න කලින් චිකන් ටික එකතු කරල, හොඳට දැවටෙන්න ෆ්‍රයි කරගත්තෙ මතක තියාගන්න.

5. ස්කොච් බිත්තර

ෂප්පේ… මතක් වෙද්දිත් කටට කෙළ උනනව. හැරත් හදන්නත් ඒ හැටි අමාරු නෑනෙ. කරන්න තියෙන්නෙ ආස කරන මස් ජාතියක් අරගෙන කටු අයින් කරල හොඳට අඹර ගන්න එක. ඊට පස්සෙ ඒකට හීනියට ලියාගත්තු පාස්ලි කොළ, රස පදමට ලුණු ගම්මිරිස් එකතු කරල රොටියක් වගේ තැටියක හරි ලෑල්ලක හරි තුනී කරගන්න. ඒ රොටිය මැද්දට තම්බපු බිත්තර තියල, සම්පූර්ණයෙන්ම වැහෙන විදියට එකින් එක ඔතාගන්න. ඔතාගෙන ෆ්‍රීසර් එකේ පැයක් එක හමාරක් තියන්න ඕන. බිත්තරේ හොඳ හැටි ගල් වුණාට පස්සෙ ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන නිවෙන්න ඇරලා බිත්තර සාරු, බිස්කට් කුඩුවල තවරල ගැඹුරු තෙලේ බැදල ගන්නයි තියෙන්නෙ.

6. චීස් පෝර්ක්

බේකන් ගන්න සල්ලි නැත්නම්…

ගන්න අල්ලක් විතර සයිස් පෝර්ක් කුට්ටියක්. අරගෙන හොඳට කැපෙන පිහියකින් හැකි උපරිම තුනී පෙති කපාගන්න. කපාගෙන ඒ ටික පෑන් එකට දාලා මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු, එක්ක හොඳ හැටි ෆ්‍රයි කරගන්න. ඊට පස්සෙ ඕන කරන්නෙ පෙති පාන් ගෙඩියකුයි චීස් පෙති ටිකකුයි. මුලින්ම පාන් පෙත්තක් පෑන් එකට දාලා බටර් ටිකක් එක්ක ලාවට ෆ්‍රයි කරගන්න. ඒක ෆ්‍රයි වෙද්දි ඒ උඩට චීස් පෙත්තක් දාලා ස්නිකවම ෆ්‍රයි කරගත්ත පෝර්ක් පෙත්තකුත් දාන්න. දාලා ඉවරවෙලා ඉතින් ඕන නම් ඒක උඩට අමු මිරිස්, ලූණු අඩුම කුඩුම ටිකකුත් දාන්න පුළුවන්. අන්තිමට කරන්න තියෙන්නෙ පාන් පෙත්ත පොඩ්ඩ අඩි අල්ලගෙන එද්දි බාලා කරලා කාලා බලන එක තමයි.

7. කොච්චිකන්

කොට කරල නම කිව්වට මොකද මේකෙ හරි නම කොච්චි චිකන්. මේක සෑහෙන්න සැරයි.

කොහොම වුණත් මේකටත් කටු නැති චිකන් ඕන. එහෙම චිකන් අරගෙන වෙන් නොවෙන්න පෙති කපාගන්න. ඒ කිව්වෙ එක පැත්තකින් කට අරින්න පුළුවන් විදියට වගේ. සාමාන්‍ය සයිස් චිකන් පළුවක ඒ විදියෙ පෙති 2ක් 3ක් කපා ගන්න පුළුවන්. එහෙම කපල චිකන් පළුව පැත්තකින් තියල, තම්බපු අල ගෙඩියක්, බැදපු ලූණු ටිකක්, ලුණු, ගම්මිරිස්, අඹරපු කොච්චි තොගයක්, හීනියට ලියපු මොසරැල්ල චීස් ටිකක් එහෙමත් එකතු කරල මික්ෂර් එකක් හදාගන්න. හදාගෙන අර පෙති මැද්දට පුරවල, චිකන් පළුවෙ වටේ ටූත් පික්වලින් අමුණ ගන්න. ඊට පස්සෙ මද ගින්දරේ පෑන් ෆ්‍රයි කරන්නයි තියෙන්නෙ. කට්ටිය කියන විදියට නම් මේක බේක් කරලත් කන්න පුළුවන්. හැබැයි අපි නම් එහෙම කාලා නෑ ඔන්න, හොඳේ!

වැඩේ කියන්නෙ ඒක නෙවෙයි, ඔයාලා දන්න මේ වගේ පොඩි කෑම එහෙම තියෙනව නම් ඒවත් අපිට කියන්න. මොකද අපි, මේ ටිකත් හොයා ගත්තෙ බොහොම අමාරුවෙන්. ඇත්තටම මේ වගේ කෑම හොයා ගන්න ටිකක් අමාරුයිනෙ. ඊටත්…

අපිත් ආසයිනෙ මේ වගේ ඒවා හදලා ඉස්ඉස්සෙල්ලාම කියල රස බලන්න, නේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Sri Lanka’s biggest Oktoberfest returns to City of Dreams Sri Lanka

Running from 21 to 24 October at The Podium, tickets are priced at LKR 9,800

Highlights Trending

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide