කොළඹ අහසට අලුතෙන් එකතු වෙන Colombo City Centre එක.

පිට පළාත්වල වගේ වියන් බැඳපු ගස් කොළන්, එක යායට දිස්වෙන කඳු ගැටි නැතත්, අහස සිපගන්න තරම් උසට බිල්ඩින් තොගයක් තියෙන කොළඹ අහසෙත් අපූරු සුන්දරත්වයක් තියෙනවා. අන්න ඒ කොළඹ අහස හැඩකරන්න මේ මෑතක ඉඳලා එකතු වෙන තවත් ගොඩනැගිලි බොහෝමයි. එයින් එකක් පහුගිය 19 වෙනිදා විවෘත වුණා. මේකේ නම Colombo City Centre.

ඉතින් කඩිමුඩියේ ලකලෑස්ති වුණු මායි ලමිඳුයි තකහනියක් ම මේ පැත්තට ගියේ මේකේ වගතුග බලාගන්න. මේ Colombo City Centre එක තියෙන්නේ කවුරුත් දන්නා කියන බේරේ වැව අයිනෙන් දුවන සර් ජේම්ස් පීරිස් මාවතේ. අබාන්ස් එකයි, NextStory ගෘප් එකයි එක්කාසු වෙලා මැනේජ් කරන මේ ෂොපින් මෝල් එකේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 180ක්.

පහුගිය මාසේ විවෘත කරපු Marino Mall එක දැක්කට පස්සේ, මේ ෂොපින් මෝල් එක ගැන ඒ හැටි ලොකු බලාපොරොත්තු අපේ හිතේ තිබුණේ නැහැ. මොකද Marino Mall එක නිකන් දම්රෝ ශෝරූම් එකක් වගේනේ. තට්ටු ගණන් තියෙන්නේ දම්රෝ බඩු. ඔය එහෙන් මෙහෙන් අනිත් කඩවල් කීපයක් ඔබ්බලා තිබුණා විතරනේ. වැඩේ කියන්නේ මේ Colombo City Centre එකට අඩිය තියද්දී අපේ ඒ අදහස සම්පූර්ණයෙන් ම නැති වුණානේ. මේකෙත්  අබාන්ස්, LG එකේ ස්ටෝර්ස් තියෙනවා තමයි. ඒත් බොහොම අඩුවෙන්. තට්ටුවකට එකක් වගේ. මේක අබාන්ස්, LGවල නිෂ්පාදන විතරක් ම ප්‍රොමෝට් කරන්න නොහදපු ෂොපින් මෝල් එකක් වීම සෑහෙන්න දෙයක්.

මේ බිල්ඩිම සම්පූර්ණ වශයෙන් ගත්තොත් තට්ටු 47ක්. එයින් 5ක ෂොපින් මෝල් එක. ඊටපස්සේ තියෙනවා අපාර්ට්මන්ට්ස් 192ක් සහ කාමර 164ක හොටෙල් එකක්. හැබැයි ඔය අන්තිමට කිව්ව දෙක තවමත් තියෙන්නේ හැදෙන ගමන්. මේ වෙද්දී ඕපන් වෙලා තියෙන්නේ ෂොපින් මෝල් එක තියෙන තට්ටු පහ විතරයි.

ෂොපින් මෝල් එක

තට්ටු පහක් අතරේ පැතිරුණු මේ ෂොපින් මෝල් එකේ ලෝකල් සහ ලෝකේ ම ප්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් 16කට අධික ප්‍රමාණයක් සතු කඩවල් අන්තර්ගත වෙනවා. හැබැයි ලෝකල් බ්‍රෑන්ඩ් වුණත් මෙතන තියෙන්නේ ටිකක් හයි-එන්ඩ් ඒවා. ඒ මොනවා වුණත් මේ සේරම එක තැනක දැකගන්න ලැබෙන එක ම ලොකු දෙයක්.

ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගියා ම මුලින් ම දකුණු පැත්තෙන් මුණගැහෙන්නේ තඩි VR ඩිස්ප්ලේ එකක්. ඔතන පොඩ්ඩක් ගිහින් හිටගත්ත ම, ලොකු පොඩි ඩයිනෝසෝර්ලා කීපදෙනෙක් එක්ක කැලේ ඇවිදින්න පුළුවන්. ඒ හැරුණා ම, මේ තට්ටුවේ තියෙන කඩවල් වෙන්නේ Armani Exchange, Swarovski, BsaB, Charles & Keith, Spa Ceylon, Luxe Bags by Odel සහ LG.

ලිෆ්ට් එකෙන් ෆස්ට් ෆ්ලෝර් එකට යනකොට Envoy, mothercare, Galleria, U.S. Polo Assn., Jockey, Basilur, Sting, C. & J. Clark, Titan, Abans Laptops, සහ LG phones/TV දක්වලා තියෙන ස්ටෝර්ස් දැකගන්න ඇහැකි. අහ්! ඒ හැරුණා ම තියෙනවා Roots Gelato එකකුත්.

සෙකන්ඩ් ෆ්ලෝර් එකේ වැඩියෙන් ම තියෙන්නේ ලෝකල් බ්‍රෑන්ඩ්. Jezza, aditi, Abans Homestyle, elithé Naturals, Odel, Kadapatha, Chamathka, Aviraté වගේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ, තරමක් මිල ගණන් වැඩි, ඒත් හොඳ කොලිටි ප්‍රඩක්ට්ස් තියෙන කඩවල් පිහිටවලා තියෙනවා. ඒ හැරුණාම තව තියෙනවා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් දෙකකට අයිති කඩවල් දෙකකුත් – ඒ Insoles, The Face Shop වගේ ඒවා.

තර්ඩ් ෆ්ලෝර් එකට ගියොත් ෂොපින් කරලා, ෆිල්ම් එකක් එහෙම බලලා, මොනවා හරි කාලා බීලත් එන්න පුළුවන්. මොකද මේ ෆ්ලෝර් එකේ තමයි Scope Cinemas එකෙන් කරගෙන යන මල්ටිප්ලෙක්ස් එකයි, ෆුඩ් කෝර්ට් එකයි තියෙන්නේ. ඒ වගේ ම Miniso, Odel Sports කියන ස්ටෝර්ස් දෙක සහ  Bubble Me Bubble Tea එකේ බ්‍රාන්ච් එකකුත් තියෙනවා.

මේකේ ෆුඩ් කෝර්ට් එක ගැන විශේෂ සඳහනක් කරන්නම ඕනේ. මොකද කොළඹ නගරයේ ම (සමහර විට මුළු ලංකාවේ ම) තියෙන ලස්සන ම ෆුඩ් කෝර්ට් එක තියෙන්නේ මේ Colombo City Centre එකේ. ඔය තියෙන අනිත් ෂොපින් මෝල්වල ෆුඩ් කෝර්ට් මේක ළඟින්වත් තියෙන්න බැහැ. මේක ඒ තරමට ලස්සනයි, ඉඩකඩයි සහ තවත් විශේෂ දේවල් බොහොමයක් තියෙනවා.

Colombo City Centre එකේ ෆුඩ් කෝර්ට් එක හඳුන්වන්නේ Food Studio කියලා. මේකේ ලෝකල් සහ ඉන්ටර්නැෂනල් රෙස්ටෝරන්ට් 20කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ම, ඉන්දියන්, ශ්‍රී ලන්කන්, චයිනීස්, ජැපනීස් ගගා බලාගෙන ඉන්න දෙයක් නැහැ. කැමති කැමති විදියේ කෑම බීම ජාති තොගයක් ම කන්න ඇහැකි. McDonald's, Isle of Gelato, The Mango Tree, Sumatran Spice, Midah Sisters, Shiok, House of the Moon, Tokyo Shokudo, Simply Strawberries by Jagro, Grub, Punch Island Bar, The Little Prince, සහ Fresh Intentions කියන්නේ මෙතැන දැනට විවෘත වෙලා තියෙන රෙස්ටෝරන්ට් ටික. ඒ හැරුණා ම ළඟදී ම Oporto කියන පෘතුග්‍රීසි රෙස්ටෝරන්ට් එකෙත් බ්‍රාන්ච් එකක් මෙතැනට එන බවයි ආරංචිය.

තවත් විශේෂ කාරණයක් තමයි, මෙතන රෙස්ටෝරන්ට් එකේ නම ප්‍රොමෝට් කරනවට වඩා මුල් තැනක් දීල තියෙන්නේ ඒ ඒ රෙස්ටෝරන්ට් එක පිරිනමන කෑම බීම වර්ග මොනවද කියන එකට. රෙස්ටෝරන්ට් එකේ නමත් පැත්තකින් දාලා තියෙනවා. ඒ වුණාට දැක්ක ගමන් පේන්නේ ඒගොල්ලෝ හදන්නේ මොන කෑම වර්ගද කියන එන. ඒක නිසා රෙස්ටෝරන්ට් එකෙන් එකට ගිහින් ඔළුව දදා මොනවද තියෙන්නේ කියන එක හොයන්න ඕනේ නැහැ. ඔන්න ඔය තියෙන කහ පාට නියෝන් ලයිට්වලින් හැඩ කරපු කෑම ටයිප් එක දිහා බැලුවා ම හරි. අපේ මලින්ත කිව්වේ Kandy City Centre එකෙත් ඒ වගේමයි කියලා. හැබැයි මේකයි ඒකයි කරගෙන යන්නේ මැනේජ්මන්ට් දෙකකින්.

මේ ෆුඩ් කෝර්ට් එක ප්‍රධාන සෙක්ෂන් දෙකකට කඩලා තියෙනවා. ෆැමිලි අවුටින් නම් එහෙමයි, බිස්නස් මීටින් නම් එහෙමයි, ඊළඟට යාළුවො එක්ක සෙට් වෙනවනම් එහෙමයි, ඒ හැරුණා ම තමන් ආදරේ කරන එක්කෙනා එක්ක යනවනම් ඒත් එහෙමයි; ඔය මොන අවස්ථාවකට වුණත් හරියන විදියට මෙතැන සීටින් ඇරෙන්ජ්මන්ට් තියෙනවා. අනික මෙතැන තියෙන අවුට්ඩෝර් ලෞන්ජ් එකත් මාර ගති. බේර වැවේ, ඉන් ඔබ්බට ගියපු බිල්ඩින් පේළිවල ලස්සන දර්ශන ඇති හැටියෙන් බලාගන්න ඇහැකි. රෑට එහෙම තවත් ලස්සන ඇති.

ෆෝර්ත් ෆ්ලෝර් එකෙන් තමයි කාර් පාර්ක් එකට යන්න පුළුවන්. මේකේ තියෙන්නේ එක ස්ටෝල් එකයි. Amari කියල හඳුන්වන මේ ස්ටෝල් එකේ තියෙන්නේ බොන්සායි ගස් සහ ප්ලාන්ට් බේස් කරගත්තු විසිතුරු බඩු.

අවසාන වශයෙන්

කොහොමින් කොහොමහරි කටක් ඇරලා ආඩම්බරෙන් ෂොපින් මෝල් එකක් කියලා කියන්න පුළුවන් තැනක් කොළඹට ආව එක ගැන අපි සෑහෙන්න සතුටු වෙන්න ඕනේ. කෑම බීම, ෂොපින් සහ රසාස්වාදය කියන දේවල් තුන ම හරි අපූරුවට සංයෝග කරපු තැනක් විදියට මේක හඳුන්වන්න ඇහැකි. ඉතින් Colombo City Centre එක ගැන දැනට කියන්න පුළුවන් පුංචි පෝස්ට් එකක් විතරයි මේක. මේ ගැන සවිස්තරාත්මක, කෑම බීම, මිල ගණන් සේරම ගැන සඳහන් කරපු ෆුල් රිවිව් එකක් කරන්න අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide