ළඟ එන බුක්ෆෙයා එක පැත්තෙ යන්න ඉන්න අයට වැදගත් වෙන ගයිඩ් එකක්.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැත්තං බුක්ෆෙයා එක කිව්වම නොදන්න කෙනෙක් නෑ. පොත් ප්‍රදර්ශනේකට වඩා මේක පොත් සැණකෙළියක්. දැනට අවුරුදු 21ක ඉඳල හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ BMICH එකේ පැවැත්වෙන බුක්ෆෙයා එක, මේ පාරත් සැප්තැම්බර් 20 – 29 අතර කාලේ, උදේ 9 ඉඳන් රෑ 9 දක්වා පැවැත්වෙන්න නියමිතයි. පොත්ගුල්ලො නං පොත් ප්‍රදර්ශනේ එනකං සැප්තැම්බර් වෙනකන් ඉන්නෙ ඇඟිලි ගැණ ගැණ. හැබැයි මේකට එන්නෙ පොත්ගුල්ලො විතරක් ම නෙමෙයි නේ. අපි මේ කියන්න හදන්නෙ බුක්ෆෙයා එක පැත්තෙ යන්න හිතන් ඉන්න ඕනම කෙනෙකුට වැදගත් වෙන කරුණු කීපයක්.

1 ලිස්ට් එකක්

බුක්ෆෙයා යන්න කලින් කරන්න ඕන හෝම්වර්ක් එක තමයි මේ. ගන්න හිතන් ඉන්න දේවල් ටික කොළේක ලියන්න. ඊළඟට එක වගේ දේවල් වර්ග කරලා වෙන් කරගන්න. උදාහරණ විදිහට, ගන්න ඕන ස්ටේෂනරි අයිටම්ස් ටික එක ගොඩකට වෙන් කරන්න. නවල්ස් ගන්නවා නං සිංහල ඉංග්‍රීසි විදිහට හරි, කර්තෘගේ නම අනුව හරි, ප්‍රකාශකයා අනුව හරි, ගොඩවල්වලට වෙන් කරන්න. ගන්න දේවල් ගැන අදහසක් ඇතුව ගියාම අඩු මහන්සියක් වැය කරලා, රස්තියාදු නොවී, අවශ්‍ය දේවල් අරං එන්න පුළුවන්.

2 පාකිං

බුක්ෆෙයා එකේ වාහන නැවැත්වීමේ පහසුකම ඉතාම අවමයි. BMICH එකේ ඕන තරම් ඉඩ තිබුණට සියලුම කාර් පාක්ස් ඉතාම ඉක්මනින් පිරෙනවා. බුක්ෆෙයා එකට ඇතුල් වෙන්නත් කලින් පාකිං තදබදේට මූණ දීල මූඩ් අවුල් කරගන්න ඕනෙත් නැත්තං, එද්දි උස්සන් එන්න ලොකු බඩු ගොඩකුත් තියනව නං, ලේසිම දේ තමයි යන්නයි එන්නයි ටැක්සි එකක් පාවිච්චි කරන එක.

3 සෙනඟ

සෙනඟ අස්සෙ තෙරපෙන්න විශේෂ ආසාවක් නැත්තං හොඳම දේ රෑට හරි, සතියෙ දවසක උදේට හරි යන එක. ඒක කරන්න අමාරු නං ඊළඟ ඔප්ෂන් එක පළවෙනි වීක් එන්ඩ් එකේ යන එක. පටන් ගන්න පළවෙනි ම දවසෙ නං හොඳටම සෙනඟ අඩුයි. හැබැයි ඉතිං ස්ටෝල්ස් ලෑස්ති කරන, පොත්පත් අහුරන වැඩ කටයුතු හින්ද සමහර වෙලාවට අපි හොයාගෙන යන පොත්පත් ඒ වෙද්දි ඇවිත් නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් කීයටවත් අන්තිම වීක් එන්ඩ් එකේ නං යන්න ඉන්න එපා. මහන්සියයි රස්තියාදුවයි ඩබල් වෙන්න සෑහෙන ඉඩ තියනවා. අන්තිම දවස් දෙකේ තමයි කිට්ටු වෙන්න බැරි තරං සෙනඟ පිරිලා ඉතිරෙන්නෙ. ඒ වගේම අන්තිම දවසේ හවස් යාමේ පහු වෙද්දි ස්ටෝල්ස් අස්පස් කරන්න පටන් ගන්න නිසා අන්තිමට යන්න ඉන්න එක සෑහෙන අවාසිදායකයි.

4 ගෙනියන දේවල්

මතක ඇතුව ටිකක් ලොකු බෑග් එකක් අරං යන්න. රෙදි බෑග් එකක් නං වැඩිය හොඳයි. ගොඩක් දේවල් ගන්න හිතන් යනව නං ලොකු බෑග් දෙක තුනක් හරි අරං යන්න. ස්ටෝල්ස්වලින් දෙන පොඩි පොඩි සිලි සිලි මලු දහය දොළහක් උස්සන් එනවට වඩා ඒක ලේසියි. ඒ වගේම සිලි සිලි මලුවල පොත් දාල දෙනකොට එපා කියන්න පුළුවන් නම් තවත් හොඳයි. පුළුවන් තරම් පොලිතින් ප්ලාස්ටික් බෑග් පාවිච්චි කරන එක අඩු කරන එක අපිට වගේම පරිසරයටත් හොඳයි නේ. ඒ වගේම ඔය ගෙනියන බෑග් එකේ ටිකක් ලොකු වතුර බෝතලයක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. බුක්ෆෙයා එකේ හැම තැනම කෑම කඩ තිබ්බට, අව්වෙ ඇවිදිනකොට ළඟම තියන වතුර බෝතලේක අවශ්‍යතාව තදට දැනෙනවා.

5 කුටි

හැම කුටියකටම ඉංග්‍රීසි අකුරක් සහ අංකයක් තියනවා. ඉංග්‍රීසි අකුරෙන් කියන්නෙ කුටිය තියන ශාලාව. ඉලක්කම තමයි කුටියෙ අංකය. ප්‍රදර්ශනේට ඇතුල් වෙද්දි ටිකට් ගත්තම දෙන සිතියම බලලා, යන්න ඕන කුටි ටික තෝරගන්න. එක කොනකින් පටන් අරන් එක ශාලාවක් ඉවර කරලා ඊළඟ ශාලාවට යන පිළිවෙළක් අනුගමනය කරොත් වැඩි වෙහෙසක් නැතුව ඕන දේවල් ගන්න පුළුවන්.

6 ප්‍රවේශමෙන් පරිහරණය

ස්ටෝල්ස්වල තියන පොත්පත් මිල දී ගන්න කලින් අතගාන්න පෙරළන්න සුවඳ බලන්න අපිට අවස්ථාව දීල තිබ්බට, ඒවට හානි කරන්න පිටු ඉරන්න බිම වට්ටන්න අපිට ලයිසන් එකක් දීල නෑ. අපි පෙරළලා බලල, සල්ලිවලට ගන්නෙ නැතුව තියල යන පොත්පත්, ඊළඟට තව කෙනෙකුට සල්ලිවලට ගන්න තියන ඒවා. ඒ හින්ද පොත්පත් අතපත ගාද්දි පරිස්සමින්!

7 ඩිස්කවුන්ට්

ඔක්කොම බුක් ෂොප්ස් එක තැනකට එකතු වීම ඇරුණම, බුක්ෆෙයා එකේ තියන ලොකුම විශේෂත්වය තමයි ඩිස්කවුන්ට්. හැමෝම එන්නෙ සාමාන්‍ය මිලට වඩා අඩු මිලට පොත් ගන්න බලාගෙන. හැබැයි ඉතින් කියන තරම්ම පොත්වල මිල අඩු නෑ කියල තේරෙන්නේ ගිහින් රවුමක් දාල මිල ගණන් හොයල බැලුවම තමයි. කොහොම වුණත් වියදම් කරන ගාණට සෑහෙන පොත් ප්‍රමාණයක් අපි ගෙදර අරන් එනවද කියන එක ගැන ටිකක් සිහියෙන් ඉන්න එක නුවණට හුරුයි. සාමාන්‍යයෙන් ස්ටෝල්ස්වලින් පොත්වලට දෙන ඩිස්කවුන්ට් එක 20%යි.  බාගේන් ස්ටෝල්ස්වලින් විතරක් 80%ක් දක්වා ඩිස්කවුන්ට් ලබා දෙනවා.

8 සිහිය

එක්කන් යන අය ගැන, අරං යන දේවල් ගැන අවධානයෙන් ඉන්න. විශේෂයෙන් පුංචි ළමයි එක්ක යනව නං එයාලව අත ඇරෙන්න, සෙනඟ අස්සෙ අතරමං වෙන්න සෑහෙන ඉඩ තියනව. ඒ වගේම පොත්වලට හිත ගියාම අපිත් එක්ක ගිය අය ගැන අමතක වෙලා කට්ටිය මඟ ඇරෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ විතරක් නෙමෙයි, අරං යන බඩුමුට්ටු ගැන ඇහැ ගහගෙන ඉන්න. සෙනඟ ගොඩේ හැංගිලා හොරු, ගැට කපන අය ඉන්න ඉඩ තියන නිසා හුඟක් වටින කියන දේවල් අරං යන්නෙ නැත්තං වඩා හොඳයි.

9 කෑම!

බුක්ෆෙයා එකේදි කෑම කියන්නෙ පොත්පත්වලටත් වඩා අවධානයට ලක් වෙන දෙයක් වෙලා. සමහරු යන්නෙ ම නූඩ්ල්ස් කන්න! එක එක විදිහේ කෑමබීම වර්ග ගොඩක් මේ භූමියෙදි හොයාගන්න පුළුවන්. හැබැයි අතේ තියන ගානයි බඩගින්නයි දෙකම බැලන්ස් වෙන විදිහට කෑමබීම තෝරගන්න අමතක කරන්න එපා.

10 කුණු

කෑමබීම ගැන කතා කරාම ඊළඟට මතක් වෙන්නෙ කුණු! කාල ඉතුරු වෙන ඉඳුල් වගේම පේපර් ප්ලේට්, කප්, පැකට් වගේ දේවල් තැන් තැන්වල නොදා ඩස්ට්බින් එකක් හොයල ම දාන්න. අපි තැන තැන දාල යන අපේ කුණු අදින්න, වෙන කෙනෙක් මහන්සි වෙන්න ඕන කියන එක අමතක කරන්න එපා. කොහොමටත් පොත්පත් ඇසුරු කරන අයට තැන තැන කුණු දැමීම වගේ නරක පුරුදු තියෙන්න විදිහක් නෑනේ!

මේ කියපු දේවල් ගැන සැලකිලිමත් වෙන ගමන් බුක්ෆෙයා එක එන්ජෝයි කරන්න. ඒ වගේම මහන්සි වෙලා වියදම් කරලා බුක්ෆෙයා එකෙන් ගන්න පොත්, ගෙදර ගොඩ ගහල විතරක් තියන්නෙ නැතුව කියවල රස විඳින එකයි වැඩියෙන්ම වැදගත්. හැමෝටම සුබ පොත් සමයක් වේවා!

Cover image: Dhammika Heenpella

 

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide