උපන්දිනයට, සංවත්සරයට, ආදරණීයයන්ට මල් කළඹක්.. කොළඹ තියන මල් ඩිලිවරි සේවා – 2021.

උපන්දිනයක්, සංවත්සරයක් කියන්නෙ ජීවිතේ සමරන්න ම ඕන විශේෂ අවස්ථා. ඒ වගේ දවස්වලට කෙනෙකුට මල් කළඹක් තෑගි කරල සතුටු කරන එක අපේ පුරුද්දක්. ඒත් කෙනෙකුට ආදරේ පෙන්නන්න ඒ වගේ විශේෂ දිනයක් වෙලාවක් එළඹෙන්න ම ඕන නෑ. අපි හැමෝට ම ගෙවල් ඇතුළට වෙලා ඉන්න සිද්ධ වුණ මේ අඳුරු ලොක්ඩවුන් කාලේ වුණත්, ඔබ ආදරේ කරන කෙනෙකුට මල් කළඹක් යවලා හිත සතුටු කරන්න පුළුවන් ක්‍රම ගැනයි මේ කියන්න යන්නෙ.

Lassana Flora

කවුරුත් දන්න ව්‍යාපාරයක් වෙන ලස්සන ෆ්ලෝරා එකෙන්, විවිධ වර්ගවල සහ, විවිධ තේමා සහිත ලොකු රේන්ජ් එකක අලුත් ම මල් කළඹ සහ මල් බාස්කට් ගෙදරට ම ගෙන්නගන්න පුළුවන්. ජීවිතේ එන උපන්දින, සංවත්සර, ජයග්‍රහණ ආදී සතුටු අවස්ථා වගේ ම, ශෝකය පළ කරන්න වෙන අවස්ථා සඳහාත් ඔවුන් හරහා මල් ඩිලිවර් කරගන්න පුළුවන්.

කොළඹ 1 -15 ඇතුළත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඔවුන් එක්ස්ප්‍රස් ඩිලිවරි සේවාව ලබා දෙනවා. www.lassana.com වෙත පිවිසීමෙන් හෝ ඔවුන්ගේ ශාඛා (කොළඹ – 0112675742/ 0764922239/ 0771104964, නාවල – 0112024103/ 0771104609/ 0769789056, මහනුවර – 0777392599/ 0718726003) ඇමතීමෙන් ඇණවුම් ලබා දෙන්න පුළුවන්. 

Wishque

මේ අයත් ඔවුන්ගේ අපූරු මල් කළඹ, මල් බාස්කට් සහ මල් බඳුන් ලංකාවේ හැම කොනකට ම ගෙනැවිත් දෙනවා. කොළඹ සහ ඒ අවට ප්‍රදේශ සඳහා ඔවුන් හරහා දිනක් තුළ මල් ගෙන්වා ගැනීමේ හැකියාව තියනවා. හැබැයි ඒ සඳහා දවල් 12ට කලින් ඇණවුම් ලබා දෙන්න ඕනේ. ඇණවුම් ලබා දෙන්න සහ වැඩි විස්තර දැනගන්න 0712128888 අංකය අමතන්න. නැත්නම් www.wishque.com වෙත පිවිසෙන්න.

Blooms Flower Shop

ඔබ ආදරේ කරන අයගේ හිත මලක් වගේ පුබුදන්න බ්ලූම්ස් වෙතින් මල් කළඹක් යවන්න. 0773506506 අංකයට ඇමතුමක් ලබා දෙන්න විතරයි ඕනේ.

Sterling Flowers

අඩු මිලකට හොඳ මල් කළඹක් ලබා ගන්න හොඳ ම ඔප්ෂන් එකක් මේ. රු. 850කට, ග්ලාස් රැපිං එකක් සහිත රතු රෝසමල් තුනක පුංචි මල් කළඹක් වුණත් ගන්න පුළුවන්. අනෙක් මල් කළඹ රු. 1250න් ආරම්භ වෙනවා. මිල වැඩි ම මල් කළඹ වුණත් වෙන්නෙ රු. 5200ක් විතරයි.

0112576305 අංකයෙන් හෝ www.sterlingflowers.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඇණවුම් ලබා දෙන්න පුළුවන්.

Shirohana

දුටුමතින් ඇහැ පිනවන ලස්සන ම මල් කළඹ ගොඩක් මේ අය ළඟත් තියනවා. කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට ඔවුනුත් මල් ඩිලිවර් කරනවා. කොළඹ 1- 15 ඇතුළත නම් ඩිලිවරි ගාස්තුවක් අය කෙරෙන්නෙ නෑ. ඇණවුම් කරන්න, www.shirohanaflowers.com වෙත පිවිසෙන්න. 

Flowersmart

සතියේ දින 7 ම පැය 24 ම විවෘත ෆ්ලවර් ස්මාට් වෙතින් ඔබ කැමති ආකාරයකට කස්ටමයිස් කරපු මල් කළඹ ලබා ගන්න පුළුවන්. 0766519372 අංකයට ඇණවුම් වට්ස්ඇප් කරන්න. වැඩි විස්තර 0112672992 අංකයෙන් ලබා ගත හැකියි. 

Rynie Ella

අතින් සැකසූ මනරම් මල් සැරසිලි මෙතැනිනුත් ඔබ ළඟට ම ඩිලිවර් කරනවා. විශේෂ අවස්ථාවක විශේෂ කෙනෙක් පුදුම කරවන්න, 0774652181 අංකයට ඇණවුම් ලබා දෙන්න. 

Kapruka

ඩිලිවරි ව්‍යාපාර අතර සුප්‍රකට නමක් වෙන කප්රුක වෙතිනුත් මල් ඇණවුම් කරන්න ඔබට හැකියි. රු. 2000 සිට රු. 12000 දක්වා පරාසයක විහිදුණු මල් කළඹ ඔවුන් ළඟ තියනවා. ඇණවුම් රට පුරා බෙදාහරින්න ඔවුන් සූදානම්. ඕඩර් කරන්න  www.kapruka.com වෙත පිවිසෙන්න.

The Flower Poem

ෆ්ලවර් පොයෙම් මල් කළඹක් එක්කත් ඔබේ ආදරණීයයෙක් වෙත ආදරය යවන්න ඔබට හැකියි. වැඩි විස්තර දැනගන්න සහ ඇණවුම් ලබා දෙන්න 0704454545 අංකය වෙත දුරකතන ඇමතුමක් ලබා දෙන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide