ජාත්‍යන්තර කම්කරු දිනය.

සීත සෘතුවෙහි අවසානය සනිටුහන් කරමින් ඇමෙරිකාවට වසන්තයේ හිරු උදාවන්නට විය. ඒ 1886 වසරේ මැයි මස මුල් දිනයයි. කාර්මික විප්ලවයෙහි ප්‍රථිථල ලෙසින් ඇරඹී ඇමෙරිකාව පුරා ඉදිවෙමින් තිබූ කර්මාන්තශාලා බොහෝමයකගේ කටුයුතු උදෑසනින්ම ඇණ හිටින්නට වූයේ සුළු සේවකයිනගේ සුළු වැඩ වර්ජනයක් නිසාවෙනි. හාම්පුතුනට එය හිසරදයක් නොවූයේ තණ බිම් මත පතිතව තිබූ තුහිණ කෙමෙන් කෙමෙන් දියවන්ට පටන් ගන්නා තුරු පමණි. ඔරලෝසුව උදෑසන 9යේ කණිසම පසුකරන විට චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රය අසලට එක්ව සිටි කර්මාන්තශාලා සුළු සේවකයිනගේ පිරිස 10,000කටත් අධික විය.

එකම ඉල්ලීමකි. ඉල්ලීම් ක්‍රම බොහෝමයකි. බහුතරයක් දෙනා අත් ඔසවාගෙන කෑ මොර දෙද්දී තවත් පිරිසක් ඉල්ලීම ලියූ විසල් පුවරු ඔසවා ගනිමෙන් ප්‍රදර්ශනයෙහි යෙදුනෝය. ''සේවා මුරය පැය අටකට සීමා කරනු'' එහි ලියා තිබිණි. හාම්පුතුනගේ තාඩනපීඩන යටතේ ගෙවූ වහල් කම්කරු දිවිය තවදුරටත් ඉවසා දරා සීටීම ඇමෙරිකානු කම්කරුවෝ ප්‍රතික්ෂේප කොට තිබිණි. මොහොතින් මොහොත හේමාකට් චතුරස්‍රය අසලට එක්වන පිරිස වැඩි වූවා මිස විප්ලවය හැරගිය කෙනෙකු පිළිබඳව නම් අසන්නට නොලැබිණි.

මැයි මස තෙවන දින උදාවිය. කුළුඳුල් හිරු කිරණ චිකාගෝ නුවර පුබුදු වන්නට පැමිණියද කර්මාන්තශාලා හිමියන් වූයේ නිදි නොමැති රාත්‍රියක අසුන්දර පහස විඳිමිනි. වැඩ කටයුතු සියල්ල පාහේ ඇණහිටිමින් පවතිද්දී සුළු සේවකයින් 65,000කට අධික පිරිසක් තම අඛණ්ඩ විප්ලවයෙහි ජයග්‍රාහී තෙවන දිනය සමරමින් සිටියහ. හාම්පුතුන් නීචයෝ යැයි සනාථ කිරීමට තවත් කුමන උපහැරණයන්ද. ගිණි මද්දහනය උදාවත්ම චතුරස්‍රය අසලට පැමිණියේ කොහෙත් කොතනත් හාම්පුතුනගේ කටු කන බල්ලන් වූ පොලිස් කාරයෝය.

කම්කරුවනුත් පොලිසියත් අතර බහින් බස් වීමක් ඇතිවීමට එතරම් වේලාවක් ගත වූයේ නැත. එහි ප්‍රථිඵලය වූයේ කම්කරුවන් 4 දෙනෙකුට දිවි අහිමි කල ගැටුමක ආරම්භයයි. විප්ලවයෙහි හතර වන දින උදාවන විට කම්කරුවනද 'ඕනෑම දෙයකට' මෙන් සූදානම්ව සිටියහ. එදිනද ගැටුම් උත්සන්න විය. බෝම්බ ප්‍රහාරයක් හමුවේ පොලිස් නිළධාරීන් 6 දෙනෙකුට දිවි අහිමි කළ දෙවන ගැටුම අවසානයේදී මියගිය කම්කරුවන් ගණන කෙතෙක් දැයි අදටද කවුරුත් ගණන් බලා නැත. හේමාකට් චතුරස්‍ර භූමිය ලෙයින් තෙත්ව යද්දී ඉරී සුණු විසුණුව ගිය පුවරු වෙනුවට විප්ලවකාරයින් අත වූයේ මිය ගිය සහෝදරයිනගේ ලෙයින් තෙත්ව වර්ණ ගැන් වුණු ඉරුණු කමීස පමණි.

විප්ලවය තිඹිරිගෙයිහිම මරා දැමෙද්දී ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන විප්ලව නායකයින් පොලිස් අත් අඩංගුවට පත් විණි. පසුව ඔවුනට එරෙහිව පැවරුණු නඩු විභාග කොට ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම කෙරුණු අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් යන නායකයින් දෙදෙනාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම විය. ඒ අතරතුර ඉතිරි විප්ලවීය නායකයින් පස්දෙනා එල්ලා මරන්නට තීරණය කෙරුණේ වැඩ වසම් නීතියෙහි සාහසික භාවය මනාව පිළිබිඹු කරමිනි.

සමාප්ත වූ විප්ලවයට ගරු බුහුමන් ලැබූනේද තුන් වැනි පන්තියේ ජනතාවගෙන් පමණක් වුවද ඒ වන විටත්, එතුවක් කල් හාම්පුතුනගේ කෘරත්වය හමුවේ පෑගි සිටි කම්කරුවන්ගේ කොඳු නාරටි විප්ලීවීය අත් දැකීමෙහි ආභාෂයෙන් සෘජුව ශක්තිමත් වී හමාරය. එම ශක්තිය හමුවේ විප්ලවයෙහි ‍තෙවන වසර සමරන 1889 වර්ෂයේ ජුනි මාසයේ, 'ෆෙඩ්‍රික් එංගල්ස්' ගේ නායකත්වය හමුවේ පැරීසියේදී පැවති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සෑම වසරකම මැයි මස පළමු දින 'හේමාකට්' විරුවන් සැමරීමට තීරණය කෙරිණි.  

ඉදින් පසු වර්ෂයේ එනම් 1890දී ප‍්‍රංශ නියෝජිත 'ලැව්ටනි' විසින් ජාත්‍යන්තර කම්කරු සමුවවේදී යෝජනා කළ 'ලෝක කම්කරු දිනය'ද සමුළු සාමාජිකයන් අතින් ඒකමතිකව සම්මත කොට ගත්තේ මැයි මස පළමු දිනට බැවින් ලොව ප්‍රථම කම්කරු දිනය එම වසරෙහිදීම පැවැත්විණි. නමුදු සිරිලකට මෙම ජාත්‍යන්තර රැල්ල ආගමනය වූයේ 1900න්ද පසුවය. ඒ අනුව අප රට තුල පැවති ප්‍රථම කම්කරු දින සැමරුම 1927 වර්ෂයේ දී එවකට කම්කරු නායකයකුව සිටි ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැළියක් ද සහිතව පැවැත්විණි. තවද රැළිය අවසානයේ කම්කරුවනට ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් පැවැත් වීමත් එම උත්සවය මුළු මනින්ම මත්පැනින් තොර වීමත් සුවිශේෂී කරුණකි.

ඒ ආභාෂයෙන් ඇරඹි ලාංකීය කම්කරු ව්‍යාපාරයද 1947 පමණ විට ඉතා බල සම්පන්න වූ අතර වැඩ වර්ජන සහ උද්ගෝෂණ හමුවේ නෙරපූවහු කම්කරු නායකයින් බවට පත් වූහ. මැයි දිනයට අනන්‍ය වූ රතු වර්ණයට නිල් වර්ණය මුසු වූ ඉතිහාසයක්ද අප සතුව ඇත. ඒ 1956 දී අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිලිප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රථම කම්කරු දිනයයි. පක්ෂ දෙකෙහිම වර්ණයන් කැටිව පැවැත්වුණු මෙම කම්කරු දිනයත් සමඟ මැයි පළමු දින රජයේ නිවාඩු දිනයක් බවටද ප්‍රකාශ විය. ඒ එවකට කම්කරු ඇමතිව සිටි ටී. බී. ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

නමුදු ඊට ප්‍රථම 1940 වර්ශයේදී විජයානන්ද දහනායක මහතා ගාල්ල නගර සභාවෙහි නගරාධිපතිව සිටියදී, මැයි පළමු දින ගාල්ල නගර සභාව තුල නගර සභා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරමින් පැවැත් වූ කම්කරු දිනය වර්තමාන නිවාඩු දිනයෙහි පූර්වතම ආදර්ශය බැව්ද නිසැකවම කිව යුතුය. 1933 වර්ෂයේදී පැවැත්වූ කම්කරු දිනය ඉතිහාස ගත වූයේ මැයි පෙළ පාලියක් ගමන් කල සිරිලක ප්‍රථම කම්කරු දින සැමරුම ලෙසිනි. එය ගුණසිංහපුර ප්‍රයිඩ් පිටියෙන් ආරම්භ ව ගාලු මුවදොර පිටියෙන් අවසන් වූ තරමක් කුඩා පාගමනක් විය.  

කෙසේ වුවද අදටත් කැනඩාවෙහි සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි කම්කරු දිනය සමරුනුයේ සැප්තැම්බර් මස මුල්ම සඳුදා දිනයෙහි දීය. එය යුරොපීය සහ ඇමරිකානු රටවල් තුල ගිම්හාන සෘතුවෙහි අවසානය සනිටුහන් කිරීමක් ලෙසින්ද සලකනු ලබයි. මෙලෙසින් වන කම්කරු දිනයෙහි ජාත්‍යන්තරීය 130වැනි කම්කරු දිනයත් අපගේ ම වූ 88වැනි කම්කරු දිනයත් සමරන එළඹෙන සති අන්තයේ එදා 'හේමාකට්' විප්ලවයේ ලේ හැලූ විරුවන් හටද නිසි ගරු බුහුමන දැක්වනුයේ නම් එය නිතැතින්ම ආදර්ශවත් අවංකත්වයක් වනු නිසැකය.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide