කඩල කරත්තයකින් කාර් එකකට! ගාමන්ට් රස්සාවට කොළඹ ආ අපූරු තරුණයා...

“ඒ.. මට නම් තව එකක් ගහන්නමයි බං හිතෙන්නෙ”

“සිරාවට? හැබැයි හෙට සෙනසුරාදත් එක්ක‌ නේ.. වැඩත් නෑ නේ.. ඒනං ඔන්න ඔහෙ ගහල දාමු බං”

මතකෙ හැටියට මීට අවුරුදු 3කට විතර කලින්. මායි මගේ හොඳම යාළුවයි හැම සිකුරාදම වගේ පුරුදු වෙලා හිටිය හැන්දෑවට පොඩි බියර් එකක් ගහන්න. ඒකත්.. හංදියෙ වැව් ඉස්මත්තට වෙලා ෆුල් නිදහසේ..

එහෙම ගහගෙන යන අතරට.. සමහර පඩි ආපු දවස් වලට, ඒ පොඩ්ඩ ගොඩක් වෙන්නෙ දෙන්නටම නොදැනීම. අන්න එතකොට අපි යනව ආයෙත් බාර් එකට, වැව ලඟ අක්කගෙ කඩෙන් බඩු මුට්ටු ටික තියල ඇවිදගෙන. ගිහිල්ලා.. මදිපාඩු බියර් ටිකයි එතනම ඉස්සරහ කඩල කරත්තෙන් තෙල්දාපු කඩලයි ඇති හැටියටයි අරගෙන ආයෙ එනව වැව ලඟට. ඇවිල්ල ඉතින් රෑ 11, 12 වෙනකම්ම..!

ඔන්න ඔය වගේ දෙවනි වටේ ගියපු දවසක තමයි මේ අපූරු සිද්ධියත් වුනේ. 

එදා බාර් එකත් ඒ හැටි බිසි දවසක් නෙවෙයි. ඉතින් අපි දෙන්න පටස් ගාලා බියර් ටිකත් අරගෙන හෙමිහිට කිට්ටු කලා කඩල කරත්තෙ ලඟට.

‘හප්පේ.. සුවඳ.

සුවඳම ඇති කටට කෙල උනන්න. අනික සුවඳ විතරක්යැ, රස..!

කිව්වට විශ්වාස කරන්න යාළු බාර් එකට නොඑන, ඒත් කඩල ගන්නම එතනට එන අයත් ඉන්නව එතනට. ඇත්තටම ඒ මල්ලිගෙ කඩලවල පුදුම කොලිටියක් තියෙන්නෙ. තම්බපු ඒවා හොඳහැටි ලූණු, කැරට්, ලීක්ස් බැදපු මිරිස්, පොල්කෑලි දාලා රස කරල.

තෙල්දාපුවා.. කියල වැඩක් නෑ ආ.. රටකජු, කරපිංච, ලූණු, සුදුළූණු, හීනි මුරුක්කු, චූටි චූටි පපඩම් කෑලි, කූනිස්සො, කෑලි මිරිස්, බැදපු මිරිස්, පොල් කෑලි සියල්ලම කලවමේ.

ආහ්.. තව පොඩ්ඩෙන් කඩල රසත් එක්ක කතාව අමතක වෙනව.

කොහොමහරී.. අපි ඉල්ලුව රු. 100ක තෙල්දාපුවා.

කොල්ල පොඩ්ඩක් අපි දිහා බලල, හිනාවක් දාලා..

“අයියෙ බාර් එකත් වහන්නයි යන්නෙ. මං ලඟ තව 200ක විතර තියෙන්නෙ. මම ඒ ටික ඔයාලට දෙන්නම්. ඔන්න ඔය බලල මට කීයක් හරි දෙන්නකො”

“ආ ඒකට අවුලක් නෑ මල්ලි. අපි රු. 200ක් දෙන්නං. දාන්න දාන්න ඔය ටික.

ඒත්.. මොකෝ අද මේ හදිස්සියෙම? වෙනදට බාර් එක වහලත් ඔයා ටික වෙලාවක් යනකම් ඉන්නවනෙ”

“ම්.. ඔව් අයියෙ. ඒත්.. අද මේ..

මට පොඩි ප්‍රශ්නයක් වෙලා. ගමේ යන්න ඔ්න. ඒකයි..”

“හප්පටසිරි එහෙමද? එතකොට කොහොමද මල්ලි යන්නෙ? කොහෙද ඔයාගෙ ගම?”

එදා එයාට වෙලා තිබ්බ කරදරයයි, ගමේ ගියපු විස්තරෙයි මම මේ කතාවට එකතු කරන්නෙ නෑ. මොකද ඊට සතියකට විතර පස්සෙ, කොල්ලත් එක්ක අපි කතා කරද්දි.. ලොකු විස්තරයක්,

කරත්තෙ දෙපැත්තෙ, භූමිතෙල් ලාම්පු දෙකේ දැල්ලෙන් වැහිල.. පේන නොපෙනෙන ගාණට නැගෙන කඳුලුත් එක්ක අපිට කියපු නිසා…

ප්‍රදේශය මොණරාගල. ගමේ නම කියන්න මට අවසර නෑ. ඒ වෙද්දි කොල්ලගෙ වයස අවුරුදු 19යි. කොළඹ ඇවිල්ල තියෙන්නෙ මෑන් පවර් කම්පැනියක් හරහා ගාමන්ට් එකක වැඩ කරන්න. හැබැයී.. ඒ රස්සාව ඒ හැටි කාලයක් කරගෙන යන්න නම් එයාට කම්පැනියෙන් ඉඩක් ලැබිල නෑ. කොළඹට අළුතෙන් ආපු.. (අපි එයාට අමල් කියමුකො),

අමල්ගෙ මාස 2ක පඩිත් නැතුව තමයි අන්තිමට අමල්ව පාරට වැටෙන්නෙ.

“අයියෙ මට එදා නම්.. එක්කො උන්ව මරල හිරේ යන්න හිතුනා. නැත්නම් මමම බෙල්ලෙ වැල දාගන්න හිතුනා. අනේ අපේ බෝඩිම කිට්ටුව සැලුන් එකේ ඉඳපු අයිය. එයා නැත්නම්..”

කඩල ඉවර වෙච්ච ලොකු සාස්පාන ඉටිරෙද්දෙන් වහන ගමන්, අමල් මූණ බිමට නමාගෙන..

“සැලුන් එකේ අයියගෙ යාළුවෙක්ගෙ චයිනිස් එකක වැඩට ගියා අයියෙ මම ඊට පස්සෙ. ඒත් ඒ කඩේ ගොඩක් කල් කරගෙන යන්න බැරිවුනා, පඩි බේරන්න බැරුව කඩේ වැහුව. ඊට පස්සෙ නම්.. මට යන එන මගක් තියා.. අයියලට කියන්න මම කෙහෙල් ගෙඩි විතරක් කාලා බස් හෝල්ට්වල නිදාගත්ත දවසුත් තිබ්බ.

හැබැයි ඉතින් ඒ විදියට මට ගොඩක් කල් දුක් විඳින්න හම්බවුනෙත් නෑ. සැලුන් එකේ අයියගෙ උදව්වෙන්ම, එයාම කියපු විදියට මම ඉස්සෙල්ලම ලොතරැයි කූඩුවක් කලා ඒ කිට්ටුවම. ඒ කරගෙන යද්දි මට හිතුනා, මගේ ආසාවත් කෑම හදල විකුණන පැත්තට නිසා ලොතරැයි කූඩුවෙම රටකජු, කඩල ටිකක් බැදල දාන්න. ඇත්තටම ඒකත් නැගල ගියා. හැබැයි මේ වැඩේට මම සෙට්වුනේ ඒ හංදියෙ අළුතෙන් බාර් එකක් දැම්මට පස්සෙ. ලොතරැයි වලින් ගාණක් හම්බකරන්න බැරි නිසා මම හවසට කඩල, රටකජු අරගෙන ගිහින් බාර් එක ලඟ විකුණුව. හැබැයි ටික දවසක් යද්දි ගොඩක් අය ඉල්ලුවෙ කඩල, බැදපු මාළු වගේ ඒවා. ඒත් ඒවා ගන්න මං ලඟ සල්ලි තිබ්බෙ නෑ. අනික ඒවා හදන්න ලිප්, තාච්චි එහෙම තිබ්බෙත් නෑ. ඒ නිසා ඒ වැඩේ මට කරගන්න බැරුව ගියා. හැබැයි ඒ අතරෙ අළුත් අවුරුදු නිවාඩුවකට මම ගමේ ගියපු වෙලාවෙ, දන්න කියන අයිය කෙනෙක්ගෙ පළතුරු ලොරියක වැඩ කරන්න හම්බවෙලා මට ඒකෙන් සල්ලි ටිකක් හම්බවුනා.

ඉතින්.. ඊට පස්සෙ මම කොළඹ ඇවිල්ල කෙලින්ම පුංචි ගෑස් ලිපකුයි තාච්චියකුයි බඩු ටිකක් අරගෙන වැඩේ පටන් ගත්ත..

“එතකොට දැන් මල්ලි ඔයා මෙහෙට ආවෙ කොහොමද?”

කාට වුනත් ටිකක් හරියාගෙන එනකොට ඒ පැතිවල අයම කචල් එක දානවනෙ අයියෙ. එතනින් පස්සෙ මම කඩල විකුණන්න තැන් ගොඩකට ගියා. ඒත් ඒ එක තැනකවත් මට මාසයකට වඩා ඉන්න හම්බවුනේ නෑ. ඒ හරියෙ බිස්නස් කරපු අයම අය මාව එලෙව්වා. දවසක් හොඳටම බීපු රයිස් කඩ කාරයෙක් මගේ බඩු මුට්ටු විසික් කරල, මට ගහල, පොලිසියටත් දැම්ම.

ඊටත් පස්සෙ..

මං ලඟ එකතු කරපු සල්ලි ටිකකුත් තිබ්බ නිසා මම කල්පනා කලා මේකෙන්ම මොකක් හරි කරන්න ඔ්න කියල. එහෙම හිතල තමයි මේ කරත්තෙ හදාගත්තෙ. ඇත්තටම මේක පරණ කැඩිච්ච කරත්තයක්. ලී මඩුවක මහත්තයෙක් මට දුන්න හදාගන්න කියල. මේක හදාගෙන මම මගේ බඩු ටිකත් අටවගෙන..

ඉස්සර නම් උදේටත් ගියා. ඒත් දවල්ට එක එක තැන්වල නවත්තගෙන ඉන්නකොට, ඒ වටපිටාවෙ අය කේස් දාන නිසා දැන් යන්නෙ හවස 4න් පස්සෙ.

“මල්ලි එතකොට දැන් නතරවෙලා ඉන්න තැන්වලට, දවස ගාණෙ මේ බඩු ගන්න.. ඔක්කොම කරල ඔ්කෙන් ඉතිරියක් තියෙද?”

අපෝ ඔව් අයියෙ. මම නතර වෙලා ඉන්න කාමරේට මාසෙකට රු. 8000යි. මම මේ බඩු ගන්නෙ සතියකට. ඒවටත් යනව රු. 10000ක් විතර. අයියලට නිසා මම කියන්නම්. මම දවසට වේල් 2යි කන්නෙ. රෑට කඩලම තමයි. ඒ වේල් 2ත් බෝඩිමේ යාළුවොත් එක්ක උයාගෙන කන නිසා මට ගොඩක් සල්ලි යන්නෙ නෑ. මම සිගරට් අරක්කු බොන්නෙත් නෑ අයියෙ. ඉතින් මාසෙකට රු. 10000ක් විතර ඉතුරු කරගන්න පුලුවන්. දැන්.. මගේ ගමෙත් කවුරුත් නැති නිසා.. ඒ සල්ලි ඔක්කොම එකතු කරල මම හිතාගෙන ඉන්නෙ පුංචි කාර් එකක් අරගෙන රෙන්ට් එකට දාන්න. අපේ බෝඩිමේ අයිය වැඩ කරන්නෙ බැංකුවකනෙ. එයත් එහෙම වාහන අරගෙන රෙන්ට් එකට දීලා සල්ලි හොයනව. ඉතින් එයා කිව්ව මටත් උදව් කරන්නම් කියල…

ගත්ත බියර් දෙකේ සීතල මගේ පපුවටම අල්ලල තිබ්බෙ.

අමල්.. පහුගිය සතියෙ හදිස්සියෙම ගිහිල්ල තිබ්බෙ ඉඳපු එකම නෑයගෙ මළගෙදරට. දැන් අමල්ට කවුරුත් නෑ. හැබැයි කවුරුත් ඉන්න කාලෙ නොතිබ්බ ගොඩක් දේවල්, දැන් අමල් ලඟ තියෙනව..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide