රස මතක හද රැඳේ… (2015, KAMU මතකයන්).

රස කෑම ගැන වගේම ඒව ගන්න තියෙන ආපනශාලා ගැනත් YAMU එකේ අපේ යාළුවො සෙට් එක ඉංග්‍රීසි භාෂාවෙන් නිතරම වගේ ඔයාලට කිව්වා. ඒත් ඒ තැන් ගැන සිංහලෙන් ඔයාලට කියන වැඩේ මම පටන් ගත්තෙ පහුගිය අගොස්තු මාසෙ ඉඳන්. ඉතින් මේ 2015 අවුරුද්ද ඉවර වේගෙන යන වෙලාවෙ මට හිතුණා මම කියපු අවන්හල් අතරින් හොඳ ඒවා දෙක තුනක් ගැන ආයෙත් වතාවක් ඔයාලට විස්තර ටිකක් මතක් කරලා දෙන්න.

Yarl Hotel

අපි කථා කරන අතරෙ කෙසෙල් කොලේ පිරෙන්න රතු බතුයි ඇති පදමට පරිප්පුයි මෑකරලුයි අල හොදියි බෙදපු සේවක මිත්‍රයා පපඩම්, මෝරු මිරිස් වගේම බැදපු මාළු කූරියෙකුත් පැත්තකින් තියලා ''මස් මාළු මොනවද?'' කියලා ඇහුවෙ. ඉතින් ආයෙත් පොඩ්ඩක් මස්, මාළු තැටි ටික දිහා බලපු මම පුරුදු විදියට කුකුල් මස් ව්‍යංජනයක් ගේන්න කිව්වා. යාළුව නම් හැමදාම කන්න ලැබෙන්නෙ නෑනෙ කියල මිරිසට හදපු කකුළු ව්‍යංජනයක් තමයි ඇණවුම් කලේ. කුකුල් මස් එක මේසෙට ආවෙ පොඩි ඇලුමිනියම් භාජනයක. හැබැයි යාළුවගෙ කකුළුවා නම් මේසෙට ආවෙ කෙසෙල් කොලයක් තියපු ලොකු ඇලුමිනියම් පිඟානක. හොදි ටික වෙනම පොඩි ඇලුමිනයම් දීසියක පැත්තකින් තිබුණා.

Cricket Club Cafe

බඩ කට පිරිලා තිබුණත් චීස් බේරෙන බර්ගර් එකෙන්නම් කෑල්ලක් නොකා ඉන්න බෑ. ඉතින් යාළුවත් ටිකක් අමාරුවෙන් කකා ඉඳපු බර්ගර් එකෙන් කෑල්ලක් කඩා ගත්ත මම හෙමිහිට රස බලන්න පටන් ගත්තෙ අනිත් අතට සෝස් ගෑවුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලක් අතට ගන්න ගමන්. ෂහ්… චීස් බේරෙන බර්ගර් එකේ මැද්දෙ තිබුණ ලොකු කුකුල් මස් පෙත්තෙ රස නම් උපරිමයි. නියම පදමට බැදිලා තිබුණ කුකුල් මස් එකේ පුංචි සැර ගතියක් වෙග්ම බාබකියු රසකුත් තිබුණා.

Sri Vihar

ඒකෙන් තමයි මේ කටට කෙල උණන සුවඳ එන්නෙ. මම තෝසෙ එකේ හැඩ බලන අතරෙ යාළුව වැඩේ පටන් අරන්. බල බල ඉන්න දෙයක් නෑනෙ. මමත් තෝසෙ කෑල්ලක් කඩා ගෙන සාම්බාරු හොදි ටිකක් එක්ක රස බැලුවා. ෂහ්… කියල වැඩක් නෑ. එළවළු රසෙන් උපරිමයි කියන්න පුළුවන් සාම්බාරු හොද්දෙ සැර ගතියයි ඉන්දියානු හොදි වලට ආවේණික මසාලා රසයි නම් අඩු නැතිව තියෙනවා. තෝසෙ එකත් හදලා තිබුණෙ තෙල් ගතිය ටිකක් අඩු වෙන්න. අල, ළූණු පිරවුමට මම නම් එච්චර කැමැති වුණේ නෑ. මොකද කියනව නම් සැර පදමට තිබුනට ඒකෙ තෙල් ගතිය ටිකක් වැඩියි. තෝසෙ වලට යාළුවගෙ තිබුණ කෑදර කම නිසාම විනාඩි 10ක් යන්නත් කලින් තෝසෙ පිඟාන හිස් වුණා. ඉතිරි වුණේ සාම්බාරු හොදි ටිකක් විතරයි.

Alumka Caterers

දවස තිස්සේ රාජකාරී කටයුතුවල යෙදිලා ඉන්න ඔයාලා හවස් වෙද්දි හොඳටම මහන්සි වෙලා තමයි කාර්යාලයෙන් එළියට බහින්නේ. ඉතිං ඒ වෙලාවට එන බඩගින්නට මොනවා හරි පොඩි දෙයක් බඩට දාගෙන ගෙදර යන්න සමහර අය පුරුදු වෙලා හිටියට ගොඩක් අය තමන්ගේ යාළුවෙක් එක්ක හරි පෙම්වතිය එක්ක හරි හොඳ අවන්හලකට ගිහින් රෑ කෑම වේල රස විඳිනවා. ඒ අතරෙ තවත් පිරිසක් ඉන්නවා නිවි හැනහිල්ලෙ ගෙදර ගිහිල්ලා ඇඟ පත හෝදගෙන රෑ කෑම වේල ගන්න කැමති අය. අන්න ඒ වගේ අයට නියමෙට ගැලපෙන තැනක් ගැන තමයි මම අද කියන්න යන්නේ.

Lavinia Restaurant & Bar

‘‘සිත් තුල සුපිපුන සෙනෙහස් මල් දම් මිලින වී…’’ ෂහ්, හොඳ සද්දෙට උඩ තට්ටුවෙන් සිංදුවකුත් ඇහෙනවා. ඉතිං මම අඩියට දෙකට පඩිපෙළ නැගලා උඩ තට්ටුවේ අපේ කට්ටිය සෙට් වෙලා ඉඳපු මේසෙට ගිහින් වාඩි වුණා. ‘‘ආ… වාඩිවෙයන් මචං. මොනවද බොන්නෙ?’’ ඒ වෙනකොටත් හොඳ පදමට ඇවිල්ලා ඉඳපු යාළුවෙක් මගෙන් ඇහුවා. කොහොම හරි මම වාඩිවෙලා විනාඩියක් වත් ගියේ නෑ. අවන්හලේ සේවකයෙක් මගේ ළඟට ඇවිල්ලා ‘‘ සර්ට මොනවද  ඕනේ’’ කියලා අහන ගමන් මගේ අතට මෙනු තුනක් දුන්නා. දීලා නිකන් හිටියෙත් නෑ. පළවෙනි මෙනුව දිග ඇරලා ‘‘සර් මේකේ තියෙන්නේ ශ්‍රී ලන්කන් ඇන්ඩ් චයිනීස් කෑම වර්ග. එතකොට මේකේ තියෙන්නේ තායි කෑම වර්ග. මේ පොඩි මෙනුවේ බොන දේවල් ටික තියෙනවා. බලලා කියන්නකෝ’’.

Kamrose Restaurant

ෆ‍්‍රයිඩ් රයිස් එකේ කටවල් හත අටක්ම එක දිගට කෑවට පස්සෙ තමයි මට මතක් වුණේ මේසෙ පැත්තකට වෙලා තිබුණ හොං කොං චිකන් එක. ඉතින් බත් කන එක පොඩ්ඩකට නතර කරපු මම කුකුල් මස් කෑලි දෙකක් පිඟානට දා ගත්තා. ඊට තව පොඩි කුකුල්මස් කෑල්ලක් අරගෙන කටේ දාගත්ත මම හෙමිහිට ඒකෙ රස බැලුවා. පිස්සු හැදෙන රසක්නෙ! හොං කොං චිකන් එකේ තියෙන පුංචි ලුණු ගතියක් එක්ක එන සැර ගතියට නම් මම ගොඩක්ම කැමතියි. ඒ වගේම ඒකට එකතු කරලා තියෙන සෝස් එක නිසා ලාවට දැනෙන පැණි රසකුත් තියෙනවා. අමු මිරිස්, මාළු මිරිස්, බී ළූණු වගේම පොඩියට කපලා බැදපු කුකුල් මස් කෑලි දහයක් දොලහක් විතර දාලා හදල තිබුණ මේ හොං කොං චිකන් එකත් එක්ක ෆ‍්‍රයිඩ් රයිස් එක නම් නැගලා යනවා. මට හරිම සතුටුයි. හොඳ සේවයක් තිබුණෙ නැති නිසා හිතේ තිබුණ අවුලත් නිකම්ම අමතක වෙලා ගිහින්.

Quick Thai

ක්වික් තායි අවන්හලේ තට්ටු දෙකක් තියෙනවා. ලීයෙන් හදපු මේස දාලා විසි දෙනෙක්ට විතර එකපාර වාඩි වෙන්න ඉඩ හදලා තියෙන පල්ලහා තට්ටුවේ භෝජනාගාරයට කෙලින්ම පේන්නෙ අවන්හලේ මුළුතැන්ගේ. මේ අවන්හලේ කෑම හදන්නේ මුළු මනින්ම තායිලන්ත සූපවේදීන්. එයාලා සුදු පාට නිළ ඇඳුම් ඇඳගෙන උස තොප්පි දාලා මුළුතැන්ගේ ඇතුලෙ ගජරාමෙට වැඩ. සමහර අවන්හල්වල වගේ ක්වික් තායි අවන්හලේ හැංගි හොරා වැඩ නෑ. ඇතුලතත් හරිම පිළිවෙලයි වගේම පිරිසිදු කමෙනුත් උපරිමයි. සේවක මඩුල්ලත් අවන්හලට එන හැමෝටම ‘‘ගුඩ් ඊවිනින් සර්’’ කියලා පිළි අරන් මෙනුවකුත් අතට දීලා මෙනුවෙ තියෙන කෑම වර්ග තෝරන්නත් උදව් වෙනවා. එළිය තරමක් අඩු විදුලි බුබුළු දාලා ලස්සන තායිලන්ත සැරසිලි එල්ලා හදලා තියෙන භෝජනාගාරය දැක්කාම නම් අපි දෙන්නට හරිම සතුටු හිතුණා.

Machan Koswatta

කටට කෙල උනන සුවඳක් එන දයියා පෝක් එක තවත් මේසේ උඩ නිකං තියෙන්න දෙන්න බෑ. ගෑරප්පුවකින් දයියා පෝක් කෑල්ලක් කටේ දාගත්ත මම හිමිහිට ඒකේ රස බලන්න පටන් ගත්තා. ‘‘පට්ට බයිට් එක’’ ඌරූ මස්වල තියෙන තෙල් තට්ටුව අඩු වෙන්න පොඩියට කෑලි කපලා ගැඹුරු තෙලේ බැදලා තමයි මේක හදලා තිබුණේ. එහෙම බැදපු  ඌරූ මස් කෑලී පුංචි පැණි රසක් එක්ක තද සැර ගතියක් එන විදියට සෝස්, අමු මිරිස්, කැරට්, ලූණු කොළ, චීලී පේස්ට් දාලා ඩෙවිල් කරලා තිබුණා. දයියා පෝක් එකේ රස නම් කාලා බලලාම තීරණය කරන එක තමයි වැඩිය හොඳ.

Mr. Kottu

අවන්හලේ කුස්සියෙන් එන සුවඳට බඩගින්න දෙගුණ තෙගුණ වෙලා. මට නම් ආස හිතුණෙ දැල්ලෝ කොත්තුවක් කන්න. යාළුවට ආප්ප කොත්තුවක් ඕන කිව්වා. ඉතින් මම කෑම ඇණවුම් කරන්න කියල කැෂියර් එක ළගට ගියාම එතන තිබුණ අත් පත්‍රිකාවක් දැකල තමයි දැනගත්තෙ මේ අවන්හලේ Mr. කොත්තු කියල කොත්තු වර්ග විතරක් නෙවෙයි Mr. බර්ගර් කියල බර්ගර් වර්ග ගොඩකුත් තියෙනවා කියලා. ඇණවුම් කරන කොට කැෂියර් එකේ ඉඳපු මිත්‍රයා ‘‘සර් දැල්ලො කොත්තු නම් තියෙන්නෙ වීක් එන්ඩ් එකේ විතරයි’’ කිව්වා. මොනවා කරන්නද ඉතින්, යාළුවට ආප්ප කොත්තුවක් ඕඩර් කරපු මම, මට චිකන් බර්ගර් එකක් ගත්තා. යාළුවගේ ආප්ප කොත්තුවට බැදපු කුකුල් මස් දාලා චීසුත් දාලා තමයි හදන්න කිව්වේ. මගේ බර්ගර් එකටත් වැඩිපුර චීස් ටිකක් දාන්න කිව්වා.

Chop Chop Kottu

බැදපු කුකුල්මස් සහ රොටි යොදා ගනිමින් සකසා තිබූ කොත්තුව තරමක් වියළි ගතියක් ඉසිලුව ද, කොත්තු වලට ආවේණික සැර ගතිය අඩු නොවන ලෙස සකසා තිබිණි. කුළුබඩු රසයද යාන්තමින් දිවට දැනෙන සේ පිසූ මෙම කොත්තුවෙහි ක්‍රිස්පි ගතිය හොඳින් ඉස්මතු වනසේ බැදූ කුකුල්මස් නොමඳව අඩංගු විය. සපයා තිබූ හොදි ස්වල්පයක් එකතුකර ගැනීමෙන් ඉතා ප‍්‍රණීත රසයක් කොත්තුව තුලින් නිර්මාණය කර ගැනීමට ද මෙහිදී අපට හැකි විය.

Lantheruma

සාමාන්‍යයෙන් රතු බත් සහ සුදු බත් ද, කුකුල්මස්, ඌරු මස්, මාළු, දැල්ලන්, ඉස්සන්, කරවල හෝ හාල්මැස්සන් ඇතුළු මාංශමය ආහාර ද, බෝංචි, මෑකරල්, පරිප්පු, පළා මැල්ලුම්, දඹල, ඇඹරැල්ලා, අඹ, වම්බටු, බටු, කොස් මැල්ලුම් හා පොළොස් ඇතුළු නිර්මාංශයමය ආහාර ද, කට ගැස්මට පපඩම්, මිරිස් හෝ කරවල බැදුමක් ද ලන්තෑරුම අවන්හලේ ප්‍රධාන මෙනුවට අඩංගු වේ. ප්‍රධාන ආහාර තරම් විවිධත්වයක් නොමැති වුවද අතුරුපස ලෙසින් ආහාරයට ගැනීමට ලාංකීය සහ ඉන්දීය කැවිලි වර්ග කිහිපයක් ද ලන්තෑරුම අවන්හලෙහි මෙනුවට අඩංගු කර ඇත.

එබැවින් යනෙන ගමනේ ගුණවත් රසවත් මෙන්ම පිරිසිදු දිවා ආහාර වේලක් රිසි සේ භුක්ති විඳීමට ලන්තෑරුම අවන්හල කදිම ස්ථානයක් වනු නොඅනුමානයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide