යමුද YAMUත් එක්ක ? (2015 මතකයන්).

අතිශය රමණීය පරිසරයකින් හෙබි හෙළ දීපය තුල හුදෙක් ඔබ යන එන, දන්න කියන ස්ථානයන්ගෙන් ඔබ්බට, කඳුකරයේත් පහතරට කලාපයේත් සැඟවුණු අපූරු තැන් බොහෝමයක් ගැන කරුණු කාරණා, YAMU වෙබ් අඩවිය මගින් ඔබ හට ගෙනහැර පෑවා මතක ඇති. ස්වභාවධර්මයෙහි ආශ්වාදය රස විඳින්නට ඇල්මැති පිරිස් ඒ ඒ ස්ථානයන් දැක බලා ගැනීම පිණිස එහි යන්නටද ඇත. එලෙසින්ම යෑමට හැකියාවක් හෝ ඉඩකඩක් නොලැබුණු පිරිස්ද සිටිනවා නොඅනුමානය. ඉදින් අපගේ මේ සාරාංශමය මෙනෙහි කිරීම, ලබන්නාවූ නව වසර තුල සිරිලක සැඟවුණු සුන්දරත්වය සොයා යාමට බලාපොරොත්තුවන එවන් මිතුරන් වෙතය.

Lipton's Seat

ස්වභාවධර්මයෙහි අරුම පුදුම නිමැවුමක් වන මෙම කුඩා ගල් තලාවෙහි සිට අවට බැලූ කල්හි පුරා අංශක 180 ක පමණ පුළුල් පරාසයක මුළුමනින්ම දිස්වෙන බදුල්ල, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් ද, අර්ධ වශයෙන් දිස්වන රත්නපුර දිස්ත්‍රික්කය ද, සමනොළ කන්ද, සූරියවැව ක්‍රීඩාංගනය, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ඇතුළු නැගෙනහිර ගිණිකොණ සහ දකුණු පළාත් වලට අයත් සිරිලක නොයෙක් විද ස්ථානයන් ද ලිප්ටන්'ස් සීට්හි විශේෂත්වයට තුඩුදෙන කරුණු කාරණාවන් වේ.

Meemure

නකල්ස් කඳු පන්ති අතරින් දිවෙන මීමුරේ පිවිසුම් මාර්ගය, තෙත් කලාපීය කඳුකර වනාන්තර සහ තෘණ බිම් වලින් ගහන වන අතර, එක් පසක අහස් තලය සිපගන්නා කඳු පන්තියද අනෙක් පස සෘජුවම පොළෝ තලය තෙක් දිවෙන හෙලකින්ද සමන්විත වේ. පැය 2ක පමණ වූ ගමනේ විඩා නිවාලමින් තැන් කිහිපයකදීම මුණගැසෙන කුඩා දොළ පහර වලින් ද උස් දිය ඇලි වලින් ද හෙබි මෙම මංපෙතෙහි මගින් මගට හමුවන තේ වතු හා කුඩා ගම්මාන කිහිපය හුදෙකලා බවත්, පිටිසර බවත් මුසුවූ අපූරු හැඟීමක් සිත තුල ජනිත කරනවා නොඅනුමානය.

Lover's Leap Hike

ඉදිරියෙන් ගමන් ගත් මිතුරාට මග හැරුණ ද ඔය ඉවුරෙහි තිබූ යමක් මා හට දිස්විය. "අඩෝ මේ බලපං" මා හට කෑ ගැසිණි. මිතුරන් තිදෙනා ද මා වටා රොක් විය. එය මිනිසුන් විසින් කැපූ තරමක් විශාල වලකි. ඊට මදක් ඔබ්බට වන්නට සතෙකුගේ හිස් කබලක් සහ උකුල් ඇටයකි. ඔය පහරෙන් එගොඩ වූ මම සත්ව හිස් කබල අතට ගත්තෙමි. එය දඩයම්කරුවන්ගේ කි‍්‍රයාවක් විය යුතුය. හිස් කබලෙහි උඩු කොටසේ හොඳින් වැඩී තිබූ අං යුවල කපා ගෙන ගොසිනි. උකුල් ඇටය සහ තරමක් විශාල හිස් කබල මීට මාස කිහිපයකට පෙර දඩයම් කරන ලද ගෝනකුගේ බව මා වටහා ගත්තේ මා සතු වූ අත්දැකීම්වල ආභාෂයෙනි. ඝන සීතලකින් හෙබි කඳු මුදුනක දඩයම සඳහා පැමිණෙන්නේ කවුරුන්ද? නැති නම් අප ගම්මානයකට ළං වී ඇත්ද? අප සිත් තුළ ඇති වූයේ කුතුහලයකි. "ඕක ඔතනම තියල යමං. මේ ළඟ මොකක් හරි තියෙන්න ඕන බං"

Namunukula Mountain

නමුණුකුල කන්ද සතු මුදුන් තැනිතලාව දෙස කඳු පාමුල සිට බැලූ කල්හි දිස්වනුයේ සෘජුව ඉහළට නැගි කන්දෙහි එකවරම ඇතිවන නැම්මක් ලෙසිනි. එබැවින් මෙය පැරැන්නන්ගේ ව්‍යවහාරයෙහි නැමුණු කන්ද හෙවත් නැමුණු කුල ලෙසින් හැඳින්විණ. පසුකාලීන භාෂා විකාශනයේදී විවිධ ජනවර්ගයන්ගේ උච්චාරණයන් නිසාවෙන් නැමුණුකුල යන නාමය නමුණුකුල බවට පරිවර්තනය වන්නට ඇත.

Camping at Udawalawe National Park

දහඩියෙන් තෙත්ව තිබූ සිරුරු ධූලී මුසු සුළඟට වියළි ගොස්ය. අප හට කඳවුරු බැඳීමට නියමිතව තිබූ පංචධාර නැමති කඳවුරු භූමිය වෙත පැය භාගයක පමණ කාලයකින් ළගා වීමට අප සමත් වීමු. වළවේ ගංඉවුරෙහි පිහිටා තිබූ මෙම කඳවුරු භූමිය ගඟෙහි ජල මට්ටමට වඩා අඩි 10ක් 12ක් පමණ උසින් වෙයි. කඳවුරකට අවැසි බොහෝ පහසුකම් මෙහි ඇත. භූමිය සුමට පැතලි වූවකි. ඇති තරම් ජලය අත ළඟය. වර්ග අඩි 20ක පමණ ඉඩැති කඳවුරු භූමිය වටා ඇති රූස්ස ගස් කුඩාරමට තරමක ආරක්ෂාවක් ගෙන එයි. සැබවින්ම එය කඳවුරු තැනීමට නම් කියාපු තැනක් විය. අප හට එකම හිරිහැරය වූයේ රූස්ස ගස් මුදුන් නිවහන කර ගනිමින් ජීවත්වන රිළා රංචුය. සමරවීර කියූවේ දිවා කාලයෙහි කඳවුරු භූමිය තුලට කඩා වදින රිළා රංචු එළි පෙහෙළියේ ඇති සෑම දෙයක්ම පාහේ අවුස්සා දමන බවයි.

Belilena Cave

ඉතා අපූර්ව ස්වාභාවික නිමැවුමක් වන දෙවැනි ලෙනට ලඟාවත්ම එකල බලංගොඩ මානවායගේ ජීවන රාටාව පිළිබදව යම් කිසි පූර්ව හැඟීමක් සිතට නැගේ. ලෙන මුදුනින් අපුරුවට කඩා හැලෙන සිහින් දිය ඇල්ලකි. සිසිල් ජල ධහරාවකින් හෙබි මෙම දිය ඇල්ල පතිත වනුයේ සුමටව නිමැවුණු ගල් තලාවක් මතටය. එය දිය නෑම සඳහා ස්වභාධර්මය විසින් මැවූ විශිෂ්ට නිර්මාණයක්වේ.

ඉංගිරි කන්දේ තවුස් ලෙන් සොයා ගිය ගමන

රා රැගෙන ආ පුද්ගලයාට මුල්ම රා වීදුරුව දීම පාරම්පරික සිරිතකි. තවද රා උගුරක් බීවු පසු උගුර පාදා කෙළ ගැසීමද නිසැකවම කළ යුතුය. කුමන හේතුවකට වුවත් ‘‘ෂා… නියම රා ටික’’ වැනි වදන් පවසන්නේ නැත. උගුර පාදා කෙළ ගසන්නේ රා මදින්නාගේ ඇස් වහ කට වහ දුරුවන්නටය. මේ පිළිබඳව නොදන්නා කෙනෙකුට රා මදින්නා ඉදිරියේ සමාව ලැබුණද දන්නා හඳුනන කෙනෙකු හට නම් ලැබෙනුයේ මල් කපන පිහියෙන් පිහි පාරක් වුවද විය හැකි බව සනා අප හට පැවසීය.

Thotupala Mountain

‘‘අංකල් මේ මල්ලිට තොටුපළ කන්ද කියලා එකකට යන්න ඕනේලු. ඔයා දන්නවද ප්ලේස් එක?’’

මිනිත්තු කිහිපයක බර කල්පනාවකට පසුව දෙවනුව පැමිණි මැදි වයසේ පුද්ගලයා පැවසූ දෙයින් මා සිත තුල ඇති වූයේ කුතුහලයකි. ‘‘මල්ලි ඔය කියනව වගේ කන්දක් තියෙනවා. මගෙ මතකේ හැටියට නම් වැලිමඩ පැත්තෙන් තමයි ඒකට නගින්න තියෙන්නේ.’’

‘‘පණ්ඩිතයා, දන්නෙ නැත්තම් නෑ කියපන්කෝ’’ මම සිතින් ඔහු හට බැණ වැදුනෙමි. ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි රාජකාරී කාමරයෙන් පිටතට පැමිණි මම එතෙක් බංකුවක් මත වාඩි වී සිටි මිතුරාටද හඬ ගසා ගනිමින් හෝර්ටන් තැන්න වෙත යා යුතු මාර්ගයෙහි ධාවනය වන පට්ටිපොළ බස් රථ අංගනය වෙත පිය නැගුවෙමි.

Ravana Falls (Bambaragama Falls)

කෙසේ වෙතත් සෑම වසරකම පාහේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන් හිදී ඇතිවන වියළි කාළගුණික තත්ත්ව නිසාවෙන් රාවණා ඇල්ලෙහි ජල පහර නිරන්තයෙන් අවම මට්ටමක පවතී. මෙම කාල වකවානුව කඳු නගින්නන් හට සහ ඉතිහාස ගවේෂකයින් හට ස්වභාවධර්මයා විසින් ලබා දෙන කදිම අවස්ථාවක් ද වෙයි. මන්ද යත් ප‍්‍රධාන ජල කඳ හැරුණු කොට දෙපසින් වන ගල් තලාවෙහි දිය සීරාවකට පමණක් සීමා වන රාවණා ඇල්ලෙහි හතරවන එනම් භූමි ශෛල ස්ථරයෙහි සිට දෙවන ශෛල ස්ථරය දක්වා සෘජු පාගමක යෙදිය හැකි වීම නිසාවෙනි.

Ravana Cave

අවංකත්වය නිසාවෙන් තම බාල සොහොයුරු විභීෂණ හට තමන්ගේ යම් යම් දුර්වලතාවයන් ගැන රාවණ රජු පවසනුයේ රජ කමට ලොල්ව මතු දිනයකදී විභීෂණ මෙලෙසින් තමා පාවා දෙනු යැයි නොසිතමිනි. නමුදු රාම, රාවණ යුද්ධයෙහි අවසානය කාල නීර්ණයකින් තොරව රාවණ රජු නිද්‍රාවට පත්වන අතර විභීෂණ ලංකා පුරයෙහි රාජාභිෂේක ලබයි. රාවණ රජු නිද්‍රාවට පත් වුවද ඔහුගේ අසහාය බලය හොඳින් දත් විභීෂණ මතු යම් දිනයක අවදි වන තම සොහොයුරු හට යළි උරුම කර දීමේ අදහසින් රාවණ රජ සමයෙහි නිර්මාණය කරන ලද භූගත ශෛලමය නිර්මාණයන් සියල්ල පාහේ දිගු කාලයක් ආරක්ෂා වන අයුරින් වසා දමා ඇත. මෑත යුගයන් හිදී සිරිලක තුලින් මතු වෙමින් පවතිනුයේ එම නිර්මාණයන් බැව් විද්වතුන්ගේ මතයයි.

Dunhinda Falls

‘‘බොරළු ඇණෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න…’’ දීපිකා පි‍්‍රදර්ශනී මහත්මියගේ සුමිහිරි කට හඬින් ගැයෙන ගී පෙළ මා මතකයට ගෙන එනුයේ දුන්හිඳ ඇල්ලට යන පාගමනෙහි මග දෙපස නිරන්තරයෙන් මුණගැසෙන දිරිය කතුන්ගේ කඳුළු කථාවයි. අතිශය රමණීය මිහිදුම් පටලයකින් විශාල භූමි ප‍්‍රදේශයක් නිරන්තරයෙන් නහවන දුන්හිඳ ඇල්ල පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර් 230ක් පමණ දුරින්, ඌව පළාතෙහි බදුලු පුරවරය තුළය‍.

දවසක් පැළ නැති හේනේ…

පුංචි මැටි පැල හරිම ලස්සනයි. වහලට, වියපු පොල් අතුයි වේලපු ඉලුක් කොළයි දාලා ලොකු මැටි ගඩොල් තියලා මැටි වලින්ම බිත්ති බැඳලා. පොඩි කුස්සි කෑල්ලකුත් පැත්තකින් තියෙන විදියට කොටස් දෙකකට වෙන් කරලා හදපු පැලේ ඉස්සරහ කෑල්ලෙ ලොකු ඇඳකුයි මැටියෙන්ම හදපු රාක්කෙකුයි විතරයි තියෙන්නෙ. පැලට ඉස්සරහින් හේනෙ මායිමට වෙන්න ලස්සනට පේන්නෙ අන්දර වැව. පිටි පස්ස පැත්තෙ ලොකු කෙසෙල් වගාවකුත් තියෙනවා. ඒත් ඉස්සරහින් පේන හේනෙ නම් ටිකක් පාළුවට ගිහින් වගේ. බටු, මාළු මිරිස් වගේ පැළ ටිකක් විතරයි පේන්න තියෙන්නෙ.

''මොකෝ අයියෙ හේනෙ මුකුත් දාලා නැත්තෙ?'' මම හේනෙ අයියගෙන් ඇහුවා.

Face Art of Pulastya Rishi

එම ස්ථානයෙහි මීට වසර ගණනකට පෙර ගල් පෙට්ටියක් ලෙසින් දිස්වුණු යමක් පෙනෙන්නට තිබූ බවට සාක්ෂි දරණ වැඩිහිටි ගම්වාසීන් කිහිප දෙනෙකුම මා හට මුණ ගැසිණි. ඔවුන් පැවසූ පරිදි එම ගල් පෙටිට්යෙහි නිධන්ව තිබූ පුලතිසි සෘෂිවරයාගේ ධනයත් හෙළ වෙදකම පිළිබඳව ලියැවුණු වටිනා රන් පත්තිරු සහ පුස්කොළ පොතුත් අද එතැන නොමැති කරවීමේ ස්තූතිය මුළුමනින්ම නිධන් හොරුනට හිමිවේ. ඒ අමනා කි‍්‍රයාවෙන් තැන් තැන් හි විසිරුණු බොහෝ වටිනා කියන පෞරාණික දෑ අදටත් ඇල්ල කපොල්ල පාමුල සුනානව තිබිය හැකි බව ඇල්ල ගම් වාසීන් පවසනුයේ හදෙහි බුර බරා නැගෙන කෝපය කඳුළු ලෙසින් නෙතු අග සඟවා ගනිමිනි.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

A Culinary Journey Through the Middle East: Ramadan Iftar Buffet at Cinnamon Grand Courtyard 

By Shamindri De Sayrah Embark on a culinary adventure through the Middle East this Ramadan

Kamu

Trending.

Layards Wharf by Food Studio opens its doors with exclusive dining experience for guests

Food Studio proudly introduces its third food court at Havelock City Mall, offering a distinctive

Trending

Royal Turf Club Nuwara Eliya Governor’s Cup showcased exciting wins

The hills of Nuwara Eliya came alive to the cheers as jockeys vied for winning

Trending

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide