යමුද YAMUත් එක්ක ? (2015 මතකයන්).

අතිශය රමණීය පරිසරයකින් හෙබි හෙළ දීපය තුල හුදෙක් ඔබ යන එන, දන්න කියන ස්ථානයන්ගෙන් ඔබ්බට, කඳුකරයේත් පහතරට කලාපයේත් සැඟවුණු අපූරු තැන් බොහෝමයක් ගැන කරුණු කාරණා, YAMU වෙබ් අඩවිය මගින් ඔබ හට ගෙනහැර පෑවා මතක ඇති. ස්වභාවධර්මයෙහි ආශ්වාදය රස විඳින්නට ඇල්මැති පිරිස් ඒ ඒ ස්ථානයන් දැක බලා ගැනීම පිණිස එහි යන්නටද ඇත. එලෙසින්ම යෑමට හැකියාවක් හෝ ඉඩකඩක් නොලැබුණු පිරිස්ද සිටිනවා නොඅනුමානය. ඉදින් අපගේ මේ සාරාංශමය මෙනෙහි කිරීම, ලබන්නාවූ නව වසර තුල සිරිලක සැඟවුණු සුන්දරත්වය සොයා යාමට බලාපොරොත්තුවන එවන් මිතුරන් වෙතය.

Lipton's Seat

ස්වභාවධර්මයෙහි අරුම පුදුම නිමැවුමක් වන මෙම කුඩා ගල් තලාවෙහි සිට අවට බැලූ කල්හි පුරා අංශක 180 ක පමණ පුළුල් පරාසයක මුළුමනින්ම දිස්වෙන බදුල්ල, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් ද, අර්ධ වශයෙන් දිස්වන රත්නපුර දිස්ත්‍රික්කය ද, සමනොළ කන්ද, සූරියවැව ක්‍රීඩාංගනය, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ඇතුළු නැගෙනහිර ගිණිකොණ සහ දකුණු පළාත් වලට අයත් සිරිලක නොයෙක් විද ස්ථානයන් ද ලිප්ටන්'ස් සීට්හි විශේෂත්වයට තුඩුදෙන කරුණු කාරණාවන් වේ.

Meemure

නකල්ස් කඳු පන්ති අතරින් දිවෙන මීමුරේ පිවිසුම් මාර්ගය, තෙත් කලාපීය කඳුකර වනාන්තර සහ තෘණ බිම් වලින් ගහන වන අතර, එක් පසක අහස් තලය සිපගන්නා කඳු පන්තියද අනෙක් පස සෘජුවම පොළෝ තලය තෙක් දිවෙන හෙලකින්ද සමන්විත වේ. පැය 2ක පමණ වූ ගමනේ විඩා නිවාලමින් තැන් කිහිපයකදීම මුණගැසෙන කුඩා දොළ පහර වලින් ද උස් දිය ඇලි වලින් ද හෙබි මෙම මංපෙතෙහි මගින් මගට හමුවන තේ වතු හා කුඩා ගම්මාන කිහිපය හුදෙකලා බවත්, පිටිසර බවත් මුසුවූ අපූරු හැඟීමක් සිත තුල ජනිත කරනවා නොඅනුමානය.

Lover's Leap Hike

ඉදිරියෙන් ගමන් ගත් මිතුරාට මග හැරුණ ද ඔය ඉවුරෙහි තිබූ යමක් මා හට දිස්විය. "අඩෝ මේ බලපං" මා හට කෑ ගැසිණි. මිතුරන් තිදෙනා ද මා වටා රොක් විය. එය මිනිසුන් විසින් කැපූ තරමක් විශාල වලකි. ඊට මදක් ඔබ්බට වන්නට සතෙකුගේ හිස් කබලක් සහ උකුල් ඇටයකි. ඔය පහරෙන් එගොඩ වූ මම සත්ව හිස් කබල අතට ගත්තෙමි. එය දඩයම්කරුවන්ගේ කි‍්‍රයාවක් විය යුතුය. හිස් කබලෙහි උඩු කොටසේ හොඳින් වැඩී තිබූ අං යුවල කපා ගෙන ගොසිනි. උකුල් ඇටය සහ තරමක් විශාල හිස් කබල මීට මාස කිහිපයකට පෙර දඩයම් කරන ලද ගෝනකුගේ බව මා වටහා ගත්තේ මා සතු වූ අත්දැකීම්වල ආභාෂයෙනි. ඝන සීතලකින් හෙබි කඳු මුදුනක දඩයම සඳහා පැමිණෙන්නේ කවුරුන්ද? නැති නම් අප ගම්මානයකට ළං වී ඇත්ද? අප සිත් තුළ ඇති වූයේ කුතුහලයකි. "ඕක ඔතනම තියල යමං. මේ ළඟ මොකක් හරි තියෙන්න ඕන බං"

Namunukula Mountain

නමුණුකුල කන්ද සතු මුදුන් තැනිතලාව දෙස කඳු පාමුල සිට බැලූ කල්හි දිස්වනුයේ සෘජුව ඉහළට නැගි කන්දෙහි එකවරම ඇතිවන නැම්මක් ලෙසිනි. එබැවින් මෙය පැරැන්නන්ගේ ව්‍යවහාරයෙහි නැමුණු කන්ද හෙවත් නැමුණු කුල ලෙසින් හැඳින්විණ. පසුකාලීන භාෂා විකාශනයේදී විවිධ ජනවර්ගයන්ගේ උච්චාරණයන් නිසාවෙන් නැමුණුකුල යන නාමය නමුණුකුල බවට පරිවර්තනය වන්නට ඇත.

Camping at Udawalawe National Park

දහඩියෙන් තෙත්ව තිබූ සිරුරු ධූලී මුසු සුළඟට වියළි ගොස්ය. අප හට කඳවුරු බැඳීමට නියමිතව තිබූ පංචධාර නැමති කඳවුරු භූමිය වෙත පැය භාගයක පමණ කාලයකින් ළගා වීමට අප සමත් වීමු. වළවේ ගංඉවුරෙහි පිහිටා තිබූ මෙම කඳවුරු භූමිය ගඟෙහි ජල මට්ටමට වඩා අඩි 10ක් 12ක් පමණ උසින් වෙයි. කඳවුරකට අවැසි බොහෝ පහසුකම් මෙහි ඇත. භූමිය සුමට පැතලි වූවකි. ඇති තරම් ජලය අත ළඟය. වර්ග අඩි 20ක පමණ ඉඩැති කඳවුරු භූමිය වටා ඇති රූස්ස ගස් කුඩාරමට තරමක ආරක්ෂාවක් ගෙන එයි. සැබවින්ම එය කඳවුරු තැනීමට නම් කියාපු තැනක් විය. අප හට එකම හිරිහැරය වූයේ රූස්ස ගස් මුදුන් නිවහන කර ගනිමින් ජීවත්වන රිළා රංචුය. සමරවීර කියූවේ දිවා කාලයෙහි කඳවුරු භූමිය තුලට කඩා වදින රිළා රංචු එළි පෙහෙළියේ ඇති සෑම දෙයක්ම පාහේ අවුස්සා දමන බවයි.

Belilena Cave

ඉතා අපූර්ව ස්වාභාවික නිමැවුමක් වන දෙවැනි ලෙනට ලඟාවත්ම එකල බලංගොඩ මානවායගේ ජීවන රාටාව පිළිබදව යම් කිසි පූර්ව හැඟීමක් සිතට නැගේ. ලෙන මුදුනින් අපුරුවට කඩා හැලෙන සිහින් දිය ඇල්ලකි. සිසිල් ජල ධහරාවකින් හෙබි මෙම දිය ඇල්ල පතිත වනුයේ සුමටව නිමැවුණු ගල් තලාවක් මතටය. එය දිය නෑම සඳහා ස්වභාධර්මය විසින් මැවූ විශිෂ්ට නිර්මාණයක්වේ.

ඉංගිරි කන්දේ තවුස් ලෙන් සොයා ගිය ගමන

රා රැගෙන ආ පුද්ගලයාට මුල්ම රා වීදුරුව දීම පාරම්පරික සිරිතකි. තවද රා උගුරක් බීවු පසු උගුර පාදා කෙළ ගැසීමද නිසැකවම කළ යුතුය. කුමන හේතුවකට වුවත් ‘‘ෂා… නියම රා ටික’’ වැනි වදන් පවසන්නේ නැත. උගුර පාදා කෙළ ගසන්නේ රා මදින්නාගේ ඇස් වහ කට වහ දුරුවන්නටය. මේ පිළිබඳව නොදන්නා කෙනෙකුට රා මදින්නා ඉදිරියේ සමාව ලැබුණද දන්නා හඳුනන කෙනෙකු හට නම් ලැබෙනුයේ මල් කපන පිහියෙන් පිහි පාරක් වුවද විය හැකි බව සනා අප හට පැවසීය.

Thotupala Mountain

‘‘අංකල් මේ මල්ලිට තොටුපළ කන්ද කියලා එකකට යන්න ඕනේලු. ඔයා දන්නවද ප්ලේස් එක?’’

මිනිත්තු කිහිපයක බර කල්පනාවකට පසුව දෙවනුව පැමිණි මැදි වයසේ පුද්ගලයා පැවසූ දෙයින් මා සිත තුල ඇති වූයේ කුතුහලයකි. ‘‘මල්ලි ඔය කියනව වගේ කන්දක් තියෙනවා. මගෙ මතකේ හැටියට නම් වැලිමඩ පැත්තෙන් තමයි ඒකට නගින්න තියෙන්නේ.’’

‘‘පණ්ඩිතයා, දන්නෙ නැත්තම් නෑ කියපන්කෝ’’ මම සිතින් ඔහු හට බැණ වැදුනෙමි. ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි රාජකාරී කාමරයෙන් පිටතට පැමිණි මම එතෙක් බංකුවක් මත වාඩි වී සිටි මිතුරාටද හඬ ගසා ගනිමින් හෝර්ටන් තැන්න වෙත යා යුතු මාර්ගයෙහි ධාවනය වන පට්ටිපොළ බස් රථ අංගනය වෙත පිය නැගුවෙමි.

Ravana Falls (Bambaragama Falls)

කෙසේ වෙතත් සෑම වසරකම පාහේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන් හිදී ඇතිවන වියළි කාළගුණික තත්ත්ව නිසාවෙන් රාවණා ඇල්ලෙහි ජල පහර නිරන්තයෙන් අවම මට්ටමක පවතී. මෙම කාල වකවානුව කඳු නගින්නන් හට සහ ඉතිහාස ගවේෂකයින් හට ස්වභාවධර්මයා විසින් ලබා දෙන කදිම අවස්ථාවක් ද වෙයි. මන්ද යත් ප‍්‍රධාන ජල කඳ හැරුණු කොට දෙපසින් වන ගල් තලාවෙහි දිය සීරාවකට පමණක් සීමා වන රාවණා ඇල්ලෙහි හතරවන එනම් භූමි ශෛල ස්ථරයෙහි සිට දෙවන ශෛල ස්ථරය දක්වා සෘජු පාගමක යෙදිය හැකි වීම නිසාවෙනි.

Ravana Cave

අවංකත්වය නිසාවෙන් තම බාල සොහොයුරු විභීෂණ හට තමන්ගේ යම් යම් දුර්වලතාවයන් ගැන රාවණ රජු පවසනුයේ රජ කමට ලොල්ව මතු දිනයකදී විභීෂණ මෙලෙසින් තමා පාවා දෙනු යැයි නොසිතමිනි. නමුදු රාම, රාවණ යුද්ධයෙහි අවසානය කාල නීර්ණයකින් තොරව රාවණ රජු නිද්‍රාවට පත්වන අතර විභීෂණ ලංකා පුරයෙහි රාජාභිෂේක ලබයි. රාවණ රජු නිද්‍රාවට පත් වුවද ඔහුගේ අසහාය බලය හොඳින් දත් විභීෂණ මතු යම් දිනයක අවදි වන තම සොහොයුරු හට යළි උරුම කර දීමේ අදහසින් රාවණ රජ සමයෙහි නිර්මාණය කරන ලද භූගත ශෛලමය නිර්මාණයන් සියල්ල පාහේ දිගු කාලයක් ආරක්ෂා වන අයුරින් වසා දමා ඇත. මෑත යුගයන් හිදී සිරිලක තුලින් මතු වෙමින් පවතිනුයේ එම නිර්මාණයන් බැව් විද්වතුන්ගේ මතයයි.

Dunhinda Falls

‘‘බොරළු ඇණෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න…’’ දීපිකා පි‍්‍රදර්ශනී මහත්මියගේ සුමිහිරි කට හඬින් ගැයෙන ගී පෙළ මා මතකයට ගෙන එනුයේ දුන්හිඳ ඇල්ලට යන පාගමනෙහි මග දෙපස නිරන්තරයෙන් මුණගැසෙන දිරිය කතුන්ගේ කඳුළු කථාවයි. අතිශය රමණීය මිහිදුම් පටලයකින් විශාල භූමි ප‍්‍රදේශයක් නිරන්තරයෙන් නහවන දුන්හිඳ ඇල්ල පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර් 230ක් පමණ දුරින්, ඌව පළාතෙහි බදුලු පුරවරය තුළය‍.

දවසක් පැළ නැති හේනේ…

පුංචි මැටි පැල හරිම ලස්සනයි. වහලට, වියපු පොල් අතුයි වේලපු ඉලුක් කොළයි දාලා ලොකු මැටි ගඩොල් තියලා මැටි වලින්ම බිත්ති බැඳලා. පොඩි කුස්සි කෑල්ලකුත් පැත්තකින් තියෙන විදියට කොටස් දෙකකට වෙන් කරලා හදපු පැලේ ඉස්සරහ කෑල්ලෙ ලොකු ඇඳකුයි මැටියෙන්ම හදපු රාක්කෙකුයි විතරයි තියෙන්නෙ. පැලට ඉස්සරහින් හේනෙ මායිමට වෙන්න ලස්සනට පේන්නෙ අන්දර වැව. පිටි පස්ස පැත්තෙ ලොකු කෙසෙල් වගාවකුත් තියෙනවා. ඒත් ඉස්සරහින් පේන හේනෙ නම් ටිකක් පාළුවට ගිහින් වගේ. බටු, මාළු මිරිස් වගේ පැළ ටිකක් විතරයි පේන්න තියෙන්නෙ.

''මොකෝ අයියෙ හේනෙ මුකුත් දාලා නැත්තෙ?'' මම හේනෙ අයියගෙන් ඇහුවා.

Face Art of Pulastya Rishi

එම ස්ථානයෙහි මීට වසර ගණනකට පෙර ගල් පෙට්ටියක් ලෙසින් දිස්වුණු යමක් පෙනෙන්නට තිබූ බවට සාක්ෂි දරණ වැඩිහිටි ගම්වාසීන් කිහිප දෙනෙකුම මා හට මුණ ගැසිණි. ඔවුන් පැවසූ පරිදි එම ගල් පෙටිට්යෙහි නිධන්ව තිබූ පුලතිසි සෘෂිවරයාගේ ධනයත් හෙළ වෙදකම පිළිබඳව ලියැවුණු වටිනා රන් පත්තිරු සහ පුස්කොළ පොතුත් අද එතැන නොමැති කරවීමේ ස්තූතිය මුළුමනින්ම නිධන් හොරුනට හිමිවේ. ඒ අමනා කි‍්‍රයාවෙන් තැන් තැන් හි විසිරුණු බොහෝ වටිනා කියන පෞරාණික දෑ අදටත් ඇල්ල කපොල්ල පාමුල සුනානව තිබිය හැකි බව ඇල්ල ගම් වාසීන් පවසනුයේ හදෙහි බුර බරා නැගෙන කෝපය කඳුළු ලෙසින් නෙතු අග සඟවා ගනිමිනි.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide