බංගලාවට පලතුරු ඇද ඉංග්‍රීසි ඉගෙනගත් ලක්ෂපති මගපෙන්වන්නා.

‘නීල්’…

උපන්නේ කඳුකර වනාන්තර ප්‍රදේශයකයක ලයින් නිවාසයක ය. හැදී වැඩුනේ ඔහුගේ නැන්දා කෙනෙකු ළඟ ය. ඒ… ඔහුට වයස අවුරුදු හතරේ දි පමණ, එක් ධාරානිපාත වර්ෂා දිනයක ඔහුගේ ලයින් ගෙය උඩට පාත්වුණු විශාල පස් කන්දක් ඔහුගේ මවත් පියාත් දෙදෙනා ම ඔහුගෙන් උදුරාගෙන තිබූ නිසාවෙනි.

මේ කතාබහට මට නීල් හමුවන්නේ ද ඒ කඩාවැටුණු පස්කන්ද සමතලාව අදවන විට මතුව ඇති ගල් කුල මත දී ය…

“නීල්… ඉතින් කොහොමද? සෙනවි මාමා ඔයාට පණිවුඩේ කියන්න ඇතිනේ. අපිට… හෙට තමයි වැඩේ බලන්න යන්න ඕන”

“යං යං මහත්තය. මම ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ. ගමේ දෙන්නත් ලෑස්තියි වැඩේට”

සැබවින්ම ඒ සංචාරයේ අපේ අරමුණ වූයේ පැණි කඩන්න යන කඳුකරවාසීන් ගැන තොරුතුරු සෙවීමට මගක් පාදාගැනීමයි.

කෙසේ හෝ… එදා අප නවාතැන් ගත්තේද කඳු බෑවුමක, අලංකාර දර්ශන තලයක පිහිටි නීල්ගේ ම බංගලාවෙහිය. කණ්ඩායමෙහි සිටි අප හතරදෙනාත්, නීලුත් හැන්දෑවට හීන් සීරුවට ‘සැර’ වීදුරුවක් තො ගාන අය වීම නිසාවෙන් නැත්නම්… අදටත් මේ කතාව රහසකි!

කතාව පටන් ගත්තේ…

“මෙහේ දැන් කොහොමද නීල් ගණන් යන්නෙ ඉඩම්වල?”

ඒත් මගක් යද්දී…

“මටත් මේක තෑගි ලැබිච්ච එකක්. ඉස්සර ඉඳපු වත්තෙ මහත්තයගෙ පුතාගෙන්. එයත් මගේ ම වයසෙ. මගේ හොඳම යාළුවෙක්.

හ්ම්… හැබැයි ඒක ටිකක් දිග කතාවක්”

“දිග කතාවක්? නියමයිනෙ. අපි ආස ම දිග කතා අහන්න තමයි. නීල් කැමති නම් අපිට කියන්නකො කතාව කෙටියෙන් හරි”

“හ්ම්… කාලෙකට පස්සෙ මං මේ කතාව කියන්නෙ මහත්තය. ගමේ මිනිස්සු නම් දන්නව. ඒත් පිට කෙනෙක්ට කියන තුන්වෙනි හරි හතරවෙනි හරි පාර වෙන්න ඕන.

මම පොඩිකාලෙ… ඇත්තටම මට හරියට මතකත් නෑ. මොකද මම දැන් ගොඩක් ම බීමට ඇබ්බැහි වෙලානෙ ඉන්නෙ.

කොහොමහරී… මං පොඩි කාලෙ, මගේ අම්මයි තාත්තයි නැතිවුණා. ඊට පස්සෙ මාව හදන්න ගත්ත පුංචි. ඒත් ටික කාලෙකින් පුංචි කොළඹ රස්සාවට ගියා. ඊට පස්සෙ මම හැදුණෙ නැන්ද ගාව. අපේ ඔක්කොම පවුල් 11යි. ළමයි හිටිය 30ක් විතර. අපි කාටවත් පොඩි කාලෙ ඉස්කෝලෙ යන්න හම්බවුණේ නෑ. මොකද ලොකු අය ඔක්කොමල තේ වැඩට ගියාම අපිට තිබ්බ එළවළු පාත්තිවල වැඩ. ඉතින්… ඔහොම කාලෙ ගියා… හැබැයි මම ටිකක් ලොකු වෙනකොට… යාළුවොත් එක්ක කැලේ පනින්න තමයි හොඳටම පුරුදු වුණේ. කැලේ පැනල අපි ගස්ගෙඩි කඩල කාලා… ඉතිරිව ගේනව ලයිනට. ඒ නිසා අපිට කවුරුත් බැන්නෙත් නෑ වැඩිය. හැබැයි වැස්ස කාලෙදි අපි ගෙවල්වල. ගොඩක් වෙලාවට කළේ හරක් බලාගන්න එක තමයි.

ඔය විදියට මට අවුරුදු 12ක් 13ක් වෙද්දි, අලුතෙන් වත්තට ආවා මහත්තයෙක් මුලු පවුලත් එක්ක ම. එයාලගෙ ළමයි දෙන්නයි… අපේ වයස්වලම වගේ. ඉතින් ඒ ළමයින්ට කන්නත් පලතුරු හොයන්න ඕඩරේ ආවෙ මටයි මගේ යාළුවො දෙන්නටයි. අනික අපි බංගලාවට පලතුරු ගෙනිහින් දුන්නාම අපිට එයාලා බිස්කට් දුන්න නිසා… අපි කැපවීමෙන්ම වැඩේ කළා. ඔය අතරෙ දවසක් මගේ යාළුවෙක්ව සර්පයෙක් කෑවා. ඊට පස්සෙ ලයිමෙ මිනිස්සු අපිට බැනලා වැඩේ නැවැත්තුව. ඒත් මට හිතක් තිබ්බෙම නෑ වැඩේ නවත්තන්න. වෙන දෙයක් නිසා නෙවෙයි මහත්තය. බිස්කට් කන්න තිබ්බ ආසාව නිසාම. අනිත් එක අපි ඒ බිස්කට් තනියම කෑවෙත් නෑ. ටිකක් කාලා අනිත් ඒවා ගෙනිහින් අපේ යාළුවොන්ට බෙදුව.

ඉතින් සතියක් දෙකක් අමාරුවෙන් ගෙවල්වල ඉඳල මම තනියම පටන් ගත්ත ආයෙ කැලේ ගිහින් පලතුරු කඩන්න. ඒ කඩල ගෙනිච්ච පළවෙනි දවසෙ ම වත්තෙ මහත්තයගෙ නෝනා මට හොඳටම බැන්න. මොකද වැස්සක් ඇවිල්ල මාව හොඳටම තෙමිල තිබ්බෙ. බැනල එයා මාව පිහිදල, ඇඳුමකුත් අන්දල, කන්නත් දීලා ආයෙ කැලේ යන්න එපා, එයාලගෙ වත්තෙ පලතුරු වවන්න එන්න කිව්ව පහුවෙනිදා ඉඳන්.

ඒ විදියට මම වත්තෙ බංගලාවට ටිකක් ළංවුණා. හැබැයි හිටපු ගමන් ආසාවට කැලේ ගිහින් ගෙඩි කඩාගෙන ආවා අර බිස්කට් ගන්න හිතාගෙන. ඒත් එහෙම ආවාට බිස්කට් ලැබුනෙ නම් එක දවසයි. දෙවනි දවසෙ ඉඳන් මට ලැබුනෙ පොතක්. ඒකෙ තිබ්බෙ ඉංග්‍රීසි. වත්තෙ නෝනා තමයි දුන්නෙ. මට කිව්ව උදේට වැඩ කරල දවල් කෑමෙන් පස්සෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියල. 

ඇත්තටම මහත්තය ජීවිතේට ඉස්කෝලෙ යන්න නොලැබිච්ච මට… ඒ පොත නිකම් රත්තරං වගේ වුණා. බොරු කියන්න ඕන නෑනෙ, අදටත් මම දන්න එකම දේ ඉංග්‍රීසියි මේ මහා කැලේ ඕනම අස්සක් මුල්ලක් නෑරයි විතරයි. 

මට දැන් අවුරුදු 33ක්. මගේ වයස 19 වෙද්දි මට ඉංග්‍රීසි නිකම් වතුර වගේ. ඒ නිසාම වත්තෙ මහත්තයගෙ යාළුවො… ගොඩක් අය සුද්දො, කැලේ ගියේ මාත් එක්ක. එයාලට මං කැලේ තියෙන හැම දෙයක්ම පෙන්නුව. ඒ සන්තෝසෙට එයාලා මට සල්ලි දුන්න, එක එක බඩු දුන්න, පොත්පත් එහෙමත් දුන්න. ඉතින් ඒ බඩු, පොත්පත් මම‌ ගෙනිහින් ලයිනෙ ළමයින්ට දුන්න. මොකද මට ඒවට කිසිම ආසාවක් නෑ. මට ඕන කැලේ යන්න. සල්ලි ඕනත් නෑ. මට සුද්දො දීපු සල්ලි ඕන තරම් ඔය එක එක තැන්වල තියල නැතිවෙලා ඇති. 

කොහොම හරි… එක දවසක් මහත්තයගෙ ලොකු පුතා… ඒ වෙද්දි මගේ හොඳම යාළුව වෙලා හිටියෙ, කතාකරල කිව්ව එයා රට යනව ඉගෙන ගන්න ඒ නිසා පොඩි තෑග්ගක් දෙන්න ආසයි බංගලාවට එන්න කියල. මට නම් එදා හොඳටම දුක හිතුණ. මම බංගලාවට ගියේ නෑ. මොකද මට ඒ වෙද්දි හිතිල තිබ්බෙ මටත් කොහේ හරි ගිහින් මොනව හරි ඉගෙන ගන්න තිබ්බ නම් කියල. ඒත් පහුවෙනිදා යාළුව ලයිනටම ඇවිත් මට කතා කරපු නිසා යන්න වුණා. 

හ්ම්…

ඒ ගියපු වෙලාවෙ තමයි මේ ඉඩං කෑල්ල මට ලියල දුන්නෙ. මට වැඩක් තියෙයි මහත්තයො ඉඩං. අනික ගෙවල් හදන්න කියලයැ. මං ගත් කටටම එපා කිව්ව. ඒත් පස්සෙ යාළුව කියපු නිසා ගත්ත. දැනට අවුරුදු හයකට විතර කලින් තමයි මට හිතුණෙ මේකෙ මොනව හරි කරන්න ඕන කියල. මොකද ඒ වෙද්දි ගයිඩ් වැඩ කරල මට සල්ලි ටිකකුත් හම්බවෙලා තිබ්බෙ. ඒ අතරට මට ජර්මන් මහත්තයෙක් සෙට්වුණා උදව් කරන්න. එයා තමයි ප්ලෑන් ඇඳල මේක හදන්න සල්ලි අඩු පාඩු දීලා ඔක්කොම වැඩ කළේ. 

දැන් නම් ඉතින් මට සල්ලි හොඳට තියෙනව. මම මගේ ලයිනෙයි වටේ ලයින් ගොඩකයි ළමයින්ට ඉංග්‍රිසි උගන්නනව නිකම්. හැමෝටම වගේ උදවුත් කරනව පුළුවන් හැම විදියටම, මොකද මට කාත් කවුරුත් නෑනෙ. හම්බකළා කියල ගෙනියන්නත් බෑනෙ. මේ… අරක්කුවලට පුරුදු වෙච්ච එක තමයි මට තියෙන එකම ප්‍රශ්නෙ දැන්. ඒක විසඳන්න නම් ඉතින්…

නීල්ගෙ මූණෙ නැගුණු ප්‍රේමයට බර හිනාව…!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide