කොරෝනා කාලේ.. මානසික සෞඛ්‍යය යහපත්ව තියාගන්නෙ කොහොමද?.

ජීවිතේ හැම දේ ම අවිනිශ්චිතයි. ඒක දැන දැන ම, දේවල් නිශ්චිතව සිදු වෙයි හෝ නොවෙයි කියලා අපි බලාපොරොත්තු තියාගන්නවා. මිනිස් හිතේ ස්වභාවය එහෙමයි.

ගෙදරින් එළියේ තියෙන අනතුරක් හේතුවෙන් ගේ ඇතුළට ම වෙලා ඉන්න සිද්ධ වෙලා තියන මේ කාලේ, අපි ඕන ම කෙනෙක් ස්ට්‍රෙස් වෙන එක ස්වාභාවිකයි. රජය සහ අනෙකුත් වග කිව යුතු නිලධාරීන් අපේ ශාරීරික සෞඛ්‍යය ගැන ලබා දෙන උපදෙස් පිළිපදින අතරේ ම, අපේ මානසික සෞඛ්‍යය යහපත්ව තියාගන්න එක ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.

ඉතින් මේ දුෂ්කර කාලය ගෙවිල යනකන්, අපේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න අපිට කරන්න පුළුවන් මොනවද? මේ කියන්න  යන්නේ ඒ ගැන..

සමාජයෙන් දුරස් වෙන්න ඕනේ ශාරීරිකව විතරයි

කොරෝනා ව්‍යාප්තිය වළක්වන්න, සමාජ දූරස්ථකරණය හෙවත් සෝෂල් ඩිස්ටන්සිං ක්‍රියාත්මක කරල තියන මේ වෙලාවේ, අපි කවුරුත් අනෙක් අය සමග සම්බන්ධතා පවත්වන්න පැකිළෙනවා. හැබැයි මේ සමාජ දූරස්ථකරණය කරන්න ඕන ශාරීරිකව විතරයි නේ. ඒ නිසා පවුලේ අය, නෑදෑයන්, යාළුවන් සමග තියන ඔබේ හිතවත්කම් මඟ ඇරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඉතිං පවුලේ අය එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න, පරණ යාළුවෙක්ට දෙන්නෙක්ට කතා කරල බලන්න අමතක කරන්න එපා. දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන දියුණු සන්නිවේදන ක්‍රම එහෙමත් ළඟ ම තියාගෙන හැමෝගෙන් ම ඈත් වෙලා දුකෙන් ඉන්න ඕන නෑනේ..

ආරක්‍ෂිත බව දැනෙන දේවල් කරන්න

රජය විසින් වගේ ම, ලංකාවේ සහ ලෝකයේ ම සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරල තියන, COVID-19 රෝගයෙන් ආරක්ෂා වීමේ ක්‍රම සහ විධි ඔබ අනුගමනය කළ යුතුමයි. ඔබත් ඔබේ පවුලේ අයත් ආරක්‍ෂිත බව හිතට දැනෙන්න ඒවා හරි ම වැදගත්. ඒ විතරක් නෙමෙයි, කොරෝනා රෝගය ගැන අන්තර්ජාලයේ පැතිරෙන වැරදි වැටහීම්වලට හසු නොවී, ඒවා මඟ හරින්නත් කටයුතු කරන්න ඕන.

නිවැරදි තොරතුරු දැනගන්න

COVID-19 රෝගය සහ ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍ය පියවර ගැන නිවැරදි, නිල තොරතුරු සපයන මූලාශ්‍ර ඇසුරු කරන්න. කලින් කිව්වා වගේ, ඉන්ටනෙට් එකේ හම්බෙන හැම දේ ම විශ්වාස කරන්න යන්න එපා. ලංකාවේ ටීවී චැනල්වලට අයිති නිල ෆේස්බුක් පිටු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය, වොච්ඩෝග් ඇප් එක වගේ මූලාශ්‍රවලින් පහසු එකක් ඇසුරු කරන්න ඔබට පුළුවන්.

නිවැරදි තොරතුරු දැනගන්නවා වගේ ම, ඕනවට වඩා තොරතුරු සෙවීමේ යෙදිල ඉන්නත් එපා. මුළු දවස ම කොරෝනා සම්බන්ධයෙන් ම අවධානය යොමු කරමින් හිටියොත් ඔබ කොහොමටත් ස්ට්‍රෙස් වීමේ හැකියාවක් තියනවා.

උපකල්පනය කරන්න එපා

තොරතුරු හෙවීමට ඇබ්බැහි නොවිය යුතු හේතුව මේකයි. ඉස්සරහට මොනවා වෙයි ද කියන අවිනිශ්චිතකම ගැන හිත හිත ඉන්න එපා. ඒ වගේ ම දැනට තියන තොරතුරු අනුව ඉස්සරහට මෙහෙම වෙයි අරෙහෙම වෙයි කියල උපකල්පනය කරන්න යන්නත් එපා. ඒකෙන් වෙන්නේ මනසේ ආතතිය වැඩි වෙන එක.

වෙනත් දේවල්වලට හිත යොමු කරන්න

වැඩි දෙනෙක් ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කිරීමේ යෙදිල ඉන්න නිසා වැඩ ඉවර කරලා ඉතුරු වෙන කාලය වෙනත් දේවල්වලට යොමු කරන්න පුළුවන්. හැම දා ම කරන්න හිතාගෙන හිටපු, ඒත් වෙලාවක් නැති වුණු සමහර දේවල් හැමෝට ම ඇති. ඒවට අවධානය දෙන්න.

ෆිල්ම් එකක් බලන්න, පොතක් කියවන්න, බ්ලොග් එකක් පටන්ගන්න, ගෙවත්තේ වැඩක් කරන්න, ගෙදර තියන කැඩුණ බිඳුණ දෙයක් අලුත්වැඩියා කරන්න උත්සාහ කරන්න, චිත්‍රයක් අඳින්න, මියුසික් ප්ලේලිස්ට් එක අලුත් කරන්න, සීවී එක අප්ඩේට් කරන්න, ඇඳුම් කබඩ් එක අස් කරන්න, අලුත් කෑමක් හදල බලන්න.. මේ වගේ දේවල්වලින් හිත වෙනතක යොමු කරල ආතතියෙන් මිදෙන්න පුළුවන්. මුකුත් ම කරන්න කම්මැලි නං හොඳට නින්දක් දාන්න!

සෞඛ්‍ය සම්පන්න කෑමබීම

අපි මානසික ආතතියෙන් මිදෙන්න කරන දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහරුන්ට ස්ට්‍රෙස් වුණාම කෑම පාලනයක් නැතුව යනවා. සමහරුන්ට කන්න ම බැරුව යනවා. කොහොම වුණත් මේ කාලේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබාගැනීම වැදගත්.

ධනාත්මක පැත්ත

ජීවිතේ යහපත් පැත්ත ගැන අවධානය යොමු කරන්න උත්සාහ කරන්න. ඔබට ආදරේ කරන පවුලේ අය, යාළුවන්, සුරතලුන් ගැන හිතන්න. අපි වැඩිය නොහිතුවත්, මේවා ජීවිතය යහපත් අතට හරවන පුංචි පුංචි දේවල්. අතීතය හෝ අනාගතය ගැන දුක් වෙවී ඉන්නෙ නැතුව මේ මොහොත තුළ ජීවත් වෙමු. අපේ ඇත්ත ජීවිතය අපට මුණගැහෙන්නේ එතැනදියි..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide