ලංකාවම කම්පා කළ, බිහිසුණු මිනීමැරුම් – II.

අපි ඉපදෙනවා; ජීවත් වෙනවා; මැරෙනවා. ඕක තමයි ඉතින් ලෝක ස්වභාවය. ඒ කොහොම වුණත්, ඇඟේ තියෙන මවිල් ගහකටවත් හානියක් නොවෙන විදියට තමන්ගේ ජීවිතය රැකගන්නයි ගොඩක්දෙනා බලන්නේ. ඒ හැමදෙනාම ඒ වෙනුවෙන් විවිධ කැපකිරීම් කරන බව හැබෑව. ඒත් තමන්ට ඕනෑ දේ ලබාගැනීමේ අරමුණින්, වෙනත් කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න තරම් පෙළඹෙන අයත් මේ අතරේ ඉන්නවා.

මේ ලංකාවේ සිද්ධ වුණු ඒ වගේ සිදුවීම් කිහිපයක් ගැන "ලංකාවම කම්පා කළ, බිහිසුණු මිනීමැරුම් – I" ලිපියෙනුත් කතා කළා ඔයාලට මතක ඇති. මේ ඒ ලිපියේම තවත් කොටසක්.

1. පද්මිණි කුලරත්න මිනීමැරුම

Source : dinamina.lk

“සමුද්‍රසිරි” ; මේ ගාලු පුරවරයේ තිබුණු එක්තරා දෙමහල් පියසක්. නම් දැරූ වෛද්‍යවරුන් වුණු කුලරත්න පරම්පරාව ජීවත් වුණේ මේ නිවසේයි. 1947 අවුරුද්දේදී, මේ පරම්පරාවේ අයෙකු වුණු දොස්තර ඩේමන් ගාමිණී ද සිල්වා කුලරත්න මහත්මයා විවාහ වුණා. තමන්ගේ බිරිඳ වුණු පද්මිණී කුලරත්නත්, තමන්ගේ මව වුණු ලෝරා කුලරත්නත් සමඟ ඔහු මේ ගෙදර ගත කළේ හරිම සතුටුදායක ජීවිතයක්. කාලය ගතවෙද්දී, දරුවන් තුන්දෙනෙක්ගේ මව්පියන් වන්නට ඔහුටත් පද්මිණීටත් හැකි වුණා.

රජයේ වෛද්‍ය සේවයෙන් අයින් වුණු මේ දොස්තර මහත්මයා, තමන්ගේ ගෙදරට යාබදව ඩිස්පැන්සරියක් පටන්ගත්තා. දිනෙන් දින වැඩිවෙන රෝගීන් ගණන නිසා, මේකේ කටයුතු තනිවම කරගෙන යාමට ඔහුට අපහසු වුණා. පත්තරේ රැකියා දැන්වීමක් පළ කරපු ඔහු, තමන්ගේ ඩිස්පැන්සරියේ වැඩවලට ආරියවතී නම් හැඩකාර තරුණියක්ව බඳවාගත්තා. හැබැයි මේ ගැන පද්මිණී පසුවුණේ එච්චර කැමැත්තකින් නෙවෙයි.

දොස්තර කුලරත්නත්, ආරියවතීත් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බව පද්මිණීට ඉව වැටුණා. මේ දෙදෙනා සමීප විදියට ඇසුරු කරනු සියැසින් දැකපු එවන් දවසක, ඇය ආරියවතීට බැණවැදුණා. පද්මිණීගේ සිහි විකල් වී ඇති බව කියපු දොස්තර කුලරත්න, ඇයව අංගොඩ යවන්න පවා උත්සාහ කළා. තමන්ගේ පුතාගේ කසාද ජීවිතයේ ප්‍රශ්න තියෙන බව හොඳින්ම පෙනුණත්, ලෝරා නෙවෙයි ඒ දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ. ඒ වෙනුවට ඇය කළේ තමන්ගේ පුතාගේ පැත්ත අරගෙන ඇවිලෙන ගින්නට පිදුරු දමාපු එක.

දරුණු අඩදබර ඇතිවුණු සමහර දවස්වල පද්මිණීට සිද්ධ වුණේ තමන්ගේ සැමියා අතින්ම, අශ්වයන්ට තලන කසයෙන් පහර කන්නයි. මේ වගේ සිදුවීම් පෙළක් අවසානයේ ඇයව උඩුමහලේ කාමරයක සිර කරන්නට දොස්තර කුලරත්න කටයුතු කළා. ඇගේ කෑම බීම වෙනමම උයන්නත්, ඒවා ලණුවක ගැටගහපු වේවැල් කූඩයක ඔස්සේ ඒ කාමරයට යවන්නත් ඔහු සැලැස්වූවා. රුපියල් 50,000/- මුදලක් දීලා ඇගෙන් දික්කසාද වෙන්න ඔහු උත්සහ කරත්, ඇය ඒකට අවනත වුණේ නැහැ.

1967 අවුරුද්දේ දවසක, කෑමෙන් පස්සේ පද්මිණීට දැනුණේ ක්ලාන්ත ගතියක්. බඩේ දැවිල්ලක් වගේම, නොනවත්වා වමනය කරන්නත්, වැසිකිළි යන්නත් වුණු නිසා, ඇය තමන්ගේ දියණිය ලවා ඇගේ සහෝදරියට පණිවිඩයක් යැව්වා. ඒ තමන්ව රෝහලකට අරන් යන ලෙසයි. පද්මිණීගේ සහෝදරිය සමුද්‍රසිරියට ආවේ පොලිසියත් එක්කරගෙන. ඒත් ඒ වෙද්දී ඔවුන් ප්‍රමාද වැඩියි. ලොකු දෑවැද්දකුත් අරගෙන, දහසක් පැතුම් පොදි බැඳගෙන පතිකුලයට ආව පද්මිණී ඒ වෙද්දීත් ජීවිතයෙන් සමු අරගෙන.

ඇය අවසානයට ගත්ත කෑමවල කොටස්, වමනය කළ කොටස් අධිකරණ වෛද්‍යවරුන් අතට පත්වුණා. පද්මිණීගේ ආමාශය ඇතුළේ තිබිලා පොටෑසියම් ආසනික් මි. ග්‍රෑම්. 730ක ප්‍රමාණයක් ඔවුන්ට හමුවුණා. මේ පාසානම් ඇගේ ශරීරයට ඇතුල් කරවලා තිබුණේ, ඇයට කෑමට දුන් බිලිං අච්චාරුවකින්. මීට සැක පිට වෛද්‍ය කුලරත්නත්, ලෝරා කුලරත්නත්, පද්මිණීගේ කෑම පිළියෙළ කරපු සොපියාත් අත්අඩංගුවට ගැනුණා. මේ තුන්දෙනාටම මරණ දඬුවම නිකුත් වුණත්, පස්සේ ඉදිරිපත් කරපු අභියාචනාවකින් ඔවුන්ව ඒ චෝදනාවෙන් නිදහස් කරන්නට උසාවිය තීන්දු කළා.

දොස්තර කුලරත්න ආයෙත් විවාහ වුණා. ඉන්පස්සෙත් ඔහු ඩිස්පැන්සරිය පවත්වාගෙන ගියා. ලෝරා කුලරත්න පිළිකාවකින් මියගියේ 80 හැවිරිදි වියේදී. මේ තරම් අමිහිරි මතකයකට සාක්කි දරන සමුද්‍රසිරියේ පහළ මාලය අද සංචාරක බංගලාවක්. උඩුමහල කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාලයක්.

2. බුරුම තානාපති බිරිඳගේ මරණය

Source : emgn.com

ඒ 1979 අවුරුද්දයි. කොළඹ හතේ පිහිටලා තිබුණු බුරුම තානාපති නිල නිවස පිටුපසින් දැනුණේ පුළුටු ගඳක්. මේ ගැන හොයලා බලපු අසල්වාසීන්ට දැකගන්න ලැබුණේ තානාපතිතුමා වත්ත පිටිපස්සේ දර සෑයක් මත නිසල සිරුරක් දැවෙන විදියයි. ඒ මෘත ශරීරය වෙන කාගේවත් නෙවෙයි, තානාපති බිරින්දෑගේ බව තේරුම් ගන්න ඔවුන්ට වැඩි වෙලාවක් ගියේ නැහැ. අසල්වාසීන්ගේ දැනුම් දීමෙන් පොලිසිය මෙතැනට එන්න තැත්  කරත්, තානාපතිවරයාගෙන් ඊට අවසරයක් ලැබුණේ නැහැ. ඔහු කිව්වේ ඒ බුරුම සීමාව බවයි.

ඇත්තටම මේ මරණයට හේතු වුණේ මොකක්ද? මේ තානාපති බිරිඳ, බොහොම කෙළිලොල් ජීවිතයක් ගත කළ ඇත්තියක්. රෑ තිස්සේ සමාජ ශාලාවල කාලය ගෙවලා ඇය හැමදාම ගෙදරට එන්නේ එළිවෙන ජාමයේ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ බිරිඳ එක්තරා සමාජ ශාලාවක ඉන්න පියානෝ වාදකයෙක් සමඟ හාදකමක් පවත්වන බවත් තානාපතිතුමාගේ කණට වැටිලා තිබුණා. ඔහු මේ ගැන පසුවුණේ හුඟක් කණස්සල්ලෙන්, කේන්තියෙන්. තමන්ගේ ස්වාමියා සහ ඔහුගේ බිරිඳ අතර ඒ සම්බන්ධයෙන් ඇතිවෙන අඩදබර මේ ගෙදර සේවකයන්ට වගේම, අසල්වාසීන්ට අමුතු දෙයක් නෙවෙයි.

මේ සිදුවීම සිදු වුණෙත් ඒ වගේ දවසක. අඹු සැමි දෙපළගේ රණ්ඩුව වෙනදාටත් වඩා දරුණු වුණා. බිරිඳගේ කතා ඉවසන්න බැරිවුණු තැන තානාපතිතුමා රිවෝල්වරයක් අරගෙන ඇයට වෙඩි තැබුවා. තමන්ගේ අතින් වුණු වැරැද්දේ බරපතලකම ඔහුට තේරුණේ බිරිඳගේ මළසිරුර දැක්කට පස්සෙයි. දර සෑයක් හදලා ඇගේ මෘත ශරීරය ගිණි තියන්න ඔහු තීරණය කරන්න ඇත්තේ ඒකයි.

කොහොම වුණත්, දවස් ගණනක් විභාග වුණු මේ නඩුවේදී තානාපතිතුමා වෙත එක එල්ලේම වැරැද්ද පටවන්න පුළුවන් විදියේ සාක්ෂි තිබුණේ නැහැ. ඒ නිසා, මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යන වරද වෙනුවෙන් වසර ගණනාවක සිර දඬුවමක් ඔහුට පැනවුණා.

3. හෝකන්දර සය පුද්ගල මිනීමැරුම

Source : silumina.lksundaytimes.lk

"හෝකන්දර" කියන නම ඇහුණත් මිනිසුන්ව බියපත් කරන්නට තරම් සමත් වුණු තවත් සිද්ධියක් ඇත්නම්, ඒ හෝකන්දර සය පුද්ගල මිනීමැරුමයි.  එකම පවුලේ අම්මා, තාත්තා, අක්කලා තිදෙනා හා මල්ලී යන හයදෙනා, ඔවුන්ගේ නිවසේදීම මිලේච්ඡ විදියට ඝාතනය කෙරුණේ 1999 අවුරුද්දේ.

කසිප්පු පෙරීම ජීවිකාව කරගත්ත අමරදාස, ගමේ ඉඳපු චණ්ඩියෙක්. මේ වැඩවලට ඔහුගේ පුතුන් දෙදෙනාත්, ගමේ හිටපු උක්කුවාත් නිතර නිතර උදව් දුන්නා. කසිප්පු පෙරන්න පාවිච්චි කරන බඩු බාහිරාදිය හංගන්න ඔවුන් යොදාගත්තේ ඒ ආසන්නයේ තිබුණු වත්තක්. අක්කර දෙකක් පමණ වුණු මේ වත්තේ බොහොම අහිංසක පවුලකුත් පදිංචිවෙලා හිටියා. අනවසරයෙන් තමන්ගේ වත්තේ මේ කසිප්පු, ගෝඩා බැරල් එහෙම හංගන එක ගැන ඔවුන් පසුවුණේ එතරම් පැහැදීමකින් නෙවෙයි. විටින් විට පොලිසියට මේ ගැන පැමිණිලි කරත්, ඒකෙන් වැඩක් වුණේ නැහැ. ඒත් තමන්ගේ වැඩවලට එරෙහිව යන මේ පැමිණිලි ගැන, අමරදාසට වටින් ගොඩින් ආරංචිවෙලායි තිබුණේ. අමරදාස ඇතුළු පිරිසත්, මේ පවුලත් අතර අමනාපකම් ඇතිවෙන්න පටන්ගත්තේ මේ නිසයි.

මේ පවුලේ බාලම ගැහැණු දරුවා බොහොම රූමත් තරුණියක්. ඇගේ ආදරේ ඉල්ලමින් උක්කුවා ඇය පසුපස්සේ එන්න පටන්ගත්තේ මේ අතරෙදීයි. ඒත් ඇය මේ ඉල්ලීමට අවනත වෙන්නේ නැහැ. ඒ සිදුවීමත් එක්ක, මොවුන් අතර තිබුණු අමනාපය, මහා වෛරයකට පෙරලුණා. මේ පවුලේ අයගෙන් පළිගන්නට අමරදාස ඇතුළු පිරිස තෝරාගත්තේ 1999 අවුරුද්දේ පෙබරවාරි 16 වෙනිදා.

උදේ දහයට විතර ඔවුන් මේ ගෙදරට ඇතුළු වුණා. මේ පවුලේ මවත්, පියාත්, කපා කොටා ඝාතනය කරපු මේ නරුමයන්, දියණියන් තිදෙනාගේත් ජීවිත බිළිගත්තේ තමන්ගේ තිරිසන් ආසාවන් සපුරාගත්තට පස්සෙයි. කොච්චර පොර බැදුවත් ඒ සාහසික ග්‍රහණයෙන් මිදෙන්න ඔවුන්ට අවස්ථාව ලැබුණේ  නැහැ. තමන්ගේ නිවසම ලේ විලක් වී ඇති බව දැනගෙන නොහිටපු, මේ පවුලේ එකම පිරිමි දරුවා ගෙදරට ආවේ හවස හත වගේ වෙද්දී. මේ සාහසිකයන් සියල්ල එක්කම පොර බදපු ඔහුගේ නිසල සිරුර හමුවුණේ වත්තේ තිබුණු පොල් වළ ඇතුළෙන්. තමන්ගේ පවුලට මේ වින්නැහිය කරපු අමරදාසවත් මරාගෙනම තමයි ඔහු මියගියේ.  

ජීවිත හයක් එකම දවසක් ඇතුළත මරු තුරුළට යවපු මේ නරුමයන්, අසල තිබුණු වන ලැහැබකට ගිහින් නිදියගත්තේ කිසිම දෙයක් නොවුණු ගානට. ලේ වැකුණු මන්නා, කැති, ඇඳුම් කිහිපයකුත් එක්ක ඔවුන්ව අත්අඩංගුවට ගැනුණේ එදා රාත්‍රියේමයි. පොලිස් බැටන් පොළුවල රස දැනෙද්දී, ඔවුන් තමන් කරපු අපරාධය වමාරන්න පටන්ගත්තා. මුලින් ගෙදරට ඇතුල්වෙද්දී, එහි ඉඳලා තිබුණේ ඒ පවුලේ තාත්තත්, වැඩිමහල් දියණියත් විතරයි. ඔවුන් දෙදෙනා ඝාතනය කළාට පස්සේ, ඒ පවුලේ සාමාජිකයන් එකින් එකා නිවසට එනතුරු ඔවුන් ඒ නිවසේම රැඳිලා ඉඳපු හැටි, බඩගිනි වෙද්දී බිස්කට් කාපු හැටි ඔවුන් පාපොච්චාරණය කරලා තිබුණා. අමරදාසගේ බාලම පුතා හැරුණාම, ඉතිරි හැමදෙනාටම මරණීය දණ්ඩනය ලබාදෙන්න අධිකරණය තීරණය කළා.

4. නිශාදි බුද්ධිකා ඝාතනය

Source : dinamina.lksilumina.lk

මීට නව වසරකට පෙරාතුව, මීරිගම විල්වත්ත ප්‍රදේශයේ කමතකින් අවුරුදු 26ක් වයසැති නිශාදි බුද්ධිකාගේ මළ සිරුර හමුවුණේ ඇයගේම ආදරණීය බාල සහෝදරයාට. රෑ අඳුර විතරක් නෙවෙයි, මූසල විදියට ඇද වැටුණු වරුසාව මැද්දෙයි ඔහු මේ අවාසනාවන්ත දසුන දැක්කේ. ඇයට මේ අපරාධය කළ "වඩේ සුදා" දැනටත් හිරබත් කන බව බොහොමයක් දෙනා දන්නා දෙයක්. ඒත් ඇගේ දෙමාපියන් කියන විදියට, අදටත් මේ මරණය සම්බන්ධයෙන් නොගැළපීම් රැසක් දැකගන්න ලැබෙනවා.

නිශාදි තමන්ගේ අවසන් ගමන ගියේ ඇගේ විවාහයට මාස දෙකක් තරම් කෙටි කාලයක් තියෙද්දියි. වැඩ ඇරී එන නිශාදි රැගත් කෝච්චිය විල්වත්ත ඉස්ටේසමට ආවේ හවස 6.30ට වගේ. ගොම්මන් අඳුර වගේම, වැහිබර අහස මුළු පරිසරයම වෙලාගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි, විදුලියත් විසන්ධි වෙලයි තිබුණේ. නිශාදි කමත මැද්දෙන් ඇති පාර දිගේ තමන්ගේ පය ඉක්මන් කළේ, අම්මා ඉදිකඩ ළඟ තමන් එනතුරු බලන් ඉන්න බව හොඳින්ම දන්නා නිසයි.

ඒත් නිශාදි එදා ගෙදර ආවේ නැහැ. නිශාදිගේ ගෙදර ඈයොත්, ඇගේ පෙම්වතාත් එකතුවෙලා මොර සූරන වැස්සේ නිශාදිව හොයන්න පටන්ගත්තේ ගිනිගත්ත හිසින්. පොලිසියට ගියත් පැමිණිල්ලවත් ලියාගන්න ඔවුන් කැමැති වුණේ නැහැ. "වැස්ස නිසා කොහෙහරි නැවතෙන්න ඇති, හෙට වෙද්දී ගෙදර එයි"; පොලිසිය කිව්වේ ඔය වගේ කතාවක්. ඒත් තමන්ගේ දුව ගැන හොඳින්ම දන්නා මේ අම්මා, ඇයව හොයන එක අත්හැරියේ නැහැ. රාත්‍රී දහය කණිසම වැදෙද්දී, නිශාදිගේ සොහොයුරා හිටියේ කමත මැද තිබුණු කරත්තයක් ළඟ. තමන්ගේ දයාබර අක්කණ්ඩියගේ නිරුවත් මළසිරුර දැකපු ඔහුට කෑගැහුණේ ඉබේටම.

තමන්ව දූෂණය කරන්නට ආපු නරුමයාගෙන් බේරෙන්න ඇය පොර බදා තිබුණු ලකුණු, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණා. ඒත් ඇගේ නිය අතරේ රැඳුණු මස්වැදලි පරීක්ෂා කරන්න, පොලිසියේ එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඒ පළාතේ නම ගිය ස්ත්‍රී දූෂකයෙකු වුණු වඩේ සුදා මේ මරණයට වගකිව යුත්තා බව උසාවිය තීන්දු කළත්, නිශාදිගේ මල්ලී තරයේම කිව්වේ මේ මරණය සම්බන්ධයෙන් නිශාදිගේ පෙම්වතාව සැක කළ යුතු බවයි. ඒකට හේතුව, සාමාන්‍යයෙන් තමන්ගේ සහෝදරියත් එක්ක එන ඔහු, එදා එය මඟ හැර තිබීමයි. වඩේ සුදා කියන්නේ නිශාදිගේ වත්තේ පොල් කඩන්න ආව කෙනෙක් බව පොලිසිය මේ නඩුවේදී කියලා තිබුණා. ඒත් නිශාදිගේ අම්මා කියන විදියට, කඩන්න තරම් පොල් ඇති ගහක් ඔවුන්ගේ වත්තෙවත් තිබිලා නැහැ. වඩේ සුදා හිරගෙට නියම වුණත්, මේ වගේ අඩු ලුහුඩුකම් ගොඩක් නිශාදි බුද්ධිකා ඝාතන නඩුවේ දැකගන්න පුළුවන්.

තමන්ගේ ඇඟේ වහපු මදුරුවෙක්ව මරන්න නොහිතන මිනිස්සු ඉන්න රටක, තමන් වගේම තවත් ජීවිතයක් බිළිගන්න තරම් ගැම්මක් කෙනෙක්ගේ හිතට එන්නේ කොහොමද කියන එක, ඇත්තටම හිතන්නත් අමාරු දෙයක්. ඒත් අවාසනාවකට වගේ කාලෙක ඉඳන් විටින් විට මේ වගේ කතාන්දර අපට අහන්න ලැබෙනවා. ඒත් එවන් දේවල් අහන්න දකින්න නොලැබෙන පරම්පරාවක් නුදුරු අනාගතයේදීවත් බිහිවෙනවනම්,… අපේ හැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව එයයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide