ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා.

"තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා"

ඔහු නික්ම ගිහින්,.. සංගීතඥයාගේ භාව ප්‍රකාශනය හරහා ප්‍රේක්ෂක හදවත රංජනය කළ, විවිධ හැඩතලවලින් හැදුණු සියුම් තාලවලින් ඔවුන්ගේ ජීවිතය සුපුෂ්පිත කළ, සිය අසීමිත ප්‍රඥාව සහෘදයන්ටද බෙදා දුන් ඒ සොඳුරු ගාන්ධර්වයා යළි නොඑන විදියට නික්ම ගිහින්.

බර වුණු හිතින්, ඇස්වලින් ගිලිහෙන්නට පොරකන කඳුළු යතුරු පුවරුව උඩට වැටෙන්න කලින් මේ කතාව ආරම්භ කරන්නම්.

බාල කාලය

වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් දෙපළ පදිංචිවෙලා හිටියේ මොරටුවේ. 1927 අවුරුද්දේ සීතල දෙසැම්බරයේදී, හත්වෙනි වරටත් දෙමාපිය වරම් ලබන්න ඒ දෙන්නා සමත් වුණා. පවුලට එකතුවුණු මේ කොලු පැටියා ඔවුන් සැළකුවේ කල් තියාම ලැබුණු නත්තල් තෑග්ගක් හැටියට. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා; මේ ඔහුට ලැබුණු නම.

Image Credits – dailynews.lk

කතෝලික මවකුත්, බෞද්ධ පියෙකුත් එකතුවෙලා හදපු මේ පවුලේ සංගීතමය පසුබිමක් තිබුණා. ජිනෝරිස් උන්නැහේ වැඩ කළේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු විදියට. මේ නිසා, මැගී වෙස්ලිනා නෝනා ගෙදර දී ගායනා කරන ස්තෝත්‍රවලට හිතුමනාපෙට වයලීනයේ තත් හඬවන්න, මේ පුංචි ඇල්බට් (පසුකාලීනව අමරදේව) පුරුදුවෙලා හිටියා. අවුරුදු හත වෙද්දී ඔහුට තාත්තාගෙන් ජපන් ටින් වයලීනයක් වයලීනයක් ලැබෙන්නේත් මේ නිසයි.

මුලකුරු ඉගෙනගන්නට ආ මේ කොලු ගැටයාගේ සංගීත හැකියාව දකින කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීමට ඔහුට නිතරම අවස්ථාව ලබාදුන්නා. කල් ගත වෙද්දී ගමේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වෙන්නත් ඔහු සමත් වුණා. පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ දී, ගායනා සහ වයලීන වාදන තරග කීපයකින් ම ජයග්‍රහණය කරන්නත් ඔහුට හැකිවුණේ “හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" කියන කතාව ඔප්පු කරමිනුයි.

Image Credits – dailynews.lk

මොහොමඩ් ගවුස් මාස්ටර් මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරපු “අශෝකමාලා" චිත්‍රපටය රූගත වෙන්නේ මේ කාලේදීයි. තරුණ ඇල්බට්ගේ හැකියාවන් ගැන එතුමා දැනගන්නේ, ඔහුගේ  හිතවතෙකුගේ මාර්ගයෙන්. මේ නිසා ම,  එතුමාගේ වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා වන්නට, ඔහුට අවස්ථාව ලැබුණා.

පාසල් අධ්‍යාපනය අවසාන කරන ඔහු, 1950 අවුරුද්දේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වුණේ, සංගීතය ගැන තවදුරටත් ඉගෙනගැනීමේ බලාපොරොත්තුවෙනුයි.

වෘත්තීය ජීවිතය

බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයෙන් උගත්, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ලංකාවට ආවේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව නමින්. එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුට මේ නම ලබාදුන්නේ “අමරණීය ආත්මයක් ලද දේවයාණන්” යන තේරුම ඇතිවයි.

Image Credits – dailynews.lk

මේ ලංකාවට නිදහස ලැබුණු මුල් කාලයයි. කාලයක් තිස්සේ සුද්දන්ගේ දේ අරගෙන පාවිච්චි කරපු නිසා, අපෙයි කියලා කියන්න පුළුවන් අනන්‍යතාවයක් ලංකාවේ තිබුණේ නැති තරම්. ඒ කාලේ සංගීතයටත් වෙලා තිබුණේ ඔය සෙතේම තමයි.

උත්තර භාරතීය රාගධාරී සංගීතයත්, ලංකාවේ ජන සංගීතයත් එකට එක්කාසු කරලා සංගීත ශෛලියක් නිර්මාණය කරන්න අමරදේවයන් සමත් වුණා. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ, ශ්‍රී ලාංකේය සලකුණ වෙන්නට එතුමාට හැකියාව ලැබුණේ මේ නිසයි.

Image Credits – dailynews.lk

ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට බැඳුණු නිසා, ඔහුගේ හැකියාවන්, දක්ෂතාවයන් තව තවත් ඔප් නැංවුණා. මෙයින් ඉදිරිපත් වුණු ජන ගායනා, මධුවන්ති, රස මියුරු, විජය ගීත, ස්‌වර්ණ වර්ණ වගේ වැඩසටහන්වලින් ඇසුරු කරගත්තෙත් අමරදේවයන්ගේ සුභාවිත සංගීතයයි. පසුකාලීන ව බිහිවුණු සංගීතඥයන්ටත් ඔහුගේ ගුරුහරුකම්වලින් ලැබුණේ ලොකු පිටිවහලක්.

Image Credits – dailynews.lk

පුරා වසර 70කට කිට්ටු කාලයක් රසික මනදොළ පිනවූ ගීත නිර්මාණය  කළ අමරදේවයන්, පිලිපීන රමෝන් මග්සේසිස් සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය, ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රාශියක් දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි, බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන්,  1967 අවුරුද්දේ යුනෙස්කෝ මැනිලා සිම්පෝසියමටත්, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීයේත් (1972) තනු නිර්මාණය කරන්න ඔහුට හැකි වුණා. ඔහු ලාංකේය සංගීතයේ අනන්‍යතාවය, ජාත්‍යන්තරයට ගෙනිච්චේ එහෙමයි.

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය

"ගලන ගඟකි ජීවිතේ – දයා ලූ ලෝකයේ

මිහිර පතා ආදරේ – ළපළු නටයි ගං තෙරේ"

ෂහ්! කොච්චර අපූරු ගීතයක්ද? 1962දී බිහිවුණු “රන්මුතු දූව” සිනමාපටයේ තමයි මේ ගීතය තිබුණේ. අමරදේවයන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට අත්පොත් තැබුවේ මේ චිත්‍රපටයෙන්. නාරද දිසාසේකරයන් සමඟ නන්දා මාලිනියන් ගායනා කරන මේ ගීතය, ඇත්තටම ඇයගේත් කුළුඳුල් චිත්‍රපට ගායනයයි.

1963 අවුරුද්දේ තිරගත වුණු “අදට වඩා හෙට හොඳයි" චිත්‍රපටියේ ගීත ගායනයටත්, “සිකුරු තරුව සිනමාපටයේ පසුබිම් සංගීතය වගේම, එක් ගීතයක් ගායනා කරන්නත් අමරදේවයන් සහභාගී වුණා.

ගම්පෙරළිය, කළියුගය, යුගාන්තය; මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාව රිදී තිරයට සම්ප්‍රාප්ත වීම ඇරඹුණේ 1963දී. ඒ ගම්පෙරළිය චිත්‍රපටියෙන්. ගීත රහිත පළමු සිංහල චිත්‍රපටය වුණු මෙහි පසුබිම් සංගීතය අධ්‍යක්ෂණය කළෙත් අමරදේවයන්මයි. 1964 වසරේදී පැවැත්වුණු මුල්ම සරසවි සම්මාන උළෙලේදී හොඳම සංගීතයට හිමි සම්මානයත් ලැබුණේ මේ ගම්පෙරළියටයි.

60 දශකයේ නිර්මාණය වුණු ගැටවරයෝ, සාමා, ළා දළු, සාරවිට, ආදරයයි කරුණාවයි, දෙළොවක් අතරේ, සහ වෙස්තුරු සිරිත, අමරදේව ශූරීන් සංගීත අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටි කිහිපයක්.

ඒ විතරක් නෙවෙයි, 1970 අවුරුද්දේ බිහිවුණු අක්කර පහ, ලක්සෙට කොඩිය, තුං මං හංදිය, මඩොල් දූව වගේ චිත්‍රපටිවලත් සංගීතය නිර්මාණය වුණේ මෙතුමාගේ අතින්.

සුන්දර ළමා ගීත සාහිත්‍යයක් බිහිකිරීමේ ලා එතුමා ගත් උත්සාහයත් මෙහිදී සඳහන් කරන්න ම ඕනේ. 'සඳපානේ වැලිතලා', 'මනකල් හද විල් තලයෙන්', 'වැහි කුමරිය ටිකක්‌ කළුයි' වගේ ගීත හරහා, වෙනස් වෙන ලෝකයේ පුංචි එවුන්ගේ හිත් සනසන්න ඔහු සමත් වුණා.

"මා මළ පසු සොහොන් කොතේ – දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳූනනා ඔබගේ – අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව – දුක් ගීයක් ලියනු මැනව"

අසාහය සාහිත්‍යධරයෙක් වුණු මහගම සේකරයන් පද රචනා කරපු, අමරදේවයන් ගායනා කරපු මේ ගීතයේ කියැවෙන නන්නාඳූනනා, ඔහුගේ සොහොන් කොතේත් දුක් ගීයක් ලියන්න ඒවිද? අඩ සඳ බැසගෙන යන සීතල අඳුරු රෑක, රැහැයි හඬ අතරින් ඇහෙන ඒ දුක් ගී රාවය ලියන්නට කෙනෙක් ඒවිද?

ගේය පද රචනාවන්ට ජීවය ලබා දෙමින්, නාද මාධූර්යයෙන්, ලයාන්විත හඬින් අපේ සිත් සතන් පිනවූ සොඳුරු ගාන්ධර්වයාණෙනි, ඔබට සුබ ගමන්!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide