ශ්‍රී ලංකාව නැවතත් විදුලි කප්පාදුවේ අනතුරට මුහුණ පා ඇත. බිඳ වැටුණු නොරොච්චෝලේ බලාගාරයේ දෝෂය ඉක්මණින් සොයා ගත් නිසා විදුලි කප්පාදුව නැවතුණු මුත්, රටේ මේ මොහොතේ පවතින දැඩි නියඟය අනතුරුදායක ය.

පසුගිය සතියේ දිනෙක අපි ඉහළ කොත්මලේ වේල්ල හා ජල විදුලි බලාගාරය බලන්නට ගියෙමු. කොත්මලා ඔයේ සිඟිති ජල ධාරාව සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ලේ සුන්දරත්වය රැක ගනු පිණිස මුදා හරින්නට තරම් ජල ස්කන්ධයක් හෝ ඉහළ සිට බැලූ විට පල් වලක් වන් කුඩාවට පෙනෙන ජලාශයේ රඳවන බවක් දක්නට නො ලැබිණි.

ඉන්දියාව ලෝකයේ ලොකුම විදුලිය බිඳ වැටීම අත්දුටු බව වාර්තා විය. බිලියන 1.2ක් වූ ඉන්දියාවේ ජනගහණයෙන් මිලියන 600කටම එක වර විදුලිය නැති විය. පසුගිය සඳුදා සිදු වූ පළමු මහා විදුලි බිඳ වැටීම මිලියන 350ක් ජනයාට බල පෑවේය. ඒ සමස්ත එක්සත් ජනපදයේ ම ජනගහණයට වැඩි පිරිසකි. මහා විදුලි බිඳ වැටීම් දෙකෙන් ම නව දිල්ලියේ මිලියන විස්සක් ජනයා බැට කෑහ. ඒ ලංකාවේ මුළු ජනගහණය තරම් පිරිසකි.

යුද්ධය පැවතුණු, අපේ කොල්ලන් ලෝක ක්‍රිකට් ශූරයන් වී සිටි 1996දී දිනකට පැය අටක් විදුලිය කැපිණි. විදුල බල මණ්ඩලයේ සේවක වර්ජනයක් හේතුවෙන් පුරා දින තුනක් ම විදුලිය නැතිව සිටීමේ ‘භාග්‍යය’ ලාංකිකයන්ට ලැබිණි.

ඒ කාලයේ ලංකාව අධික ලෙස ජල විදුලිය මත යැපිණි. ගෙවුණු 15 වසර තුළ එය එතරම් දුරට වෙනස් වී ඇති බවක් නොපෙනේ. තවමත්, වැස්ස නැතිනම් විදුලිය නැත.

මහ ඉහළින් වර්ණනා කරන ලද නොරොච්චෝලේ පරිසර දූෂක බලාගාරය හා කෙරවලපිටියේ ඩීසල් තෙලින් දුවන බලාගාරය පැමිණ ඇත්තේ පමා වී ය.  පසුගිය වසර කීපයේ විදුලි කප්පාදු සිදු නො වූයේ මේ කිසිවක් නිසා නොව වැස්ස හොඳින් ලැබුණු නිසා බව ‍දැන් පෙනේ. නැවත නියඟය පැමිණ ඇත. විදුලි කප්පාදුව ඒ පසුපසින් එයි.

වාසනාවට මෙන්, වත්මන් තත්වයට හේතු වූයේ කුමන දූෂණ ද, නොසැලකිල්ලද ආදී කරුණු විමසීම ‘යමු’ විෂය පථය තුළට නො වැටේ.

එහෙත්, විදුලි කප්පාදුව හමුවේ කූල් එකේ සිටීම කළ නො හැක්කකි. සෙල්සියස් අංශක 32ක උණුසුම හා සියයට 80ක ආර්ද්‍රතාව සහිත, දහදිය බරිත කොළඹ දේශගුණයේ වායු සමීකරණය හා විදුලි පංකාව නැතිව කෙසේ කුල්මත් වන්නද?

නළල මත නැ‍ඟෙන සියුම් දහදිය බිඳු ඉක්මණින් ම ගත පුරා කුඩා දිය සීරාවන් ඇති කරයි. නිදා ගන්නට ගියොත් මෙට්ටය එයින් තෙත් වනු ඇත. නොසෙල්වෙන වා කඳක බර ඔබේ පපුව මත ය. මදුරුවෝ කණ ළඟ වීණා වයති. නියම නිවර්තන කලාපීය භීතිකාවකි.

රූපවාහිනී තිරය කළු වී ඇත. පරිගණකයේ බාධා රහිත බල සම්පාදකයේ හෙවත් කවුරුත් දන්නා පරිදි යූපීඑස් එකේ බීප් නද නෑසීගොස් බොහෝ වෙලා ය. අයිපෑඩයේ අවසන් බැටරි බාරය අතුරුදහන් වී ඇත. කෙසේ වෙතත්, මේ වන විටත් ඔබේ වයිෆයි රවුටරය අක්‍රිය වී බොහෝ වෙලාවකි.

ඕනෑම ලාංකිකයෙක් තත්වය හොඳින් දනියි. මේ අඳුරු පැය ද බුද්ධිය මෙහෙයවා සොඳුරු කර ගන්නට බැරි නැත.

විදුලිය නැති වී පළමු පැයේදී ඔබගේ වයර් හා සම්බන්ධ මොළය අවුල් වනු ඇති මුත් ටික වේලාවක් යන විට ආදිකල්පිත සහජ බුද්ධිය ඔබ සොයා එනු ඇත.

රූපවාහිනිය අඳුරු වී ලැප්ටොපයේ අන්තිම විදුලි ප්‍රාණය ද සිඳී ගිය පසු පොතක් අතට ගන්නට ඔබ නිකම්ම පෙළඹෙනු ඇත. පසුබිමින් එන එළියක් නැති වීම ටික වේලාවකට ප්‍රශ්නයක් වනු ඇතිමුත් වැඩි වේලාවක් යන්නට පෙර ඔබ එහි පිටු පෙරළමින් සිටිනු ඇත්තේ අයිපොඩයක සුරුබුහුටිකමිනි.

ශරීරය යතුරු පුවරුවකට සවි වී නැති බව වැටහුණු විට ඔබට පිටත පරිසරයේ ඇති සතුට ද වැ‍ටහෙනු ඇත. ටෙනිස් බෝලයක්, ක්‍රිකට් පිත්තක් අතට ගත් විට විවෘත පරිසරය කෙතරම් විනෝදජනක ද යන්න වැටහෙනු ඇත.

හිරු බැස ගොස් අඳරු වැටුණු විට පොත පත කියවීම තව දුරටත් කළ නො හැක. දැන් ඉටි පන්දම් දල්වන වේලාවයි. වැඩි වේලාවක් යන්නට පෙර දේවල් පුළුස්සන එක කෙතරම් ප්‍රීතිජනකදැයි ඔබට වැටහෙනු ඇත.

අනූවේ දශකයේ විදුලි බිඳවැටීම් හමුවේ ශ්‍රී ලාංකික පරපුර ඉගෙන ගත් දෙයක් වන්නේ පුවත්පත්, එයාෆ්‍රෙෂ්නර්, ඩියෝඩ්‍රන්ට් කෑන්, විදුලි උපකරණ, හූනන්, බල්ලන් වැනි ඕනෑම දෙයක් පිළිස්සිය හැකි බවයි.

ඉටි පන්දම් දැල්වුණු ලෝකය වනාහි ඔබේ දේවල් පිළිස්සීමේ පයිරොමේනියාවන් ඇවිස්සෙන මොහොතකි.

‍එපමණක් නොව, ගිනි තැබීම්වලට වඩා සොඳුරු බොහෝ අතීත විනෝදාංශ යළි ඔබට සිහිපත් වනු ඇත. දිය සායම්, ඔරිගැමි මෙන්ම සීයාගෙන් කතන්දර ඇසීම ද කෙතරම් රසවත්දැයි ඔබට වැටහෙනු ඇත.

විදුලිය බිඳ වැටුණු දේශය සත්තකින්ම අලුත්ම ලෝකයකි. පහත දැක්වෙන්නේ ‘යමු’ විසින් ඵෙලගස්වන ලද අපේ ප්‍රියතම කටයුතු දහයකි.

අපේ ටොප් ටෙන්

  1. පොතක් කියවන්න: විදුලිය නැතත් පොත වැඩ කරයි.
  2. පිටතට ගොස් සෙල්ලම් කරන්න: එළියේ රස්නෙයි කියන කතාව දැන් වලංගු නැත. මන්ද, ඇතුළේ ද රස්නේය. නිකම් ම රත් වෙවී ඉන්නවාට වඩා රත් වුණත් ෆිට් එකේ ඉන්න එක හොඳ ය.
  3. දේවල් හදන්න: කඩදාසි ගුවන් යානා විදුලි කප්පාදුවේ ප්‍රියතම එකකි. බෝට්ටු ද හොඳ ය. චිත්‍ර ඇඳීම හෝ බෝඩ් ක්‍රීඩා ද උත්සාහ කළ හැකි ය.
  4. දේවල් පිළිස්සීම: ඉටි පන්දම් ඇති තරම් දැල්වෙන නිසා දේවල් හැදීමටත් වඩා පිළිස්සීම ප්‍රීතිජනක වේ.
  5. වතුරට යන්න: මුහුද පිහිනුම් තටාකයක් සේම හොඳ ය. නැතිනම් නාන කාමරයේ දිය මල යට සිට ගන්න.
  6. ගෙදර දොර වැඩ: කුස්සියේ දීසි ගොඩගැහිලාද? හෝදන්න මීට වඩා වෙලාවක් තවත් කොයින්ද?
  7. ස්ථාවර දුරකථනය භාවිතා කර අමතන්න: මේ අර මහගෙදර තිබුණු බොත්තම් සහිත කඩදාසි බරුවයි. හැබැයි, විදුලිය සිඳුණු විට එය ස්කයිප්වලට වඩා මාරයි.
  8. තවත් ඉවසා දරා ගන්නට බැරි තරමට ඔබේ AIDS (Acute Internet Difficiency) උග්‍ර නම් විදුලිය ඇති තැනකට යන්න. හෝටල් හොඳ ය; ‍සාප්පු සංකීර්ණ ආතල් ය; කැසිනෝ මරු ය. සමහර විට ඔබ දන්නා යමෙකු ළඟ විදුලි උත්පාදන යන්ත්‍රයක් හෙවත් ජෙනියක් තිබෙන්නටත් පුළුවන.

(අවසාන දෙක වීඩියෝවෙන් අල්ලා ගන්නට උත්සාහ කරන්න)

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide