මිනිසා විසින් සාදන ලද ජලාශයක් අද්දර උස් බිමක පිහිටි, සියවස් ගණනක කාලය විසින් ඛාදනය කරන ලද රතු කබොක් ගලින් ඉදි කරන ලද බුබ්බුලාකාර චෛත්‍ය වැනි පැරණි නිමැවුම් දෙකක් පිහිටි තැනක් ගැන කියන විට ඔබට එක් වරම මතක් වන්නේ ඈත රජරට විය හැකිය. නැතිනම් කුරුණෑගලින් ඔබ්බේ යම් පෙදෙසක් විය හැකිය. එහෙත්, මා මේ කියන්නට යන්නේ කොළඹට නුදුරු පරිවාර පෙදෙසක් ගැනයි.

අමතක වී ගිය අතීත කතාවක් වූ එය කෝට්ටේ පැරණි නගරයයි. වත්මන් අග නගරය වන කොළඹට නුදුරින් පිහිටි එය පුරා සියවස් දෙකක් ම මේ රටේ අග නගරය විය. ශ්‍රී ජයවර්ධනපුරය අගනුවර කර ගත් කෝට්ටේ රාජධානියේ අසිරිමත්ම සමය හයවන පරාක්‍රමබාහු  යුගයයි. 1419දී යාපනය රාජ්‍යය යටත් කර ගත් හේ මුළු දිවයිනම එක් සේසත් කළ අවසන් රජු විය. සාහිත්‍යධරයකු හා කලාකාමී අර්ථපතියකු වූ ඔහුගේ සමය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයකි.

ඒ යුගයට අයත් සැලලිහිනි සංදේශයෙහි කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය විස්තර කෙරුණේ මෙසේය:
පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුර පුර පිරි සිරින් හැමා
ජයවද්දන කෙරුමෙන් සුසැදි තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා

අභ්‍යන්තර අවුල් වියවුල් මැදත් බලවත්ව පැවති කෝට්ටේ රාජධානිය බිඳ වැටුණේ 1505 වසරේ සිදු පෘතුගීසීන්ගේ ආගමනයත් සමගයි. ඔවුනුත්, වෙනතු සතුරු රජවරුත් කෝට්ටේ රාජධානිය කෙතරම් කොල්ල කෑවාද යත්, එය බිඳ වැටුණු සැණින් ඉතිහාසයෙන් ද මැකී ගියා සේය.

තිස්ස අබේසේකරයන් සිය ‘අයාලේ ගිය සිතක සටහන්’ කෘතියේදී ද මේ කරුණ සාකච්ඡා කරන බවට මතකයක් ඇත.

අනුරාධපුරය මෙන් කෝට්ටේ ජාතික මනසෙහි සාඩම්බර මතකයක් ඉතිරි කර නැත්තේ අභ්‍යන්තර කල කෝලාහල හා පාවාදීම් නිසා විය හැකිය. එහෙත්, ඓතිහාසික විනිශ්චයන් පසෙක තිබියදී, නවීන නගර පසුබිමක මේ අතුරුදහන් වූ රාජධානියේ නටබුන් සොයා යාම කදිම විනෝද ගමනකි.

1. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටුගෙය

ආකර්ශනීය ගොඩනැඟිල්ලක ප්‍රදර්ශනය වන කුඩා එකතුවක් වන මෙහි ඇති පැරණි කඩු හා මැකී යමින් ඇති රූප සටහන්වලින් එතරම් දෙයක් නොකියවුණත්, අවට ඇති ඓතිහාසික ගොඩනැඟිලි ලැයිස්තුව ඉතා වැදගත්ය. ස්ථානයේ භාරකරුට මේ තැන්වලට යන පාර හරියටම කිව හැකිය. යමු GPS tagging භාවිතා කරමින් මේ තැන් සොයා ගන්නට ඔබට පුළුවන. ඔබේ රියෙන් හෝ ත්‍රිරෝද රියකින් මේ තැන්වලට යාමට ගත වන්නේ සුළු කාලයකි. ඒවා පිහිටා ඇත්තේ කටුගෙය අසල එකිනෙකට සමීප ස්ථානවලය.

2. අලකේශ්වර මාලිගා බිම

මෙය රාජ මාළිගාවක කොටසක් ලෙස සැලකේ. අතීත ශ්‍රී විභූතිය සිහිපත් කරන්නට එහි ඇත්තේ සුළු නටබුන් ප්‍රමාණයකි. එය 1960 දශකයේ බාගෙට ඉදි කළ නිවසක අත්තිවාරම වැනි හතරැස් ඉදිකිරීමකි. නොතකා හැර ඇති මෙම ස්ථානයේ කටු කම්බි අතරින් රිංගා, කබොක් ගල් මතින් බඩ ගා දිගු තණ ගස් ඈත් මෑත් කර පැරණි වැවක නටබුන් නරඹන ඔබට රාජධානියක නටබුන් මුල් වරට ගවේශනය කරන පුරා විද්‍යාඥයකුගේ හැඟීම් ඇති කර ගත හැකිය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති භූමියෙහි අනවසර ඉදිකිරීමක්ද ඇති බව පෙනේ. මෙහි යන ඔබ මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවන්නටත් උනන්දු වන්න. අප කරමින් සිටින්නේද එයයි.

3. බැද්දගාන වෙහෙරකඩ නටබුන් (Location Map)

වංකගිරියක් වන් ඇතුල් කෝට්ටේ පටු මං දිගේ ත්‍රිරෝද රියේ උඩ පනිමින් යන ඔබට පුදුම සිතෙන තරම් ප්‍රසන්න තැනකට යා හැකිය. එහි ඈත කෙළවරේ දියවන්නා ඔය ඉස්මත්තේ හොඳින් සංරක්ෂණය කරන ලද ස්ථූප වැනි ඉදි කිරීම් දෙකකි. ‍කබොක් ගලින් බඳින ලද ඒවා අඩි දහයක් පමණ උසය. පිහිටීම අනුව එය පන්සලක් නොවන බව පෙනේ. ඉතිහාසඥ සෙනරත් පරණවිතාන යෝජනා කර ඇති පරිදි එය රට එක් සේසත් කළ අවසන් රජු වන සවන පරාක්‍රමබාහු නිරිඳුගේ සොහොන් ගැබයි.

එහි නිදන නිරිඳුට අපේ වත්මන් පාලකයන් හොඳින් දැක ගැනීමට හැකි වන පරිදි හැදුවාක් සේ දියවන්නාව අසබඩ නව පාර්ලිමේන්තුව ඔබට දිස් වේ. අනුරාධපුරයට චාරිකාවක් ගියා සේ ඔබට හඟවන මෙම සුන්දර ස්ථානයට දිනක විනෝද ගමනක් යන්නට අපි ඔබට ආරාධනා කරමු.

4. කෝට්ටේ අම්බලම


අප ඊළඟට ගියේ එතරම් පැරණි නොවන 19වන සියවසේ ඉදි කිරීමක් වන කෝට්ටේ අම්බලම බැලීමටයි. එය පැරණි බස් නැවතුමක් වැනිය. පරීක්ෂාවෙන් බැලුවොත් පැරණි ගල් හා ගඩොල් බැමි දැකිය හැකි මුත් එය බලන්නට එතරම් දෙයක් නොවේ. ව්‍යාපාරික වශයෙන් සිතනවා නම් එය කොළ කැඳ හෝ කෝපි කඩයකට කුලියට දෙන්නට සුදුසුය.

5. කබොක් උමග (සිතියම)

අම්බලම අසල ඇති පාසල් පිට්ටනියක පැරණි උමං පද්ධතියක පිවිසුම ඇත. කට කතා අනුව මෙම උමං පද්ධතිය ප්‍රදේශය පුරා විහිද ඇති අතර කොළඹ කොටුව හා බොරැල්ල කනත්ත දක්වා ද ගමන් කරයි. මෙම උමං පද්ධතිය සාදන ලද්දේ පියා පෘතුගීසීන් විසින් සිරගත කරන ලද රජ කුමරියක විසින් බව ජනප්‍රවාදයේ කියැවේ. එය ද එතරම් බලන්නට දෙයක් ඇති තැනක් නොවුණත්, බොරැල්ල කනත්තට විහදෙන උමගක බඩගෑම විනෝදයක් විය හැකිය.

ලංකාවේ පැරණි පුරවරයක චාරිකාවක් පන්සලකට නොගියහොත් සම්පූර්ණ වන්නේ නැත. ඒ නිසා යන්න කෝට්ටේ රජ මහා විහාරය‍ට. සවන පැරකුම්බා නිරිඳුන් විසින් මුලින් ඉදි කරන ලද එහි 15වන සියවසේ අගනා බිතු සිතුවම් දැකිය හැකිය. එහි බිත්තිවල කෝට්ටේ රජුන්ගේ හා පෘතිගීසීන්ගේ සිතුවම් ඇත. වත්මන් පන්සල 19වන සියවසේ තැනූවකි. එහෙත් සමීපව නිරීක්ෂණය කළහොත් පැරණි පාදම් තුළ සියවස් ගණන් පැරණි ඉතිහාසය දැකිය හැකිය.

මේ ගමනේ ආදර්ශය මෙයයි. එහි විස්මිත පුරා විද්‍යා ස්ථාන දැකිය නොහැකිමුත් එයින් අපට අප ජීවත් වන ලෝකය හැඩගැසුණු ආකාරය පිළිබඳ රසවත් තොරතුරු දැක ගත හැකිය.

මේ උණුසුම් ගවේශනය සමාප්තියේ තේ කෝප්පයක් තොල ගාමින් කෝට්ටේ පුරාණය මෙනෙහි කරන්නට හොඳ තැනකි, Rama’s Tea House.

මුළු චාරිකාවටම පැයකට වඩා ගත නොවනු ඇත. කෙසේ වෙතත් එය තීරණය වන්නේ ඔබ ඒ ඒ තැන්වල ගත කරන කාලය අනුවයි. වැදගත්ම කරුණ මේ සියලු ස්ථානවලට ඇතුළුවීම නොමිළේය. ගණන් ගන්න එපා, සමහරවිට ඒ වැටක සිදුරකින් වන්නට පුළුවන. .්‍රිරෝද රියේ මේ ගමන යන්නට වැයදම රු. 400කි. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide