කටුනියක ගුවන් තොටුපල- ඡායාරූපය  indi.ca

කටුනායක ශීඝ්‍රගාමී

කටුනායක ගුවන් තොටුපලට පොදු ප්‍රවාහන සේවා මගින් යන්න බැරිය කියලා තමයි බොහෝදෙනෙක් හිතන්නෙ. රටේ එකම ගුවන්තොටුපලට කිසියම් දිනෙක ගොස් තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා, අධිවේගී හෝ මන්දගාමී දුම්රිය සේවයක් හෝ අඩු වශයෙන් හරිහමන් බස් සේවාවක්වත් එහි යන්න නැති බව.  කලකට ඉහතදී අත්හදාබැලූ දුම්රිය සේවාවත් දැන් අතහැරදමලා වගේ.

ගුවන්‍තොටුපලෙන් පිටවීමේ අත්දැකීම ඉතා නරක එකක්. ගුවන්යානා ගමන්වලින් වෙහෙ‍සට පත්, උනන්දු රහිත මගීන් විවිධ කූට ටැක්සි සමාගම් අතර අතරමං වෙනවා හැර ඔවුන්ට වෙන විසඳුමක් නැහැ. මේ ටැක්සි ජාවාරම්කරුවන්ගේ මූලය ගුවන්තොටුපලේ පැමිණීම් ලොබිය. මගීන් පටවාගන්නා ප්‍රදේශයේ පාර දෙපැත්තේ  සිටින ටැක්සිකරුවෝත් ලොකු වෙනසක් නැහැ.

ගුවන්තොටුපලට යන්න හෝ එයින් පිටව එන්න පොදු ප්‍රවාහන මාධ්‍ය නැතිකමේ ගැටලුව කෙතරම්ද යත් සංචාරකයන් හා වෙනත් ඇති හැකි අය පමණක් නොවෙයි, බඩවියත රැකගන්න මැදපෙරදිග රටකට යන ශ්‍රමිකයෝ පවා කිහිපදෙනා බැගින් එක්ව වෑන් එකක් හෝ ත්‍රිරෝද රථයක් කුලියට ගන්නවා.

මගීන් බලාපොරොත්තුවෙන් සිටින ඥාතිමිත්‍රාදීන් සිටින පළමු පෙළත්, ටැක්සි කොම්පැනිකාරයන් සිටින දෙවන පෙළත්, වෑන් සහ ටැක්සිකරුවන්ගේ කලබලයත් පසු කර එන අයෙකුට මගීන් පටවාගැනීමේ වේදිකාවේ කෙළවරේ නවතා ඇති බන්ධනාගාර වාහනයක් වැනි නිල්පාට බසයක් දකින්නට ලැබේවි.

එහි වැසූ කවුළු හා මලකඩ පැල්ලම් නිසා මම හිතුවේ එය ආදිකාලයේ ලාදුරු රෝගීන් ප්‍රවාහනය කරන්නට යොදාගත් බසයක් හෝ දැන් කිසියම් අවාසනාවන්ත ගුවන්තොටුපල සේවක පිරිසක් ප්‍රවාහනය කරන බසයක්ය කියායි. මන්ද, එහි නැගුණු අයව වේදිකාවේ සිටි සෙසු අය විසින් පිළිකුල් කර සලකනු ලැබුවා. එහෙත්, මෑතදී ගුවන්තොටුපලට ගිය ගමනකදී දැනගන්නට ලැබුණු හැටියට මේ තමයි ගුවන්තොටුපල බසය. යාළුවකු මිත්‍රයක් නැති, ත්‍රිරෝද රියක්වත් බෙදාහදාගන්නට වත්කමක් නැති දිළින්දන් පිරිසකට ගුවන්තොටුපල ප්‍රවාහන මාධ්‍යය වූ එය තමයි, ෂැංහයි පුඩොං ගුවන්තොටුපලේ පැයට කිලෝමීටර් 400 වේගයෙන් ධාවනය වන බස් සේවයේ කොළඹ වර්ෂන් එක.

ඉතින් මේ බසය ගැන දැනගත් මුල් වතාවේදී මම එහි මගීන්ට අනුකම්පා කළා මිස ඉන්පසු පසුගිය සතිය වනතුරු ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ගිය සතියේ මට උවමනා වුණා සිංගප්පූරුවට හදිසි ගමනක් යන්න. ටයිගර් ගුවන්සේවයට පින්සිදුවන්න මට පුළුවන් වුණා රු. 6000ට ගුවන් ටිකට්පත මිළදී ගන්න. බදුත් සමග එය රු. 7500ක් පමණයි. සිංගප්පූරුවට කිලෝමීටර් 2000ක් දුර යන්න කරන වියදමේ හැටියට කොළඹ සිට කටුනායක ගුවන්තොටුපලට යන්න රු. 2500ක් වියදම් කිරීම අධික වියදම්කාරී දෙයක් යයි සිතුණ නිසාත්, රු. 1500ක් ගෙවා ත්‍රිරෝද රියකින් යන්නට තිබුණත් තදබද මීගමු පාරේ වාහන දුම් කන්නට තිබුණු අකැමැත්ත නිසා කල්පනා කරමින් සිටි මට අර බස්එක මතක් වුණා.

වතාවක් මේ ගුවන්තොටුපල බස් සේවයට අයත් බසයක් මගීන් පිටවන වේදිකාව අසල නවතා තිබෙනු දුටුවත්, ඊට වඩා දෙයක් මම ඒ ගැන දැන සිටියේ නැහැ. කෝකටත් මගේ ගුවන් ගමනට පස් පැයක් පෙරාතුව මම සවස හයට පමණ පිටකොටුවට ගියේ හැම බස් එකක්ම වගේ මේ මක්කම හරහා යන බව අනුමාන කළ නිසායි.

අඩු ගාස්තුවට‍ ගෙන යා හැක්කේ කිලෝ හතක ගමන් බඩු පමණක් නිසා ඉරුණු ලැප්ටොප් බෑගයක් වැනි වූ අම්මාගේ පරණ ගමන් මල්ලකුත් එල්ලගෙන මම උත්සාහ කළා පිටකොටුව බස්නැවතුමේ කලබල අතරින් යාත්‍රාකරන්න. හැමතැනම ලංගම බස් තිබුණත්, අනන්තයට කිට්ටු සංඛ්‍යාවක් වූ වෙළෙන්දෝවත්, ඊටත් වඩා වැඩි වූ මගීහුවත් කිසිකෙනෙක් දැන සිටියේ නැහැ ගුවන්තොටුපල බසයක් ගැන.

මධ්‍යම බස් නැවතුම්පලේ එහෙම බසයක් නැති බව ඔවුහු කීවා. අර පැත්තේ වෙන්න ඇති යයි කීවේ ගුණසිංහපුර බස් නැවතුම ගැන යයි සිතුණා. අවසානයේදී මට කීවා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පදික පාලම අසල සිටින්නැයි කියා. මඳ වේලාවක් ඉන්නකොට ඔන්න 187 ගුවන්තොටුපල බසයක් ආවා.  ටැක්සි කැබ්කාරයන්ගෙන් නිදහස් වුණා යයි සිතා ලහිලහියේ බසයට ගොඩවුණත්, කොන්දොස්තර කීවේ තමන් යන්නේ ජාඇලට පමණක් නිසා ඊළඟ 187 බසය එනතුරු කේසර් වීදිය ළඟ බැස බලා සිටින ලෙස. ඒත් කිසිම බසයක් ආවේ නැහැ.

බලාපොරොත්තු සුන් වී යද්දී පිටකොටුවේ පදික වේදිකා දිගේ සිංගප්පූරු යන මගේ උත්සාහය හරි අසාර්ථක එකක් බව පෙනුණා. මට පිටුපස සරුවත් කඩ‍යේ මිනිහා හිනා වෙනවා වගේ පෙනුණා.  බලාපොරොත්තු සුන්වෙනකොටම වගේ මෙන්න පෙනී සිටියා කසිකබල් 187ක්. එය මගේ දිගු කළ අතට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. මමත් එළෙව්වා පස්සෙන්. වේගයෙන් ඇදී ගිය බසයට සාප කරමින් පසුපස හඹා යම අවසන් කරනවිට මෙන්න මම ඇවිත් පිටකොටුවේ බැස්ටියන් මාවතේ බෝගහ අසල හන්දියේ පලතුරු යුෂ විකුණන ලොරියක් අසල 187 බස් නවතන රස ගුලාවට. ඊළඟ බසය එනු දුටු මම මගී තදබදය අතරින් රිංගා ගොස් පණ එපා කියලා එල්ලුණා.

අන්තිමේදී ඔන්න ඉතින් මම ගුවන්තොටුපල බසයේ. ඒත්, මගේ නිදහස් හැඟීමට පවතින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම හිටියේ ජරපත් බසයක තවත් හත්දෙනෙකු සමග හිටගෙන. මම ගුවන්තොටුපලට ටිකට්පතක් ඉල්ලුවාම කොන්දොස්තරගේ මුහුණේත් ඇඳුනේ ප්‍රශ්නයක්. අවසානයේදී ඔහු මගෙන් රු. 50ක් ඉල්ලුවා. කැංගරු කැබ් එකකට නම් රු. 2500ක්.

සාරි, කමිස, කලිසම් ඇඳි මගේ ගමන් සගයන් දෙස බැලූ බැල්මෙන් පැහැදිලිවම පෙනී ගියේ බැංකොක්හි දින දෙකක ෂොපිං ගමන් යන අය ඒ අතර නැති බවයි. 187 යනු සාමාන්‍ය මගී බසයක්. වෙනස එහි ගමනාන්තය අහම්බෙකින් ගුවන්තොටුපල වීම පමණයි. බසයේ මා හැර අන් සියල්ලෝම ගෙදර යන අය. ඒ නිසා මා හිතන හැටියට වත්තලින් පසු බසය හිස්වෙන්න පටන්ගත්තා. මටත් වාඩි වී බෑගයත් තියාගන්න ලැබුණා.

මට ජනෙල් කවුළුවක් අසල හොඳ අසුනක් ලැබුණා. අවට දේ පෙනෙන් පටන්ගත්තා. බසයත් වේගයෙන් ඇදුනා. වැඩිවෙලාවක් යන්න පෙර මම දුටුවා පැරණි
Airport Garden හෝටලය. නරක ගමනක් නොවෙයි. යන්තම් පැය එකහමාරයි. මම සාර්ථකත්වය කියන කෙටි පණිවුඩයකුත් ලිව්වා. ඒත්, අවසානයේ තවත් බාධකයක්. ගුවන්තොටුපල බසය ගුවන්තොටුපලට යන්නේ නැහැ. එය යන්නේ ගුවන්තොටුපල අසල දූලි සහිත හිස්බිමකට. එය බොහෝ බස්වල ගමනාන්තයක්. එතැන දඩාවතේ යන බල්ලන්ගෙන් හා කල්මරන ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් පිරී තිබුණා.

ත්‍රිරෝද රියදුරෝ මා ගුවන් තොටුපලට රැගෙන යන්න රු. 200ක් ඉල්ලුවා. ඒත්, මගේ මේ මුළු ව්‍යායාමයේම අරමුණ වියදම් අවම කිරීම නිසා මම තීරණය කළා පයින්ම යන්න. ගුවන් තොටුපල ප්‍රවේශ මාර්ගය තිබුණේ මීටර් කීපයක් දුරින්. පයින් යන මේ මිනිහා දෙස ආරක්ෂකයන් බලා සිටියේ විමතියෙන්. විනාඩි විස්සෙන් මම ගුවන්තොටුපලේ. දූවිලි කාලා, එපාවෙලා. කොන්කෝඩය‍ට ගොඩ වී ෂැම්පේන් පානය කරන්න තරම් නැවුම්ව නොවුණාට මුළු ගමනටම ගියේ පෑ දෙකකට මඳක් වැඩියෙන් පමණයි. එයට 187ක් සොයමින් පිටකොටුවේ ගෙවූ පැයත් ඇතුළත්. වැදගත්ම දෙය ගමනට වැයවුණේ රු. 50යි. වැදගත්ම දෙය ඔබට බසයෙන් ගුවන්තොටුපලට යාහැකි බව මම සොයාගත්තා.

ඉතින් මම එය නිර්දේශ කරනවාද? වත්තල නගරය පසුවුණාට පසුවනම් එය හොඳ බස් ගමනක්. ප්‍රශ්නය 187 බසයක් අල්ලාගැනීම. හැබැයි, දැන්නම් මම දන්නවා ඒ සඳහා යායුතු තැන. කැබ් සේවාවකට නොදී රු. 2500ක් ඉතිරි කරගැනීම සතුටක්. එක් අයෙකුට වැයවන්නේ රු. 7500ක් පමණක් නිසා ගුවන් තොටුපල කැබ් ගමන් තුනක් බසයෙන් ගියොත් ඔබට සිංගප්පූරුවට ගුවන් ටිකට්පක් මිළ දී ගන්න මුදල් ඉතිරි කරගන්න පුළුවන්.

(ඒ වුණාට ආපසු ලංකාවට ආවාම මම කැබ් රියක්ම තෝරාගත් බව අවංකව කිව යුතුයි.)

මට මතක හැටියට බැස්ටියන් මාවත බස්නැවතුම තමයි, සොඳුරු තැන.

සටහන- 187 බසය ඇත්තෙන්ම ගුවන්තොටුපලට මා රැගෙන නොගිය නිසා මම කල්පනා කරන්නට පටන් ගත්තා අර ගුවන් තොටුපල ඉදිරිපිට වේදිකාවේ තිබුණු කබල් නිල්පාට බසය කුමක්ද කියා. එක් නිලධාරියෙක් මට කීවා එය තමයි, ගුවන්තොටුපලත්, පිටත බස්නැවතුමත් සම්බන්ධ කරන බස් සේවාව කියා. ඊළඟ වතාවේ මම එයට නැග ඇත්ත සොයාගන්නම්කෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide