දීප්තියෙන් දැල්වී සියතින්ම නිවී ගිය බොලිවුඩ් තරුව: සුෂාන්ත් සිං රාජ්පුත්.

2020 අවුරුද්දේ මාස හයක් ගත වෙන මේ වෙලාවේ පේන්න තියෙන විශේෂ ම කාරණය තමයි, මේ ගෙවෙන්නේ මුළු ලෝකෙට ම ඒ තරම් සුබදායක වසරක් නෙවෙයි කියන එක. කොරෝනා වෛරස ව්‍යාප්තිය විතරක් නෙවෙයි, ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි, රටවල් කීපයක සිදු වුණු ගුවන් අනතුරු, ඉන්දුනීසියාවේ ගංවතුර, නවදිල්ලියේ උද්ඝෝෂණ මාලාව, ඇමරිකාවේ ජෝජ් ෆ්ලොයිඩ් සිදුවීම වගේ අයහපත් වාතාවරණයන් රැසක් මේ අවුරුද්දේ ලෝකෙ පුරා ම උද්ගත වුණා. ඒ විතරක් ද, මේ තත්ත්වය කලා ලෝකයටත් පොදුයි.

මේ අවුරුද්දේ කලා ලෝකය එළිය කරපු සුපිරි තරු කීපයක් ම බොලිවුඩ්වලට අහිමි වුණා. ඉර්ෆාන් ඛාන්ගේ සහ රිෂී කපූර්ගේ වියෝවෙන් ඉන්දීය සිනමාව සසල වෙලා ඉන්න වෙලාවක, ඊට ආසන්නතම ඊළඟ සිදුවීම වාර්තා වුණේ ඊයෙ. කෙටි කාලයකින් නොමැකෙන රංගන කුසලතාවක් පෙන්වපු සුප්‍රකට බොලිවුඩ් තරුව, සුෂාන්ත් සිං රාජ්පුත් ඊයෙ මෙලොව හැර ගියා. වඩාත් ම කනගාටුදායක පුවත වෙන්නෙ ඔහු මිය ගියේ සිය දිවි නසා ගැනීමකින් වීම…

ඉන්දියාවෙන් 7 වෙනියා…

1986 ජනවාරි 21 වෙනිදා සුෂාන්ත් සිං රාජ්පුත් ඉපදෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නාවලදි. ක්‍රිෂ්ණ කුමාර් සිං සහ ඌෂා සිං ඔහුගේ දෙමාපියන්. ඔහුගේ සොයුරියක් වන මිතූ සිං ඉන්දියාවේ තරමක් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩිකාවක්. 2002 වසරේදි සිය මව මිය යෑමත් එක්ක මේ පවුල පැට්නා ඉඳන් දිල්ලියට පදිංචියට එනවා.

කුඩා කාලයේ ඉඳන් සුෂාන්ත් ඉගෙනීමේ අතිදක්ෂයෙක්. DCE ප්‍රවේශ විභාගයෙන් මුළු ඉන්දියාවෙන් ම හත් වෙනි තැන ලබාගන්න තරම් ඔහු දීප්තිමත් ශිෂ්‍යයෙක් වෙලා හිටියා. ඉන්පස්සෙ යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වීමේ බලාපොරොත්තුවෙන් ඔහු දිල්ලි කොලේජ් ඔෆ් ඉන්ජිනියරිං වෙත ඇතුළත් වෙන්න සමත්කම් ලබනවා. ඒ විතරකුත් නෙවෙයි. භෞතික විද්‍යාව විෂය වෙනුවෙන් ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් ශූරතාවකුත් සුෂාන්ත්ට තියනවා. කොහොම වුණත් ඔහු රංගන, නර්තන ලෝකයට පිවිසෙන්නෙ ඉංජිනේරු විද්‍යාව හදාරමින් ඉන්න අතරෙමයි. මේ දෙක ම සමබරව කරගැනීමේ අපහසුතා ඇති වුණ නිසා සුෂාන්ත් වසර හතරක් සම්පූර්ණ කළ යුතු ඉංජිනේරු සිහිනයට වසර තුනකින් සමු දීලා රංගන වෘත්තිය තෝරගන්නවා.

රංගන ලොවට…

රංගන ශිල්පියෙක් වෙන්න කලින් ඔහු නර්තන ශිල්පියෙක් වෙන්න හිතාගෙන නර්තනය අධ්‍යයනයට යොමු වුණා. නර්තන කණ්ඩායම්වල සාමාජිකයෙක් වෙලත් හිටියා. ඉන් ලද ආභාසය ඔස්සේ තමයි රංගන ශිල්පයට පා තබන්න ඔහුට හිතක් පහළ වෙන්නේ. ඒ නිසා රංගනය හදාරන්න පෙළඹෙන සුෂාන්ත් වෘත්තීය නළුවෙක් වෙන්න අදිටන් කරගෙන මුම්බායේ පදිංචියට පැමිණෙනවා.

මුලින් ම නර්තන ප්‍රසංගවලට, රියැලිටි තරගවලට සහභාගි වෙන ඔහුට පසුව වේදිකා නාට්‍ය, වෙළෙඳ දැන්වීම් වගේ රංගන නිරූපණ අවස්ථා ලැබෙනවා. සුෂාන්ත්ගේ සිනමා ආගමනය සිදු වෙන්නේ චේතන් භගත් ලියපු The 3 Mistakes of My Life පොත ඇසුරින් අභිෂේක් කපූර් නිර්මාණය කරපු Kai Po Che! චිත්‍රපටයෙන්. එහි ප්‍රධාන චරිත තුනෙන් එකක් වෙන ඉශාන් භාත්ගේ චරිතයට පණ පෙවූ ඔහු තමන්ගේ රංගනය හරහා ඉන්දීය සිනමා ලෝලීන් සහ විචාරකයන් ඇද බැඳ ගන්න සමත් වෙනවා.

ඉන්පස්සේ මනීෂ් ශර්මාගේ Shuddh Desi Romance සිනමාපටයේ රඝු රාම්ගේ චරිතය නිරූපණය කරන්නට ඔහුට අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ එදා මෙදා තුර වැඩි ම ආදායමක් උපයපු චිත්‍රපටයක් වුණු 2014 දී රිලීස් වුණු රාජ්කුමාර් හිරානිගේ PK චිත්‍රපටයේ අනුෂ්කා ශර්මා සහ අමීර් ඛාන් එක්ක රඟපාපු සුෂාන්ත්ගේ විශිෂ්ටතම රංගනය දැකගන්න ලැබුණේ MS Dhoni: The Untold Story චිත්‍රපටයෙන්. 2016 වසරේ වැඩි ම ආදායමක් ඉපයූ චිත්‍රපට අතරට එක් වූ මෙය අධ්‍යක්ෂණය කළේ නීරජ් පාන්ඩේ. එහි ප්‍රධාන චරිතය වන මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතය නිරූපණය කරපු සුෂාන්ත් ඒ ඔස්සේ බොලිවුඩ්වල විශිෂ්ටයෙකු වීමේ තරු ලකුණු පළ කළා. 

ඊටපස්සෙ Raabta, Welcome to New York, Kedarnath වගේ චිත්‍රපටිවල රඟපාපු සුෂාන්ත් අන්තිමට රඟපෑවේ ගිය අවුරුද්දේ තිරගත වුණු Chhichhore සහ Drive සිනමාපටවල. මීට අමතරව ඔහු රංගනයේ යෙදුණු Dil Bechara නම් චිත්‍රපටය ඉදිරියේදි තිරගත වීමට නියමිතයි.

සම්මාන…

සිනමාලෝලීන්ගේ වගේ ම සිනමා විචාරකයන්ගේත් මහත් ප්‍රසාදයට ලක් වුණු සුෂාන්ත්ගේ රංගන කෞශල්‍යය බොහෝ වරක් සම්මානයට සහ ඇගයීමටත් පාත්‍ර වුණා. මුලින් ම ඔහු රඟපෑ Pavitra Rishta නම් රූපවාහිනී මාලා නාටකයේ චරිත නිරූපණය වෙනුවෙන් ජනප්‍රිය ම ටෙලි නළුවාට හිමි සම්මාන දෙකකුත් හොඳ ම ටෙලි නළුවාට හිමි සම්මාන තුනකුත් දිනාගන්න ඔහු සමත් වුණා. ඉන් අනතුරුව Kai Po Che! සඳහා සම්මාන උළෙල දෙකකදි හොඳ ම නවක නළුවාට හිමි සම්මාන ඔහුට හිමි වෙනවා. ඒ වගේ ම ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණ MS Dhoni: The Untold Story චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් ඔහු දෙවරක් හොඳ ම නළුවා සම්මානයට පාත්‍ර වෙනවා.

විශාදය…

විශාදය හේතුවෙන් සිය දිවි නසාගන්න කලාකරුවන් ගැන අපිට කාලෙන් කාලෙට අහන්න ලැබෙනවා. අපි දන්නා සුෂාන්ත් සිං රාජ්පුත් අතිසාර්ථක දක්ෂ නළුවෙක්. කිසිවකින් අඩුවක් නැති තෘප්තිමත් ජීවිතයක් ඔහුට තිබ්බා කියල හැමෝම හිතන්න ඇති. තමන්ට ආදරය කරන ලොව පුරා විහිදුණු රසික ප්‍රේක්ෂක පිරිසක් හිටියත්, තමන්ගේ ම ජීවිතය නැති කරගන්න පෙළඹෙන තරම් දරුණු අතෘප්තිමත් බවක්, තනිකමක් ඔහු තුළ හැංගිලා තිබිලා. මාස හයක් තිස්සේ ඔහු දරුණු විශාද තත්ත්වයකින් පීඩා වින්ද බව ඔහුගේ මරණයෙන් පස්සෙ ලොවට අනාවරණය වුණා.

ඔහු අන්තිමට රඟපෑ චිත්‍රපටයක් වන Chhichhore චිත්‍රපටයෙන් කියවෙන්නෙත් ජීවිත ප්‍රශ්නවලට සිය දිවි නසාගැනීම උත්තරයක් නෙවෙයි කියන එක. ඒත් එහි රඟපෑ නළුවා ම සිය දිවි නසාගන්න පෙළඹීම අතිශයින් දුක්බර සිදුවීමක්. මිය යන විට සුෂාන්ත් 34 වැනි වියේ පසු වුණා. ඔහුගේ වියෝවත් එක්ක නැවතත් මානසික සෞඛ්‍යය පිළිබඳ කතිකාවත කරළියට ඇවිත් තියනවා. දැන්වත් අපි ශාරීරික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන ප්‍රමාණයට ම හෝ ඊටත් වඩා, පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් අවධානය දිය යුතු බව සුෂාන්ත්ගේ මරණය නැවත නැවතත් අපිට මතක් කරනවා.

ඔබ හෝ ඔබ දන්නා අයෙකු විශාද තත්ත්වයකින් පීඩා විඳිනවා නම්, එවන් අවස්ථාවකදී 1333 – CCCline හෝ 0112696666 – ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සහ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926 යන හදිසි උපකාර අංකවලට අමතන්න… ඔබට අවශ්‍ය සහාය ලැබේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide