නිලියක් වන්නට කවදාවත් නොපැතූ ලාංකීය සිනමාවේ රන් ගැහැණිය: ස්වර්ණා.

අපේ රටේ සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක් බිහිකිරීමේ භාග්‍යය සිරි ගුණසිංහයන්ට ලැබෙන්නෙ අහඹු විදියට. සත් සමුදුර චිත්‍රපටියට නළු නිළියන් තෝරාගන්න කැඳවීම් කළාම, ඒකට ආපු එක ගෑනු ළමයෙක් දැකල, කැමරාකරණය කරපු ඩි.බී නිහාල්සිංහයන්ට හිතුණලු නැව් දහසක් පිටත් කරන්න පුළුවන් නහයක් ඒ ළමයට තියෙනවා කියල. අර ග්‍රීක දේව කතාවල සුරූපී ට්‍රෝයි හි හෙලන් වගේ. ඉන්ටවීව් පැනල් එක ඇහුවම ඇයි තාම ඉස්කෝලේ යන එකේ මේ රඟපාන්න ආවේ කියල, ඒ ගෑනු ළමය කිව්වලු ආවේ රඟපාන්න නෙමෙයි, තමන්ගේ ප්‍රියතම ලේඛකයෙක් වුණ සිරි ගුණසිංහයන් හම්බවෙන්න ආවේ කියල. අන්න එහෙම තමයි ගෙදරට හොරා, යාලුවෙක්ගෙන් සාරියක් ඉල්ලගෙන, උණ හදාගෙන, තම සිනමා ගමනට මුල් අඩිය ස්වර්ණා මල්ලවාරච්චි තියන්නේ.

මල් වෙනුවට පොල්ලක්, ස්වර්ණා

මේ ස්වර්ණා ගේ ස්වර්ණමය අවධියය. සත් සමුදුරෙන් පටන්ගත්ත ඇය දැන් සිංහල  සිනමාවේ අඩ සියවසක් සම්පුර්ණ කරනවා. ඇගේ ප්‍රතිභාව තවත් ඔප්නැංවෙන්නේ ඇය මෙතරම් සලකුණක් තබන්නේ වාණිජ සිනමාවට අත නොතියාම වගේ. ඇය නටන අවස්ථාවක් දකින්න පුළුවන් වෙන්නෙ අංජානා චිත්‍රපටයේ පමණයි. මල් ගස් වටේ රවුම්ගහනවා වෙනුවට ඇය දඩයම චිත්‍රපටියේ කාර් එකකට පොල්ලකින් දමල ගහනවා. ලංකාවේ ‘හොඳම නිළි’ සම්මානය වැඩිම වතාවක් දිනාගෙන ඇත්තේද ඇයයි. 

අසහාය අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් පැවසුවේ ශක්තිමත් චරිත අඩු, මල් ගස්වලින් හැදුණු සිමා පමණක් බිඳින ලාංකීය සිනමාවේ කාන්තා නියෝජනය අතරේ ස්වර්ණා එසේ නොකර, බුරුසු පහරින් පහර සියුම්ව සිත්තමක් අඳින්නා සේ, සියුම්ව ශක්තිමත් කාන්තා චරිත නිරුපණය කළ බවයි. 

‘ස්වර්ණ’මය මතකයක ඇරඹුම

ඇය සත් සමුදුරට පය තැබීමෙන් පසු අනර්ඝ සිනමාපට රැසකට දායක වුණා. ඒ නිම් වළල්ල, තුං මං හන්දිය, අහස් ගව්ව වගේ. හැබැයි ඒ කාලෙන් හුඟක්ම මතකහිටින රංගනයක් වෙන්න ඇත්තේ ඇය හන්තානේ කතාවේ කළ රංගනයයි. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා පසු කාලෙක පවසලා තිබුණා ඒ චරිතයෙන් පේන්න ඕනේ හිතේ ආතතිය, වියවුල දැක්වීමට My Fair Lady චිත්‍රපටියේ ඔඩ්රි හෙප්බර්න්ගේ රඟපෑම අධ්‍යයනය කරන්න ස්වර්ණාට කිව්වා කියලත් ඒ චරිතයට අනර්ඝ ලෙස පණ දුන්නා කියලත්.

දෙවැනි ගමන

මේ බටහිර චිත්‍රපටිවලින් පාඩම් ඉගෙනගන්න එක ඇය උනන්දුවෙන් කරපු දෙයක්. ඇය ලංකාවෙන් බැහැර වෙලා කලක් එංගලන්තයේ කල් ගතකරනවා. ඒ කාලේ ඇය බටහිර චිත්‍රපටි උනන්දුවෙන් අධ්‍යයනය කරනවා. පාසලකට වඩා තම රසාස්වාදයට අනුව සාහිත්‍යය, සංගීතය, චිත්‍රපටි රසවිඳ අධ්‍යයනය කර ඉගෙන ගන්නවා. එහෙම වෙලා ආයි ලංකාවට එන්නෙ 1977දි සිංහබාහු චිත්‍රපටයේ රඟපෑමක් කරන්න. ආපහු එනකොට කර්මාන්තය වෙනස් වෙලා, අලුත් තරු නැගී ඇවිල්ල. ඉතින් ඇයට වෙනවා සහය චරිත කිහිපයක් රඟපාන්න; බිත්ති හතර, යහළු යෙහෙළි, සංඛපාලි සහ අංජානා. මේවාට ඇයට සම්මාන රැසක් ලැබෙනවා.

එයින් පසු ඇයට ලැබෙන්නෙ අදටත් ඉහළින් සැලකෙන ධර්මසිරි බන්ඩාරනායකයන්ගේ හංස විලක් චිත්‍රපටයයි. අසම්මතය නිසා සමාජයේ විවිධ තැන් අතර දෝලනය වෙන සංකීර්ණ චරිතයක් ඇය සාර්ථකව රඟදැක්වුවා. හංස විලෙන් පසුව ඇය දඩයම චිත්‍රපටියේ රන්මලී ලෙස ලංකාවම මවිත කළා. ඉන් පසුව සාගර ජලය, අනන්ත රාත්‍රිය, බව දුක, බව කර්ම වැනි චිත්‍රපටවල සුපිරි රංගන දක්වා, අසෝක හඳගමගේ චන්ද කින්නරී චිත්‍රපටියෙන් පසු ඇය නැවතත් තම සිනමා ගමනට කොමාවක් තියනවා. ඒ සෞඛ්‍ය ප්‍රශ්න නිසා. නමුත් ඇය ඒ කාලය තුළත් කාර්යබහුලව සිටියා. ඇය ව්‍යාපාරවලට අත ගැහුවා, විවිධ සුබසාධන කටයුතුවල නියත වුණා, විවිධ සිනමා උළෙල් හි ජූරිවලට ලාංකීය නියෝජනයක් එක් කළා.

50කට පස්සෙත්, ස්වර්ණා අපේ ඇස අග

නමුත් දැන් ඇගේ අවසන් රංගනයෙන් දශක දෙකකට පසුව, ඇගේ ස්වර්ණමය වසරේ නැවතත් හඳගම චිත්‍රපටියකින් ඇය රසිකයින් වෙතට එනවා. ඇගේ ඇස අග චිත්‍රපටයෙත් ඇගේ පෙර චිත්‍රපට මෙන් සංකීර්ණ සැබෑ ගැහැනියකගේ චරිතයක් පෙන්වනවා. චිත්‍රපටි රසිකයෙක් නං, ඒක අනිවාර්යයෙන් නැරඹිය යුතුයි.

ඒ වගේම නරඹන්නම ඕනේ, මග නොහැරිය යුතු අවස්ථාවක් ජාතික චිත්‍රපටි සංස්ථාව උදාකරදීලා තියෙනවා. ඒ “ස්වර්ණා ය: සිනමාවේ ගැහැනිය" නම් වූ ස්වර්ණා මල්ලවාරච්චි සිනමාභිමාන චිත්‍රපටි උළෙලයි. නොමිලේ ඇතුළුවීම. පුළුවන් කෙනෙක් ගිහිං බලන්න. මෙහෙම චාන්ස් එකක් ආයි කවද එයිද දන්නේ නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide