රස මස් හොදි එක්ක උණු උණු රොටි! රු. 300ට අඩුවෙන් කන්න මරේ මරු කඩ 9ක්.

රොටි කියන්නෙ ඇඟට හොඳට ශක්තිය ගේන ගමේ ගොඩේ සුපිරි කෑමක් කියල අපි කවුරුත් දන්නව. හැබැයි එහෙම කිව්වාම එක පාරටම ඔළුවට එන්නෙ අපේ පොල් රොටියයි කට්ට සම්බෝලයයි. ඒ වුනාට ඊට වැඩිය ප්‍රසිද්ධ රොටි ජාතිත් අපි අතරෙ තියෙනව. පරාටා, නාන්, බිත්තර රොටි, කට්ටිය සෑහෙන්න කැමතියිනෙ.

රස පදමට මිරිස් තුනපහ ටිකක් දාලා හදන ටොප් මස් හොද්දක් එක්ක හරි පරිප්පුවක් එක්ක හරි රොටි කන්න අකමැති කෙනෙක් නම් හොයාගන්න බැරි තරම්. ඒ විතරක් නෙවෙයි හොඳට උම්බලකඩ ටිකක් දාලා හායි හූයි ගගා කන්න පුළුවන් කටට සැරට හදපු කට්ට සම්බෝලයක් වුනත් රොටිවලට මරුවට ගැලපෙනව.

එහෙනම් ලෑස්ති වෙන්නකො, අද හවසට ගෙදර යන ගමන් රස මස් හොද්දක් එක්ක තලු මර මර, බඩ කට පිරෙනකම් රොටි කන්න. මෙන්න තියෙනව කඩවල් ටික.

1. Praneetha

නම ඇහෙද්දිම දන්නව නේ. ඔව් ප්‍රණීත එකේ චිකන් කරිය වගේම පෝර්ක් කරියයි, මට්න් කරියත් එළම කිරි. පරාටා, ගෝදම්බ රොටි පාරක් බඩට දාගන්න කොළඹ පැත්තෙ තියෙන හොඳම මස් කරිවලින් එකක් දෙකක් තමයි. ඒ විතරක් නෙවෙයි, පාන් ගෙඩියක් වුනත් විනාඩ් 5න් 10න් වාෂ්ප කරන්න පුළුවන් මස් හොද්දක් මේක. රුපියල් දෙතුන්සීයකට විතර ගන්න පුළුවන්. ලෝභ නැතුව මිරිස් තුනපහ දාලා හොඳට සුදු ළූණු, ගම්මිරිස් ටිකක් අඹරල දාලා හදන ප්‍රණීතලගෙ මට්න්, පෝර්ක් කරිවල රස වෙන කඩවල්වල නෑ යාළු.

2. Hulftsdorp Street Food

පරාටා, ගෝදම්බ රොටි, පොල් රොටි, නාන්, බිත්තර රොටි, ආයෙ තව මොනවද ඉතින්. ඕනම රොටි ජාතියක් විනාඩි දෙකෙන් තුනෙන් හොයා ගන්න පුළුවන් තැනක් තමයි අළුත් කඩේ, නයිට් කඩ සෙට් එක. රු. 300ක් තිබ්බ නම් බඩ පැලෙන්න රොටි කන්න පුළුවන්. මොනවත් එක්කද දන්නවද? හායි හූයි ගෑවෙන තරමට සැර, තුනපහ අඩුම කුඩුම ටිකත් පදමට දාලා හදපු චිකන් කරියක් එක්ක. කැමති නම් බීෆ් ගන්නත් පුළුවන්. ආස නැද්ද වෙනසකටත් එක්ක රස ඩෙවිල් එකක් එක්ක රොටි කන්න. ඒනම් යන්න, හවස් ජාමෙට අළුත් කඩේ පැත්තට.

3. Nana's

ගෝල් ෆේස් නානාස් එකේ නාන් රොටිය තමයි නැගලම යන්නෙ. ඒකට හරියන රස මස් හොද්දකුත් තියෙනව. ඒ වුනාට මෙයාලගෙ නාන් රොටිය කන්න ඕන චිකන් හරි මාළු හරි ඩෙවිල් එකක් එක්ක. ඩෙවිල් සැරයි, පිටි රසයි දිව උඩ හරි හරියට නටද්දි දැනෙන රස ඩබල් ත්‍රිබල් කර ගන්න ඕන නම් පොඩි කෝක් එකක්, ඊජීබී එකක් ලඟට ගන්න. ගාණ රු. 300කට වඩා පොඩ්ඩක් වැඩි වුනත් හිතට දුක නෑ.

4. Sulthan Palace

ඇත්තටම පොල් රොටි හැරුණාම පරාටා, නාන්, බිත්තර රොටි වගේ ගොඩක් රොටි ජාති අපිට එන්නෙ ඉන්දියාවෙන්නෙ. අන්න ඒ ඉන්දියන් රොටි, ඉන්දියන් මස් කරියක් එක්ක රස බලනව නම් ටවුන්හෝල්වල සුල්තාන් පැලස් එක තමයි නියමම තැන. මසාලා රසයෙන් අනූන, ඉන්දියන් කුළු බඩු සුවඳ වෑහෙන රස මස් කරියක් රුපියල් දෙතුන්සීයක් වෙයි. ඒ වුනාට මෙයාලගෙ නාන් රොටියක් එක්ක ඒ මස් හොද්ද රස බලපු කෙනෙක්ට නම් කවදාවත් මේ තැන අමතක නම් නොවෙයි.

5. Hotel de Plaza

කොත්තු රොටිවලට විතරක් නෙවෙයි නෝර්මල් රොටිවලටත් සෑහෙන්න ප්‍රසිද්ධ කඩයක් තමයි කොල්ලුපිටිය ප්ලාසා හෝටලේ. හවස් ජාමෙට රුපියල් සීයෙ කොල තුනකුත් සාක්කුවෙ දාගෙන ගියා නම් රෑටත් එක්කම රොටි කාලා එන්න පුළුවන්. උණු උණු පරාටාවලට වගේම බිත්තර රොටිවලටත් මරුවට ගැලපෙන චිකන් කරියක් තමයි ප්ලාසා හෝටලේ තියෙන්නෙ. හැබැයි සැර ගතිය නම් පොඩ්ඩක් විතර අඩුයි.

6. Hotel de Majestic

පට්ට රසයි කියන්න බැරි වුනත් බම්බලපිටිය මැජෙස්ටික් හෝටලෙත් පරාටා, බිත්තර රොටි වගේ රොටි ජාතියි හොඳ මස් කරියි තියෙනව. ගාණ නම් රු. 300ට වැඩි වෙයි. එකම අවුල තියෙන්නෙ ගාණෙ හැටියට මස් හොද්දෙ සැරයි, රසයි දෙකම මදි එක තමයි. තෙල් ගතියත් ටිකක් විතර වැඩියි. අනික බැදපු තුනපහ ටික හරියට වැටිලත් නැති ගතියක් තමයි තියෙන්නෙ.

7. Hotel de Pilawoos

දන්නෝ දනිති. බම්බ, කොල්ලුපිටි පිලාවල මස් කරියෙ රස. චිකන්, බීෆ් දෙකම තියෙනව. පට්ට රසයි කියන්න පුළුවන් චිකන් කරියක් තමයි. හායි හූයි ගෑවෙන තරමට සැර නැති වුනාට නියම පදමට මිරිස් තුනපහ ටික දාලා හදන මේ මස් හොද්ද පරාටා, බිත්තර රොටි කන්න විතරක් නෙවෙයි පාන් කන්නත් කියාපු! හිටපු ගමන් හවස් ජාමෙ අල්ලල පිලා එකේ දාන පොල් රොටිවලටත් මේ මස් හොදි නම් නියමෙට ගැලපෙනව.

8. Rolex Hotel

ජීවිතේට අමතක වෙන්නැති රසක් තියෙන පට්ට මට්න් කරියක් එක්ක උණු උණු පරාටා ටිකක් බඩට දාගන්නව නම් යන්න වැල්ලවත්තෙ රොලෙක්ස් හෝටලේට. රු. 300ට පොඩ්ඩක් විතර වැඩි වුනත් පාඩු නෑ මොකද දෙන්නෙක්ට කන්න පුළුවන් සයිස් එකේ මට්න් දීසියක් තමයි මේසෙට එන්නෙ. කන් දෙකෙන් දුම් දාන්න සැර තියෙන රොලෙක්ස් හෝටලේ මට්න් කරියෙ තුනපහ පදමත් නියම ගාණට. රොටි විතරක් නෙවෙයි ගින්නක් නැතුව පාන් ගෙඩියකට වුනත් වගකියන්න කියාපු මස් කරිය. මතක් වෙද්දිත් කටට කෙල උනනව.

9. Diwan Restaurant

කටට සැරට, රස පදමට, එක එක විදියට හදපු මස් කරි රස දෙකතුනක් එක්ක එක එක රොටි ජාති දෙක තුනකුත් රස බලන්න නියම තැනක් තමයි දෙහිවල සරණංකර පාරෙ දිවාන් එක. පරාටා, නාන් රොටි පැත්තකින් තියමුකො. මෙයාල ලඟ තියෙනව මාරම රස සුදු ළූණු, බටර් පරාටා. ඒ රසට හොඳටම පෑහෙන්නෙ දිවාන් එකේ බටර් චිකන් කරිය තමයි. මේ ඔක්කොටම රු. 300ක් විතර යන්නෙ. සුදු ළූණු, බටර් පරාටා එක නම් නිකන් කන්න පුළුවන් තරම් රසයි. ඊටත් එහා, ඒවා උණු උණුවෙ මේසෙට එද්දි දැනෙන සුවඳ. බටර් චිකන් එකත් පංකාදු පහට තියෙනව. සැර පදම අරන් තියෙන්නෙ ගම්මිරිස්වලින්. තුනපහ අඩුම කුඩුම ටිකත් ගාණට. ඇත්තටම වෙනස් රොටි රසක් අත්විඳින්න ඕන නම් දිවාන් එක තමයි සුපිරිම තැන.

බඩ අවුල් යවාගන්නෙ නැතුව මසුයි රොටියි කන්න

අපි දන්න තැන් ටික නම් කිව්ව ඔන්න.

ඒත් ටිකක් මදි වගේ දැනෙන්නෙ

ඔයාල දන්න ටිකත් කියනවද? මොකද කියන්නෙ?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide