ඇඟ හදා ගන්න සෑහෙන්න වියදම්ද? අඩු ගාණට සුපිරියට ඇඟ හදා ගන්න කියාපු ජිම් 8ක්.

හැඩට ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්ව ගන්න කවුද අකමැති නේ. එතකොට රසට කන්න වගේම ලස්සනට අඳින්නත් පුලුවන්. අනික ලෙඩ දුක් ඇති වෙනවත් අඩුයි. කොටින්ම කියනව නම් සතුටින් ඉන්න මනුස්සයගෙ ආයු කාලයත් වැඩියිලුනෙ.

අවාසනාව කියන්නෙ, අපේ කටිටියගෙ කාර්යය බහුලත්වය නිසා ඇඟ හදා ගැනිල්ල කෙසේ වෙතත් වෙලාවට කෑම ටික කන්නවත් සිහියක් නැති එක තමයි. ගොඩ දෙනෙක් උදේට කන්නනෙ නැතුව ඉඳල ගැස්රයිටීස් හදා ගන්නව. තවත් සමහරු රෑට කොත්තු, ෆ්‍රයිඩ් රයිස්ම කාලා තඩි බඩක් හදා ගන්නව. ඔය අතරෙ බොහොම සුලු පිරිසක් තමයි ‘ආරෝග්‍යා පරමා ලාභා’ කියන එක තේරුම් අරන් වෙලාවට කාලා බීලා, ව්‍යායාම ටික කරල සෞඛ්‍යය සම්පන්න විදියට ඉන්නෙ.

හැබැයි, එහෙමයි කියල කාර්ය බහුල යාලුවො ටික අත ඇරල දාන්න අපිට බෑනෙ. මොකද එයාලත් ලස්සනට ඉන්න, සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කරන්න ආස නැතුව නෙවෙයිනෙ. වැඩ ගොඩ නිසා කාල කළමණාකරනය අවුල් ගිහින්. ඔන්න ඔය නිසයි අපි හිතුවෙ එයාලටත් ඔය දේවල් පුරුදු වෙන්න පුලුවන් වැඩ සටහනක් ගැන කියන්න හිතුවෙ.

‘ජිම් යෑම’. වැඩ සටහනක් කිව්වට ඇත්තටම මේක දින චර්යාවෙ කොටසක් කර ගන්නව නම් තමයි හොඳ. එතකොට වැඩි කාලයක් යන්න කලින් ඔය තඩි බඩයි, කම්මැලි කමයි නැති කර ගන්න පුලුවන්. අනික ඒ එක්කම වෙලාවට කන්න, වෙලාවට වැඩ කරන්නත් පුරුදු වෙනවනෙ. අන්න ඒ නිසා අද හෙටම ජිම් යන්න පටන් ගන්න. අනික අපි මේ කියන තැන් වලට යන්න ලොකු ගාණක් වියදම් වෙන්නෙත් නැති නිසා මාසෙ පඩිය බැලන්ස් කරගෙන ලයිෆ් එකත් ලස්සනට බැලන්ස් කර ගන්න පුලුවන්.

1. GRIT Sports & Fitness

ඇතුලට ගියාම ආස හිතෙන හිතේ සැහැල්ලුවෙන් සෙල්ලම් කරන්න පුලුවන් සුපිරි ප්ලේස් එකක්. හැබැයි ඉතින් ලොකු කණ්නාඩි, ටීවි එහෙම නෑ. මේක තියෙන්නෙ බොරැල්ල කාසල් වීදියෙ. විශේෂයෙන්ම කියන්න ඕන ග්‍රිට් ජිම් එකට එන හැමෝම වගේ හරිම සුහදශීලියි. එක්කෙනෙක්ට එක්කෙනෙක් උදව් කරගෙන තමයි සෙල්ලම් කරන්නෙ. ගෑණු පිරිමි භේදයකුත් නෑ. අනික තැන වගේම උපකරණත් සෑහෙන්න දුරට පිරිසිදුයි. පිළිවෙලට තියලත් තියෙනව. බිමට රබර් පාපිසි අතුරල තියෙන නිසා ලිස්සන්නෙත් නෑ. හැබැයි ඔය ඔක්කොමත් හරි ජිම් එක ඇතුලෙ ලස්සනත් හරි. මොකද බිත්ති පුරාම හරි ලස්සන අකුරු වලින් එක එක ආදර්ශ පාට ලියල තියෙනව, වේට් ලිෆ්ටින්ග් කරද්දි වැදගත් වෙන. ග්‍රිට් ජිම් එකේ මාස 6ක පැකේජය රු. 25,000ක් වගේ වුනාට කැමති කට්ටියට රු. 500ක් ගෙවල දවස සෙල්ලම් කරල එන්නත් පුලුවන්.

2. Fitness First Gym

ටී වී දාලා ලොකු කණ්නාඩි තියල හොඳ සුව පහසුවට හදපු ෆිට්නස් ෆස්ට් ජිම් එක තියෙන්නෙ ටොරින්ංග්ටන් ක්‍රිකට් ක්ලබ් එකේ. ටිකක් පොෂ් තැනක්. ඒ නිසාමද කොහොද ගාණත් තරමක් වැඩියි. මාස 6 පැකේජයක් රු. 30,000ක් විතර වෙනව. දවස සෙල්ලම් කරනව නම් රු. 1,500යි. හැබැයි ඉතින් පාඩු නෑ. මොකද මැෂින් වගේම අනිත් උපකරණත් සෑහෙන්න තියෙනව. හැරත් නඩත්තුව වගේම පිරිසිදු බවත් හොඳටම තියෙන නිසා හිතේ සතුටින් සෙල්ලම් කරන්න පුලුවන්. ෆිට්නස් ෆස්ට් ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් හරිම සුහදශීලීයි නිසා ඕනම වෙලාවක ඕන දෙයක් අහ ගන්න පුලුවන්. අනික ඔයාලට ඕන උදව්වක් කරන්නත් එයාල ඇප කැප වෙලා ඉන්නෙ.

3. Bankhill Wellness Centre

අලුත් තාක්ෂණය ගොඩක් අගය කරන තැනක්. මොකද මෙයාල ලඟ තියෙන ගොඩක් මැෂින් ඩිජිටල්. බර උස්සන තියෙන්නෙත් කේබල් මැෂින් වල. විශේෂයෙන්ම කියන්න ඕන ලොකු සෙනඟක් නැති නිසා නිදහසේ පාඩුවෙ ව්‍යායාම ටික කරන්න පුලුවන්. ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් තිතටම වැඩේ කියල දෙනව. බැන්ක්හිල් ජිම් එක ගොඩක් ලොකු තැනක් නොවුනට අවශ්‍ය කරන මැෂිනුත් හැම එකක්ම වගේ තියෙනව. හැබැයි ඉතින් ලොකු කණ්නාඩි එහෙම නම් දාලා නෑ. ඒ වුනාට මොකෝ ජූස් බාර් එකක් තියෙනවනෙ.

කියන්න බැරි වුනානෙ, බත්තරමුල්ල රත්නායක මාවතේ තියෙන බැන්ක්හිල් ජිම් එකේ මාස 6ක පැකේජය රු. 30,000ක් වෙනව. වැඩේ කියන්නෙ අවුරුද්දෙ පැකේජය රු. 40,000යි. ඒ නිසා හොඳට හිතල බලල ගන්න.

4. Body Bar Gym

ජාවත්තෙ ජාවත්ත ඇවිනියු වල තියෙන බොඩි බාර් ජිම් එක නම් ඕනම කනෙක්ට ගැලපෙන විදියට තමයි හදල තියෙන්නෙ. ඔයාලට මැෂින් වල ව්‍යායාම කරන්න ඕන නම් මැෂින් තියෙනව මැනුවල් බාර් වල කරන්න ඕන නම් ඒවත් තියෙනව. කොහොම වුනත් ලොකු කණ්නාඩි හයි කරල ටී වී දාලා හොඳ සුව පහසුවට හදල තියෙන නිසා කිසි දේකට බය වෙන්න දෙයක් නෑ. ඉන්ට්‍රක්ටර්ස්ලත් හරි දේ කියල දෙන්න ලොකු උත්සාහයක් ගන්නව. ඒ විතරක් නෙවෙයි ව්‍යායාම කරන්නත් උදව් කරනව. හරිම සුහදශීලියි. විශේෂයෙන්ම කියන්න ඕන බොඩි බාර් ජිම් එකේ වේට් ලිෆ්ටින්ග් හැරුණාම යෝග, සුම්බා වගේ ව්‍යායාම වැඩ සටහනුත් තියෙනව. බොඩි බිල්ඩින්ග් කරන අයට ඕන වෙන සප්ලිමන්ට්ස් විකුණන්නත් තියෙනව. ඔය හැම දෙයක්ම රු. 35,000ක් වගේ ගාණකට වෙන කොහෙන් ගන්නද?

5. Royal College Gym

මාස 6ට රු. 20,000යි. අවුරුද්දට උපරිම වුනොත් රු. 35,000ක් වැටෙයි. එහෙමයි කියල වැඩ කිඩ වල අඩුවක් නෑ. මැෂින් නම් මැෂින්. මැනුවල් නම් මැනුවල්. කොච්චර වුනත් කට්ටිය ෆිට් නිසා බය නැතුව ව්‍යායාම කරන්න පුලුවන්. ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ඉන්නව, ඒත් සීමා සහිතයි. වැඩේ තියෙන්නෙ ඉඩත් සීමා සහිත නිසා කට්ටිය පිරුණාම නිදහසේ ව්‍යායාම කරන්න බැරි එක තමයි. සමහර වෙලාවට මැෂින් එකක් අල්ල ගන්න ටික වෙලාවක් බලන් ඉන්න වෙනව. අනික ගොඩක්ම ඉන්නෙ ඉස්කෝලෙ කොල්ලො නිසා සද්දෙත් ටිකක් වැඩියි.

6. Ministry of Defence Kiosk

නිදහස් චතුරස්‍රයට ගිහින් නිදහසේ ව්‍යායාම කරන්න, ඒකත් නිකන්. හැබැයි ඉතින් ලොකු ඉඩක්, එක එක ජාතියෙ මැෂින් තොගයක් නෑ. අවශ්‍යම ඒව ටික විතරයි තියෙන්නෙ. ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් නැති නිසා හොඳට හුරු පුරුදු අය විතරක් යනව නම් තමයි හොඳ. නැත්නම් දන්න කියන එක්කෙනෙක් එක්ක යන්න.

7. Power World Gym

සෑහෙන්න හොඳට වැඩේ සිද්ධ වෙන තැනක්. තියෙන්නෙ දෙහිවලයි, නුගේගොඩයි විතරයි. හිතා ගන්න බෑ ගාණ මෙච්චර අඩු ඇයි කියල. මාස 6කට රු. 5000ක් වගේ වෙන්නෙ. අවුරුද්දට රු. 7500යි. දක්ෂ ඉන්ට්‍රක්ටර්ස්ල සෙට් එකකුත් ඉන්න නිසා අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට වුනත් අවුලක් නෑ. හැරත් සෙල්ලම් කරන්න එන කට්ටියත් ගොඩක්ම සුහදශීලීව එකිනෙකාට උදව් කරගෙන ඉන්නව. ලොකු ඉඩක් නැති වුනාට තියෙන මැෂින් තොගය තියල තියෙන්නෙ ඉඩ කළමණාකරනය වෙන විදියට. පවර් වර්ල්ඩ් ජිම් එකේ තියෙන එකම අවුල තමයි වෙලාවක් කලාවක් නැතුව ඉන්න සෙනඟ. කොටින්ම කියනව නම් සමහර ව්‍යායාම උපකරණ අල්ල ගන්න පෝලිමේ ඉන්න වෙන තරම්.

8. Body by Kris

අලුත් මැෂින් තොගයක් තියෙන සුපිරි පන්නයේ ජිම් එකක්. ඒත් මාස 6ටම රු. 27,000ක් වගේ ගාණක් ගන්නෙ. කේබල් මැෂින් වගේම මැනුවල් බාර් එහෙමත් තියෙන නිසා සුපිරියටම ව්‍යායාම ටික කරන්න පුලුවන්. ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ගොඩක් සුහදශීලියි. ඕන දෙයක් අහල දැන ගන්න පුලුවන්. ඉඩ පහසුකම් වලත් කිසිම අඩුවක් නෑ. පිරිසිදු බවත් හොඳටම තියෙනව. ඇත්තටම හිතේ හැටියට නිදහසේ සෙල්ලම් කරන්න කියාපු තැනක් තමයි මේ කොහුවල බොඩි බයි ක්‍රිස් ජිම් එක.

අපි ඉතින් 8ක් කිව්වට අපිත් දන්නව කොළඹ පැත්තෙ හැටක් විතර තියෙනව කියල. හැබැයි ඉතින් ගාණ අඩු වෙන්නත් එපැයි. ඒ නිසා ඔයාල දන්න රු. 30,000ට අඩු ජිම් එහෙමත් කමෙන්ට් කරන්න. අපි නොගියත් කවුරුහරි යයිනෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide