අවුරුදු 30කට කලින් අද වගේ දවසක, විජය කුමාරතුංග නොමැරුණා නම්….

විජය කුමාරතුංග ඝාතනය කරලා අදට අවුරුදු 30ක්. විජය කියන්නෙ ලංකාවේ සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් වගේ ම සෑහෙන ජනප්‍රියත්වය සහ රැඩිකල් දේශපාලඥයෙක්. 1988 පෙබරවාරි 16 වෙනි දා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවෙක් අතින් ඝාතනය නොවුණා නම් මොකක් වෙයිද? එහෙම වුණා නම් ලංකාවේ සිනමා සහ දේශපාලනය ඉතිහාසය මොන විදියට වෙනස් වෙයිද? නළුවෙන් සහ දේශපාලඥයෙක් හැටියට විජය කුමාරතුංග පුද්ගලික ව මොන වගේ තැනකට යයිද? මේ ‘විකල්ප ඉතිහාස කතාව’ ලියන්න අපි කතා කළා ඉතිහාසය ගැන පර්යේෂකයෙක් වන නන්දන වීරරත්නට සහ සත්‍යයජිත් මාඉටිපේ සහ සිරිමල් විජේසිංහ කියන චිත්‍රපටිකාරයො දෙන්නට.

අන්තිම තරුව

සිංහල සිනමාවේ අවසාන තරුව හැටියට ගොඩක් දෙනෙක් පිළිගන්නෙ විජය. ගාමිණී ෆොන්සේකාට තිබුණු ගරු ගාම්භීර පෞරුෂයත් එක්ක බලද්දි චිජයට තිබුණේ ඊට වඩා මිනිස්සුන්ට ළංවෙන්න පුළුවන් විදියේ පෞරුෂයක් කියලයි සත්‍යජිත් කියන්නෙ. යාළුවකුට, නෑදෑයකුට වගේ  තමන්ට ළං වෙන්න පුළුවන්, කරට අතදාගෙන කතාකරන්න පුළුවන් කියල දැනෙන සමීපකමක් මිනිස්සුන්ට විජය ගැන තිබුණා. සත්‍යජිත් කියන විදියට මේ කැරිස්මා නිසා එක සිනමාවේ දි වගේ ම දේශපාලනයෙ දි ත් ලොකු පරාසයක මිනිස්සු පිරිසක් ආකර්ෂණය කරගන්න විජයට පුළුවන් වුණා.

ලංකාවේ එම්ජීආර්

දෙමළ සිනමාවේ තරුවක් වෙලා ඊටපස්සෙ තමිල්නාඩු දේශපාලනයේ කැපීපේන චරිතයක් වුණු එම්ජීආර්ට තමයි නන්දන වීරරත්න විජයව සමාන කරන්නෙ. ඒ වගේ ම නන්දන කියන විදියට ඉන්දියාවේ ආණ්ඩුව එක්කත් විජයට සෑහෙන ලොකු සම්බන්ධතාවක් තිබිලා තියෙනවා. යුද්දෙ දරුණුවට තිබුණු 1986 වගේ කාලෙක යාපනේට ගිහින් දෙමළ කැරලිකාර කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න විජයට පුළුවන් වෙන්නෙ ඉන්දියාවේ රෝ සංවිධානයත් එක්ක තිබුණු මේ සම්බන්ධතා නිසා කියලයි නන්දන කියන්නෙ. දෙමළ අරගලයේ දි විජය තනිකරම වගේ ක්‍රියාකරන්නෙ ඉන්දියානු උවමනාවන්ට අනුවයි.

රෝ ඒජන්තයෙක්?

කලාපයේ බලවතා විදියට ඉන්දියාවේ මැදිහත්වීම ලංකාවේ දේශපාලනයෙ දි තීරණාත්මක වෙන නිසා, ඉන්දියාවත් එක්ක තිබුණු මේ සම්බන්ධතාව විජයට දේශපාලන වශයෙන් සෑහෙන වාසිදායක වෙන්න තිබුණා කියල නන්දන වීරරත්න හිතනවා. ඒ අනුව 1988 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරග කළා නම් විජය ඒක දිනන්න ලොකු චාන්ස් එකක් තිබුණා.

1988 ජනාධිපතිවරණෙ දි ආර්. ප්‍රේමදාස 50.4%ක් ඡන්ද අරන් දිනද්දි ශ්‍රී ලංකා එකෙන් ආපු සිරිමාවොයි විජයගෙ මහජන පක්ෂෙන් ආපු ඔසීයි 47%කට වඩා ඡන්ද ගන්නවා. ඉතිං එහෙම බලද්දි මේ දෙපාර්ශවය එකතුවෙලා සෑහෙන ලොකු ජනප්‍රියත්වයත් තිබුණු විජය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා නම් දිනන්න ලොකු චාන්ස් එකක් තිබුණා කියන කතාවෙ ඇත්තක් තියෙනවා.

නන්දනට අනුව ජේ. ආර්. හැත්තෑව දශකයේ ඉඳන් ම විජය තමන්ගෙ ප්‍රබල දේශපාලන විරුද්ධවාදියෙක් හැටියට සලකන්නෙත්, නක්සලයිට් චෝදනා යටතේ විජයට හිරේ යන්න වෙන්නෙත් වගේ ම 1988 දි වෙඩිකන්න වෙන්නෙත් ඉන්දියානු සම්බන්ධතා එක්ක මේ විදියට විජය වටේ ගොඩනැගුණු බලය නිසා.

සිරිමල් විජේසිංහ හිතන්නෙ 1988 කොහොම වුණත් විජය ජිවත්වෙලා හිටිය නම් 1994 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා වෙනුවට අනිවාර්යයෙන් ඉදිරිපත්වෙන්නෙ එයා කියලා. විජය ජනාධිපති වුණා නම් චන්ද්‍රිකා වගේ සාම වැඩපිළිවෙළ අතරමග නවත්තලා යුද්දෙට යන එකක් නෑ කියල තමයි සිරිමල් කියන්නෙ. හැබැයි වමේ පක්ෂ එක්ක වැඩි සම්බන්ධතා තිබුණට සමාජවාදී ආර්ථිකයක් ගැන අදහසක් විජයට තිබිලා නෑ. විජය ජනාධිපති වුණා නම් ගොඩක් දුරට ප්‍රේමදාස පන්නයේ සුබසාධනය මූලික වෙච්ච ලිබරල් ආර්ථිකයකට යයි කියලයි සිරිමල් හිතන්නෙ.

ගේමක්ද ගැහුවේ?

හැබැයි සිංහල දෙමළ වාර්ගික දේශපාලනය ඇතුළෙ විජයට ලොකු දෙයක් කරන්න තිබුණත් ජනාධිපති ධූරය දක්වා යන ගමනක් විජයට තිබුණා කියලා සත්‍යජිත් හිතන්නෙ නෑ. සිනමාවෙ දි සහ පුද්ගලයෙක් විදියට එයා තිබුණු කැරිස්මා එක දේශපාලනයෙ දි එයාට උදව් වුණාට ඒක හරියට දැනුවත් ව පාවිච්චි කරන විදියක් එයා දැනගෙන හිටියේ නෑ කියලා තමයි සත්‍යජිත් කියන්නෙ. නන්දන කියනවා වගේ රටේ ප්‍රධාන දේශපාලන පවුලකින් කසාදයක් බැඳගෙන, ඒ බලය සහ සිනමාවේ ජනප්‍රියත්වය තමන්ගෙ දේශපාලන ගමනට පාවිච්චි කරන්න තරම් විධිමත් සැලසුමකින් විජය කටයුතු කළා කියලා එයා හිතන්නෙ නෑ.

සිනමාව ගොඩයයිද?

සිනමාව පැත්තෙන් ගත්තොත් හොලිවුඩ්, බොලිවුඩ් බලපෑම සහ ආර්ථික වෙනස්කම් එක්ක සිද්ධවුණු සිංහල සිනමාවේ කඩාවැටීම නවත්තන්න විජයට (සහ ජෝතිපාලට) පුළුවන් වෙයි කියලත් සත්‍යා හිතන්නෙ නෑ.

“විජය ජීවත්වෙලා හිටිය නම් අමිතාබ් බච්චන් වගේ පස්සෙ කාලෙක එයාව රීඩිස්කවර් වෙයි කියලා මම හිතන්නෙ නෑ.” විජය කියන්නෙ එක කාලයක් නියෝජනය කරපු ප්‍රභාමත් චරිතයක්; ඒ කාලෙ ඉවර වුණාට පස්සෙ ඒ ප්‍රභාවත් එක්කම එයාලා නිවිලා යන්න කොහොමත් නියමිත ව තිබුණා කියල සත්‍යා හිතනවා. විජය මැරෙන කාලෙ වෙද්දි කොහොමත් සිනමාවේ ඒ ප්‍රභාමත් කාලය ඉවරවෙමින් තමයි තිබුණේ. විජය හිටියත් නොහිටියත් ඒක වලක්වන්න විදියක් නෑ.

කොහොම වුණත් නන්දන වීරරත්න කියන විදියට 1988 දි  හරි, නැත්නම් සිරිමල් කියන විදියට 1994 දි හරි විජය ජනාධිපති වුණා නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය සෑහෙන්න වෙනස්වෙන්න තිබුණා. කොහොමත් 1988 දි විජය එක්ක එකතුවෙන්න නියමිත ව තිබුණු බලවේග ම තමයි 1994 දි එයාගෙ බිරිඳ චන්ද්‍රිකා වටේ එකතුවෙන්නෙ.

හැබැයි ඉන්දියාව එක්ක කොච්චර සම්බන්ධතා තිබුණත්, ලංකාවේ කොච්චර ජනප්‍රිය චරිතයක් වුණත්, ඉන්දියන් හමුදා ලංකාවේ කඳවුරු ගහගෙන ඉද්දි ඒකට විරුද්ධ ව ජේවීපී එක මුල්කරගෙන ආපු සිංහල ජාතිකවාදී බලවේගත් එක්ක හැප්පෙන එක ලේසි වෙන එකක් නෑ කියලයි නන්දන හිතන්නෙ. හැබැයි අනිත් අතට නළුවෙක් විදියට එයාට තිබුණු කැරිස්මා එකත් එක්ක මහින්ද රාජපක්ෂට තියෙන කාන්තා ආකර්ෂණයටත් වැඩි ආකර්ෂණයක් එක්ක සිංහල සමාජයේ කැමැත්ත දිනාගන්න බැරිත් නෑ.

එහෙම වෙලා එයා දෙමළ ප්‍රශ්නය චන්ද්‍රිකාට වඩා වෙනස් විදියට විසඳුවා නම් 2002 දි රනිල්ට සාම ගිවිසුම්වලට යන්න වෙන්නෙත් නැ; 2008 දි යුද්දෙ දිනලා මහින්දට යුද වීරයෙක් වෙන්න හම්බවෙන්නෙත් නෑ. සරත් ෆොන්සේකා (දේශපාලන) ලොවෙත් නෑ. එහෙනම් අද වෙද්දි මේ අය මොන මොන තැන්වල ඉඳියිද; ලංකාවේ දේශපාලනය මොන වගේ තැනක තියෙයිද?

ඒත් ඒ කිසි ම දෙයක් ඒ විදියට වුණේ නෑ. අපට ඉතිහාසට ගිහිල්ලා ඒ දේවල් ආයෙ වෙනස්කරන්නත් බෑ. ඒ දේවල් ගැන දුක්වෙලා වැඩකුත් නෑ. හැබැයි මේකෙන් අපට තේරුම්ගන්න පුළුවන් ඉතිහාසයේ එක සිද්ධියකින් කොච්චර දේවල් වෙනස්වෙන්න පුළුවන්ද කියලා. ඉතිහාසයේ සිද්ධවෙන හැම දෙයක් ම එක සිද්ධියක් නිසා වුණු දේවල් නොවුණත් අපි අද දකින ‘ඉතිහාසය’ හැදිලා තියෙන්නෙ මේ වගේ අහඹු සිද්ධීන්වල එකතුවකින්. ටිකක් හිතල බලන්න. ඔයා මේ මොහොතේ කරමින් ඉන්න (හෝ නොකරන) දෙයින් ඉතිහාසය වෙනස්කරන්න පුළුවන්!

Photos: Hiru Gossip

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide