යුද්දෙට නෙවෙයි කෑමට! නියමම සබ්මැරීන් එකක් කන්න කියාපු කඩ 6ක්.

සබ්මැරීන් කිව්වාම අපිට නම් එක පාරටම මතක් වෙන්නෙ තඩි යකඩ ගොඩක්. හැබැයි ඉතින් කෑම බීම ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ට නම් එහෙම නෑ. මොකද සබ්මැරීන් කියල මැද්දට මස් පුරවපු දිග බනිස් එකකුත් තියෙනවනෙ.

එක එක විදියට හදපු රසම රස මස් ජාතියි සලාද කොළ, තක්කාලි වගේ එළවළු ජාති ටිකකුයි එකතු කරලා හදපු සලාදයක් අඩියක් විතර දිග දෙපළු බනිස් ගෙඩියක් මැද්දට ඝන කමට අතුරල ඊට උඩින් චීස් තොගයකුත් දාලා හැදිලා එන මේ සබ්මැරීන් වල රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්. හැබැයි ඉතින් එහෙමයි කියල හැමදාම කන තැන් වලින්ම සබ්මැරීන් කකා ඉඳලත් බෑනෙ.

ඔන්න එහෙනම් අපි කියන්නම් වෙනස් වෙනස් රස වලින් නියමම සබ්මැරීන් ටිකක් රස බලන්න පුළුවන් තැන් ටිකක්.

1. Burger's King

ආයෙ දෙකක් නෑ, කොම්පඤ්ඤවීදියෙ බර්ගර්ලගෙ රජ්ජුරුවො ලඟ තියෙන සබ්මැරීන් එකත් සුපිරිම තමයි. රස පදමට හදපු ස්පයිසි චිකන්, තන්දුරි චිකන්, ක්‍රිස්පි චිකන් වගේ චිකන් රස ගොඩකින් හැදෙන මෙයාලගෙ සබ්මැරීන් වලට ඔයාලට ඕන නම් වැඩි පුර චීස් ටිකක් වුනත් එකතු කරගන්න පුළුවන්. එවෙලෙ හැදෙන සබ් එකේ මෙලෙක් වුනු චීස් ටිකයි මස් වල සුවඳයි දැනෙද්දි නම් නොතේරීම කටට කෙල උනනව. මෙයාලගෙ සබ් රු. 400කට විතර ගන්නත් පුළුවන් නිසා පොකට් එකටත් වාසියි.

2. Burgers Hut

දෙහිවල ඇලන් ඇවිනියු එකෙත් තියෙනව රු. 300ට 350ට රසම රස සබ් එකක් කන්න පුළුවන් තවත් නියම තැනක්. මෙතන නම බර්ගර් හට් වුනාට සබ්මැරීන් කියල වෙනසක් නෑ. මදි නොකියන්න මස් දාලා හදන සබ්මැරීන් එකේ සලාදයට උඩින් වැටෙන චීස් පෙති ටික නිසා රස දෙගුණ තෙගුණ වෙනව. හැබැයි මෙයාල ලඟ තියෙන්නෙ නම් ස්පයිසි චිකන්, ස්මෝක්ඩ් චිකන් වගේ චිකන් රස දෙක තුනක සබ් විතරයි.

3. Paan Paan

කලින්ම කියන්නම් පාන් පාන් එකේ ගාණ නම් ටිකක් සැරයි. රු. 450න් උඩ. හැබැයි සබ් එකේ රස අතින් නම් සුපිරි. අනිත් කාරණය තමයි මෙයාල ලඟ තියෙන රස ජාති තොගය. තන්දුරි චිකන්, ස්මෝක්ඩ් චිකන්, ස්පයිසි චිකන්, ටූනා, වෙජි වගේ රස ජාති අට නවයක්ම තියෙනව. ඒ වුනාට මෙයාලගෙ සබ් එකේ තියෙන අඩු පාඩුවක් තමයි බනිස් ගෙඩිය මැද්දට ලොකු මස් කෑලි තොගයක් වත් චීස් තොගයක් වත් නොදාන එක. ඉතින් පාන් පාන් එකේ සබ් කන්න යනව නම් මස් කෑලි තොගයක් බලාපොරොත්තුවෙන් නම් යන්න එපා.

4. Royal Burger

රාජකීය විදියට බර්ගර් විතරක් නෙවෙයි සබ්මැරීනුත් කන්න පුළුවන්. කරන්න තියෙන්නෙ හැව්ලොක් ටවුන් වල රෝයල් බර්ගර් එකට යන එක විතරයි. එකම අවුල තමයි මෙයාල ලඟ තියෙන්නෙ රු. 300ක් 350ක් වගේ ගාණකට හදන චිකන් සබ්මැරීන් විතරයි. ඒ වුනාට රසයෙන් නම් අනූනයි. පොඩි පොඩි ස්පයිසි චිකන් කෑලි තොගයක් දාලා හදන සබ් එකේ සලාදයෙ රස ඩබල් වෙන්නෙ ඒකට එකතු කරන චීස් පෙති ටිකෙන් තමයි.

5. Dinemore

ඔන්න දැන් තමයි සබ් වලට හරියනම නම එළියට ආවෙ. ඇත්තටම ඩයින්මෝර් කිව්වාම අනන්‍යතාවය වෙන්නෙ සබ්මැරීන්. ඒ තරමට මෙයාලගෙ සබ් ප්‍රසිද්ධයි වගේම රසත් උපරිමයි. මෙයාලගෙ ස්පයිසි චිකන් සබ් එකයි ටූනා සබ් එකයි නම් පට්ට රසයි. රු. 400ක් වගේ ගාණකට ගන්න පුළුවන් ඩයින්මෝර් සබ් එකේ තියෙන විශේෂත්වය තමයි මැද්දට දාන මස් කෑලි තොගයෙ ප්‍රමාණය. මෙලෙක් වුනු චීස් එක්ක මේසෙට එන මේ සබ්මැරීන් කනකොට බනිස් එකේ දෙපැත්තෙන් එළියට පනින තරමට මස්. හිතා ගන්න පුළුවන් නේ ඩයින්මෝර් සබ් එකේ සයිස් එක.

6. Acropol

හොඳ හැටියට මස් වලින් වැඩ දාන තවත් කඩයක් තමයි කොල්ලුපිටියෙ ඇක්‍රොපොල් එක. ප්‍රසිද්ධ නැති වුනාට මෙයාලගෙ සබ් එකත් සෑහෙන්න හොඳයි. මදි නොකියන්න මස් දාලා හදන මෙයාලගෙ සබ් වල, රස පදමට එන පුංචි ගම්මිරිස් සැරයි චීස් රසයි නිසා බඩ කට පිරෙන්න කන්න පුළුවන්. මිලත් රු. 400ක් විතර නිසා පොකට් එකටත් ගාණක් නෑ.

යුද්ධ නොකර වෙනස්ම සබ්මැරීන් ටිකක් රස බලන්න කියාපු තැන් ටිකක් ඔන්න අපි ඔයාලට කිව්වා. හැබැයි ඉතින් මේ ලිස්ට් එකේ තියෙන්නෙ කොළඹ කිට්ටුව කඩ ටිකක් විතරයිනෙ. ඒ වුනාට අපිත් ආසයි කොළඹින් පොඩ්ඩක් එළියට වෙන්න තියෙන සබ්මැරීන් කඩ ටිකකුත් දැන ගන්න. ඒ නිසා ඔයාල දන්න කියන කඩත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide