බ්‍රෙක්සිට් සහ එට්කා.

ඔබ අන්තර්ජාතික පුවත් නැත්නම් ව්‍යාපාර පුවත් කෙරෙහි අවධානය යොමු කරනවා නම් බ්‍රෙක්සිට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හරි දැන ගෙන ඉන්න ඇති. දැන්නම් ඒක ප්‍රධාන පුවත්වලට ඇවිල්ල ඉවරයි. දුර ඈත බ්‍රිතාන්‍යයේ සිද්ධවෙච්ච මේ බ්‍රෙක්සිටය ලංකාවේ සාමාන්‍ය මිනිස්සු වෙන අපිට වැඩක් තියෙනවද කියල ඔබ අහන එක සාධාරණයි. ඒත් අපිටත් මේකෙන් ගන්න පාඩම් තියෙනවා අපේ එට්කා පලහිල්ලව්වට.

බ්‍රෙක්සිට් කියන්නේ "බ්‍රිතාන්‍යය" සහ "එක්සිට්" හෙවත් පිටවීම කියන වචන දෙක එකතු කරලා හැදුනු වචනයක්. බ්‍රිතාන්‍යය කියන්නෙ මොකද්ද කියල අපි හැමෝම දන්නවා. ඒත් මේ බ්‍රිතාන්‍යය පිටවෙන්නේ කොහෙන්ද? ඒ පිටවෙන්නේ යුරෝපා සංගමයෙන්.

යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය අතර ඉතිහාසය

යුරෝපා සංගමය කියන්නේ හුඟක් වෙලාවට තමන්ගේම සංකීර්ණකම නිසාම වැඩක් කරගන්න අමාරුයි කියල නම් දරා සිටියත් ඉතාමත් වැදගත් වන සංවිධානයක්. යුරෝපා මහද්වීපයේ රටවල් අතරේ පොදු වෙළඳපලක් ඇතිකර භාණ්ඩ, සේවා සහ ආයෝජන නිදහසේ හුවමාරු කිරීම සැලැස්වීම මෙහි නිල අරමුණ ලෙස සඳහන් වෙනවා. ඒත් ඇත්තටම දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිකරගත් මේ එකමුතුවෙන් බලාපොරොත්තු වුනේ යුරෝපීය ජාතිවාදය අඩු කර, සහයෝගිතාව වැඩි කර, නැවත ලෝක යුද්ධ තත්ත්වයක් ඇතිවීම වැලැක්වීමයි. කොටින්ම මෙය ස්ථාපනය කෙරුණේ බෝම්බ සහ උණ්ඩ වෙනුවට භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමටයි.

නමුත් බ්‍රිතාන්‍යය, සමහර විට ප්‍රධාන මහද්වීපයෙන් වෙන් වූ දුපතක් නිසා වෙන්න ඇති, මුල ඉඳලම යුරෝපා සංගමය තියාගත්තෙ අතේ දුරින්. 1992 මාස්ට්‍රික්ට් ගිවිසුම යටතේ යුරෝපයම යුරෝ භාවිතය වැළඳ ගද්දී බ්‍රිතාන්‍යය පවුම පාවිච්චි කිරීම මීට හොඳ උදාහරණයක්. අධිරාජ්‍ය කාලේ ඉඳන්ම බ්‍රිතාන්‍යය තමන්ග වටේ තියෙන සාගරයත්, නාවික බලයත් නිසා ආරක්ෂා වන බව උදම් ඇනුවා. ඒවගේම ලෝක යුද්ධ සමයේ මුළු යුරෝපය ම ජර්මානු බලයට යටවෙද්දී තනිව නැගීසිටීම බ්‍රිතාන්‍ය ජාතිකාභිමානයේ ලොකු කොටසක්. තව සීතල යුධ සමයේ සෝවියට් රුසියාව සමග වෙච්ච දේවල් හින්ද ඒකාබද්ධ රාජ්‍ය සංකල්පයකට ඔවුන් එතරම් කැමති නෑ. බ්‍රිතාන්‍යය අණ දීමට මිසක්, අණ පිළිපැදීමට පුරුදු වී නැහැ.

මෙවන් ඉතිහාසයක් මත 1988 මාගරට් තැචර් අගමැතිනිය යුරෝපා සංගමයට ප්‍රතිවිරුද්ධව කළ ප්‍රකාශ කිහිපයක් මත නුතන යුරෝපා සංගමයෙන් පිටවීමේ ව්‍යාපාරයක් ගොඩනැඟුනා. මේ අරමුණ සඳහා පමණක් ම වෙන්වුණ දේශපාලන පක්ෂ ඇතිවීම ද මේ කාලයේ සිදුවුණා. මේ පක්ෂවලට වැඩි ජනප්‍රසාදයක් මුල් කාලයේ තිබුණේ නැහැ. නමුත් ඔවුන් ඉන්පසු පැමිණි සෑම බ්‍රිතාන්‍යය රජයකම වැරදිවලට තමන්ගේ අරමුණට සරිලන අර්ථකථන ලබා දීමෙන් සහ සහ යුරෝපා නීති රෙගුලාසි නිසා බ්‍රිතාන්‍යය ස්වෛරීභාවයට හානි වන බව ඒත්තු ගන්වා කෙමෙන් කෙමෙන් ජනතාව දිනා ගැනීමට පටන් ගත්තා. මෙහි මුල් තැන ගත්තේ නිදහස් එක්සත් රාජධානි පක්ෂය හෙවත් යූකිප් (UKIP) පක්ෂයයි. සීමා නොකළ ධනවාදී ප්‍රතිපත්ති සහ ලෝක ආර්ථිකයේ බැසීම නිසා බ්‍රිතාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවට පසුගිය කාලේ අමාරුකම් ආවා. ඒ ඇතිවූ ජීවන තත්වයේ පහල බැස්ම සිදුවන්නේ සුළු ජාතින්, සංක්‍රමණිකයන් සහ සරණාගතයින් නිසා බව යුකිප් පක්ෂය  වැනි අය පැවසුවා. එසේ වන්නේ බ්‍රිතාන්‍යය ස්වෛරීභාවයට හානි වන යුරෝපා සංගමයේ නීති නිසා බවත් පවසමින් යුකිප් පක්ෂය සහ එවන් අය තම බලය වැඩි කර ගත්තා.

මැයි 22 යුරෝපිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර තිබුණු යුකිප් පක්ෂ පෝස්ටර් – ukip.org අඩවියෙන්

මෙතන විශේෂයෙන් කියන්න ඕනෙ බ්‍රිතාන්‍යය නම ගහල තිබුනත් මේ බ්රෙක්සිට් ජනමත විචාරණය සම්පුර්ණ එක්සත් රාජධානියටම අදාලයි. හැබැයි එක්සත් රාජධානියේ අනෙක් රටවල් වන ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයෙන් වෙන් වෙන්න එච්චර කැමති නෑ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එට්කා ඉතිහාසය

තරමක් දුරට මේවගේ කතාවක් තමයි අපට එට්කා ගිවිසුම එක්ක තියෙන්නෙත්. එට්කා ගිවිසුම ඉස්සෙල්ලම එළිය දකින්නේ සීපා (CEPA) නමින් 2003 අවුරුද්දෙ විතර. 90 ගණන් වල නිදහස් වෙළඳ ගිවිසුමෙන් දියුණු වෙච්චි ගිවිසුමක්. 2008දී මේකට අත්සන් කරන්නට ලැහැස්ති වූ එකල රජය, උත්සන්න වූ ඉන්දීය විරෝධී මත සහ ගිවිසුමේ තිබුණු ගැටළු නිසාත්, ගිවිසුමට ඇතිවූ විරෝධතා නිසාත් ඒක අත්සන් කිරීම අතහැරියා.

බ්‍රිතාන්‍යයට යුරෝපය විශ්වාස නැහැ වගේ ලංකාවට ඉන්දියාව විශ්වාස නෑ. ඉන්දියාවත් එක්ක තියෙන ප්‍රශ්ණ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ? දුක සැප කෝකටත් අපේ ලොකු අයියා කෙනෙක් වගේ අපිට ඉහලින් හිටියට ඉතින් මෙච්චර කාලයක් තිස්සෙ අයියගෙන් ටොකු කාලත් නැතුව නෙමෙයි නේ. ලංකාවේ යුධ කාලයේ ඉන්දියාව අත දාලා වැඩ දෙල් කර ගත්තුවා හැරුණු කොට, ධීවර ගැටළු, පවතින ආර්ථික ගිවිසුම් ඉන්දියාවට වඩාත් වාසිදායක වෙනවද කියන ප්‍රශ්න වල ඉඳල ක්‍රිකට් කණ්ඩායම් වෙනකම්ම ලංකාව ඉන්දියාවත් එක්ක ඔළු හප්පගෙන තියෙනවා.

මෙහෙම පසුබිමක බ්‍රිතාන්‍යයට පිටවෙන්න හේතු මොනවද? ඒවා ශ්‍රී ලංකාවට අදාලද?

ආර්ථික වාසි නොමැති වීම.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයට එකතු වුනේ පොදු වෙළඳපොළකට එකතු වෙලා ආර්ථික වාසි ලබගන්නටයි. නමුත් එහෙම ආර්ථික වාසි ලබාගත්තද කියල ප්‍රශ්නයක් තියෙනවා. 88දී තැචර් අගමැතිනිය කථා කලෙත් බ්‍රිතාන්‍යයට අසාධාරණ ලෙස සාමාජික මුදල් ගෙවුවට සහන නොලැබීම ගැනයි. වර්තමාන කාලයේ බ්‍රිතාන්‍යය ආර්ථික බලවතෙක් නිසා යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයෙන්ම සල්ලි ඉල්ලනවා කියන හැඟීමක් බ්‍රිතාන්‍ය වැසියන්ට තිබුණා. වර්තමානයේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට ලබාදිය හැකි පවුම් මිලියන 350ක් යුරෝපා සංගමයට සතියකට වරක් ගෙවනවා කියන කාරණාව හුඟක් නැගල ගියා. නමුත් පසුව යුකිප් පක්ෂ නායකයට ඒක සම්පුර්ණ සත්‍යයක් නොවන බව පිළිගැනීමට සිදුවුණා.

ලංකාවෙත් ඉන්දියාව සම්බන්ධව මෙවන් අදහසක් තියෙනවා. මෙච්චර කාලයක් තිස්සෙ අපි ඉන්දියාව සමග ගණුදෙනු කළාට අපිට දියුණුවක් පේනවද කියල අහන අය ඉන්නවා. ඉන්දියාවෙ අති විශාල ආර්ථික බලය ලංකාව ගිල ගනියි කියලත් බය තියෙනවා. මිට කලින් කරපු ගිවිසුම් ලංකාවට වාසි වෙන විදියට කරන්න පුළුවන් වුනාද කියන ප්‍රශ්නෙත් තියෙනවා.

ඒවා එහෙම වුනත් වර්තමානයේ ජීවත් වෙන්න නම් මේ වගේ දේවල් වලට අතගහන්න වෙනවා. බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් පිටවී ඒ වෙළඳපල නොමැතිව සාර්ථක වීමට අපහසු වෙනවා වගේම ලංකාවට එට්කා වැනි ගිවිසුම් නොමැතිව රට වැටී ඇති ණය උගුලෙන් ගැලවෙන්නට බැහැ. මුදල් තිබෙන තැනකින් අපිට ආයෝජන අවශ්‍ය වෙනවා. එම මුදල් ලබාගැනීමට අපිට වෙළඳ ගිවිසුම්වලට අත්සන් කරන්නට වෙනවා. ගිවිසුමක් වූ පමණින්ම මෙය ලංකාවට අවැඩක් ගෙන දෙන්නේ නැහැ. ගිවිසුම ලංකාවට අවැඩක් නොවන අයුරින් සැකසීම සිදුකල යුතු වෙනවා.

අනන්‍යතාවය සහ විදේශීය සංක්‍රමණය

බ්‍රිතාන්‍ය කර්මාන්තවල සාර්ථකත්වයට විශාල රුකුලක් වුනේ ඔවුන් විදෙස් පුහුණු ශ්‍රමිකයින් යුරෝපා සංගමය හරහා පහසුවෙන් තම සමාගම්වලට බඳවා ගැනීමයි. එසේම බ්‍රිතාන්‍ය වැසියන් විදේශ රැකියාවලට බැඳීමෙන් හරි විදේශවල ආයෝජන කිරීමෙන් නැවත බ්‍රිතාන්‍ය වෙත මුදල්, ශ්‍රමය ආදිය එවීමටද යුරෝපා සංගමයේ පද්ධතිය තුල පහසු වුණා.

හොඳින් සැකසුණ එට්කා ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවටත් මෙවැනි වාසිදායක ශ්‍රමික තත්වයක් උදාකරගන්න පුළුවන්. පුරප්පාඩු පිරවිය හැක්කේ එම තනතුරට සුදුසු කෙනෙකුටයි. ශ්‍රී ලංකාව තුල අවස්ථා සොයාගත නොහැකි අපේ ශ්‍රමිකයින්ට ඉන්දියාව තුල අවස්ථා සොයාගැනීමට අපිට ඉඩ ලබාදීමට පුළුවන්. එමෙන්ම ලාංකීය සමාගම්වලට ලංකාවෙන් අවශ්‍ය ශ්‍රමය ලබාගත නොහැකි නම්, ඉන්දියාවෙන් එය ලබාගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ට දියුණු වීමට ඉඩ දිය හැකියි. දැනටත් මෙය ආර්ථික ප්‍රවර්ධන මණ්ඩලය හරහා සිදුකල හැකි වුනත් එට්කා ගිවිසුමක් හරහා එය වඩා පහසු වෙයි.

නමුත් බ්‍රිතාන්‍යයේ යුකිප් පක්ෂය කියා සිටියේ අඩු ගුණාත්මක බවින් යුතු ශ්‍රමිකයන් ගංවතුරක් මෙන් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කරනවා කියලයි. යුරෝපා සංගමයට යට වීම නිසා බ්‍රිතාන්‍ය අනන්‍යතාවය දියාරු වෙනකං, බ්‍රිතාන්‍ය වැසියන්ට රැකියා අහිමි වෙනකං ශ්‍රමකයින්, සංක්‍රමණිකයින්, සරණාගතයින් බාර ගන්න වෙනවා කියල පිටවෙන්න කැමති අය කියා සිටියා.

අඩු ගුණාත්මක බවින් යුතු ශ්‍රමිකයන් එහෙම ලංකාව ආක්‍රමණය කරනවා කියන එක ටිකක් ප්‍රායෝගිකව හිතන්න අමාරුයි. ලංකාව ලස්සන වුනාට ඉන්දියාවට වඩා ලොකු වෙනසක් ජිවන තත්වයේ නැහැ. ඇත්තටම අපේ බඩු ටිකක් ගණන් වැඩිත් එක්ක. ඉතින් මෙහෙට එනවට වැඩිය යන්න කැමති රටවල් ඉන්දීය ශ්‍රමිකයින්ට තියෙනවා. ඒත් ඒක අසාධාරණ බියක් නෙමෙයි. බ්‍රිතාන්‍ය වැසියන්ටත් තිබුණේ ඒවගේ බයක් තමයි. එනිසා එය නොවෙන ලෙස ගිවිසුම සකස් කරන බවට වැඩකරන ජනතාව දැනුවත් කල යුතුයි. එසේ සකසා තිබීම ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ගේ සුබසිද්ධිය සඳහා ඉතා වැදගත් වෙනවා.

රටේ නම ගිය පුද්ගලයින් ගිවිසුමෙන් පිටවීමට කැමති වීම.

නයිජල් ෆැරාජ්

බ්‍රිතාන්‍යයේ පිටවීමට ලොකු තල්ලුවක් දුන්න විශාල චරිත තුනක් තිබුණා. එක්කෙනෙක් යුකිප් නායක නයිජල් ෆැරාජ්. ෆැරාජ් මහත්මයා බ්‍රිතාන්‍ය තුල යුරෝපා සැකයේ මුහුණ කිව්වොත් නිවැරදියි. අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු මෙම අරමුණට වැඩ කළා. දෙවනුව හිටපු ලන්ඩන් නුවර අගමැති බොරිස් ජොන්සන් මහතා. ඔහු ආන්දෝලනාත්මක චරිතයක්. ඔහු ලන්ඩන් නගරයේ සාර්ථක නගරාධිපතිවරයෙක් වුනත් ඔහු ජෝකර් කෙනෙක්, වර්ගවාදියෙක්, මාන්නක්කාරයෙක් කියලත් කියනවා. කොහොම වුණත් ඔහු සාමාන්‍ය ජනතවගේ හිත දිනාගන්න සමත් වුණා. තෙවනුව අධිකරණ ඇමති මයිකල් ගව්. ඔහු බුද්ධිමය වටිනාකමක් මෙම ව්‍යාපාරයට ගෙන ආවා. ජොන්සන් මහතා ගෙයින් ගෙට යද්දී ගව් මහතා සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වී, බ්‍රිතාන්‍යයට පිටවීමෙන් පසුවට සැලැස්මක් සකස් කිරීම වැනි කටයුතු කළා.

ලංකාවේ අපිට එට්කා ගිවිසුමේ අනිත් පැත්ත ගැන වැඩියෙන් කතාකරන්නේ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයයි. මේ ශ්‍රී ලංකා ඉන්ජිනේරුවරයින්ගේ සංගමය, රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරිඝනක සංගමය වැනි වැදගත් වෘත්තීය සංගම් රැසක් එකතු වෙලා පටන් ගත්ත ව්‍යාපාරයක් වෙනවා. ඒ අය මේ ගිවිසුමෙන් ලංකාවේ මිනිස්සුන්ට රැකියා නැතිවෙයි කියන එක වලක්වන්න තමයි උත්සහ කරන්නේ. අමාත්‍ය මලික් සමරවික්‍රම සමග ඒගොල්ලෝ සාකච්ඡා පැවැත්වුවා එත් ඒක සාර්ථක වුණේ නැහැ. ඔවුන්ට තේරුණ විදියට ගිවිසුමේ ඉන්දීය කොටස ඉන්දියාව ඉතා හොඳින් සකස් කර තිබුණත් ලංකාවේ කොටසේ තව් සැහෙන්න දියුණු කරන්න දේවල් තියෙනවා කියලයි කියන්නේ.

රජය පිළිබඳ විශ්වාසය නොමැති වීම

ඩේවිඩ් කැමරන් සෑහෙන කාලයක් තිස්සේ දොස් අහමින් සිටි අගමැතිවරයෙක්. ඔහුගේ පක්ෂය තුලම ඔහුට විරුද්ධතා මේ සම්බන්ධව එල්ල වුණා. කොහොම නමුත් ඔහු කොච්චර පොරොන්දු දුන්නත් ඔහුගේ පක්ෂයේ හුඟක් අයවත්, පොදු ජනතාව වත් තමන්ගේ පැත්තට නම්ම ගන්න බැරිවුණා. විපක්ෂයේ කැමැත්ත දිනාගන්න කොහොමටවත් හැකියාවක් තිබුනෙ නැති අගමැතිතුමා ජනතාවගේ පාවෙන ජන්ද දිනා ගැනීමටද අපොහොසත් වුණා.

ලංකාවේ අපි දේශපාලනඥයින් කොච්චර විශ්වාස කරනවද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ? අපි කවුරුවත් අවසන් එට්කා ගිවිසුම දැකල වත් නැති එක මෙතන වැදගත් වෙනවා. කොහොමත් කොයි පැත්තෙන් බැලුවත් ලංකාවේ එට්කා ප්‍රශ්නයේ ඊළඟ පියවර වෙන්න ඕනේ රජය විසින් ගිවිසුම පිළිබඳව තොරතුරු හෙළි කිරීමයි. රාජ්‍ය යාන්ත්‍රණ පාරදෘශ්‍ය වෙන්න ඕනේ. මේක එය පෙන්වා දීමට හොඳම අවස්ථාවක් වෙනවා. මේකෙ ගොඩක් ප්‍රශ්ණ දුරු කරන්න හොඳම දේ ගිවිසුමේ අන්තර්ගතය මහජන පරික්ෂාවට නිකුත් කිරීමයි. නමුත් තවමත් අපි ඒ ගැන ඉන්නේ අඳුරේ.

තීරණය

නමුත් නිසි තොරතුරු නොලැබුණු බ්‍රිතාන්‍ය ජනතාව පසුගියදා මේ වගේ තත්වයක් මැද යුරෝපා සංගමයෙන් වෙන්වීමට ජනමත විචාරණයකින් තීරණය කළා. සාමාන්‍ය ජනයාට මෙය බලපෑ අයුරු නිකලස් බැරට් නම් මාධ්‍යවේදියා ෆිනෑන්ශල් ටයිම්ස් වෙබ් අඩවියේ සඳහන් කලේ මෙසේයි.

"පළමු ඛේදවාචක තුන ගැන ඉක්මන් සටහනක්. පළමුව, අපිට පිටවෙන්නට ජන්දය දුන්නේ ආර්ථිකව නොසලකා හරින ලද වැඩකරන ජනතාවයි, ඒත් දැන් ඔවුන්ම තමයි දුක්විඳින්නේ මොකද ඔවුන් එක දුරස්ථ ප්‍රභූවරු පිරිසක් වෙනුවට වෙනත් එවැනි පිරිසක් මාරු කරගත්තා පමණයි.

දෙවනුව, තරුණ පරම්පරාවට වෙනත් රටවල් 27ක ජිවත් වෙන්නට සහ රැකියා කරන්නට ඇති අයිතිය අහිමි වුණා. අපිට අහිමි වුණ අවස්ථා, මිතුදම්, විවාහ, අත්දැකීම් ප්‍රමාණය කවදාවත් සම්පුර්ණයෙන් ගණනය කරන්න බැරිවෙයි. කලින් පරම්පරාවේ ණය බරින් ගිලෙන වර්තමාන පරම්පාරාවේ ගමන්කිරීමේ නිදහස අපේ දෙමව්පියෝ, මාමලා, සීයලා ආච්චිලා ඔවුන්ගේ අවසන් පහරින් නැති කර දැම්මා.

තෙවනුව සහ සමහර විට වැදගත්ම දෙය නම් අපි ඉන්නේ පශ්චාත්-පරිසිද්ධිවාචක ප්‍රජාතන්ත්‍රවාදයකයි. සත්‍ය මිත්‍යාවන් හමුවේ විසි වෙලා ගියේ එච්. ජී. වෙල්ස් කතාවක වෙඩි උණ්ඩ පිටසක්වල ජීවින් ගේ ඇඟේ වැදී විසිවෙනවා වගේ. මයිකල් ගව් කිව්ව වගේම බ්‍රිතාන්‍ය වැසියන්ට විශේෂඥයින් එපා වෙලා. ඒත් කව්රුහරි මට කියන්න බුද්ධියට එරෙහි සමාජයකින් අභිනිවේශනය හැර වෙන දෙයක් ලැබුනද කියල?"

අපි තවම එට්කා ගැන තීරණයක් අරගෙන නැහැ. ඇත්තටම ජනතාවක් හැටියට අපිට තීරණයක් ගන්නත් බැහැ මොකද මේකේ සම්පුර්ණ වගකීම තියෙන්න අපේ මහජන නියෝජිතයින් අතේ. එ්ත් අපිට ඇස් වහගෙන ඉන්න බෑ. අපිට සැහෙන්න බලපාන්න පුළුවන් මේ වගේ දෙයකට අපේ අදහස් ඇතුළු වෙන එක හුඟක් වැදගත්. ඒක නිසා මේකේ තොරතුරු නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම ඇර දැනට කරන්න දෙයක් තියෙනාවද? අර ලඟදි පාස් වුන තොරතුරු දැනගැනීමේ පනතින් වත් වැඩක් ගන්න පුළුවන් වෙයිද බලමු.

ලංකාවට විශාල සේවාවක් නිසි ලෙස සකස් කරපු එට්කා ගිවිසුමකින් ලැබෙනවා. ඒක හින්ද ඒක එක පාර විසි කරන්න බෑ. අපි ඒක අපට හරියට විදියට හදාගමු.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide