පොත් ප්‍රදර්ශනයට ගියාම අපට හමුවෙන චරිත 7ක්.

සැප්තැම්බර් මාසේ කියන්නේ අපේ පොත් ගුල්ලන්ට නම් බක් මාසෙටත් වඩා සතුටු කාලයක්. මොකද මේ සාහිත්‍ය මාසෙනේ. ඉතින් බී.එම්.අයි.සී.එච් එකේ තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න යන්න දැනටත් එයාලා හරි හරියට ලක ලෑස්ති වෙනවා ඇති.

ලංකාවේ නන් දෙසින්, නා නා විධ පිරිස් ඇදෙන උළෙලක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් අමුතු චරිත බර ගාණක් මේ අතරේ ඉන්නවා. ඒ අතරින් අපි හිතුවා අපට බොහොම සුලභ විදියට දැකගන්න පුළුවන් චරිත 7ක් ගැන කතා කරන්න.

1. පොත් බලන්නෝ

පොත් බැලිල්ලයි,කියැවිල්ලයි දෙකක්නේ. ඇත්තටම පොත්වලට ආස අය සාමාන්‍යයෙන් කරන්නේ පොතක් මිලට අරන් කියවන එක. ඒත් එහෙම නැතුව පොත්වල කවර, පිටු ගාණ එහෙම බලලා යන්න තකහනියක් ගෙදර ඉඳලා පොත් ප්‍රදර්ශනයට එන කාණ්ඩයකුත් ඉන්නවා මේ අතරේ. ඇත්තම කිව්වොත් මෙයාලා පොත් ප්‍රදර්ශනේට එන්නේ දවස ගෙවන්න. ගත්ත පොතක් නැතත්, යාලුවොත් එක්ක එකතුවෙලා සෙල්ෆි කෑලි දෙක තුනක් ගහලා, හෑෂ්ටැග් තොගයකුත් එක්ක, ඒවා තියෙන තරම් සේරම සමාජ වෙබ් අඩවිවල දාලා "අපි බුක් ෆෙයාර් ගියා" කියලා ලොකුවට කියන්න තමයි මෙයාලට ඕනේ.

2. පොත් හොරු

පොත් කියවන්න ආසාව තිබුණත් දැන් කාලේ තියෙන වියදම් එක්ක බැලුවාම හිතේ හැටියට පොත් ගන්න හැමෝටම වත්කම නැහැනේ. නැතිකමටයි හොරකම් කළේ කියලා එහෙම කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් කොච්චර කොහොම වුණත් හොරකම වැරදි වැඩක්. හැබැයි මේ අතරේ සමහරු ඉන්නවා විනෝදයට පොත් හොරකම් කරන අය. පහුගිය අවුරුදුවලදී මේ වගේ පොත් ප්‍රදර්ශනයේදී වුණු පොත් හොරකම් විටින් විට ආරංචි වුණා. ඒ නිසාම තමයි දැන් බෑග් අරගෙන පොත් සල්පිල් ඇතුළට යන අයගේ ඒ බෑග්වලට ලොක් එකක් දාන්නෙත්.

3. කෑමදාස

සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනේට යන්නේ පොත් ගන්න වුණත්, ඊට කළින් කෑම කඩවල් ටික හොයාගෙන යන්න පුරුදුවෙලා ඉන්න උන්දැලා කට්ටියකුත් ඉන්නවනේ. බඩ කට හොඳට පුරවගෙන මිසක් මෙයාලා නෙවෙයි පොතක් පතක් දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ.

4. ෆොටෝකාරයෝ

නෑ නෑ මේ කියන්නේ පත්තරෙන් එන අය ගැන නෙවෙයි. ගන්න ගන්න පොතක් ගානේ, ඉඳගෙන, හිටගෙන, පොත් වට කරගෙන, විරිත්තගෙන ෆොටෝ ගහලා සමාජ වෙබ් අඩවි එකක් නෑර ෂෙයාර් කරන කාණ්ඩය ගැනයි මේ කියන්නේ. පොත් කියවනවටත් වඩා, කියවනවා කියලා පෙන්නන්න හදනවද කියලත් මේවා දැක්කම හිතෙනවා. පොත් එක්ක පින්තූර ගත්තට කමක් නැහැ. ඒවා ඇත්තටම කියවනවා නම් තමයි ඉතින් වැඩියෙන්ම හොඳ.

5.ලව් කපල්

පොත් ප්‍රදර්ශනේදි විතරක් නෙවෙයි, අතන මෙතන කොතන ගියත් හොයාගන්න පුළුවන් ජාතියක් තමයි මේ. ඇත්තටම පොත් ගන්න එන ජෝඩුත් මේ අතර ඉන්නවා තමයි. ඒත් එහෙම නැතුව දෙන්නට මුණගැහෙන්න මේක අවස්ථාවක් කරගන්න අයත් ඉන්නවනේ. වරදක් කියලම කියනවා නෙවෙයි ඉතින්, අහුමුළුවලට වෙලා ඉන්නේ නැතුව, පොතක් පතක් එහෙම ගන්න උනන්දු වෙනවා නම් දෙන්නටම හුඟක් වටිනවා.

6.පැණිහාමි

“මේ සැරේ බුක් ෆෙයාර් එක නම් මෙලෝ රහක් නැත. අඩු තරමේ බලන්න හරි ඇති කෙල්ලෙක්වත් නැත”

මේ එක අවුරුද්දක පොත් ප්‍රදර්ශනයේදී අදහස් දක්වන්න තියලා තිබුණු පොතක ලියලා තිබුණු වැකි අතරින් එකක්. ආදරේ කරන්න විතරක් නෙවෙයි, ආදරේ හොයාගෙන මෙහේට ඇදෙන අයත් ඉන්නවනේ. මෙයාලා එන්නේ පොත් ගන්න නෙවෙයි. හැබැයි මුළු පොත් ප්‍රදර්ශනයේ කඩයක් කඩයක් ගානේ ඇවිදිනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි, ඇහැට කණට පේන ගැහැණු ළමයෙක් එහෙම ඉන්නවද කියලා බලන්න.

7. පොත් කියවන අය

ඉතින් මේ සකලවිධ ජනතාව අතරේ, ඇත්තටම පොත් කියවන්න තියෙන ආසාවටම, ඕනෙකමටම පොත් ප්‍රදර්ශනයට එන අයත් ඉන්නවා. මේ කට්ටිය මේ වැඩේට ලෑස්තිවෙන්නේ මාස ගණනක ඉඳන්. සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා, නිවාඩු දවස්  පිළිවෙලක් එහෙම කරගෙන, තව දන්න කියන යාළුවොත් එකතු කරගෙන, හරිම ආසාවෙන් තමයි එයාලා මේ ගමනට සහභාගි වෙන්නේ.

ඉතින් මේ කාණ්ඩ හත අතරින් ඔයා අයිති වෙන්නේ මොන කාණ්ඩෙටද කියලා හිතලා බලන එක ඔයාට බාරයි ඕං. මේ හැරුණාම ඔයාලට මතක් වෙන තව කවුරුහරි චරිතයක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Sri Lanka’s biggest Oktoberfest returns to City of Dreams Sri Lanka

Running from 21 to 24 October at The Podium, tickets are priced at LKR 9,800

Highlights Trending

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide