සොඳුරු ළමා විය ආයෙත් මතකයට! 80, 90 දශකයේ අපේ අපූරු විනෝදාංශ 8ක්.

ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාම හැම දේම හරියි කියල හිතන් ඉඳපු අපි, අද?

කතා කරල වැඩක් නෑනේ යාලුවනේ. දවසෙ පටන් ගැන්මයි අවසානයයි වත් හරියට මතක නැති වෙන තරමට කාර්යය බහුල වෙලා. විනෝදාංශයක් තියා විනෝද චාරිකාවක් යන්න වත් හරි හමන් වෙලාවක් නෑ. අමාරුවෙන් හරි වෙලාවක් ගලපගෙන ගියා කියමුකො. ඒත් ෆෝන් එකට එන කෝල් තොගේ? ඒවට උත්තර දීලා ඉවර වෙද්දි වට පිටාවෙ සුන්දරත්වය අත් විඳින්න වෙලාවක් නෑ.

ඒ විතරක් නෙවෙයි, අද කාලෙ අම්මල තාත්තලටත් පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන්න හරි හමන් වෙලාවක් නෑ. අඩුම තරමෙ වෙලට බැහැලා සරුංගල් අරින්න, බෝල ගහන්න වත්. උදේ වැඩට යනකොට ඩේ කෙයාර් එකට දාන පොඩ්ඩගෙ මුලු ලෝකෙම වෙන්නෙ පර්චස් දහයක විස්සක ඉඩ ප්‍රමාණය. ඉතින් කොහේ කියල සුන්දර ළමා කාලයක් අත් විඳින්නද?

ඒ අතින් ගත්තාම 80, 90 දශකයෙ ඉපදුණු අපි නම් සෑහෙන්න වාසනාවන්තයි. කොළඹ ඉපදුණත් රස බර ළමාවියක මතකයන් අපිට ඉතුරු වුනා. ඉස්කෝලෙ ඉස්සරහ විකුණන්න තිබුණු අච්චාරු, බොම්බයි මොටයි කකා පිස්සු කෙලපු හැටි, හවසට යාලුවොත් එක්ක පාර මැද්දෙ බෝල ගහපු හැටි, අවුරුදු කාලෙට වතු වලට හොරෙන් පැනල පළතුරු ගස් පාලු කරපු හැටි, හොඳම කෑල්ල තමයි එහෙම ඇවිල්ල අම්මගෙන් ගුටි කාපු හැටි, මතකද?

මොකද කියන්නෙ, ඒ මතක ගොඩ අතරට තවත් සුන්දර මතකයන් ටිකක් එකතු කර ගමුද? වැඩේ හරිම ලේසියි. කරන්න තියෙන්නෙ ඇඳ යට තියෙන ලට්ට ලොට්ට පෙට්ටිය ඇදල ගන්න එක විතරයි. අරගෙන හීන් සීරුවෙ ඒක අස් කරන්න පටන් ගන්න. අන්තිම හරිය වෙද්දි ඔයාට හම්බවෙයි ඔයා පොඩි කාලෙ විනෝදාංශ විදියට එකතු කරපු දේවල්. සිලි උර වල දාලා, පොත් වල අලවල.

කොහොම වුනත් කමක් නෑ, එකින් එක අතට අරගෙන බලන්න. බලන ගමන් හෙමිහිට මතකය දිගේ පස්සට යන්න. සුන්දර මතක ආවර්ජන ගොඩක හුදකලා වෙන්න ඔයාට පුලුවන් වේවි. බාග වෙලාවට ඇස් අගට කඳුලු ආවොත්?, අපිට කියන්න.

එහෙනම් බලන්නකො, අපි මේ කියන විනෝදාශ ගොඩ ඇතුලෙ ඔයාගෙ විනෝදාංශ එකතුවත් තියෙනවද කියල.

1. මුද්දර

කාල සීමාවක් නැති වයස් සීමාවක් නැති එකම විනෝදාංශය කිව්වත් වැරද්දක් නෑ. මොකද අපේ අම්මල තාත්තල අදටත් නිකන් ඉන්න වෙලාවට එයාලගෙ මුද්දර පොත් අරගෙන පෙරල පෙරල බලනව. බලල ඒකෙ තියෙන ඇද කුද හදල හරි ලස්සනට ආයෙ වහල තියෙන්නෙ රත්තරන් වලට වඩා වටින දෙයක් වගේ. ඇත්තනෙ, මතකද අපි මුද්දර එකතු කරපු කාලෙ. ඒ කාලෙත් ලොකු වෙනසක් තිබුනෙ නෑ. ඇල්බම් අරගෙන ගිහින් යාලුවො එක්ක එකතු වෙලා මුද්දර මාරු කර ගත්ත හැටි. සමහර වෙලාවට එතන සූදු පොළක් වගේ.

ඇත්තටම මුද්දර ඇල්බම් එකක් කියන්නෙ නම් ගොඩක්ම සුන්දර ළමා අතීතයකට අපිව අරන් යන අපූරු එකතුවක් තමයි.

2. පිහාටු

හැමෝම නොකලත් ගොඩ දෙනෙක් හරිම ආසාවෙන් කරපු විනෝදාංශයක්. පිහාටු එකතු කරල, ඒව පොතක අලවල, කුරුලු පොත් පෙරලල පෙරලල කුරුල්ලන්ගෙ නමුත් හොයාගෙන, මාර ගේමක් තමයි දෙන්නෙ පිහාටු පොතක් හදන්න. ඇත්තටම ඒ වැඩෙන් කුරුල්ලො ගැන හොඳ දැනුමකුත් එනව. අනික කැලේට කොලේට, සතා සීපාවට බොක්කෙන්ම ආදරය කරන්නත් පෙළඹෙනවනෙ. නිවාඩුවක් ලැබුණු ගමන් වත්ත වටේ, හිස් ඉඩම් වල, වෙලේ ඕවිටේ ඇවිද ඇවිද පිස්සුවෙන් වගේ තමයි කුරුලු පිහාටු හොයන්නෙ. වැඩිය ඕන නෑ, පාට පාට පිහාටු 4ක් 5ක් එකතු කර ගත්තාම රටක් ලෝකයක් දින්න වගේ ගෙදර එන හැටි. අනේ දැන් ඉන්න ළමයින්ට කොහොද එහෙම විනෝදාංශ.

3. සටිකර්

මතකද කැන්ඩොස්, එඩ්නා චොකලට්. එතකොට ඒවයෙ කවරෙ ඇතුලෙ ආපු ක්‍රිකට් ස්ටිකර්? කොච්චරක් නම් එකත කරන්න ඇතිද. කොහේවත් අලවන්නෙත් නෑ. කාටවත් දෙන්නෙත් නෑ. හැබැයි එක ජාතියෙන් දෙකක් සෙට් වුනාම වැඩිපුර එක පොතක් අස්සෙ දාගෙන යාලුවො හම්බ වෙන්න දුවන්නෙ ඒකට වෙන එකක් මාරු කරගෙන එන්න.

පොඩි දෙයක් කියන්නම්, ඔයාල ලඟත් ක්‍රිකට් ස්ටිකර් එකතුවක් තියෙනව නම් අතට අරන් බලන්න. අපේ සනා, ධර්මසේන, මහානාම, අරවින්ද, ගුරුසිංහ, අර්ජුන තරුණ කාලෙ සෙල්ලම් කරපු හැටි දැක ගන්න තියෙන හොඳම විදිය. ඒ විතරක් නෙවෙයි අපි ආදරය කරපු පිට රට ක්‍රිකටර්ස්ලා රිකී පොන්ටින්ග්, ඩැරන් ලීමන්, ජොන්ටි රෝඩ්ස්, බ්‍රයන් ලාරා වගේ කට්ටියත් ඔය අතරෙ ඉන්න පුලුවන්.

4. චිත්‍ර කතා පොත්

ඡායාරූපය 

මේක නම් වැඩි හරියක්ම අපේ අම්මල තාත්ලගෙ විනෝදාංශයක්. ඒ කියන්නෙ 80 දශකයෙ කට්ටියගෙ. මොකද ඒ කාලෙ දැන් වගේ සෙල්ලම් බඩු තිබුණෙ නෑනෙ. ඉතින් එයාලා එකතු කලේ පොත පත තමයි. වැඩි හරියක්ම චිත්‍ර කතා පොත්. කට්ටියට මතකයිද දන්නෑ සිත්තර, සතුට, සත්සිරි වගේ පොත්. හරි ලස්සන කතා තොගයකින් පිරිල තිබුනෙ. ඇත්තටම එක සතියක පිටපතක් කියවන්න යන්නෙ පොඩි වෙලාවක් වුනාට ඊලඟ සතියෙ පිටපත එනකම් නම් ගොඩක් කල් බලන් ඉන්න වෙනව. එ්ක තමයි අමාරුම වැඩේ.

5. මිස්ටර් පොප් සෙල්ලම් බඩු

ඔන්න තියෙනව අපි ටිකක් ලොකු වෙද්දි හුරු වුනු අපූරු විනෝදාංශයක්. 90 දශකයෙ කට්ටියට තමයි මතක ඇත්තෙ මිස්ටර් පොප් ටිපි ටිප් එක ගැන. ඒකෙ රසට වැඩිය නැගල ගියේ ඒකත් එක්ක ආපු සෙල්ලම් බඩු එකතුවනෙ. හැබැයි ඉතින් නිකන් ඉඳල එකතු කරන්න බෑ. මිස්ටර් පොප් කන්නම වෙනව. අම්මල බනින නිසා කට්ටිය වැඩි හරියක්ම කෑවෙ හොරෙන් තමයි.

මිස්ටර් පොප් වල මුලින්ම ආවෙ යුද්ධ කරන රොබෝලා. ඒකත් එයාලගෙ කෑලි වෙන වෙනම. කාලා කාලම තමයි හොයගන්න වෙන්නෙ. ගොඩක් වෙලාවට කට්ටිය කරන්නෙ එක වගේ කෑලි යාලුවොත් එක්ක මාරු කරගෙන කොහොම හරි රොබෝ කෙනෙක් හදා ගන්න එක තමයි. රොබෝලගෙන් පස්සෙ ආවෙ කාඩ් පසල් වලින් හදන ප්ලේන්. ඒවත් නියමයි. හ්ම්ම්… බලන්නකො ඔන්න පහලින් තියෙනව ෆොටෝ එකක් දෙකක්.

6. පරණ සල්ලි

සෑහෙන්න දැනුමක් ලබපු සුපිරි විනෝදාංශයක්. ලංකාවෙ පරණම සල්ලි කොළ විතරක් නෙවෙයි පිටරට සල්ලි කොළත් පොඩි ඇල්බම් එකකට දාලා නැවෙන්නවත් නොදී එකතු කලේ හරිම ආසාවෙන්. කොටින්ම කියනව නම් ඒ කාලෙ පාවිච්චි කරපු සල්ලි වලට වැඩිය වටිනව ඒව. එතකොට රැජින ඉන්න කාසි, තඹ කාසි, පිටරට කාසි වගේ ඒවත් වෙනමම පෙට්ටියකට එකතු වෙනව. හැබැයි මුද්දර එකතු කරනව වගේ නම් නෙවෙයි මේ එකතු කිරිල්ල. ටිකක් පොෂ්.

7. ළමා පත්තර

විජය, පුංචි පත්තර දෙක තමයි 90 දශකයෙ අපේ හැම වැඩක්ම කරල දුන්නෙ. ඉස්කෝලෙට ඕන පිංතූර, පාඩම් වලට ඕන කරන විස්තර, අභ්‍යාස වැඩ, රස බර විද්‍යාත්මක දේවල් ඒ විතරක් නෙවෙයි අන්තිම පිටුවෙ තියෙන චිත්‍ර කතා වලටත් අපි ගොඩක් ආස කලා. ඒකනෙ හැම සතියකම එන පත්තර අට්ටි ගගහ එකතු කලේ. මොනව හරි ඕන වුනාම නැත්නම් දන්නෙ නැති දෙයක් දැන ගන්න ඕන වුනාම ඔය පත්තර බන්ඩල් ටික පෙරල ගත්තාම හරි.

8. සිප්පි කටු, ටොනික් මූඩි

මේ විනෝදාංශයත් කට්ටිය අතරෙ ගොඩක්ම ප්‍රසිද්ධ වුනු විනෝදාංශයක් නොවුනට සෑහෙන්න සතුටක් ලබන්න පුලුවන් වුනු විනෝදාංශයක්. අම්මල තාත්තල එක්ක ට්‍රිප් එකක් ගියාම මුහුදු වෙරළ පුරාම ඇවිදින්නෙ වෙරළෙන් ඇස් දෙක එහා මෙහා නොකර. ඇයි ලස්සන ලස්සන සිප්පි කටු පුලුවන් තරම් එකතු කර ගන්න එපැයි. ඊට පස්සෙ ගෙදර ගෙනැල්ල ඒව හෝදල, වේලල පොතක අලවන්නෙ හරිම ආසාවෙන්.

ටොනික් මූඩිත් එහෙමයි. පේන්ට් එක සවුත්තු වෙන්නෙ නැති වෙන්න තලල හරි ලස්සනට පොත් වල අලවනව. නැත්නම් මැද්දෙන් හිලක් ගහල කම්බියක දානව. අන්තිමට හැදෙන්නෙ හරි ලස්සන පාට වලින් හැඩ වුනු සිලිං බිලිං එකක්.

හ්ම්ම්… දැං ඇති නේ, ළමා කාළයෙ මතකයන් අතර තනි වෙලා හිටියා. ගත්ත බඩු ටික ආපහු පෙට්ටියට දාලා ඇඳ යටින්ම තියන්න. මතකය විතරක් අරගෙන ආයෙත් වැඩට බහින්න. හැබැයි ඊට කලින් එක දෙයක් කරන්න ඕන. මෙතන නොකියවුනු විනෝදාංශ තියෙනව නම් පහලින් කමෙන්ට් කරන්න. මොකද ඒක අපිටත් ගොඩාක් රස වින්දනාත්මකයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide