ගෙදර ආදරේ මුසුවුණු, අපේ උදේ කෑම.

"මට රෝල් එකකුයි, පැටිස් එකකුයි දෙන්න"

"අපට පරාටා දෙකකුයි, බිත්තර රොටියකුයි ගේන්න"

"අයියේ, ස්ප්‍රයිට් එකක්. අහ්! ඒක නැත්තන් කොකාකෝලා බඩියක් දෙන්නකෝ"

පහුගිය දවසක උදේ වරුවේ බම්බලපිටිය පැත්තේ කඩේකට ගිය මගේ කණට වැටුණු කතා දෙක තුනක් තමයි මේ. උදේට කන්න වෙලාවක් නොතිබුණු නිසා, ඔෆිස් එකට යන්න කලින් මොනවහරි බඩට දාගන්නයි මාත් මේ පැත්තට ඇදුණේ. මං වගේම එතැන ඇවිත් ඉඳපු අයගෙන් එන මේ කතා බහ ඇහෙද්දී මට හිතුණේ අපේ ජීවිත කොච්චර සංකීර්ණ වෙලාද, කාර්යබහුල වෙලාද කියන එක. ගෙදර අයත් එක්ක එකට වාඩිවෙලා උදේ කෑම කන්න දැන් අවස්ථාව ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒ වෙනුවට, නන්නාඳුනන කාණ්ඩයක් මැද වාඩිවෙලා, කඩේක හැදුණු කෑම කන්න අපි පුරුදුවෙලා.

ඒත් ගෙදර ආදරෙත් එකතුවෙලා, උදේට ගෙදර කුස්සියේ හැදෙන මේ වගේ කෑමවල රස මතක් වෙද්දීත් අපේ බඩ පිරෙනවා.

1. තම්බපු බතල, මඤ්ඤොක්කා

Image Credits : zimbokitchen.com

දැන් වගේ නෙවෙයි, ඉස්සර අපේ අත්තම්මලා, සීයලා එහෙම තමන්ගේ උදේ වේල සරි කරගන්නේ මේ වගේ කෑමකින්. රතු ළූණු ටිකක් පොඩි කරලා, ලුණු, මිරිස්, ඇඹුල් පදමට දාලා හැදෙන ලුණු මිරිසකුත් මේකට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, හීනියට ගාගත්ත පොල් ටිකකුත් තියෙනවනම් තවත් මරු.

2. ආප්ප

දුම් දදා මේසෙට එන ආප්ප කන්නත් හොඳටම ගැළපෙන්නේ හොඳ සැරට හදපු කට්ට සම්බෝලයක් තමයි. ඒ නැත්තන් හොඳ කිතුල් හකුරු කෑල්ලක් තියෙන්න ඕනේ.

3. ඉඳි ආප්ප

රතු හාලෙන් වගේම සුදු හාලෙන් හැදෙන ඉඳි ආප්ප කන්න, උණු කිරි හොද්දක්, අල හොද්දක්, මාළු හොද්දක් එහෙම වරදින්නේ නැහැ. ලුණු, ඇඹුල් යහමින් දාපු පොල් සම්බෝලෙකුත් මේකට එක්කාසු වුණාම ඉඳි ආප්ප සීයකට වුණත් වග කියයි අපේ කට්ටිය.

4. පිට්ටු

පොල් කිරි චුට්ටක් එකතු කරපු කුරක්කන් පිට්ටු කෑල්ලක රස දන්නේ ඒක කාලා තියෙන කෙනෙක් විතරයි. දියවැඩියාව තියෙන අයටත් ගුණයි මේවා. කුරක්කන් පිටිවලින් විතරක් නෙවෙයි, හාල් පිටිවලිනුත් පිට්ටු හදනවනේ. කරපිංචා, උළුහාල් එහෙම දාලා හදපු කිරි හොදි ටිකකුත් වත්කරගත්තම මේකෙන් එන්නේ කොහොමවත්ම බැහැයි කියන්න බැරි රසක්.

5. තම්බපු කඩල/මුං ඇට/කව්පි

Image Credits : Aasai Rasai ආසයි රසයි

දැන් කාලේ පොඩ්ඩෝ ධාන්‍ය කන්නේ සීරියල් විදියට වුණත්, අපි ඒවා කෑවේ තම්බලා. කඩල, මුං ඇට, කව්පි වගේ ඇට වර්ග පැයක් දෙකක් වතුරේ පෙඟේන්න තියලා තමයි තම්බන්න ගන්නේ. තම්බපු පමණින් නම් මේවයෙන් හොඳ රසක් එන්නේ නැහැ. ඒ නිසා හීනියට ගාගත්ත පොල් ටිකක්, ලුණු මිරිස් ටිකක් මේවට එකතු කරගන්න අපි පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට අපේ අම්මලා හැදුවේ තෙම්පරාදු කරපු කඩල. වියළි මිරිස්, ළූණු, කරපිංචා, අබ, වගේම පොල් කෑලි කපලා දාලා හැදෙන මේ තෙම්පරාදු කඩලවල හොඳින්ම රස එන්නේ උණුවෙන් තියෙද්දී තමයි.

6. පොල් රොටි

යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

7. කිරි බත්

පොල් කිරි වැඩිවෙන තරමට රස වැඩිවෙන කිරිබත් කන්නත් හරියන්නේ කට්ට සම්බෝලයක්ම තමයි. කිතුල් හකුරු කෑල්ලකුත් තිබුණම තවත් රස හොඳයි. මාළු ඇඹුල් තියල් එක්කත් කිරිබත් කන්න පුරුදු වුණු අය ඉන්නවා මේ අතරේ. ඒ විතරක් නෙවෙයි, කිරිබත් කියන්නේ සීනි සම්බෝල එක්කත් කන්න පුළුවන් උදේ කෑමක්නේ.

Image Credits : cukbook.blogspot.com​

හැමදාම කන කිරිබත එපා නොවෙන්න, ඒකට පොඩි විවිධත්වයක් දෙන්න තමයි අපේ අම්මලා ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් එහෙම හැදුවේ. ඉඹුල් කිරිබත් හදන්නේ කිරිබත මැද්දට පොල් පැණි තට්ටුවක් දාලා. මේ පොල් පැණි එක කිතුල් හකුරුවලින් හැදුවම එන්නේ දිව්‍යලෝක රසක්.

Image Credits : srilankanfoodforever.blogspot.com

කිරිබත හදද්දිම, මුං ඇට එකතු කරලා හැදෙන මුං ඇට කිරිබත් එකේ රස වගේම හොඳ ගුණයකුත් තිබුණා.

8. වණ්ඩු ආප්ප

Image Credits : TheCulinarycorner

වණ්ඩු ආප්ප කියලා කිව්වට මේක තවත් ආප්ප වර්ගයක් නෙවෙයි. පොල්, උණු කරපු සීනි, හාල් පිටි මිශ්‍රණයක් පැහෙන්න තියලා, කැන්ද කොළ ගොටුවලට පුරවලා, හුමාලයෙන් තම්බලා හදන වණ්ඩු ආප්පවල රස මතක් වෙද්දී අදටත් අපේ කටවල්වලට කෙළ උනනවා.

9. කුරක්කන් තලප

Image Credits : sinhalajanakavi.com

හැට පැන්නත් කිසි මහන්සියක් නැතුව ගෙදරදොරේ වැඩ කරන්න, කුඹුරු යායක් වුණත් අස්වද්දන්න අපේ ආච්චිලා සීයලාට හයි හත්තිය ලබා දුන්නේ මෙන්න මේ වගේ කෑම වර්ග. ඉතින් ඉඳලා හිටලා අපේ ගෙවල්වලත් කුරක්කන් තලප හැදුණේ ඒ නිසාම වෙන්නැති. මේකත් එක්ක කන්න, කොරළි මාළු හොද්දක්, තිබ්බොටු මැල්ලුමක් එහෙම වරදින්නේ නැහැ.

10. රතු හාලේ බත්

Image Credits : karma.lk

හොඳ පොල් සම්බෝලයක්, මිරිස් මාළු හොද්දක් තියෙනවා නම්, අපේ උන්දැලා රතු හාලේ බත් මුට්ටියකට වුණත් වග කියයි. පොල් සම්බෝලේ නැත්තන්, නිකන් පොල් ටිකක් වුණත් මේකට මරු.

මේ කොයි කෑම වර්ගයක් වුණත් කෑවට පස්සේ, හොඳ උණු ප්ලේන්ටියක් බොන්නම ඕනේ. මොකද තේ තියන්නේ අපේ ජාතික බීම වගේනේ. උදේට එන කම්මැලිකම, නිදිමත ගතිය ක්ෂණයෙන් නැති කරන්න වගේම, උදේ කෑම වේල සම්පූර්ණ වුණා කියලා අපට දැනෙන්නෙත් ප්ලේන්ටියක් බිව්වම තමයි.   

"උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ"; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති. දැන් කාලේ උදේට කන ගොඩක් කෑම වර්ගවලින් අපේ බඩ පිරෙන්නේ ඒ වෙලාවට විතරයි. කොච්චර ෂෝට්-ඊට්ස්, පරාටා, බිත්තර රොටි කෑවත් දවල් එකොළහ, දොළහ වෙද්දී අපට බඩගිනි වෙන්නෙත් මේ නිසයි. ඒ විතරක් නෙවෙයි, මේවයේ ඒ හැටි ගුණයකුත් නැහැනේ.

ඉතින් සතියට දවසක් දෙකක් හරි මේ කිව්ව කෑම වර්ගයක් උදේ කෑමට එකතු කරගන්න පුළුවන් නම්, ඔයාලගේ හිතයි බඩයි දෙකම පුරවගන්න පුළුවන් වෙයි. අනික කඩෙන් කන්න වියදම් නොවෙන නිසා, අතෙත් කීයක් හරි ඉතුරු වෙනවනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide