බලන්න..! හදවතට දැනෙන්න හදපු ලංකාවෙ ලස්සනම කෙටි චිත්‍රපට 10ක්.

ආදරය විරහව, ත්‍රාසය, භීතිය, දුක සතුට, ලංවීම වෙන්වීම, සිනහව…

ඇත්තටම හරිම පුදුමයිනේ. විනාඩි කීපයක් ඇතුලත කෙටි චිත්‍රපටයකින් ගේන හැඟීම් තොගය!

ඒ විතරක් නෙවෙයි සමාජයට හොඳ, නරක ආදර්ශ දෙන්නත් කෙටි චිත්‍රපටවලට තියෙන්නෙ පුදුම හැකියාවක්. තිර රචකයා අතින් තීරණය වෙන මේ හැම දෙයකම, ඉරියව්වලට නැගෙන මොහොතෙ සුන්දරත්වය දකින්නෙ අධ්‍යක්ෂකවරයා. අන්න ඒකයි ඕනම චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයා ගැන වැඩි කතා බහක් සිද්ධ වෙන්නෙ. හැබැයි ඉතින් නලු නිළියොත් සෑහෙන්න දක්ෂ වෙන්න ඕන. එතකොට තමයි හොඳ නිර්මාණයක් බිහිවෙන්නෙ.

අපේ රටේ චිත්‍රපට ක්ෂේත්‍රය ගැන ලොකු විස්තරයක් කියන්න ඕන නෑනෙ. බ්‍රෑන්ඩ් නිව් චිත්‍රපට බිහිවෙනව සෑහෙන්න අඩුයි. හැරත් කොපි කරන්නෙ බොලිවුඩ් ඒවයින් නිසා රස වින්දනයත් අන්තිම අවුල්. ඉඳල හිටල හරි එක තේරුමක් ඇති චිත්‍රපටයක් ආවත් ඔය ‘සදාචාර’ වචනයක් දාලා ඒක තහනම් කරනව. මොනව කරන්නද ඉතින්.

මේ වගේ කාලයක තමයි ලාංකීය කෙටි චිත්‍රපට ක්ෂේත්‍රය ඇටෙන් පොත්තෙන් එළියට එන්නෙ. එහෙමයි කියල ඒවගෙත් ලොකු වෙනසක් නම් නෑ. තායිලන්ත, චීන, කොරියා වගේ රටවල්වල කෙටි චිත්‍රපට එක්ක සංසන්දනය කරන්න තරම් කොලිටියක් නැති වුනාට ලංකාවෙත් හොඳ නිර්මාණ නැතුවම නෙවෙයි. වැඩේ තියෙන්නෙ අපේ නිර්මාණකරුවන්ට කවුරුත් අත හිත දෙන්නෙ නෑනෙ.

ඔන්න ඔය නිසයි අපි හිතුවෙ යූ ටියුබ් එක පීරල හරි හොඳ කෙටි චිත්‍රපට ටිකක් තෝරගෙන ඔයාලට පෙන්නන්න. ඒක ඒ නිර්මාණ කරුවන්ටත් ලොකු ධෛර්යයක් වේවිනෙ.

එහෙනම් මේ කෙටි චිත්‍රපට ටික බලල හොඳ නරක කියන්නකෝ.

1. යාළුවා

මාධ්‍ය කලා සහ කළමණාකරන පාසලේ කාමින්ද, චින්තක, ඩිල්ෂාන්, යොෂාන් කියන යාලුවො ටික එකතු වෙලා කරපු සුපිරි කෙටි චිත්‍රපටයක්. විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ මේ නිර්මාණය පිටිපස්සෙ ලංකාවෙ ප්‍රසිද්ධ චිත්‍රපට නිර්මාණකරුවෙක් වෙන සෙනේෂ් මහත්තයත් ඉඳල තියෙනව.

යාළුවා කෙටි චිත්‍රපටයෙ තියෙන්නෙ සුන්දර කඳුලු කතාවක්. විශ්ව විද්‍යාල වරම් ලබපු ගෑණු ළමයෙක්ට මුණ ගැහෙන අළුත් යාළුවො සෙට් එක නිසා ආශ්‍රයෙන් මිදෙන පරණ යාළුවා… කාලයක් තිස්සෙ තනි රැකපු ඒ යාළුවට මේ ගෑණු ළමයගෙ අතින් සිද්ධ වෙන නොසැලකිල්ල. විනාඩි 7කට සීමා වුනු මේ කෙටි චිත්‍රපටය නම් අනිවාර්යයෙන්ම හිතන්න දෙයක් ඉතුරු කරාවි.

2. අමතක වූ මුතු ඇටය (තාවරි පිරන්ත තරලම්)

රෙඩ් පික්ස් කෙටි චිත්‍රපට ආයතනයත් එක්ක එකතු වෙලා වතීස් වරුණ් හදපු ලස්සන දෙමළ චිත්‍රපයටක්. කතාවෙ තියෙන්නෙ යුද්ධෙ කාලෙ දෙමළ පවුලක සිද්ධ වෙච්ච සිද්ධියක්. හෙලිකොප්ටර් සද්දෙට ‘අම්මේ අම්මේ’ කියාගෙන අම්මා ලඟට දුවගෙන එනන පුංචි කොලු ගැටයට තමන්ගෙ අම්ම නැති වෙන්නෙ යුද්ධෙ නිසා නෙවෙයි, තමන්ගෙ තාත්තා නිසා. දිළිඳු කමයි, නූගත් කමයි නිසා පවුලේ ඇති වෙන ආරවුල්වල අවසානය, තාත්තා සුළු මවක් ගෙදරට කැන්දාගෙන ඒම. ඒත් පොඩි එකාට දරාගන්න බැරි වෙන්නෙ ඒක විතරක්ම නෙවෙයි තමන්ගෙ ආදර අම්මත් වෙන පිරිමියෙක් එක්ක පැනල යාම.

වෙඩි සද්දෙට බයේ, දැන් මං දුව ගෙන එන්නෙ කා ලඟටද අම්මේ…  

3. වැහි වහීවිද

අැස් රතු වෙනකම් කඳුලු උනනකම් ඔහු මග බලන් හිටියා. වෙන දෙයකට නෙවෙයි වැහි වැටෙනකම්. බැරිම තැන ගිහින් වේළුණු පොළව කොටන්න පටන් ගත්තා. වෙන දෙයකට නෙවෙයි මොනව හරි වවා ගන්න. තේරුමක් නෑ. ඔහු අාපහු හැරුණෙ ගෙදර එන්න. ඒත් ගේ ලඟට එද්දි මහා වැස්සක් ඇද හැලෙන්න පටන් ගත්තෙ කුඹුරු විතරක් සරු වෙන්න නෙවෙයි මුලු ජීවිතයම සරු වෙන්න.

ඉස්සරහට ආපු ලියුම් කාරයගෙ අතේ එන්නෙ ඔහුගෙ විශ්ව විද්‍යාල ප්‍රවේශ පත්‍රය.

නිර්මාණය ධනුෂ්ක මධුෂංක සෙනවිරත්නගෙ.

4. බර

රොහාන් සමරසිරි නිර්මාණය කරපු ‘බර’ කෙටි චිත්‍රපටයෙ තියෙන්නෙත් නොහිතන අවසානයක කඳුලක් උනන අපූරු කතාවක්. පිටකොටුවේ මුට්ට කර ගහන මනුස්සයකගේ දවස ගෙවෙන විදිය. උදේ ඉඳන් කිලෝ පනහේ මුට්ට තොග ගණන් කඩේට පටවන ඔහු හවසට තම ආදරණීය දුවට ගෙනියන පුංචි තෑග්ග, ග්‍රෑම් දෙසිය පනහක රතු බූන්දි.

5. මගේ පවුල

පවුල් ආරවුල් මැද තනි වුනු පුංචි දියණියක්, මගේ පවුල මාතෘකාව යටතේ ඇඳපු චිත්‍රයේ ලස්සන! කඳුලු කතාවකටත් වැඩිය මේක ආදර්ශමත් කතාවක්. අම්මගෙයි තාත්තගෙයි සණ්ඩු සරුවල් පොඩි ළමයින්ගෙ මනසට කාවදින විදියත් ඒ දේවල් එයාගෙන් එළියට එන විදියත් හරි ලස්සනට මේ කෙටි චිත්‍රපටයෙ අඩංගු වෙලා තියෙනව.

සිනෙමේනියා ආයතනය නිශ්පාදනය කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරෙන්නෙ චන්ද්‍රසිරි අතුකෝරාළ මහත්තය අතින්. තිර රචනය ශෂිනි රුවන්ති ගමගේ මහත්මියගෙන්.

6. හෘද සාක්කි

එච් එම් සසික චතුරංග මේ බෞද්ධ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නෙ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන්. ඒ නිසාමද කොහෙද මේ චිත්‍රපටයෙ තියෙන කතාව හරි ලස්සනට හදවතට වදිනව.

තණ්හාව නිසා තිබිච්ච දේත් නැති කරගත්තු කරුමක්කාරයෙකුයි දනට පිනට ලැදි අහිංසක අන්ධ මනුස්සයෙකුයි  අතරෙ සිද්ධ වෙන අපූරු සිදුවීමක්. අන්ධ මනුස්සයාට ඇදෙන ස්වීප් ටිකට් පත කපටි කමෙන් තමන්ගෙ කර ගන්න ඔහු සල්ලි අරන් ගෙදර එන්නෙ ලොකු දෙගිඩියාවකින්. අනේ දවසක්වත් ගත වෙන්න වුනේ නෑ. හොරු කණ්ඩායමක් ගෙදරටම ඇවිල්ල ඒ සල්ලි අරන් යන්නෙ ගෙදර බිරින්දෑටත් හිංසා පීිඩා කරල. ඒත් අර වයසක අන්ධ මනුස්සය…

කතාව බලලම හිටිය නම් තමයි හොඳ.

7. පරවියා

කඳුලු උනන ආදර කතාවක්. මනුස්සකම දෝර ගලන අහිංසක ගොලු තරුණයෙක්. ආදරයෙන් පැරදිලා බෙල්ලෙ වැල දාගන්න යන තරුණිය ජීවත් වෙන්න හිත හදා ගන්නෙ ඔහු නිසා. ඒත් අන්තිමට, කලින් ආදරවන්තයාගෙ බහට නැවෙන්නෙ ඇයි කියල නම් හිතා ගන්නවත් බෑ.

ඔහු, ගොලු පරවියා. වෘත්තියයෙන් ලියුම් බෙදන්නෙක්. ආදරයෙන් පැරදුණු තරුණියට ලස්සන මතකයන් ගොන්නක් දීලා නොකියාම යන්නෙ කතා කරන්න බැරි නිසාම නම් නෙවෙයි.

“මං යනවා. සතුටින් ඉන්න” මීට,පරවියා.

අධ්‍යක්ෂණය සුධාරක කුමුදු. තිර රචනය ප්‍රසන්න අනුරුද්ධ.

8. දේපළ

මේ කෙටි චිත්‍රපටයෙ නිශ්පාදන තොරතුරු නම් හොයාගන්න බැරි වුනා. ඒත් කතාව හරිම ලස්සනයි. නැති බැරි පවුලක ජීවත් වෙන පුංචි අයිය කෙනෙකුගෙයි නංගි කෙනෙකුගෙයි අහිංසකකම නිසා එයාලා ඉන්න ගෙයයි දෙමාපියනුයි මුදලාලි කෙනෙක්ගෙන් බේරෙන අපූරු කතාවක්. උකස ගෙවා ගන්න බැරුව සින්න වුනු ගෙදර අත ඇරල යන්න ඔන්න මෙන්න තියෙද්දි පුංචි දියණිය ලෙඩ වෙන්නෙ හරිම අවාසනාවන්ත විදියට. ගේ අත ඇරල යනව කියල දැන ගත්තාම ඇය බිත්තිය මුල්ලෙ හංගල තිබුණු පාට කූරු ටික තුරුළු කර ගන්නෙ ඇස් අගට කඳුලු ගංගාවක උරුම කරල.

9. උණු හිනා

හරිම ලස්සන කතාවක්. නිර්මාණය වෙන්නෙ රොහාන් වර්ණකුලසූරිය මහත්තය අතින්. අයිස් දැකල නැති පුංචි නංගිට අයිස් කැටයක් ගෙනියන්න වෙර දරන අපූරු අයියා කෙනෙක්. අනේක දුක් විඳල අයිස් කැටයක් ගෙදර ගෙනියද්දි නංගිට හොඳටම සනීප නෑ. ඒත් අයියා ගෙනාපු අයිස් කැටය දැක්කාම අසනීප කොහෙන් ගියාද නැති නංගි හරිම ආසාවෙන් තමයි ඒක කටේ දාගන්නෙ.

10. චාඕ

ඉල්හාම් හුසේන් අධ්‍යක්ෂණය කරපු චාඕ. කතාවෙ තියෙන්නෙ ඉතාලි යන්න මාළු බෝට්ටුවකට ගොඩවෙන තරුණයො දෙන්නෙක් අත්විඳින අමිහිරි අත් දැකීම් තොගයක්. හරිම ලස්සන කෙටි චිත්‍රපටයක්. හොඳම වැඩේ තමයි ඉස්සෙල්ලම බලල පස්සෙ කතා කරන එක.

හ්ම්ම්…

ඇස් අගට කඳුළු උනන කෙටි චිත්‍රපට ගණනාවක් ගැන කිව්වට අපිට හොයා ගන්න බැරි වුනු, මීට වැඩිය ලස්සන චිත්‍ර පටත් ඇති. ඒ නිසා මතක ඇතුව ඔයාලා දන්න ඒ වගේ ඒවත් අපිට එවන්න. අපි වගේම අපේ යාළුවොත් ආසයිනෙ ඒව බලල රස විඳින්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide