ලංකාවේ සංචාරයකට එන්න ඉන්න අයට, දෙන්න පුළුවන් හොඳම හේතු 10ක්.

පරක් තෙරක් නොපෙනෙන මහ සයුරක් මැද්දේ පිහිටපු පුංචි දිවයිනක් වුණත්, දැන් දැන් ලංකාවට ඇදෙන සංචාරකයන් ප්‍රමාණය හුඟක් වැඩියි. ලෝකේ තියෙන රටවල් 196ක් අතරින්, නිවාඩුවකට එන්න හොඳම රටක් විදියට ලංකාව ම තෝරාගන්න ඕනේ ඇයි කියලා කෙනෙක් ඔයාගෙන් ඇහුවොත්?; ඔයා දෙන උත්තරේ කොයි වගේ වේවි ද?

ඉතින් මේ ගැන හිතලා බලපු අපි, ඒ වගේ හේතු දහයක් එකතු කරපු පුංචි ලැයිස්තුවක් හැදුවා.

1. ප්‍රෞඩ ඉතිහාසය

ලංකාව කියන්නේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන රටක්. පැරණි පොත්පත්වලින් වගේම, නටබුන්වලින් මේ බව හරි අපූරුවට පෙන්නුම් කරනවා. මුහුදෙන් වටවුණු පුංචි දිවයිනක් ඇතුලේ, ඒ වගේ ප්‍රෞඩ ඉතිහාසයක සාක්කි තිබීම, ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ කාරණයක්.

අවුරුදු 34000කට කලින් හිටි බලංගොඩ මානවයාගේ ඉඳන්, ආර්යයන්ගේ සංක්‍රමණය, අනුරාධපුර, පොළොන්නරු හරහා මහනුවර යුගයන් දක්වාත්, ඊට පසු කාලයටත් අදාළ වුණු නටබුන් බොහොමයක් අද වෙද්දීත් අපට දැකගන්න පුළුවන්. මාලිගා, බලකොටු, සෙල්ලිපි වගේ දේවල් මේ අතර තියෙනවා. ඒ කාලේ ජීවත්වෙලා නොහිටියත්, අතීතයේ සිද්ධ වෙච්ච දේවල් දෑහින් දැක්කා වගේ සතුටු වෙන්න පුළුවන් දේවල් තමයි මේ.

2. ජෛව විවිධත්වය

ජෛව විවිධත්වය පැත්තෙන් ගත්තොත් ගත්තොත් ලංකාව බොහොම පොහොසත් රටක්. හබන් කුකුලා, කැහි බෙල්ලා, කළු වඳුරා, මීමින්නා වගේ ලංකාවට ආවේනික සතුන් විශේෂ වගේම, ශාක විශේෂ වර්ගත් බලාගන්න පුළුවන් විදියේ වනාන්තර මේ රටේ ඕනෑ තරම්. සිංහරාජ, නකල්ස්, කන්නෙලිය මේ ගොන්නට එකතුවෙන වනාන්තර කීපයක්.

ඒ විතරක් නෙවෙයි, වනෝද්‍යාන කීයක් නම් ලංකාවේ තියෙනවද? ස්වභාවික පරිසරය ඇතුලේම, හිතේ හැටියට සත්තු බලන්න යන්නම ඕනේ තැන් තමයි මේ වනෝද්‍යාන. යාල, උඩවලව, විල්පත්තුව, වස්ගමුව, මින්නේරිය; ඒ අතරින් කීපයක්. බලි බැලිල්ල තරම් ආසාවෙන් අලි බලන්න කැමති ඇත්තොන්ට පුළුවන් පින්නවල අලි අනාථාගාරය පැත්තේ යන්නත්.

3. කාලගුණය

ලංකාවේ කාලගුණය කාටත් හරියන එකක්. වැඩි හීතලකුත් නෑ; වැඩි රස්නෙකුත් නෑ; නියම ගාණ. සීතල දේශගුණේක සුමානයක් දෙකක් ඉඳලා එන්න ආසයි නම්, ඔය නුවරඑළිය පැත්තේ රවුමක් කැරකිලා එන්න පුළුවන්. පොඩ්ඩක් රස්නේ වැදෙන්න ඕනේ නම්, ඔය යාපනේ පැත්තට ගිහින් එන්න බැරියෑ. ලංකාවේ තියෙන මේ නිවර්තන කාළගුණය, ඇත්තටම කෙනෙක් අත්විඳින්න ම ඕනේ දෙයක්.

4. මුහුදු වෙරළ

ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණු ලංකාවට ලස්සන කැන්දන තවත් දෙයක් තමයි ලංකාව වට කරගෙන තියෙන ලස්සන මුහුදු තීරය. රැල්ල පාගන්න, නාන්න විතරක් නෙවෙයි, කොරල් පර, ලස්සන මසුන්, වෙනත් මුහුදු ජීවීන් නරඹන්නත් අපූරු තැනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. හවස් ජාමෙට රතු පැහැ ගැන්වුණු අහස් තීරයෙන් ඉර බැහැගෙන යන විදිය හරිම ලස්සනට දිස්වෙන මේ මුහුදු තීරය, ලංකාවේ අපි හැමෝම රැක බලාගන්න ඕනේ සම්පතක්.

5. කලාව

ලංකාව කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ පැවතගෙන එන කලා ශිල්ප රාශියකින් සමන්විත රටක්. අදටත් මේවා ඉදිරියට පවත්වාගෙන යන්න ඇප කැප වුණු කණ්ඩායම් මේ රටේ විවිධ ප්‍රදේශවලින් දැකගන්න පුළුවන්. පැදුරු වියන දුම්බර මිටියාවත, වෙස් මුහුණු හදන අම්බලන්ගොඩ, බතික් රටා දමන මහවැව, ඒ වගේ නගර අතුරින් කීපයක්.

අපේ සම්ප්‍රදායික නැටුම්, ජන ගී හැකියාවන් පෙන්වන ගම්මඩු, බලි තොවිල්, පෙරහැර වගේ දේවලුත් ලංකාවේ විවිධ ගම් දනව්වල පැවැත්වෙනවා. ඒ විතරක් නෙවෙයි, කලින් කිව්ව නටබුන් අතරේ සැඟවුණු චිත්‍ර කලාව ගැනත් මෙතැනදී අමතක කරන්න බැහැ. එක එක යුගයන්වලදී විවිධාකාරයේ ලී සහ සෙල් කැටයම්, චිත්‍ර ශෛලීන් මේවයින් දැකගන්න ලැබුණා. සීගිරි බිතු සිතුවම්, ඇම්බැක්කේ ලී කැටයම්, සඳකඩ පහණ වගේ දේවල් පුරාණ ශ්‍රී ලාංකිකයන්ගේ කලාත්මක බව පෙන්වන උදාහරණ අතලොස්සක් විතරයි.

6. ආගම්

බහු ආගමික රටක් වුණු ශ්‍රී ලංකාව තුළ, ප්‍රධාන වශයෙන්ම ඉන්නේ බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම සහ කතෝලික ආගම අදහන අයයි. මෙන්න මේ නිසා, සංස්කෘතීන් හතරකින් එන අංග එකට එක්කාසු වෙලා තියෙනවා.

ජනවාරියේදී තයිපොංගල් සමරන අපි, අප්‍රේල් මාසේ වෙනතුරු ඉවසිල්ලක් නැතුව ඉන්නේ සිංහල අලුත් අවුරුද්ද නිසාවෙන්. ජුලි, අගෝස්තු මාස එද්දී කට්ටියම බලන් ඉන්නේ රාමසාන් සඳ අහසේ පේන තුරුයි. මොකද අපි දන්නවා වටලප්පන් කන්න ලැබෙන කාලේ ළඟයි කියලා. සීතල දෙසැම්බරයේ නත්තල් ගහක් සරසලා, නත්තල් සීයා එනතුරු ඇඟිලි ගණින එක තමයි අපේ පුරුද්ද. අවුරුද්ද පුරාවටම මේ වගේ ලස්සන සංස්කෘතික උත්සව සමූහයක් දැකගන්න අපට හැකියාව ලැබෙන්නේ, ලංකාව බහු ආගමික රටක් නිසයි.

7. කෑම බීම

ඇත්තම කතාව නම්, ලංකාවට ආවේනික කරියක රස බලන්න ඕනේ නම්, ලංකාවටම එන්න ඕනේ. ලංකාවේ රසට කෑම හදන තැන් ලෝකේ වටේ තිබුණත්, ඒ හැම තැනම ඔරිජිනල් ලංකා රසය ඇති කෑම වර්ග තියෙනවා කියලා කියන්න අමාරුයි. හත් මාළුව, මාළු ඇඹුල් තියල්, කෙහෙල්මුව මාළුව, පැපොල් අච්චාරුව වගේ ලංකාවේ රස හොඳින්ම ගැබ් වුණු කෑම කොච්චර තියෙනවද? ඒ රස බලන්න පුළුවන් ඉතින් ලංකාවෙන්ම විතරයි.

අනිත් දේ තමයි, වෙනත් රටවල්වල ශෛලීන්ට අයිති වෙන කෑම වර්ගත් ගන්න පුළුවන් තැන් මෙහේ ඕනේ තරම් තියෙනවා. ඔරිජිනල් චයිනීස්, ඉතාලි, තායි, ජැපනීස් වගේම, ඒ දේවල් ලංකාවේ රසයට ගළපන්නත් අපේ උදවිය සමත්.

ඇමරිකාව, ඉන්දියාව, හෝ යුරෝපීය රටවල්වල තරම් පොහොසත් ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියක් ලංකාවේ නැති බව හැබෑව. ඒත් ගෝල් ෆේස් පැත්තේ, හල්ෆ්ස්ඩෝර්ප් පැත්තේ ගියොත් නම්, මෙහේ රසයට කැපෙන ස්ට්‍රීට් ෆුඩ් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි.

8. ස්වභාව සෞන්දර්යය

එක පෙළට නිල්ල වගේ දිලිසෙන වෙල් යායවල්, සුදු පෙණ පිඩු විසිරුවමින් ඇද හැලෙන දිය ඇළි, අහස කොටසක් වසාගන්න තරම් උසින් යුතු කඳු මුදුන්; ලංකාවේ ස්වභාව සෞන්දර්යය හරි අපූරුවට නිරූපණය කරන සාධක අතරින් කීපයක් තමයි මේ. දවස් ගණන් වුණත් ගිහින් නැවතිලා මේ ලස්සන රස විඳින්න පුළුවන් විදියේ හෝටල් පහසුකම් පවා මේ ප්‍රදේශවල තියෙනවා.

9. සුහදශීලී මිනිස්සු

“සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති. භාග්‍ය සම්පන්නද වෙති. ඔවුහු මධුර කතා ඇති අතර ආදරශීලී මනුෂයෝය.”

රොබට් නොක්ස්; ඈත අතීතයේදී ම ලංකාව ජාත්‍යන්තරට අරගෙන ගිය එක් පුද්ගලයෙක් තමයි මේ. 1641- 1720 කාල වකවානුවේ, බ්‍රිතාන්‍ය නැගෙනහිර වෙළද සමාගමේ නැවක වැඩ කරපු ඉංග්‍රීසි  කපිතාන් කෙනෙක් වුණු ඔහු, An Historical Relation of the Island Ceylon in the East-Indies යන පොත ලිව්වේ ලංකාව ගැන ඔහුගේ අත්දැකීම් පදනම් කරගෙනයි. මේ පොතේ සිංහල පරිවර්තනය වෙන්නේ ඩේවිඩ් කරුණාතිලකයන්ගේ “එදා හෙළ දිව” පොතයි.

ආගන්තුක සත්කාරය අතින් බොහොම ඉහල රටක් විදියට, ශ්‍රී ලංකාව ලෝකය පුරාම ප්‍රසිද්ධයි. අද වගේම එදාත් ලාංකිකයන්ගේ ඒ ගතිගුණය එහෙමම තිබුණු බවට සාක්කි රොබට් නොක්ස්ගේ පොතෙත් තියෙනවා.

කණේ කරේ තියෙන දේ කඩාවඩා ගන්න මාන බලන පිරිසකුත් මේ අතරේ නැතුවම නෙවෙයි. ඒත් ලංකාවේ බහුතරයක් බොහොම සුහදශීලියි.

10. අවම මිල

ලංකාවේ සවාරියක් එන කෙනෙක්ට ලැබෙන ලොකුම වාසිවලින් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ගමනාගමනය, කෑම බීම, විතරක් නෙවෙයි, ෂොපින් කරද්දී පවා ලංකාවේ වැය වෙන මිල හරිම අඩුයි. ලෝකේ අනිත් රටවල් එක්ක සසඳලා බැලුව ම වුණත්, මේ බව බොහොම හොඳින් තහවුරු වෙනවා.

ලංකාව කියන්නේ පුංචි රටක්. ඒ නිසා “මේ සේරම බලා කියාගන්න දවසක් දෙකක් මදැයි” කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි බව කියන්නම ඕනේ. මොකද මේ පුංචි රට ඇතුළේ අඟලක් අඟලක් ගාණේ රස විඳින්න පුළුවන් දේවල් එමටයි.

ලංකාවේ සංචාරයකට එන්න ඉන්න පිටරට කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම හේතු දහයක් තමයි අපි මේ විදියට සඳහන් කළේ. අපට මඟ හැරුණා කියලා ඔයාලා හිතන තවත් කාරණා තියෙනවද? එහෙනම් ඒවා කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide