අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යක්කු 9දෙනෙක්.

“අඟුරු කකා, වතුර බිබී කොළඹ දුවන යකඩ යකා!”

ඇච්චෝ බැච්චෝ කාලේ ඉඳන් අහලා පුරුදු මේ වචන පෙළ අපට මතක් කරන්නේ ලංකාවේ වාෂ්පයෙන් දුවපු කෝච්චි තිබුණු අතීතයයි. සුද්දගේ කාලේ බිහිවෙච්ච ලංකාවේ දුම්රිය ගමන්වලට මේ වෙද්දී අවුරුදු බර ගණනක් පිරිලා. මුලින් වාෂ්පයෙන් දිව්වට මොකද, ඊටපස්සේ කරළියට ආවේ ඩීසල් එන්ජින්. දැන් වැඩියත් ම තියෙන්නේ සෑහෙන වේගෙන් දුවන බලවේග කට්ටල.

අලුත් අලුත් “ගැජමැටික්ස්” තියෙන එන්ජින් ආවට මොකද, මුල අමතක කරන එක හොඳ නෑනේ. ඒකයි අද අපි හිතුවේ ලංකාවේ පාවිච්චි වුණු, පාවිච්චි වෙන ප්‍රසිද්ධ ඩීසල් එන්ජින් ටිකක් ගැන කතා කරන්න.

1. ලංකාවේ පළමුවෙනි ඩීසල් එන්ජිම; M1

Image credits : Pamuditha

ලංකාවට ගෙනාව පළමුවෙනි ඩීසල් එන්ජිම තමයි මේ. 1953 අවුරුද්දේ ලංකාවට ආව M1 පන්තියේ එන්ජිම 1983 වගේ වෙනකම් එක දිගට පාවිච්චි වුණා. මේ එන්ජිමේ උපරිම වේගය පැයට කිලෝමීටර 88ක්. හැබැයි 1984දී, ලංකාවට ගෙනාව M1 එන්ජින් 25ම භාවිතයෙන් අයින් කළා. මොකද ඒ වෙද්දීත් මේ එන්ජින්වලින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගෙනයි තිබුණේ. අනික අලුත්වැඩියාවට ඕනේ අමතර කොටස් හොයන්නත් අමාරු වුණා.

Image Source : slrailinfo.wordpress.com

කඩුගන්නාව ඉස්ටේසමේ ප්‍රදර්ශනයට ඇති අංක 560 දරණ M1 එන්ජිම, අදට ලංකාවේ ඉතුරුවෙලා තියෙන අන්තිම M1 එන්ජිමයි.

2. සුනාමියට ගිය M2

Image Credits : Hafiz Issadeen

2004 අවුරුද්දේ සුනාමියේදී පැරෑලිය ආශ්‍රිත ව සිද්ධවුණු දුම්රිය අනතුර මතකද? මේකෙදී  අනතුරට පත්වෙච්ච දුම්රියේ තිබුණෙත් M2 එන්ජිමක්. 1954 ඉඳන්, අද වෙනකම් ම අවුලක් නැතුව දුවන මේ එන්ජිමට ලංකාවට මේක ඒ කාලේ තිබුණු “කොළඹ ක්‍රමය” කියන ආධාර ක්‍රමය යටතේ, කැනඩාවෙන්. මුලට ම M2 එන්ජිමෙන් දිව්වේ රුහුණු කුමාරි. ඊටපස්සේ උඩරට මැණිකේ එක්ක දුවන්නත් මේ එන්ජිම පාවිච්චි වුණා.

3. එදා ඉඳන් අද වෙනකම් වැඩ; M4

Image Credits : Nazly Ahmed

ගෙන්නපු දවසේ ඉඳන් අද වෙනකන් ම සාර්ථකව ගමනේ යෙදෙන එන්ජින් ගොන්නට මේකත් එක්කාසු වෙනවා. 1975දී ලංකාවට ආව M4 එන්ජිම පාව්ච්චි වෙන්නේ දුර දුවන ශීඝ්‍රගාමි දුම්රියන්වලට. කැනඩාවේ තමයි මේ එන්ජිමත් උපත ලැබුවේ. මේ වෙද්දී අපේ රටට ලැබිලා තියෙන M4 එන්ජින් ගණන 14ක්. යනඑන ගමන්වල හැටියට, හැම M4 එන්ජිමකට ම නමකුත් දීලා තියෙනවා. ඒ මඩු, සීගිරි, රුවන්වැලි, නමුණුකුල, කැලණි, වලවේ, දුන්හිඳ, ඉසුරුමුණි, දියලුම, පේදුරුතුඩුව, සමනල, මැණික්, මහවැලි, සහ ලක්ෂපාන විදියට. හැබැයි මේ යකඩ යක්කුන් ව, තව දුරටත් නිෂ්පාදනය වෙන්නේ නැහැලු. මොකද 2000 අවුරුද්ද කිට්ටු කාලෙදී මේවා හදන කම්හල ගින්නෙන් විනාශ වෙලා.

4. ජපන් රටේ උපත ලබා ලංකාවට ආ M5

Image Credits : Pamuditha

පාරේ යන බස් එකක පෙනුමට සමාන මේ එන්ජිම වැඩිපුර ම පාවිච්චි වුණේ කඳුකර පැතිවල දුවපු කෝච්චිවලට. මේ වෙනස් හැඩයට හේතුවත් කඳුකර මාර්ගවල යනකොට දුෂ්කර  දුම්රිය රියදුරාට පැහැදිලි ව මාර්ගය දැකගන්න සැලැස්වීමයි. උඩරට මැණිකේ, පොඩි මැණිකේ එහෙම එක්කරගෙන නුවර, බදුලු ගියපු මේ M5 එන්ජිම අද වෙද්දී දැකගන්න ලැබෙන්නේ හරි අඩුවෙන්. ඒකට හේතුව තමයි ගෙන්නලා පොඩි කාලෙකින් ම මේ එන්ජින්වල තාක්ෂණික ගැටලු ඇතිවෙච්ච එක.

1979දී තමයි මුලට ම මේ එන්ජිම ලංකාවට ගෙනාවේ. ඒ වෙද්දී තිබුණු අනිත් එන්ජින්වලට වඩා බරින් සැහැල්ලු එන්ජිමක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. එදා ඉඳන් අද වෙනකම් මේ වර්ගයේ එන්ජින් 16ක් අපේ රටට ඇවිදින් තියෙනවා.

5. අපට ම කියාපු W2 එන්ජිම

Image Credits : Hafiz Issadeen

W2 එන්ජිම ලංකාවට ආවේ 1969දී. මේ එන්ජිම ඒ කාලේ ඉඳපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ව ඉඳපු බී.ඩී රම්පාල මැතිතුමා සැලකුවේ ලංකාවට ගැලපෙන ම එන්ජිම විදියටයි. ඒ නිසා ම, මේ එන්ජිම හදපු ජර්මානු කොම්පැනිය, ලංකාව වෙනුවෙන් ම එන්ජින් 14ක් නිෂ්පාදනය කළා.

ඉස්සර උඩරට දුවපු ගැරට් කාණ්ඩයේ වාෂ්ප එන්ජින් පාවිච්චියෙන් අයින් වෙනකොට, ඒ වෙනුවට යොදාගැනුනේ මේ එන්ජිමයි. මිනිස්සුන් ව වගේ ම, බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන්නත් මේක හරි රුසියා.

6. කඳුරට ගමනට තකටතක; M6 එන්ජිම

Image Credits : Clarence Cooray

1979දී ලංකාවට ගෙනාව M6 එන්ජිම, කඳුරට ගමන්වලට නියමෙට ම ගැලපෙන ඇත්තෙක්. මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ දිරන ගතිය අඩු අමුද්‍රව්‍යවලින්. ඒ නිසා සවි ශක්තිය සෑහෙන්න වැඩියි. ගොඩක් කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. වංගු අස්සෙන් ලස්සනට රිංගලා යන්න පුළුවන් විදියේ හැකියාවකුත් මේකට තියෙනවා. එන්ජිමේ කොතැන ඉඳන් ධාවනය කරත්, ඩ්‍රයිවර් මහත්තයට සෑහෙන්න පුළුල් දුරක් දැක බලාගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙන නිසා පරිස්සමටත් හොඳයි. එදා වගේ ම අදටත් M6 එන්ජිම පාවිච්චි වෙන්නේ උඩරට මැණිකෙලා, පොඩි මැණිකෙලා එක්කරගෙන යනඑන ගමන්වලට ම තමයි.

7. සයිස් එකේ හැටියටද වැඩ?; M7 එන්ජිම

Image Credits : lcgb.org.uk

දොඩම් ගෙඩි තුනක් සයිස් උස නැති වුණත්, සෑහෙන්න වැඩ කිඩ දන්න යාළුවෙක් ඔයාලටත් ඉන්නවද? මේ M7 එන්ජිමත් ඒ වගේ. 1981දී මහා බ්‍රිතාන්‍යයේ උපත ලබලා ලංකාවට ආව මේක, අද වෙද්දී ලංකාවේ යොදාගැනෙන එන්ජින් අතරින් අඩුම දිග, අඩුම බලය සහ අඩුම බර සහිත ඩීසල් එන්ජිමයි. ඔය උදේ හවා කන්තෝරු උදවිය කරගහගෙන යන සමහර කෝච්චිවලට මේ එන්ජිම පාවිච්චි වෙනවා. කඳුකර මාර්ගයේ නම් මේක පාවිච්චි වෙන්නේ වෙන කිසි ම එන්ජිමක් නැති වෙලාවක විතරයි.

ලංකාවට ආව M7 එන්ජින් දහසයෙන්  15ක් ම කිසි අවුලක් නැතිව ධාවනයේ යෙදෙනවා. මෙයින් එක එන්ජිමක් ම තමයි පහුගිය 1999 අවුරුද්දේ රඹුක්කනදී අනතුරකට ලක්වුණේ. සමහරු කියන විදියට, එලිසබෙත් මහ රැජිනගේ දෙවැනි ලංකාගමනයේදී, M7 එන්ජිමක් ඇති කෝච්චියක නැගලා රවුමක් යන්නත් ඇය අමතක කරලා නැහැ.

8. අසල්වැසියාගෙන් ලැබුණු තෑග්ග; M8 එන්ජිම

Image Credits : Lanil T Marasinghe

හොඳ ප්‍රතිචාර වගේ ම, රවුම් ගෙරවුම් නොසෑහෙන්න ලබපු එන්ජිමක් තමයි මේ. කිව්වත් වගේ මේක ලැබුණේ අපේ අල්ලපු රාජ්‍යය වන ඉන්දියාවෙන්. ඒ 1996දී. දැන් තියෙන බලවේග කට්ටල එන්න කලින්, ගාල්ල (සමුද්‍රදේවී), මහව පැතිවල උදවිය කර තියාගෙන උදේ හවස කොළඹ ආවේ M8 එන්ජිමයි. කෝච්චි පෙට්ටි 18ක් වගේ විශාල සංඛ්‍යාවක් පවා ඇදගෙන යන්න මේ එන්ජිමට පුළුවන්.

අසල්වැසියාගෙන් ලැබුණු තෑග්ගක් වුණත්, මේකේ මුල් බීජය වෙන්නේ ජර්මනියයි. කොටින්ම කිව්වොත් මේකේ තියෙන්නෙත් අපි කලින් කතා කරපු M4 එන්ජිමේ හැඩය (ඊට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාලයි). සිද්ධිය වුණේ මේකයි. ඉන්දියාවෙන් ජර්මනියේ ALCO සමාගමට ලොකු M8 එන්ජින් ඕඩරයක් ලැබුණා. කොච්චි එන්ජින්වල විශේෂඥයින් වුණත්, ALCO සමාගමට මේ ඕඩරය ඉවරයක් කරන්න තරමක් අමාරු වුණා. ඔන්න ඕක නිසා, ඉන්දියාව එයාලගෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඒ M8 එන්ජිම තමන්ගේ රටේ ම නිෂ්පාදනය කරගන්න ඕනේ කරන තාක්ෂණය සහ අනිත් පහසුකම් ලබා දෙන්නය කියලා. ඔයින් මෙයින් ඉන්දියාව එන්ජින් නිර්මාණය කරන්න ගත්තා. අද වෙද්දී, ලෝකේ තියෙන M8 එන්ජින්වලින් තුනෙන් එකක් ම වගේ හදලා තියෙන්නේ ඉන්දියාවයි.

9. මෙලෝ රහක් නැති M9 එන්ජිම

Image Credits : Lanil T Marasinghe

තිබුණායින් තිබුණේ නෑ මේ වගේ බැණුම් අහපු එන්ජිමක්. 2000දී ප්‍රංශයෙන් අපේ රටට ගෙනාව M9 එන්ජිම ලංකාවේ ධාවනයට සුදුසු නැති බවයි ගොඩක් අයගේ මතය.

මේ එන්ජිම සෑහෙන්න තාක්ෂණයෙන් ඉහළ එකක්. සේරම ධාවන කටයුතු පාලනය වෙන්නේ  Windows CEවලින් මෙහෙයවෙන ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකින්. එන්ජිමේ විස්තර, ඒක රත්වෙන විදිය, ගමන් කරන වේගය වගේ දේවල් බලාගන්න තියෙන්නේ පරිගණක තිරයකින්. වෙන එකක් තියා එන්ජිමේ රස්නේ වැඩි වෙද්දී, දුම්රිය ගමන ස්වයංක්‍රීව ම අත්හිටුවන්න පුළුවන් විදියේ තාක්ෂණයක් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් අනිත් එන්ජින් රියදුරුවරු ලීවර්, මීටර් කරකවද්දී, මේකේ රියදුරන්ට තියෙන්නේ “ජෝයි ස්ටික්” එකක් එක්ක සෙල්ලම් දාන්න.

සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන එන්ජින් බොහොමයක බඳ, සම්පූර්ණයෙන් ආවරණය වෙලා නැහැ. ඒත් මේක එහෙම්පිටින් ම ආවරණය වුණු එකක්. කට්ටිය කියන විදියට, මේක  ප්‍රංශයේ සීතල දේශගුණයට ඔරොත්තු දෙමින් කාර්යක්ෂමතාවය තියාගන්න පාව්ච්චි කරන උප්පරවැට්ටියක්. ඒත් ලංකාව ස්වභාවිකව ම රස්නේ අධික රටක් නිසා මේ කතාව ගැලපෙනවද කියන ප්‍රශ්නයත් ඇතිවුණා.

M9 එන්ජිමේ අසාමාන්‍ය දිග, අමුතු ඇක්සල සැකසුම් නිසා දුම්රිය මාර්ගවලටත් හානි වෙන්න ගත්තා. ලංකාවේ තාක්ෂණික හැකියාව මදිකම වගේ ම මෙන්න මේ වගේ තවත් හේතු ගොඩක් නිසා තමයි හුඟක් අය මේ එන්ජිමට බණින්න පටන්ගත්තේ (හැබැයි ඉතින් නටන්න බැරිකමට පොළොව ඇදයි කියලා දෙස් දෙවොල් තියලා බෑනේ). කොහොම වුණත්, මුහුදුබඩ මාර්ගයේ, උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගවලත් මේ එන්ජිම සහිත කෝච්චි ධාවනය වෙනවා දැකගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් “ලංකාවේ කෝච්චි” කිව්වා ම මතක් වෙන්නේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට වවුල්ලු වගේ මිනිස්සු එල්ලිලා යන දසුනක්නේ. හැබැයි නිකමටවත් ඔයාලා ඔය මිනිස්සු ඉන්න කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන එන්ජිම ගැන හිතුවද හැබෑටම?  ඔන්න එහෙනම් ඒ වගේ කාටත් අමතක වෙච්ච එන්ජින් කීපයක් ගැන අපි දන්න විස්තරයක් කිව්වා. අපට මගහැරුණු දේවල් එහෙම සෑහෙන්න ඇති. ඒවා කට්ටියට ම පේන්න පොඩ්ඩක් කමෙන්ට් එකක් දැම්මනං.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

The True Essence of Thai Cuisine at Thai Rasa

Colombo, Sri Lanka – Showcasing the refined essence of Thai cuisine, Thai Rasa at NH

Highlights Trending

Avurudu at The Kingsbury

As the Sinhala & Tamil New Year approaches, The Kingsbury, Colombo, invites guests to celebrate Aluth Avurudu with a variety ofofferings that bring together tradition, flavour and togetherness. From vibrant dining experiences and festive hampers to outdoor celebrations and athome indulgences, The Kingsbury presents a complete Avurudu offering made to suit every celebration.  At the heart of the festivities is The Kingsbury’s renowned outdoor catering and event experiences, allowing guests to host their own Avurudu celebrations with ease. Whether at home, in the office, or at the hotel’s Oval lawn, guests can enjoy delectable menus including the traditional Kevili Mesaya (LKR 3,500 +++), Lunch Buffet (LKR 5,500 +++) and Full Day Package (LKR 9,000 +++). With the option to include the ceremonial milk boiling and traditional Avurudu games, each celebration is brought to life with authenticity and seamless five-star service.  Adding to the festive experience, Churros presents the Avurudu Sweetmeat Boutique, available from 10th to 14th April 2026, where guests can explore a vibrant spread of traditional sweetmeats, including live preparations from 3:30 p.m. to 6:30 p.m.. Complementing this, The Kingsbury Indulgence offers a range of at-home dining options, including the Avurudu Yellow Rice Family Meal (from LKR 12,000 nett, serving 6) and a selection of Kevili Hampers, meticulously assembled with Sri Lanka’s most cherished New Year favourites. Available in multiple options, from the Mini Hamper at LKR 2,500 nett to the Kaema Mesaya at LKR 20,000 nett, these hampers are perfect for gifting and sharing, bringing the spirit of Avurudu into every home.  For those looking to dine out during the season, Harbour Court offers a special 30% savings on lunch and dinner from 12th to 17th April 2026, inviting guests to enjoy a generous spread of local and international favourites at one of the most celebrated all-day dining restaurants in Colombo. From gathering with family to celebrating with friends, it provides the perfect backdrop for festive dining in the heart of the city.  Blending tradition with contemporary hospitality, The Kingsbury, Colombo, creates a destination where Avurudu is celebrated in many forms; at home, at the table and within elegant spaces. With every detail created for meaningful moments, guests are invited to embrace the joy, warmth and spirit of the season in true Kingsbury style.  For reservations and more information, please contact +94 112 421 221  For outdoor catering and events, please contact +94 761 511 913 For orders via Indulgence, please contact +94 771 087 754

Avurudu Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide