ඉස්සර එහෙම නෑ! කඩයි කියල හීනෙකින් වත් හිතන්න බැරි ලාංකීය ක්‍රිකට් වාර්තා 8ක්.

“දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා

එකක් දෙකක් ගොයියෝ පැරදුණාම අයියෝ මොකක්ද මේ කළේ අහනවා”

ආ.. නැද්ද… අපේ උන් එහෙම නෙවෙයිද…

අර පහුගිය ටෙස්ට් සීරිස් එකක් පැරදුණා කියල, ඒ දවස්වල දෙවියන්ට වගේ සලකපු මැතිව්ස්ව මරං කන්න හදනවා. ඕකනෙ කියන්නෙ “කොච්චර කළත් ඔච්චර තමයි” කියල. ඇත්තටම, ඉන්දියාවෙ එවුන් එක්ක බලද්දි දාහකින් සම්පතක් වුණත්, ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගෙ කෙළෙහි ගුණය තව ටිකක් වැඩි වුණා නම් තමයි හොඳ.

ඒත් ඉතින් ඒක නිකම්ම කරන්න බෑ කියල අපි දන්නව. අන්න ඒ නිසයි කල්පනා කළේ ලාංකීය ක්‍රිකට් ඉතිහාසයෙ අමරණීය ක්‍රිකට් වාර්තා ටිකක් ඔයාලට මතක් කරල දෙන්න. අඩුම තරමෙ එතකොටවත් කල්පනාවට එයිනෙ “දෙයියනේ අපි බැන්නට, අපේ ක්‍රිකටර්ස්ල මෙච්චර දේවල් රට වෙනුවෙන් කරල තියනවනෙ” කියල.

1. ටීම් එකක් ගහපු වැඩිම ටෙස්ට් ලකුණු ගාණ

මතකයිද? 1997 අගෝස්තු මාසෙ 2වෙනිදා ස්කෝර් බෝර්ඩ් ඉඩ නැති වෙනකම්ම අපේ කොල්ලො 8දෙනෙක් සෙල්ලම් කළා. සනත් ජයසූරිය (340), මාවන් අතපත්තු, රොෂාන් මහානාම (225), අරවින්ද සිල්වා (126), අර්ජුන රණතුංග, මහේල ජයවර්ධන අවුට් වෙලා ඉඳිද්දි රොමේෂ් කළුවිතාරණයි චමින්ද වාසුයි බැට් කළේ 7වෙනි විකට් එකට. එතකොට ලකුණු 952යි. තරඟයේ 5වෙනි දවස. නායකයො දෙන්න කතා කරල මැච් එක ඩ්‍රෝ කලාට මොකද ඒකත් අපේ නායකයගෙ හිත හොඳ කම නිසා. කොහොම වුණත් හිතට ලොකු ගැම්මක්, සතුටක් ගන්න පුළුවන් මැච් එකක් මල්ලි ඒක, මොකද අපි ගැහුවෙ ඉන්දියාවටනෙ.

2. චමින්ද වාස්ගෙ අඩුම ලකුණු වැඩිම විකට් රෙකෝඩ් එක

ගොඩක් පරණ මතකයක්. 2001 දෙසැම්බර් 08 වෙනිදා එස්. එස්. සී ග්‍රවුණ්ඩ් එකේ පටන් ගත්තු වන් ඩේ මැච් එක අපිට සෙල්ලම් කරන්න තිබුණෙ සිම්බාබ්වේ එක්ක. පුරුදු විදියට අපේ ඕපනින්ග් බෝලර් චමින්ද වාස් වැඩේ පටන් ගත්තා. දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ කියන්න, මෙන්න බොලේ වාස් අයියා අම්බානක ෆෝම් වෙලා. කියද්දිත් ඇඟේ මයිල් ස්මයිල් වෙනව, පැයක් යන්න හම්බවුණේ නෑ ලකුණු 16ට සිම්බාබ්වේ විකට් 8ක් බිම. ආයෙ ඉතින් මැච් එක ගැන තව මොන කතාද?

3. වාස්ගෙන් මුල් බෝල 3ට හැට්‍රික් එකක්

2003 වර්ල්ඩ් කප් එක මතක ඇතිනෙ. අපිට තිබුණා බංගලාදේශයත් එක්ක මැච් එකක්. ඒ දවස්වලත් ඕපනින්ග් බෝලර් අපේ වාස් අයියනෙ. මැච් එක පටන් ගත්තත් හරි ෆස්ට් බැටින්ග්වලට ආව බංගලාදේශ්වල හන්නාන් සාකර් කෙලින්ම පොලු, ඊලඟට ආපු මොහොමඩ් අෂරෆුල් චමින්ද වාස්ගෙ අතටම කැච් එකක් දීලා තමයි ගියේ. ඔන්න වර්ල්ඩ් රෙකෝඩ් එක පෙනි පෙනි වාස් අයියා 3වෙනි බෝලෙත් දැම්මා. ස්ලිප් කැච් එකක් කියන්නකො. අඩේ, හීනෙකින් වත් නොහිතපු වාර්තාගත හැට්‍රික් එකක් අපේ අතේ.

4. සංගා, මහේල ඉතිහාස ගත පාර්ට්නර්ෂිප් එක

පළවෙනි ඉනිමටම ලකුණු 624යි. සංගා බෝල 454ට ලකුණු 287යි. මහේල බෝල 498ට ලකුණු 308යි. මරු නේ… අනික ගැහුවෙත් එසේමෙසේ රටකට නෙවෙයි, දකුණු අප්‍රිකාවටනෙ. වැඩේ කියන්නෙ ඒ මැච් එකත් ගහල තියෙන්නෙ එස්. එස්. සී ග්‍රවුණ්ඩ් එකේ, 2006 අවුරුද්දෙදි.

5. මුත්තයියගෙ ටෙස්ට් විකට් 800

දවස 2010 ජුලි 22. මුත්තයියා එයාගෙ අන්තිම ටෙස්ට් මැච් එක සෙල්ලම් කරකර හිටියෙ. එතකොටත් ලෝකෙ වැඩිම ටෙස්ට් විකට් රෙකෝඩ් එක මුත්තයියගෙ නමට තමයි තිබුණෙ. ඒත් 799යිනෙ. කැරකිලා කැරකිලා මැච් එක අන්තිම ඕවරේ මුත්තයියට ආවා. ගන්න තිබුණෙත් එක විකට් එකයි. දෙනෙත් අයාගෙන කටවල්, ඇරගෙන මැච් එක බලපු අපේ ඈයොන්ගෙ ඇස්, කඳුලුවලින් පිරුන වෙලාවක්. මුත්තයියා තමන්ගෙ 800වෙනි විකට් එක ගත්තා, ඒ ඉන්දියානු පිළේ ‘ප්‍රග්යාන් ඕජා’.

6. මුත්තයියගෙ වන් ඩේ විකට් 534

ඔන්න කල්තියාම කියන්න ඕන මේ විස්තරේ නම් එ් හැටි ෂුවර් නෑ. මොකද තක්කෙටම හොයා ගන්න බැරි වුණා. හැබැයි මුත්තයියා, එයාගෙ අන්තිම වන් ඩේ මැච් එකත් ඉන්දියාවට එරෙහිව තමයි සෙල්ලම් කරල තියෙන්නෙ හරියටම 2011 අප්‍රේල් 2වෙනිදා. කොහොම වුණත් මුත්තයියා ලංකාවෙදි ගත්තු අන්තිම වන් ඩේ විකට් එක ගන්නෙ 2011 වර්ල්ඩ් කප් එකේදි, නවසීලන්තයට එරෙහිව. ආරංචියෙ හැටියට නම් ඒක 502වෙනි එක හරි 503වෙනි එක හරි වෙන්න ඕන.

7. අජන්තගෙන්, ලකුණු 8ට විකට් 6යි

මේ T20 මැච් එක පැවැත්වුණේ හම්බන්තොට ග්‍රවුන්ඩ් එකේ, 2012 සැප්තැම්බර් 18 වෙනිදා. සිම්බාබ්වේ එක්ක තමයි අපිට සෙල්ලම් කරන්න තිබුණෙ. අපි මුලින්ම ලකුණු 182ක් ගැහුවා. දෙවනියට බැටින්ග් කරන්න ආපු සිම්බාබ්වේ කට්ටියත් පාඩුවෙ ලකුණු 37ක් විතර ගහගෙන ආවා. මෙන්න බොලේ එක පාරටම මෙන්ඩියට ආච්චි වැහුන වගේ අමුතු අමුතු බෝල ටිකක් දාගෙන දාගෙන ගියා. පැයකින් බලද්දි සිම්බාබ්වේ කට්ටිය විකට් 8යි ලකුණු 87යි. මැද්දෙ විකට් 6ම ගත්තෙ මෙන්ඩිස් අයියා. දීලා තියෙන්නෙ ලකුණු 8යි කියන්නකො.

8. මහේලගෙ ‘කැච් ඇල්ලිල්ල’

මේ සිද්ධිය වැඩිය කවුරුත් දන්නෙ නෑ. මොකද කැච් කියන්නෙ මැච් එක වෙලාවට විතරක් මතක හිටින දෙයක්නෙ. කොහොම වුණත් කට්ටිය දැන ගත්ත නම් හොඳයි අපේ මහේල තමයි ලෝකෙ වැඩියෙන්ම කැච් අල්ලල තියෙන්නෙ. එසේ මෙසේ ගාණක් නෙවෙයි 218ක්.

ඔන්න දැන් කල්පනා කරල බලන්නකො ඔච්චර දෙයක් කරපු අපේ ක්‍රිකටර්ස්ලට බනින එක හරිද කියල. ඒ විතරක් නෙවෙයි මේ වගේ තව රෙකෝඩ්ස් තියෙනව නම් ඒවත් කමෙන්ට් කරන්න ඕන. එතකොට… අපි කියපුවගෙ හරි වැරදි එහෙම පෙන්නල දෙන එක එහෙමත් ඔයාලගෙ යුතුකම හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide