ලංකාවේ පැරණි හෝටල්වල හැංගුණු අපූරු රස කතා – II.

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය වුණු ලංකාවේ ඉතිහාසය හරි අපූරුයි. රජ පරම්පරාවල කතාන්දර, විදේශ ආක්‍රමණ, නිදහස් අරගලවලින් හැදුණු මේ ඉතිහාසය අපට මතක් කරවන නටබුන් අදටත් අපට ඕනේ තරම් දැකගන්න ලැබෙනවා. පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණවල ප්‍රතිඵල විදියට ලංකාවේ ඉතුරුවෙලා තියෙන නටබුන් වෙච්ච ගොඩනැගිලි  අද පාවිච්චි වෙන්නේ වෙනත් කාරණාවලට. සමහර ඒවා ආණ්ඩුවේ කන්තෝරු බවට පත්වෙලා. සමහර ඒවා කෞතුකාගාර. එහෙමත් නැත්තන් ෂොපින් කම්ප්ලේක්ස්. තවත් කීපයක් තියෙනවා අද වෙද්දී නම් දරාපු ලොකු හෝටල් බවට පරිවර්තනය වෙලා.

ඇත්තට ම මේ ගොඩනැගිලිවලට කතා කරන්න පුළුවන් නම්,.. අපේ ඉතිහාසේ වෙච්ච සිද්ධි කීයක් ගැන විස්තර කියයිද? අන්න ඒ වගේ ඉතිහාස වටිනාකමක් තියෙන හෝටල් ගැන මීට කලින් දවසකත් කතා කළා ඔයාලට මතක ඇති. අද අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ තවත් හෝටල් දහයක හැංගිලා තියෙන රස කතා ගැන.

1. ක්ලෝසන්බර්ග් හෝටලය

1719 අවුරුද්ද වෙද්දී ලංකාවේ මුහුදුබඩ පාලනය කරගෙන ගියේ ලන්දේසීන් විසින්. ඒ කාලේ ගාලු මුහුදේ දකුණු පැත්තට වෙන්න පොඩි දූපතක් තිබුණා. මෙතැන බලකොටුවක් හදපු ලන්දේසීන් එකට දුන්නු නම වෙන්නේ “Klossenburg”. සිංහල මිනිස්සු අතරේ මේක ප්‍රසිද්ධ වුණේ “අලුත් කොටුව” විදියට. ලොකු තුවක්කු දෙකකුත් මේ බලකොටුවේ තිබුණා. හැබැයි බ්‍රිතාන්‍ය ආගමනයෙන් පස්සේ තවදුරටත් මේකේ පාවිච්චියක් තිබුණේ නැහැ. ඒත් මේ දූපත ඔවුන් හැඳින්නුවේ “Closenberg” නමින්.

1860 වෙද්දී, “පී ඇන්ඩ් ඕ” නාවික සමාගමේ ඒජන්ත කෙනෙක් වුණු ෆ්‍රැන්සිස් බේලී මේ දූපත අත්පත් කරගන්න සමත් වුණා. ලන්දේසීන්ගේ බලකොටුවේ දූවිලි මතින් බොහොම ලස්සන මන්දිරයක් හදපු ඔහු, ඒකට “විලා මරීනා” කියන නම දුන්නේ, ඔහුගේ බිරිඳ ව සිහිවෙන්නයි. ලන්දේසී වගේ ම බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාවේ හැඩරුව මේ ගොඩනැගිල්ලෙන් මනාව පේන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි, හරි ම අපූරු ලී කැටයම් පවා දැකගන්න තිබුණා.

කොළඹ නගරය ලංකාවේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට බ්‍රිතාන්‍යයන් නම් කළේ මෙයින් අවුරුදු 22කට වගේ පස්සේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට පී ඇන්ඩ් ඕ නාවික සමාගම තමන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹට මාරු කළා. ෆ්‍රැන්සිස් බේලීටත් ඒ එක්ක ම කොළඹට යන්න සිද්ධ වුණා. විලා මරීනා බංගලාව විකුණන්න තීරණය කරපු ඔහු, ඒක දුන්නේ තමන්ගේ මිතුරෙක් වෙච්ච සයිමන් අබේවර්ධනට. අබේවර්ධන පවුලේ දේපලක් විදියට පැවතගෙන ආව මේ මන්දිරය අද අපි දකින ගාල්ලේ ක්ලෝසන්බර්ග් හෝටලය බවට පත්වුණේ 1965දී.

2. ගෝල් ෆෝර්ට් හෝටලය

Image Source : booking.com

මේකත් ගාල්ලේ තියෙන බොහොම ප්‍රසිද්ධ හෝටලයක්. ගාලු කොටුව ඇතුළෙ ම තමයි පිහිටලා තියෙන්නේ.

ගාලු කොටුව ඉදිවුණේ පෘතුග්‍රීසීන්ගේ අතින්. 16වෙනි සියවසේදී හැදුව මේ ඉදිකෙරුම 1640 වෙද්දී ලන්දේසීන් විසින් අත්පත් කරගනු ලැබුවා. ඔවුන් මේක තවත් දියුණු කළා. ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පයේ නටබුන් සහිත ගොඩනැගිලි අදටත් ගාලු කොටුව තුළ දැකගන්න පුළුවන්. බොහොම ධනවත් ලන්දේසී ව්‍යාපාරිකයෙක්ගේ බංගලාවකුත් මෙතැන තියෙනවා.

1999දී ලංකාවට ආව ඕස්ට්‍රේලියානු ජාතික කාල් ස්ටයින්බර්ග් මේ බංගලාව මිලදී ගත්තා. 17වෙනි සියවසේ නටබුන් විදියට සැලකෙන මේ මන්දිරය ඔහු හෝටලයක් බවට පත් කරන්න තීරණය කළේ තමන්ගේ ව්‍යාපාර සහකරුවා වුණු මැලේසියානු ජාතික ක්‍රිස්ටෝපර් ඕන්ග් සමඟයි. අවුරුදු දෙකක අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව මේ හෝටලය විවෘත වුණා. ගෝල් ෆොර්ට් හෝටලය යන නම මේ හෝටලයට ලැබුණේ 2011 අවුරුද්දේදී. ඒ කලම්බෝ ෆොර්ට් හෝටෙල්ස් සමාගම විසින් මේක මිලදී ගත්තට පස්සේ.

3. ද ෆර්ස් හෝටලය  

Image Source : booking.com

නුවරඑළියේ තියෙන ද ෆර්ස් හෝටල් ගොඩනැගිල්ල බිහිවුණේ මීට අවුරුදු සීයකටත් වඩා උඩදී. හැබැයි ඒ හෝටලයක් විදියට නෙවෙයි, සාමාන්‍ය බංගලාවක් විදියට. මේකේ අයිතිකරු වුණේ ෆිලිප් ෆ්‍රියුඩන්බර්ග්. ඔහු කටයුතු කළේ ජර්මනිය හා සම්බන්ධ ලංකාවේ පළමුවෙනි අන්තර්ජාතික කවුන්සල් ජෙනල්රාල්වරයා විදියටයි. කාලයත් එක්ක මේක ලංකාවේ මුල් ම අගමැති වුණු ඩී.එස්. සේනානායක මහත්මයා වෙත පැවරුණා. ගොල්ෆ්, බ්‍රිජ්, සහ ඡායාරූප ගැනීම සඳහා මේ බංගලාවට නිතර නිතර යන්න එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඔහුගෙන් පස්සේ මේකේ අයිතිය ලැබුණේ ඔහුගේ පුතුන්ටයි.

බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු බව පෙන්වන මේ බංගලාව, පසු කාලීනව හෝටලයක් බවට පත්වුණේ සේනානායක පවුලේ අනුග්‍රහයත් එක්කමයි.

4. ටැමරින්ඩ් හිල් හෝටලය

Image Source : gatewaylankatours.com

අර කලින් කිව්ව පී ඇන්ඩ් ඕ නාවික සමාගමේ අතීතයත් ගෑවුණු ඉතිහාස කතාවක් ගාල්ලේ ටැමරින්ඩ් හිල් හෝටලයට තියෙනවා. මේකත් මීට අවුරුදු 250කට වගේ උඩදී හැදුණු බංගලාවක්. ඒ කාලේ මේ බංගලාවේ අයිතිය තිබුණේ දොන් ජොහැන්නස් අමරසිරි නම් ධනවත් ව්‍යාපාරිකයාටයි. කාලය ගෙවෙද්දී, පී ඇන්ඩ් ඕ නාවික සමාගමේ අද්මිරාල්වරු කීපදෙනෙකුට ම නවාතැනක් වෙන්නේ මේ බංගලාවට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, මහාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස විදියටත් මේ බංගලාව යොදාගෙන තියෙනවා.

ගාලු කොටුව පෙනෙන මානයේ තියෙන මේ බංගලාව අද බොහොම අපූරු බුටික් හෝටලයක්. බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාත්මක සලකුණු බොහොමයක් මේ ටැමරින්ඩ් හිල් හෝටලයෙන් දැකගන්න පුළුවන්.

5. මැනර් හවුස්

Image Source : manorhousekandy.com

අහලා තියෙනවද පුංචි බණ්ඩා නුගවෙල ගැන? 1920 දශකය වෙද්දී නුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ විදියට කටයුතු කළේ ඔහුයි. ඔහුට පරම්පරාවෙන් උරුම වුණු වලව්වක් තිබුණා. 1850දී කේ.නුගවෙල විසින් ඉදි කරන්න මුල් වුණු මේ වලව්ව හැඳින්වුණේ බෙරගම වලව්ව නමින්. අක්කර පහක පමණ ඉඩමක හැදුණු බෙරගම වලව්වට, යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය එකතු කරන්න පුංචි බණ්ඩා නුගවෙල කටයුතු කළා. මේ පෙනුම සම්පූර්ණ වෙන්න අවුරුදු තුනහතරක් ගත වුණා. අලුත් වලව්වට ලැබුණු නම වෙන්නේ “නුගවෙල වලව්ව” යන්නයි. පුංචි බණ්ඩා තමන්ගේ දියණියන් තුන්දෙනා එක්ක නුගවෙල වලව්වේ පදිංචි වෙද්දී, පරණ බෙරගම වලව්ව පාවිච්චියට ගත්තේ ඔහුගේ පුතුන් තුන්දෙනායි. හැබැයි 1952දී පරණ වලව්ව බිඳ දමනු ලැබුවා.

1928 අවුරුද්දේදී මහත්මා ගාන්ධි නවාතැන් ගත්තෙත් මේ වලව්වෙයි. ඒ විතරක් නෙවෙයි, “Purple Plain” චිත්‍රපටිය පටිගත කරද්දී ග්‍රෙගරි පෙක් නම් රංගන ශිල්පියා මේ නිවස පාවිච්චියට ගත්තා. 1950 වෙද්දී නුගවෙල වලව්වේ අයිතිය තිබුණේ කර්නල් ඩෙරික් නුගවෙලටයි. එම්.පී.එස් මාරවනගොඩ මහත්මයා මේක ඔහුගෙන් මිලදී අරගෙන, තමන්ගේ පුතාට ලබාදුන්නා. නුගවෙල වලව්ව, අද අපි දකින “මැනර් හවුස්” හෝටලය බවට පත් කරන්න මුල් වුණේ ඔහුයි. ඒ 1998දී.

6. කාසා කලම්බෝ

බම්බලපිටියේ කාසා කලම්බෝ හෝටලය අවුරුදු 200ක් විතර පරණ අතීතයකට උරුමකම් කියනවා. කාලයක් ධනවත් ඉන්දියානු ව්‍යාපාරිකයෙක්ගේ මන්දිරය බවට පත්වෙලා තිබුණු මේ ගොඩනැගිල්ල, අද කාමර වර්ග (suite) දොළහකින් හැදුණු හෝටලයක්. මරක්කල (Moorish) ගෘහ නිර්මාණ ශිල්පයේ සලකුණු අඩුවක් නැතුව ම මේ ගොඩනැගිල්ලේ අදටත් දැකගන්න ලැබෙනවා.

7. ඕල්ඩ් එම්පයර් හොටෙල්

Image Source : tripadvisor.ca

නුවර දළදා මාළිගාව පෙනෙන මානයේ තියෙන ඕල්ඩ් එම්පයර් හෝටලය ඉස්සර පාවිච්චි වුණේ කෝපි ෆැක්ටරියක් විදියට. කාලයක් මේක  නුවර පැත්තේ සුප්‍රසිද්ධ බාර් එකක් විදියටත් යොදා ගැනුණාලු. දවස පුරා වැඩ කරපු සුද්දෝ මහන්සිය යන්නත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න ඇවිත් තියෙන්නේ මේ බාර් එකට.

සම්පූර්ණ උඩ තට්ටුව ම දැවයෙන් කරලා තියෙන ඕල්ඩ් එම්පයර් හෝටලය, වසර 110ක වගේ කාලෙක ඉඳන් පී.සී.ප්‍රනාන්දු පවුලේ දේපලක් විදියට පැවතෙනවා. මේක බජට් හෝටලයක් බවට පත්වුණේ 1970දී වගේ.

8. ෆෝර්ටලීසා

ගාල්ලේ ෆෝර්ටලීසා හෝටලය, ලන්දේසී ලංකාව අල්ලගෙන උන්නු කාලේ වගතුග බොහොමයක් අපට මතක් කරවන තැනක්. මෙයාලගේ බුටික් හෝටල් ගොඩක් ඒවායේ, පසුබිම් කතා හුඟක් තියෙනවා.

චර්ච් ක්‍රොස් ස්ට්‍රීට් එකේ තියෙන ෆෝර්ටලීසා හෝටලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඒ කාලේ කුළුබඩු ගබඩාවක්. මේක ලන්දේසි ව්‍යාපාරිකයෙක් විසින් ඉදි කරලා තියෙන්නේ 1700 ගණන්වලදී. ඒ වගේ ම, 1789දී ගොඩනැගුණු ලන්දේසි නිවසක් ෆෝර්ටලීසා හෝටලයේ කොටසක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේක තියෙන්නේ මිඩ්ල් ස්ට්‍රීට් එකේ. ෆෝර්ටලීසා හෝටලයේ කෝර්ට් ස්කුවෙයාර් ගොඩනැගිල්ල 18වෙනි ශතවර්ෂයේ හැදුණු එකක්. මේක ඒ දවස්වල ඉඳපු ප්‍රසිද්ධ විනිසුරු වුණු වීරසූරිය පවුලේ උදවියගේ නිවස විදියට පාවිච්චි වුණා. මේ හෝටලයේ තවත් කොටස් දෙකක්, ගාලු කොටුවේ ග්රූට් කර්ක් පල්ලිය ළඟත්, ලයිට් හවුස් ස්ට්‍රීට් එකෙත් දැකගන්න පුළුවන්.

9. ද ස්ටුවර්ට් බයි සිට්‍රස්

Image Source : citrusleisure.com

කොළඹ නගරය මැද්දේ තියෙන “ද ස්ටුවර්ට් බයි සිට්‍රස්” බිල්ඩිම ට අවුරුදු 180ක විතර ඉතිහාසයක් තියෙනවා. මේක ඉස්සර හැඳින්වුණේ “ස්ටුවර්ට් හවුස්” නමින්. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ කොළඹ පැත්තේ හැදුණු විශාල ම ගොඩනැගිලි අතරින් එකක් විදියට මේක ප්‍රසිද්ධ වුණා. “ජෝර්ජ් ස්ටුවර්ට්" කොම්පැනියේ ප්‍රධාන මූලස්ථානය විදියට පාවිච්චි වුණු මේ ගොඩනැගිල්ල, කාමර 50ක හෝටලයක් බවට පරිවර්තනය වුණේ 2015දී. ස්ටුවර්ට් සහෝදරයන්ගේ ජර්නල් ඇතුළු තවත් වටිනා කියන සිහිවටන කීපයක් ම අදටත් මේ හෝටලයේ දැකගන්න ලැබෙනවා.

10. හිල් ක්ලබ්

Image Source : hillclubsrilanka.lk

නුවර එළියේ හිල් ක්ලබ් හෝටලය බිහිවුණේ 1876දී. ඒ බ්‍රිතාන්‍ය ජාතික කෝපි වැවුම්කරුවන් තුන්දෙනෙක්ගේ මූලිකත්වයෙන්. මේක ඉස්සර තිබුණේ පිරිමි අයට යන එන ක්ලබ් එකක් විදියට. මුලට ම තිබුණේ බිල් බෝඩ් රූම් එකකුයි, බාර් එකයි විතරයි. ගොඩක් වෙලාවට මෙතැන ගැවසුණේ තේ, කෝපි වතුවල අයිතිකාරයින්.

කොහොම වුණත් දැන් තියෙන හිල් ක්ලබ් බිල්ඩිම, මුලින් තිබුණු එකට වඩා තරමක් වෙනස්. අලුත් ගොඩනැගිල්ල හැදුණේ 1930දී වගේ. ඒකට මූලික වුණේ රීඩ් සහ බෙග් නම් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනායි. 1967න් පස්සේ කාන්තාවන්ටත් මේ ක්ලබ් එකේ සාමාජිකත්වය දෙන්න කටයුතු සිද්ධ කෙරුණා.

ඔයාලත් දන්න, මේ වගේ ඉතිහාස වටිනාකමක් තියෙන හෝටල් තියෙනවද? එහෙනම් කතාවත් එක්ක ම දාන්නකෝ බලන්න කමෙන්ට් එකක්. අපට වගේ ම අපේ යාළුවන්ටත් දැනගන්න පුළුවන්නේ.

කවරයේ පින්තූරය : queenshotel.lklankapura.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide