පොඩි බඩගින්නට, බඩ කට පිරෙන්න!; රු. 300ට අඩුවෙන් රස වෑහෙන ‘ජම්බො හොට් ඩෝග්’ කන්න කියාපු තැන් 6ක්.

හප්පේ… දවල්ට කාලා නිදිමතක් එනව නේද? කියල වැඩක් නෑ, ආ… මොන ජාති දාලාවත් ගොඩ ගන්න බෑනෙ. හැමදාමත් අන්තිමට වෙන්නෙ කොම්පියුටරේ ඉස්සරහ කිරා වැටෙන එක තමයි.

බැරිම වුණොත් ඔන්න, පොඩ්ඩකට මේසෙ උඩ ඔළුව තියා ගන්නව.

අනේ අහැරෙද්දි, ගෙඩිය පිටින්ම පැයක්, පැය බාගයක් ඉවරයි කියන්නකො.

හ්ම්ම්… මොනව කරන්නද ඉතින්, දඩ බඩ ගාලා මූණ කට හෝදගෙන ඇවිල්ලා, පිස්සෙක් වගේ, වැඩ.

ඒකත් කොහොම හරි ඇදගෙන ගියා කියමුකො. ඉවසන්න බැරි, හැන්දෑවෙ 5ට 6ට එන බඩගින්නනෙ. දවල් බඩගින්නට එහා, ඒක.

රෑ කෑටම තියෙන්නෙත්, පැයක් දෙකක් නිසා ඒ හැටි වියදම් කරන්නත් බෑ. හැබැයි, මොනව හරි නොකා ඉන්නත් බෑ.

ඔයාලට කියන්න, ඔය ප්‍රශ්නෙට මුහුණ දීලා, මුහුණ දීලම මට එපා වෙලා තිබුනෙ. ඒ නිසාමයි, වරුවක් විතර වැය කරල හරි අපේ සයිට් එකෙන්ම විසඳුමක් හොයා ගන්න හිතුවෙ. කියන්න සන්තෝසයි යාළු, වැඩේ සාර්ථකයි. අඩු ගාණට, කටට රහට, බඩ පිරෙන්න, හොට් ඩෝග් වගේ ස්නැක් පාරක් දාන්න, කියාපු කඩ සෙට් එකක්ම හම්බවුණා. ඔන්න පල්ලෙහායින් තියෙනව ඒවයිනුත් හොඳම ඒව 6ක්. කියවල බලන්නකො කොහොමද කියල.

1. The Bread Company

තිඹිරිගස්යාය පාරෙ තියෙන මේ ප්ලේස් එක නම් ටිකක් පොෂ්. හැබැයි, ෆුල් නිදහසේ, ඒ සී. එකට වෙලා, යාළුවෙක් එක්ක චැට් එකක් එහෙමත් දාගෙන, බඩ කට පුරව ගන්න, කියාපු තැන.

මෙයාලගෙ ජම්බො හොට් ඩෝග් එකේ තියෙන විශේෂත්වය තමයි රස පදම එන්න දාන මයොනීස්, සෝස්, ළූණු මිශ්‍රණය. ඒකෙ ලුණු ඇඹුල්, සැර ගතිය නියම ගාණට. සොසේජසුත් පොඩ්ඩක් විතර ග්‍රිල් කරල නිසා රස තවත් වැඩියි. කනකොට ගම්මිරිස් පොඩ්ඩක් එහෙමත් එකතු කරගත්ත නම් අායෙ ගමකට කතහැකි.

2. KGN Burgers on Wheels

දෙහිවල පැත්තෙ ඉන්න අයට, දෙපාරක් නොහිතම යන්න, හිල් ස්‍ට්‍රීට් එකේ කේ ජි එන් බර්ගර්ස්.

වැඩ පටන් ගන්නෙ හැන්දෑවෙ 6ට වුණාට මොකද මෙයාලා ළඟ හොට් ඩෝග්, රස ජාති 3, 4කින්ම තියෙන නිසා හිතට දුකක් නෑ. අනික ඒවයෙ ගණනුත් රු. 150-250 අතරෙනෙ. චීස් දාලා, සෝස් මයොනීස් දාලා, ලූණු, තක්කාලි, සලාද කොළ ලස්සනට තියල, දැක්කාම කන්න ආස හිතෙන ගානයි. සොසේජසුත් සයිස් දෙකකින් තියෙන නිසා බඩගින්නෙ හැටියට තෝර ගන්නත් පුළුවන්නෙ.

3. Burgers Hut

ෂහ්!, මෙන්න අනිත් තැන. තියෙන්නෙ දෙහිවල, ඇලන් ඇවිනියු එකේ. මෙයාල ළඟත් තියෙනව රස වෑහෙන, ජම්බො හොට් ඩෝග්. හැබැයි බීෆ්, චිකන් රසවලින් විතරයි. ඒත් සෝස්, මයොනීස් දාලා, චීස් පෙතිවලින් වහල, මේසෙට එද්දි නම්… පංකාදු පහයි. ග්‍රිල් කරපු සොසේජස්වල රසත් හොඳටම තියෙන නිසා හිතේ හැටියට රස බලන්න පුළුවන්. අනික ගණන් යන්නෙත් රු. 200, 300 අතරෙ වගේනෙ.

4. Jungle Juice

පැළවත්ත, ඉසුරුපායෙ තියෙන ජන්ගල් ජූස් එකේ තියෙන ජම්බො හොට් ඩෝග් එක ටිකක් වෙනස්. හැබැයි පට්ට රසයි. සොසේජ් එක ග්‍රිල්ඩ් නොකලට, ඒකට උඩින් දාන තක්කාලි, සලාද කොළ, ඔලිව් එතකොට මස්ටඩ් ක්‍රීම්, මයොනීස්, සෝස් නිසා තමයි ඒ රස ඇවිත් තියෙන්නෙ. රු. 200ට එයින් එකක් කාලා රු150ට ජූස් එකක් ගැහුව නම් ඉතින් රෑට කෑව වගේ තමයි.

5. Star Dogs

ඇත්ත කියන්න එපැයි. සමහර අයට නම් එම් සී. ෆුඩ් කෝට් එකේ තියෙන මේ හොට් ඩෝග් කඩේ අල්ලන්නෙ නෑ. ඒ වුණාට මෙයාල ළඟ රස ජාති 4, 5කින්ම ජම්බො හොට් ඩෝග් තියෙනව. සැර නම් සැර, චීස් නම් චීස්, දෙකම නම් දෙකම, ඒ විතරක් නෙවෙයි මෙක්සිකන්, චයිනීස් වගේ රසවලින් වුණත් හොට් ඩෝග් ගන්න පුළුවන්. ගණනුත් රු. 200, 300 අතරෙ නිසා පොකට් එකටත් ඒ හැටි ගාණක් නෑනෙ.

6. VOC Cafe

හොට් ඩෝග් පැත්තකින් තියන්නකො. පෝර්ක් ඩෝග් කාලා තියද?

මෙන්න කනව නම් තැන. තියෙන්නෙ බම්බ, තුම්මුල්ලෙ. තඩි පෝර්ක් පලුවක් දාලා, චීස් එහෙමත් දාල, සෝස් ජාති 2, 3කින් රස කරල තමයි හදල තියෙන්නෙ. ඒ නිසා පොඩි බඩගින්න විතරක් නෙවෙයි, රෑ කෑමත් ෂේප් කරගන්න පුළුවන්. වැඩේ තියෙන්නෙ ගාණ රු. 450ක් වගේ වෙනවනෙ.

ඒ හැරුණාම ඉතින්… අපි දන්න තව කඩ නෑනෙ. ඒත් ඔයාලා දන්න ඒව තියෙනව නම් කියන්න හොඳේ. මොකද, එතකොට අපිටයි අපේ යාළුවන්ටයි දෙගොල්ලන්ටම යන්න පුළුවන්නෙ, නේ..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide