අහක දාන ප්ලාස්ටික් බෝතල්වලින් දාන්න පුළුවන් වැඩ 7ක්.

මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාමෙන් ඇදිච්ච කුණු ප්‍රශ්නයේ අදටත් නිමාවක් දකින්න නැහැ. මේ සිද්ධියෙන් පස්සේ කොළඹ කුණු දාන විදිය සැරින් සැරේ වෙනස් වුණා. කාලයක් කිව්වා පිළියන්දල කරදියාන කසළ අංගනයට බැහැර කරනවාය කියලා. ඊළඟට ඕක වෙනස් වුණා මුතුරාජවෙලට. ඒ වැඩේ හරි ගියෙත් නැහැ. අන්තිමට දැනගන්න ලැබුණු විදියට, කොළඹ කුණු පුත්තලමට ගෙනිහින් දානවා කියලා තමයි කතාව. කොහොම වුණත්, මේ කුණු කතාවේ ප්‍රධාන ම අංගයක් වෙන්නේ නොදිරන පොලිතීන් සහ ප්ලාස්ටික්. ඔන්න පොලිතීන් නම් සැප්තැම්බර් පළමුවෙනිදා ඉඳන් තහනම් වෙනවලු. එතකොට ප්ලාස්ටික්වලට මොකද වෙන්නේ? ඔන්න ඔය ගැන හිතපු අපි කල්පනා කළා ගෙදර දොරේ අහක දාන ප්ලාස්ටික්වලින් කරන්න පුළුවන් වැඩ කීපයක් ගැන කියන්න (විශේෂයෙන් ම ප්ලාස්ටික් බෝතල්වලින්).

1. මල් පෝච්චි

Image Source : thisiscolossal.com

මේක බොහොම පරණ ට්‍රික් එකක්. දැනටමත් මේ විදියට හදපු මල් පෝච්චි ඔයාලගේ ගෙවල්වල ඇති. හොඳ ම වැඩේ තමයි මේ විදියට මල් වවන්න වත්තේ පිටියේ ඉඩක් ඕනේ වෙන්නෙ නැහැ. බිත්තියක වුණත් එල්ලලා තියන්න පුළුවන්. හැබැයි ඉර එළිය ටිකක් ලැබෙන තැනක වෙන්න ඕනේ. මොකද නැත්තන් මේ මල් පැල වැඩෙන්නේ නැහැනේ. මේ මල් පෝච්චි  හදාගන්නත් අමාරු නැහැ. ඔය වීසිකරන පරණ ප්ලාස්ටික් බෝතල්වල මැද්දෙන් තරමක කොටුවක් කපලා ගත්තා නම් හරි. පරණ ප්ලාස්ටික් බෝතල්වලින් ප්‍රයෝජනයක් ගැනෙනවා වගේ ම, ගෘහ අලංකරණයත් වෙන නිසා තවත් හොඳයි.

2. ආභරණ රාක්කය  

Image Source : epbot.com

මේක හොඳ ලස්සනට හදන්න නම් පරණ ප්ලාස්ටික් බෝතල් හතරක් වගේ ඕනේ. ඔය කොකාකෝලා වගේ බීම දාපු, අඩිය මලක් හැඩේට තියෙන බෝතල් තමයි මේ වැඩේට හොඳට ම ගැලපෙන්නේ. ඒ අඩි කීපයක් කපලා, හැම එකේ ම මැද්දෙන් පුංචි සිදුරක් විදින්න. දැන් ගන්න ඉස්කුරුප්පු ටයිප් එකේ කූරක්. අර සිදුරු මැද්දෙන් මේ කූර දාන ගමන්, වොෂර් ටිකකුයි, නට්ස් ටිකකුයිත් අරගෙන ඒ එකක් එකක් හිරවෙන විදියට සවි කරගන්න. මතක ඇතුව රාක්කයේ අඩියට පාවිච්චි කරන බෝතල් අඩිය මුනින් අතට හරවලා දාන්නත් අමතක කරන්න එපා හොඳද.

3. චිත්‍රවලට  

Image Source : alphamom.com

කාට කෙසේ වෙතත් පොඩ්ඩන්ට මේක විනෝදාත්මක අත්දැකීමක් වේවි. ලස්සන ට මල් අඳින්න මේ වැඩේ නියමයි. තීන්ත එකේ බෝතල් අඩිය එබුවා, චිත්‍රය උඩින් තිබ්බා. ඔය තියෙන්නේ ලස්සන ඇඳපු මලක්! මතක ඇතුව මේකටත් අර මල් හැඩය තියෙන ප්ලාස්ටික් බෝතලයක් ගන්න හොඳද.

4. නත්තල් ගහ

ඉස්කෝලේ යන පොඩි අයගේ අත්වැඩට වුණත් කරන්න පුළුවන් වැඩක් තමයි මේ. මුලින් ම ගන්න ප්ලාස්ටික් බෝතලයක්. ඕක කෑලි තුනකට කපාගන්න ඕනේ. මැද හරියේ කොටස ටිකක් ලොකුවට තියෙනවා නම් තමයි හොඳ.

දැන් මේ මැද කෑල්ල, ආයෙත් පොඩි කොටස් කීපයකට කපාගන්න. එහෙම කරලා, අර වෙසක් කූඩුවට රැළි කපනවා වගේ තීරු කපාගන්න. මේවා පාවිච්චි වෙන්නේ නත්තල් ගහේ අතුවලට.

දැන් ප්ලාස්ටික් බටයක් අරගෙන, බෝතලේ කට හරියෙන් කපාගත්ත කොටස ඔය පින්තූරේ තියෙන විදියට සවි කරගන්න. ඊළඟට, අර අතු විදියට පාවිච්චි කරන්න කපපු රැළි ටික අරගෙන සෙලෝටේප්වලින් මේ ප්ලාස්ටික් බටයේ අලවගන්න.

Image Source : stranamasterov.ru

කොහොමද මේ නත්තල් ගහේ හැඩ ඈ!

5. මල් වාස් එක  

Image Source : boredpanda.com

ගන්න මෙගා බෝතලයක්. යට කොටසේ උස වැඩිවෙන විදියට කෑලි දෙකකට කපාගන්න. දැන් ඔය වෙන් කරගත්ත යට කොටස පින්තූරේ තියෙන විදියට පුංචි තීරු විදියට කපලා, පිට පැත්තට නවන්න. ඊළඟට ඒ තීරු ආයෙත් දෙකට මැද්දෙන් නවන්න; හැබැයි මෙදා සැරේ බෝතලේ ඇතුල් පැත්තට වෙන්නයි නවන්න ඕනේ. ඔය තියෙන්නේ ලස්සනට හදපු මල් වාස් එකක්. බොරු මල් විතරක් නෙවෙයි, ඇත්ත මල් දාගන්නත් මේක පංකාදුයි.

6. පොකුරු පහන

Image Source : boredpanda.com

මේකට ඕනේ වෙන්නේ මෙගා බෝතල් තොගයක බෝතල් අඩි විතරයි. ඒ හැම එකේ ම, සිදුරු විදලා, එකකට එකක් තංගුස් නූල්වලින් සවි කරලා, ගෙදර තියෙන නිකං බල්බ් එකක් වටේ ඔතලා බලන්නකෝ. හරි ම හැඩයිනේ.

7. ෆෝන් රඳවනය

Image Source : budgetdumpster.com

නිකමට හිතමු ෆෝන් එක චාජ් කරන පවර් අවුට්ලට් එක තියෙන්නේ බිත්තියේ සෑහෙන්න උඩින් කියලා. ඒ ළඟ පාතක මේසයක්, රාක්කයක් නැත්තන් ඕක චාජ් වෙනකම් ෆෝන් එක අතෙන් අල්ලාගෙන ඉන්න බැහැනේ. ඉතින් මෙන්න මේ ගැජට් එක හදාගත්ත නම්, ඔය ගැටලුව ආයේ එන්නේ නැහැ. එහෙනම් ගන්නකෝ පළල වැඩි බෝතලයක් (ලෝෂන් බෝතලයක් වගේ). ෆෝන් එක ඒ තරම් උස මහත නැති එකක් නම්, මෙගා බෝතලයක් වුණත් මේකට ගැලපෙනවා. දැන් බෝතලේ කට පැත්ත කපලා අයින් කරන්න. ඉතුරු ටිකෙන්, එක පැත්තක දාන්න ටිකක් උස කැපුමක්. අනිත්පැත්තේ කැපුම ඒ හැටි උස නොවුණට කමක් නැහැ. දැන් අර උසට තියෙන පැත්තේ සිදුරක් විදින්න.

දැන් ඔය පවර් අවුට්ලට් එක තියෙන බිත්තියේ, ඒ කිට්ටුවෙන් ඇණයක් ගහන්න. බෝතලේ හදපු සිදුරෙන් මේක බිත්තියේ එල්ලගන්න පුළුවන්නේ. ඔය තියෙන්නේ චාජ් වෙනකම් ෆෝන් එක තියන්න ඇහැකි තැනක්!

තවත් මේ වගේ වැඩකිඩ ගොඩාක් තියෙනවා. අපි ඒ අතරින් තෝරගත්තේ අතිශයින් ම නිර්මාණශීලී, ඒ වගේ ම ලේසියෙන් ම හදාගන්න පුළුවන් විදියේ දේවල් ටිකක් ගැන විතරයි. මේ වගේ දේවල්වලින් හරි ඔය ප්ලාස්ටික් බෝතල් පරිසරයට එකතු කරන එක ටිකක් හරි අඩු කරන්න ලැබෙනවානම්, කොච්චර වටිනවද නේද? එහෙනම් ඉතින් ඔයාලත් දන්න, අහක දාන ප්ලාස්ටික් බෝතල්වලින් කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවනම්, පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ. ආයේ දවසක ඒ ගැනත් කතා කරන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide