වීක්එන්ඩ් එකේ..! රු. 10000ට අඩුවෙන් වනගත රැයක් ගත කරන්න කියාපු නවාතැන් 6ක්.

එනව නේ…

ආයෙත් එනව ඔන්න ලොකූ නිවාඩුවක්. දෙසැම්බරයෙන් පස්සෙ ටුවර් එකක් යන්න බැරි වෙච්ච කට්ටියට සුපිරි චාන්ස් එකක්.

එහෙනම් ලෑස්ති වෙන්නකො ඉතින්. වට පිටාව හොඳ හැටි හැඩ වෙලා තියෙන කාලෙ ඔයාලා ආස කරන විදියෙ රවුමක් ගැහුව හැකි. කැලේ නම් එහෙමයි, කඳු නම් එහෙමයි… එතකොට බීච් සයිඩ්, ස්නෝකෙලින්ග් වගේ! ආ.. ඒ විතරක් නෙවෙයි සංචාරක කුරුල්ලොත් එමට ගැවසෙන මේ කාලෙ හොඳ කැමරාවක් අතට ගත්ත නම් සුපිරි ෆොටෝස් ටිකකුත් එකතු කර ගන්න බැරි වෙන එකක් නෑ… වැඩි හරියක්ම ඔය යාල, විල්පත්තු පැත්තෙ රවුමක් ගැහුව නම්, දිවිය, වළහ එහෙමත් හොඳ හැටි බලා ගන්න පුළුවන්.

හැබැයි ඉතින් ඉක්මන් කරන්න වෙනව. මොකද යාළුවො කට්ටිය, පවුලේ උදවිය එක්ක ගමන ප්ලෑන් කරගෙන ඊට පස්සෙ බුකින්ග් දාගන්නත් එපැයි.

ඒත් ඒකට කලබල වෙන්න ඕන නෑ. අතේ තියෙන ගාණට හිතේ හැටියට සොබාදහම රස විඳින්න, රස කෑම ටිකක් කාලා සුවපහසුව නිවාඩුව ගත කරන්න පුළුවන් තැන් ටිකක් අපි දැනටමත් හොයල තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ ඒවයින් හොඳ එකක් බලල බුක් කරන්න විතරයි. ඊට පස්සෙ ඉතින්…

1. Cirton Villa (Koggala/ 077 3999858)  

හබරාදූව කටුකුරුන්දෙ, මීපෙ හොස්පිටල් පාරට ගියා නම් මේ පුංචි නවාතැන හොයා ගන්න ඒ හැටි අමාරු වෙන්නෙ නෑ. ඇත්තටම මේක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්. මොකද ලොකු වත්තක් මැද්දෙ තට්ටු දෙකට ගහපු පොඩි කොටේජ් එකක්නෙ. සුවපහසුව, සනීපාරක්ෂක පැත්තෙනුත් ක්‍රයිටන් විලා එක අංක එකේ. අනික වට පිටාවත් ගස් කොළන් වලින් පිරිල නිසා කුරුලු කොබෙයියොත් අඩුවක් නැතුව ඉන්නව. හැරත් කොග්ගල බීච් එකට තියෙන්නෙත් පයින් යන දුරක්නෙ. කට්ටිය කියන විදියට නම් මෙයාලගෙ කෑම බීම එහෙමත් සුපිරි. විශේෂයෙන්ම ලංකාවෙ කෑම එහෙම. කොහොමද, ඒ හැම දෙයක් අතරටම හැන්දෑවට පොඩි එළිමහන් පාර්ටියක් දාන්නත් ඉඩ ලැබෙන එක?

2. The Jungle Paradise (Habarana/ 077 6701975)

ඒක නම් කැලේ ඇතුලෙම වගේ යාළු. අවාසනාවට ඉන්න ඉඩ තියෙන්නෙ දෙන්නටයි. කොහොම වුණත් පරිස්සමට. මොකද අලි ගහන කැලේ මායිමනෙ. හැබැයි ඉතින් සෆාරි යන්න එහෙම නම් හරිම ලේසියි. නැතත් උදේට හැන්දෑවට, කොටේජ් එක වටේ සැරිසරන සතා සීපාවා, කුරුල්ලො ටික බලාගත්තත් ඇති ගත හිත රිලැක්ස් කරගන්න.

මුළුමනින්ම ට්‍රී හවුස් ක්‍රමයට ගහල තියෙන මේ කොටේජ් එකේ සම්පූර්ණ නිමැවුම ලී. ඒ නිසාමද මන්ද සුවපහසුව එහෙම තියෙනව ටොප් එකට. කෑම බීම, සේවාව අතිනුත් ජන්ගල් පැරඩයිස් එක සෑහෙන්න හොඳ තත්වයක තියෙනව කියල තමයි ආරංචිය. කොහොම වුණත්, මෙතන හැන්දෑවෙ ගිනිමැල පාර්ටිය නම් වරදින්නෙම නෑ ඉතින්.

3. Sea View Tree House (Dickwella/ 071 3041505)

ආයෙ සුපිරිම බීච් නවාතැනක්. පිහිටල තියෙන්නෙ දික්වැල්ල පැහැබිය පාර කෙළවරේ, පොඩි කැලෑ ගතියක් තියෙන වෙරළ කොනක. මේකත් මුළුමනින්ම ලී වලින් හදපු කොටේජ් එකක් නිසා සුවපහසුව අතිනුත් අනූනයි. අනික බීච් එකත් සුපිරියටම පේනව. වට පිටාවෙ ගස් කොළන් එහෙමත් ටිකක් තියෙනව. ඒ නිසා දවල් කාලෙටත් ෆුල් කූල්. මෙයාලගෙ කෑම බීම, සේවාව ගැන මෙච්චර කාලෙකට කවුරුත් නරකක් නම් කියල නෑ. ඒ වගේම තමයි ඔය සර්ෆින්ග්, ඩයිවින්ග් කරන අයටත් සී විව් එකෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙනව. දවල් කාලෙ විනෝද වෙලා හැන්දෑවට පොඩි බීච් පාර්ටියක් දාන්නත් මෙයාලා වැඩ කටයුතු ලෑස්ති කරල දෙන නිසා.. පාඩුත් නෑ.

4. Ruuk Village (Kalpitiya/ 072 5056177)

ඩොප්ලින්ල බලන්න, කයිට් සර්ෆින්ග් කරන්න, කලපු කුරුල්ලොන්ගෙ හැඩ රටා විඳින්න… ඒ විතරක් නෙවෙයි ඉර බැහැගෙන යන හැන්දෑවක බීච් එකට වෙලා ආදරණීයයන්, පවුලේ අයත් එක්ක විනෝද වෙලා හිතේ හැටියට සොබාදහම රස විඳින්න, යන්න කල්පිටිය, තෝරඩියෙ මුහතුවරම් පැත්තට. ගිහින් රස කෑම ටිකක් කාලා සුවපහසුව දවසක් ගෙවන්න, කියාපු තැනක් තමයි රූක් විලා. ලී වලින් හදල පොල් අතු හෙවිලි කරපු හරි අපූරු කබානා ටිකක්. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, කල්පිටියෙ සීෆුඩ් කොහොමත් රසයිනෙ. ඒ හැරුණාම ඉතින් මෙතන නම් රයිස් ඇන්ඩ් කරිත් ටොප්!

ආ… ඒක නෙවෙයි, මේ නවාතැනේදි නම් මතක ඇතුව සැඳෑ බිච් පාර්ටියක් දාන්න. මොකද ඉර බැහැගෙන යන වෙරළ තීරයෙ සුන්දරත්වයත් එක්ක, පොඩි අඩියක් තොල ගාලා යාළු ෆිට් එක ඩබල් කරගන්න කියාපු තැනනෙ.

5. Heina Nature Resort (Kataragama/ 077 8544575)

යාල මායිමේ… සුපිරි ප්ලේස් එක. කෙළින්ම ඉතින් යාල ඇතුළෙ හිටිය වගේ තමයි. සෆාරියත් අත ළඟ. කතරගම, ගාමිණිපුර, ගෝයගල ඇල ඉස්මත්තෙ ලී වලින් හදල, මැටි ගාලා, උළු හෙවිලි කරපු මේ කොටේජ්වල සුවපහසුවත් උපරිමයි. කෑම බීම ගැන නම් කියන්න වචන නැති තරම්. වැව් මාළු එක්ක ගමේ කෑම වේලක් එහෙම හිතේ හැටියට බෙදාගෙන කන්න පුළුවන්. හැන්දෑවට ගං ඉවුරෙ කුරුල්ලො, සතා සීපාවො පිරිල නිසා පාළුවක් නම් දැනෙන්නෙම නැති ගානයි. බාග වෙලාවට අලිය වුණත් ඒ ඉසව්වෙ දැක බලා ගන්න බැරි කමක් නෑ. කෝකටත් හේන රිසෝට් යනව නම් අනිවා කැමරාවක් ගෙනියන්න.

මෙතනත් ඉතින් හැන්දෑවට ගිනිමැල පාර්ටියක් අනිවා.

6. Sinharaja Rain Forest View Villas (Deniyaya/ 071 8010700)

යන්න දෙනියාය මීදිරිපිටියට. මුලු මනින්ම ලී වලින් ගහපු සුපිරි කබානාත් තියෙනව. එහෙම නැත්නම් ලක්ෂරි කූඩාරම් එහෙමත් තියෙනව. කෝකෙ හිටියත් ඉතින් සුවපහසුව, කෑම බීම, සේවාවෙ නම් අඩුපාඩුවක් නෑ. අනිත් කාරණය, ඒ වටපිටාවෙ සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගෙන් අඩු පාඩුවකුත් නෑ. වැඩි හරියක්ම ඒක දේශික සත්ව විශේෂ හිතේ හැටියට නිරීක්ෂණය කරන්න, ෆොටෝ ගහන්නත් පුළුවන්. සොබොදහමට තුරුළු වෙලා දවසම ගෙවල හැන්දෑවට සීතල වතුර ටිකක් නාලා රෑ ජාමෙට ගිනිමැල, බෝතල් පාර්ටියක් දාන්න, ෆොර්ස්ට් විව් විලා එකේ අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕන නෑ.

ඇත්තටම, කැලේට ආදරේ අය ඉන්නව නම් එයාලට යන්න කියාපුම තැනක් තමයි රේන් ෆොරස්ට් විව් එක ආ…

ඔන්න දැන් හරිනෙ. හැබැයි ඉතින් අර හැමදාම කියනව වගේ, ඔයාලා දන්න මේ වගේ තැනුත් යටින් කමෙන්ට් කරන්න ඕන. මොකද එතකොට, අපිට කෙසේ වෙතත් අපේ යාළුවන්ට බලල කරල අයිඩියා එකක් ගන්න පුළුවන්නෙ, නේ…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide