ඔබේ විශ්වසනීය ම ඔන්ලයින් ෆාමසිය – හෙල්ත්නෙට්.

ලොක්ඩවුන් කාලෙ විතරක් නෙමෙයි, සාමාන්‍ය දවස්වල වුණත් ගෙදරට ම බෙහෙත් ගෙන්නගන්නවා කියන්නෙ ටිකක් මහන්සි වෙන්න වෙන වැඩක්. ඩිලිවරි පරක්කුව, බෙහෙත් වට්ටෝරු පැටලෙන එක.. මේ වගේ කරදර නිසා අනතුරේ වැටෙන්නෙ ඔබේ සෞඛ්‍යයයි.

ඔබට ඕනෑ ම මොහොතක සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි ඔන්ලයින් ෆාමසියක් ගැන අපි තොරතුරු කියන්න හිතුවෙ ඒ නිසාමයි.

හෙල්ත්නෙට් කියන්නෙ කවුද?

Healthnet.lk කියන්නෙ මීට වසර තුනකට කලින් ආරම්භ වුණු විශ්වාසදායී ඔන්ලයින් ෆාමසියක්. ඖෂධ ප්‍රතිසම්පාදනය, ගබඩා කිරීම සහ ඩිලිවරි කිරීම සම්බන්ධ ප්‍රමිතීන් පවත්වාගෙන යෑමේ වැදගත්කම හේතුවෙන් ඒ කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බෙහෙත් ඩිලිවරි කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිරීති පනවල තිබුණා. ඒ කාලයේ සිට ම හෙල්ත්නෙට් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සැපයීම සම්බන්ධයෙන් විශිෂ්ට ප්‍රමිතියක් සහ මාර්ගෝපදේශයන් අනුගමනය කරනවා. පළමු වරට ඖෂධ ඩිලිවර් කරන වෙබ් අඩවියක් ආරම්භ කළේ ඔවුන්. මේ වෙබ් අඩවිය ඉතාම ක්‍රියාශීලීයි. ඒ වගේ ම ඇඳිරි නීතිය අතරෙත් පාරිභෝගිකයන්ට ඉතා හොඳ සේවාවක් සපයන්න ඔවුන් සමත් වුණා.

හෙල්ත්නෙට්හි ඖෂධ අසුරන්නේ කවුද?

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශයන්ට අනුකූලව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවසර ලත්, අත්දැකීම් බහුල ඖෂධවේදීන් හෙල්ත්නෙට්හි ඖෂධ ඇසුරුම් කරන නිසා, ඔන්ලයින් ඖෂධ ඇනවුම් කිරීමේ කාර්යයේ දී හෙල්ත්නෙට් සිටින්නේ ඉහළ ම තලයකයි.

ඖෂධ වට්ටෝරුව ඔන්ලයින් සකස් කරන්නේ කොහොමද?

හෙල්ත්නෙට්හි සේවය කරන ජ්‍යෙෂ්ඨ ඖෂධවේදීන් බෙහෙවින් අත්දැකීම් බහුල පිරිසක්. ඔවුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර ලත් පිරිසක් වීම සහ, වසර ගණනක ඖෂධ ඇසුරුම් කිරීමේ අත්දැකීම් සහිත පිරිසක් වීම හේතු කොටගෙන, ඔවුන්ට වෛද්‍යවරුන් ගැන, ඔවුන්ට ම ආවේණික අත්අකුරු ගැන සහ අදාළ ඖෂධය ලබා දෙන්නේ කුමන අසනීපයට ද යන්න පිළිබඳව මනා අවබෝධයක් තියනවා. කිසියම් ගැටලුවක් පැන නැඟුණහොත්, හෙල්ත්නෙට් ඖෂධවේදීන් අදාළ වෛද්‍යවරයා හෝ ඖෂධ වට්ටෝරුව නිකුත් කළ තැනැත්තා සමග දුරකතනයෙන් සම්බන්ධ වී ගැටලුව නිරාකරණය කරගන්නවා.

එක් තැනකින් සියලුම ඖෂධ හොයාගන්න අපහසු ද?

සාමාන්‍ය ෆාමසියකින් බෙහෙත් ඇනවුම් කරනකොට තියන ප්‍රශ්නයක් තමයි, මගේ බෙහෙත් වට්ටෝරුවේ තියන සියලුම ඖෂධ එක් තැනකින් හොයාගන්න අපහසු වීම. හැබැයි හෙල්ත්නෙට් එක්ක ඒ ප්‍රශ්නය පැන නඟින්නෙ නෑ. ඔවුන් අපේ ලැයිස්තුවේ තියන සියලුම බෙහෙත් අපට සපයනවා. ඒ විතරක් නෙමෙයි, කිසියම් බෙහෙතක් නැත්නම්, බෙහෙත් වට්ටෝරුව නිකුත් කළ වෛද්‍යවරයාගෙන් විමසීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඒ සඳහා ආදේශකයක් සැපයීමට හෙල්ත්නෙට් කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ඉතාම හොඳ පාරිභෝගික සේවාවක් සපයන ඔන්ලයින් ෆාමසියක් විදිහට බොහෝ පාරිභෝගිකයන් හෙල්ත්නෙට් වෙත ප්‍රශංසා කරනවා.

හෙල්ත්නෙට් ඖෂධ ඩිලිවර් කරන්නේ කොහොමද?

මේ දවස්වල කාලගුණය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. හිටපු ගමන් පෑවිල්ල හිටපු ගමන් කුණාටු! සාමාන්‍යයෙන් ඖෂධ කියන්නෙ ඒවා ගබඩා කරල තියන පරිසරයට ඉක්මනින් නැඹුරු වන දෙයක්. ඒවා ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක 30ට අඩු, වාතය ඇතුළු නොවන ඇසුරුම්වලයි. ඉන්සියුලින් සහ එන්නත් කෙරෙන ඖෂධ සෙල්සියස් අංශක 2 – 8 අතර ගබඩා කර තැබිය යුතුයි. එහෙම නොවුණොත්, තෙතමනය හෝ උෂ්ණය නිසා මේ ඖෂධවල ඇති ස්වාභාවික ගුණය වෙනස් වෙලා, ඖෂධවල ක්‍රියාකාරිත්වය අඩු වෙන්න ඉඩ තියනවා. ඒ නිසා, සාමාන්‍ය ඩිලිවරි යතුරු පැදියක ඔබේ ඖෂධ ප්‍රවාහනය කරන එකෙන් ඖෂධ කොච්චර අවදානමකට ලක් වෙන්න පුළුවන් ද කියල හිතල බලන්න..

හෙල්ත්නෙට් හරහා ඔබ ඖෂධ ඇනවුම් කළ විට, ඔවුන් ඔබේ ඖෂධ ඩිලිවර් කරන්නේ වායු සමීකරණය කරන ලද වාහනයක, අදාළ නිවැරදි උෂ්ණත්වය යටතේ. ඒ වගේ ම ඔබේ ඖෂධ නිවැරදිව සලකුණු යොදල ඇසුරුම් කරලයි ඔබ වෙත එන්නේ. හෙල්ත්නෙට් එකේ ගුණාත්මක සේවාව ගැන සතුටු වුණ පාරිභෝගිකයෙක් ෆේස්බුක් එකේ පෝස්ට් කරල තිබුණ මේ ෆොටෝ එකත් බලන්නකෝ..

හෙල්ත්නෙට් එකේ ඖෂධ මිලෙන් වැඩියි ද?

නෑ. ඔවුන් ඔබෙන් අය කරන්නෙ සාමාන්‍ය ෆාමසියක මිල ගණන්මයි. එක ම වෙනස හෙල්ත්නෙට් ලේසියි, පහසුයි.

ඩිලිවරි ගාස්තු කොහොමද?

රු. 1000ට වැඩි ඇනවුම් සඳහා ඩිලිවරි ගාස්තුවක් ඇත්තෙ ම නෑ! ඒ වගේ ම, හෙල්ත්නෙට් එක කොළඹ 1 සිට 15 ඇතුළත සහ කොළඹ 5 සිට කිලෝමීටර 20ක් ඇතුළත ප්‍රදේශය තුළ ඩිලිවරි පහසුකම සපයනවා.

ඩිලිවරි ගාස්තු මේ විදිහයි.

  • කොළඹ 1 සිට 15 – රු. 150
  • කොළඹ 5  සිට කිලෝමීටර 25 ඇතුළත – රු. 250
  • කොළඹ 5  සිට කිලෝමීටර 25කට එහා – රු. 350

ඩිලිවර් කරන්නෙ ඖෂධ වට්ටෝරු විතර ද?

(මීට අමතරව) මේ අය බිළිඳු සහ ළමා නිෂ්පාදන, බේබි කෙයා නිෂ්පාදන, විටමින් සහ පෝෂක, ළමා විටමින් වර්ග, අධෝරක්ත උෂ්ණත්වමාපක වැනි වෛද්‍ය උපකරණ, රුධිර ග්ලූකෝස් මාපක, මුව ආවරණ, සැනිටයිසර්ස්, මුහුණු ආවරණ වැනි දෑ ඔබේ නිවසට ම ඩිලිවර් කරන්න ලෑස්තියි. මේ සඳහා www.healthnetstore.lk වෙත  පිවිසෙන්න.

ඩිලිවර් කරන්න ගන්න කාලය

පැය 24ක් ඇතුළත මේ අය බෙහෙත් ටික ඔබ ළඟට ගෙනත් දෙනවා.

Healthnet.lk වෙතින් ඇනවුම් කරන්නෙ කොහොමද?

Healthnet.lk කියන්නෙ ඔබේ ඖෂධ ඩිලිවර් කරන විශ්වාසදායී ක්‍රමය විතරක් නෙවෙයි, ඔබ ඔබේ ඖෂධ කලට වෙලාවට ලබා ගන්නවා ද කියල හොයා බලන මිතුරෙක්, පවුලේ ම කෙනෙක්..

ඔබේ පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් Healthnet.lk වෙත පිවිසෙන්න. ‘Upload Prescription’ තෝරන්න. ඔබේ විස්තර ඇතුළත් කරන්න. කරන්න තියෙන්නෙ එච්චරයි.

ඔබ මාසිකව දියවැඩියා ඖෂධ ඇනවුම් කරනවා ද? නැතිනම් එය ඔබේ දෙමාපියන්ට හෝ වෙනත් වැඩිහිටියෙකුට ද? එහෙම නම්, හෙල්ත්නෙට් සමග ලියාපදිංචි වූ විට, නැවත ඇනවුම ලබා දිය යුතු දිනයේ දී ඔබට මාසිකව මතක් කිරීමක් ලැබෙනු ඇති. නැවත ඇනවුම් කිරීමට කළ යුත්තේ එය ටච් කිරීම පමණයි! කලබල වෙන්න, කරදර වෙන්න කිසි දෙයක් නෑ!

ලියාපදිංචි වුණාට පස්සේ, බෙහෙත් වට්ටෝරුවේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඩිලිවරි තොරතුරු ඇතුළත් කරන්න. එතකොට ගෙවිය යුතු මුදලේ ඇස්තමේන්තුවක් ඔබට පෙන්වාවි. ඔබේ ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් ප්‍රවේසම් සහගත විදිහට ගෙවීම සිදු කරන්න පුළුවන්. එහෙම නැතිනම් කෑෂ් හෝ, ඩිලිවර් කරන අවස්ථාවේ කාඩ් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම ඔබට තෝරන්න පුළුවන්. වීසා/ මාස්ටර්, Mcash, Amex, සම්පත් විශ්ව, Dialog Gene, Ezy Cash, Frimi, Diners Club International සහ Discover යන ඕනෑ ම ක්‍රමයකටත් ගෙවීම් කළ හැකියි.

ස්පර්ශ කිරීමෙන් තොර ක්‍රමයකින් වැඩ කටයුතු කරගන්න මුළු ලෝකෙ ම උත්සාහ කරන මේ වෙලාවේ, මේ පහසු ක්‍රමය ඔස්සේ හෙල්ත්නෙට් සාර්ථකත්වයට පත් වෙලා තියනවා. වැඩි විස්තර සඳහා info@helathnet.lk වෙතින් විමසීම් කළ හැකියි. නැතිනම් 0112795795ට කතා කරන්න. එහෙමත් නැතිනම් ඇඳිරි නීතිය නැති වෙලාවක මේ අයගේ ෆාමසිය තියන 30/4, පාක් රෝඩ්, කොළඹ 05 ලිපිනයට ගිහින් ම බලන්නත් ඔබට පුළුවන්.

අපි කියනවට ම නෙවෙයි, හෙල්ත්නෙට් එකේ සර්විස් එකෙන් සතුටු වුණු පාරිභෝගිකයො ෆේස්බුක් එකට දාල තියන රිවීව්ස් එහෙමත් කියවල බලන්නකෝ..

*මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ Healthnet.lk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide