එදා මෙදාතුර ලංකාවේ ස්වභාවික ව්‍යසන ආකෘතිය හැදිලා තියෙන්නේ මෙහෙමයි.

පරිසරය කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. පරිසරයේ තියෙන ස්වාභාවික සම්පත් හිතේ හැටියට තමන්ගේ ප්‍රයෝජනයට ගත්තත්, ඒවට කළගුණ සැලකීමක් දැක්වීමේ පුරුද්දක්, අපේ ගොඩක් අයට නැහැ. අපට උදව් දෙන පරිසරයට, අපි ම කරන වින නිසා ඇතිවෙන ස්වභාවික විපත් ගැන, අපට කාලෙන් කාලෙට අහන්න ලැබෙනවා. අපි මේ දවස්වල ඉන්නෙත් ඒ වගේ ව්‍යසනයක් මැද්දේ. ගංවතුරක් ආවම අපේ ම සහෝදර ජනතාවට ආධාර දෙන්න පෙළගැහුණත්, සමහර අයට මේවා වෙන්නේ ඇයි කියන එක ගැනවත් අවබෝධයක් නැහැ. අන්න ඒ නිසයි අපි අද ලංකාවේ ස්වභාවික ව්‍යසන ආකෘතිය ගැන කතා කරන්න හිතුවේ.

1. සුළි සුළං

Image Source : weather-forecast.com

ලෝකයේ වෙන ස්වාභාවික අනතුරු අතරින් නිවර්තන කලාපයට ලොකු ම බලපෑමක් එල්ලවෙන්නේ නිවර්තන වාසුළිවලින්. වාසුළි ඇතිවෙන ප්‍රදේශවලට අනූව, මේ වාසුළිවලට විවිධ නම් ලැබෙනවා. ටයිෆූන් (Typhoon), විලී විලීස් (Willy – Willies), හරිකේන් (Hurricane) ඒ වගේ නම් කීපයක්. ඔය සුළි සුළං (Cylones) කියන වචනය පාවිච්චි වෙන්නේ ලංකාව, ඉන්දියාව වගේ රටවල්වල ඇතිවෙන වාසුළි හඳුන්වන්නයි.

ලංකාවට බලපාන්නේ ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක පැත්තේ ඇතිවෙන වාසුළියි. බෙංගාල බොක්කේ තියෙන සාගර ජලය, වෙනත් සාගර ජලය එක්ක මිශ්‍ර වෙන අවස්ථාව අඩුයි. ඒ නිසා ම, මේ ජලය සෑහෙන්න උණුසුම් තත්ත්වෙක පවතිනවා. ඒ නිසා ඇතිවෙන අඩු පීඩන තත්ත්ව නිසා තමයි වාසුළි නිර්මාණය වෙන්නේ. ලංකාවට බලපාන වාසුළි සෘතුව විදියට සැළකෙන්නේ නොවැම්බර්, දෙසැම්බර් කාලයයි. 1881 සිට 2000 වගේ වෙනකම් තියෙන මේ සම්බන්ධ දත්ත සලකලා බැලුවා ම මේ බව හොඳට ම පැහැදිලි වෙනවා.

මේ කාලවලට පිටින් සුළි සුළං ඇතිවෙච්ච අවස්ථා තියෙන්නේ දෙකයි. එකක් “හලාවත සුළි සුළඟ". මේක ඇතිවුණේ 1967 ඔක්තෝම්බර්වල. අනිත් එක වුණේ 1912 ඇතිවුණු “තංගල්ල සුළි කුණාටුව”.

කොහොම වුණත්, ලංකාවට මෙච්චර කාලයකට බලපාපු සුළි සුළං අතරින් දරුණුත ම එක විදියට සැලකෙන්නේ 1978 ඔක්තෝම්බර්වල වුණු සුළි සුළඟයි. බෙංගාල බොක්කෙන් පටන්ගෙන, මඩකලපුව දක්වා ගියපු මේ සුළි සුළඟ නිසා ජීවිත 915ක් නැතිවුණා.

2. නියඟය

Image Source : sundaytimes.lk

නියඟය කියන්නේ ලංකාවට අමුතු දෙයක් නෙවෙයි. අපේ පුරාණ ඉතිහාසෙත් මේ සම්බන්ධ කතන්දර අපට අහන්න ලැබිලා තියෙනවා. බැමිණිතියා සාගතය, එක්නැළි සාගතය එයින් කීපයක්.

ලංකාවේ නියඟය බහුල විදියට ම ඇතිවෙන්නේ හම්බන්තොට පැත්තේ. මේකට වැඩිපුර ම හේතු වෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන වියළි කාලගුණික තත්ත්වයයි. පහුගිය කාලේ වුණු නියං කාල නිසා වගාවන් විනාශ වෙලා, පවුල් විශාල ගණනක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා.

ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් එක්ක නියං ඇතිවීම තවත් ඉහළ ගිහිල්ලා. ඊට අමතර ව විධිමත් නැති විදියට කරන වගා ක්‍රම, වනාන්තර කැපීම, වැව් කැඩී බිඳී යාමත් මේකට හේතු වෙලා තියෙනවා.  

3. භූමි කම්පා

Image Source : colombogazette.com

ලංකාව භූමි කම්පා සුලබ රටක් නෙවෙයි. ඉන්දු – ඕස්ට්‍රේලියා මධ්‍ය තලයේ පහිටි රටක් වීමත්, ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ බිහිවුණු ස්ථාවර භූ ස්කන්ධයක් වීමත් මේකට හේතු වෙනවා (භූමි කම්පන වැඩිපුර වෙන්නේ නව භූ ස්කන්ධවලලු). හැබැයි විටින් විට ඇතිවුණු භූමි කම්පාවලින් අපේ මිනිස්සුන්ට කරදර වුණු අවස්ථා නැතුව ම නෙවෙයි.

1615 අප්‍රේල්වල ඇතිවුණු භූමි කම්පාව මෙයින් එකක්. ඒකෙන් මිනිස්සු 2000ක් විතර මිය ගියාලු. මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහත්මයා කියන විදියට 1615 – 2000 දක්වා කාලය ඇතුළත භූ කම්පන 60ක් විතර වාර්තා වෙලා තියෙනවා.

2001 අවුරුද්දේ අන්තිමේ කොළඹට දැනුනු භූමි කම්පාවත් ඔයාලට මතක ඇති. ඒක රිච්ටර් පරිමාපකයේ 5.9ක් විදියට වාර්තා වුණා. ඊට කලින් 1993දී කළුතර පැත්තට බලපාපු භූ කම්පනය රිච්ටර් පරිමාපකයේ 6.3ක්. මෙන්න මේ වගේ ලංකාවට බලපෑ රිච්ටර් පරිමාපකයේ 5.5 ඉක්මවපු හැම භූමි කම්පනයක් ම වෙලා තියෙන්නේ සාගරයේ. 2004දී අපේ රටට සුනාමි අරගෙන ආව භූ කම්පනයත් එහෙම එකක්. ඒක වුණේ සුමාත්‍රා දූපත් කිට්ටුව මුහුදේ.

4. සුනාමි

Image Source : edition.cnn.com

මෑතකදී ලංකාවට බලපෑව ස්වාභාවික ව්‍යසන අතරින්, දරුණුතම එකක් විදියට සැලකෙන්නේ 2004 අවුරුද්දේ වුණු සුනාමි අනතුරයි. රිච්ටර් පරිමාපකයේ 9.0ක් විදියට සටහන් කරමින් වුණු භූමි කම්පාවක් මේකට හේතු වුණා. කිව්වත් වගේ මේක සිද්ධ වුණේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතවයි. ලංකාව තියෙන්නේ මේ භූමි කම්පාව වුණු තැනට කිලෝමීටර 1600කටත් වඩා දුරින්. ඒත් ඒකයි කියලා ඒකෙන් ලංකාවට වෙච්ච හානියේ නම් කිසිම අඩුවක් නැහැ.

සුනාමිය නිසා ලංකාවේ මිය ගිය ගණන 35,332ක් විදියට වාර්තා වෙනවා. අවතැන් වෙච්ච පිරිස 516,160ක්. ඒ විතරක් නෙවෙයි, සංචාරක හෝටල් 48ක්, ගෙවල් 88,022ක් වගේ ම, විහාරස්ථාන 43ක් මේකෙන් විනාශ වුණා. දිස්ත්‍රික්ක 13කට සුනාමියෙන් හානි වුණේ ලංකාවේ ධීවර, ප්‍රවාහන, නිවාස, ගොඩනැගිලි, යටිතල පහසුකම් වගේ ක්ෂේත්‍ර ගාණක් අඩපණ කරමින්.

5. නාය යෑම්

Image Source : wikipedia.org

නායයාම් සැලකෙන්නේ ලංකාවේ ව්‍යාප්ත වෙමින් තියෙන උවදුරක් විදියට. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වලා දෙන විදියට, ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 10ක් ම නාය යාමේ අවධානම තියෙන ඒවා. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 20%ක වගේ ප්‍රමාණයක් මේ අතරට ඇතුළත් වෙනවා. අධික වැස්ස, කඳු බෑවුම්වල ඇතුලේ තියෙන කුහර, ඉරි තැලීම්, වන විනාශය, අක්‍රමවත් වගාවන්, පතල් කැණීම, කෘතීම පිපිරවීම් ඇති කිරීම වගේ හේතු කීපයක් ම මේකට බලපානවා.

මෑතකාලීන ඉතිහාසයේ අපට ගං වතුරත් එක්ක ආව නාය යාම් ගැන අහන්න නොලැබුණු අවුරුද්දක් තිබුණේ නැහැ. 2012 අවුරුද්දේ ගංවතුරත් එක්ක ආව නාය යාම මිනිස්සු 40කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කළා. ලක්ෂ තුනක වගේ පිරිසකට මේ ආපදාව බලපෑවා. 2014දී මේ කරදරේට මුහුණ දුන්නේ බදුල්ලේ උදවියයි. 20ක් වගේ පිරිසකගේ ජීවිත බිලිගත්ත මේ නාය යාම ගෙවල් 150ක් විතර විනාශ කළා. 2015 නාය ගියේ දකුණු පළාතේ ප්‍රදේශවල. මේකෙන් මිනිස් ජීවිත 10කට කිට්ටු ගණනක් නැති වුණා. 2016 අවුරුද්දේ වුණු නාය යාම් අතරින් දරුණු ම එක විදියට සැලකෙන්නේ අරණායක සිද්ධියයි. 100කට වැඩි ප්‍රමාණයකට ජීවිත අහිමි වුණා විතරක් නෙවෙයි, 301,602 විතර පිරිසක් අවතැන් වුණා.

Image Source : aljazeera.com

පහුගිය අවුරුදු හැම එකකට ම වඩා දරුණු ගංවතුර, නාය යාම් වාර්තා වුණේ 2017 අවුරුද්දෙයි. මේ වෙද්දී ලැබිලා තියෙන අලුත් ම තොරතුරුවලට අනූව, මේවයින් මිය ගිහින් තියෙන පිරිස 200කට ආසන්නයි. 545,283 වගේ පිරිසක් අනාත කඳවුරුවල රැඳිලා ඉන්නවා. මේ උදවියට උදව් කරන්න ඔයාලටත් පුළුවන්. ඒ ගැන විස්තර මේ පෝස්ට් එකෙන් බලාගන්න ඇහැකි.

6. ගංවතුර

Image Source : 7xs.com.au

ලංකාව ගංගා 103ක් තියෙන රටක්. මේවායින් 9ක් ප්‍රධාන ගංගා විදියට සැලකෙනවා. සාමාන්‍යයෙන් ගංවතුරක් කියලා හැඳින්වෙන්නේ ගඟක ස්වභාවික නිම්නය උතුරලා ගිහින්, ඒ ජලය ගංගා ආශ්‍රිතව තියෙන ගොඩබිම් ප්‍රදේශවලට ගලාගෙන ගිහින් ජීවිත සහ දේපල හානි ඇති කරන එකයි. අධික වර්ෂාපතනය, උදම්වල බලපෑම, වේලි කැඩී යාම; මේ ලංකාවේ ගංවතුර ඇතිවෙන්න තුඩු දෙන හේතු කීපයක්.

Image Source : cnn.com

අවුරුදු 25කට පස්සේ ලංකාවට ආව බරපතල ම ගංවතුර විදියට සැලකෙන්නේ 2016 අවුරුද්දේ මැයි මාසේ ඇතිවුණු ගංවතුරයි. මේ අවුරුද්දේ ඒ තත්ත්වේ ඊටත් වඩා දරුණු වෙලා. මෙදා පොටේ දිස්ත්‍රික්ක 15ක් යට කරපු ගංවතුර දැනටත් බැහැලා ගිහින් නැහැ. සමහර පැතිවලට තවමත් වැස්ස.  

මේ හැරුණා ම වැස්සත් එක්ක එන අකුණුවලින් වෙන විපත්, කලාතුරකින් ඇතිවෙන ටොනේඩෝ ව්‍යසන, මුහුදු ඛාදනය ලංකාවට බලපාන තවත් ස්වභාවික විපත් අතරින් කීපයක්. ඇත්ත ම කිව්වොත්, මේ ස්වාභාවික ව්‍යසන ඇතිවෙන්න දීලා, පස්සේ ආපදා කළමනාකරණය කරනවට වඩා, ඒවා නොවෙන විදියට වැඩ කරන්න පුළුවන් නම් තමයි හොඳ. මොකද ඒ හැම හේතු කාරකයට ම වක්‍රව හෝ සෘජුව අපේ බලපෑමක් තියෙනවා. පොඩ්ඩක් හිතන්න, දැන් මාසෙකට උඩදී වෙච්ච මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය එක ගැන. ඒ කුණු කන්ද හැදුණේ අපි කවුරු කවුරුත් ඉවක් බවක් නැතුව බැහැර කරපු කුණු නිසයි. අපේ කුණුවලින් ටිකක් අපි ප්‍රතිචක්‍රීකරණය කළා නම්, ඒ තත්ත්වය ඔයිට වඩා වෙනස් වෙන්න තිබුණා නේද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide