දන්නවද?; මේ බොලිවුඩ් චිත්‍රපටි 8ම රූපගත වුණේ ලංකාවේ!.

ලොකු මුහුදකින් වට වෙච්ච, පොඩි දූපතක් වුණත් ලංකාවේ බලා කියාගන්න, රස විඳින්න පුළුවන් තැන් එමටයි. ලස්සන මුහුදු තීරය, විවිධ බෝග වගාවන්, ජෛව විවිධත්වය, කඳු හෙල්, කාටත් හරි යන දේශගුණය, පුරාණ නටබුන් වගේ හේතු ගොඩක් නිසා විදේශිකයන් අතරේ ලංකාව ගොඩක් ප්‍රසිද්ධයි. ලංකාවේ තියෙන මේ ලස්සන දේශීය චිත්‍රපටවලට විතරක් නෙවෙයි, විදේශීය ඒවා බොහොමයකටත් දර්ශනතල සපයලා තියෙනවා. අන්න ඒ වගේ ඉන්දියන් සිනමාපට කීපයක් ගැනයි මේ සටහන.

1. Water

ඉන්දියාවේ සිද්ධවෙන ළමා විවාහවල ඇතුල්පැත්ත පෙන්වපු වෝටර්, මුල ඉඳල ම සෑහෙන්න ආන්දෝලනයකට මුහුණ දුන්නු චිත්‍රපටයක්. මේකත් ඉන්දියාවේදී රූගත කරන්න තමයි තීරණය වෙලා තිබුණේ. ඒත් හින්දු අන්තවාදීන්ගෙන් වෙච්ච කරදර නිසා, ඉන්දියාවේදී කිරීම අපහසු වුණා. ඒ නිසා වෝටර් චිත්‍රපටියේ රූපගත කිරීම් වුණේ ලංකාවේදීයි. දීපා මේතා අධ්‍යක්ෂණය කරපු මේ සිනමාපටයේ සරලා කාරියවසම් කියන ළමා නිළියගේත්, බුද්ධි වික්‍රම, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නළු නිළියන්ගේත්  රංගනය අපට දැකගන්න ලැබුණා.ඔස්කාර් ඇතුළු සම්මාන 32කට නිර්දේශ වුණු වෝටර්හි දර්ශන කීපයක් ම රූගත කරන්න මොරටුවේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත ප්‍රදේශය යොදාගෙන හිතුණා.

2. Midnight’s Children

මේකත් දීපා මේතාගේ අධ්‍යක්ෂණයක්. 2012දී තිරගත වුණු “මිඩ්නයිට්’ස් චිල්රන්” චිත්‍රපටයට පාදක වුණේ සල්මන් රුශ්දී ලියපු නවකතාවක්. ඉන්දියාවට නිදහස ලැබෙන දවසේ උපදින බිළිඳන් දෙදෙනෙකුත්, වැරදීමකින් ඒ දෙදෙනා වෙනස් පවුල් දෙකකට මාරුවෙලා යන විදියත් පෙන්වමින් තමයි මේ චිත්‍රපටියේ කතාව පටන්ගන්නේ. ලංකාවේ කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ 65ක මේක රූගත කිරීම් සිද්ධ වුණා.

3. Kannathil Muthamittal

නිකමට හිතන්න, තමන් අරන් හදාගත්ත දරුවෙක් කවදාහරි තමන් ව මේ ලෝකෙට බිහි කරපු අම්ම ව හම්බවෙන්න ඕනේ කිව්වොත් ඒක කොච්චර හිතට වද දෙන කාරණයක් වෙයිද? අනික ඒ අම්මා ඉන්නේ මේ දරුවට ළඟා වෙන්නවත් බැරි තැනක නම්, දරුවා ව හදාගත්ත අම්මා මුහුණදෙන්නේ කොච්චර ලොකු අපහසුතාවයකටද? ලංකාවේ සිවිල් යුද්ධයෙන් අතරමං වෙන දරුවෙක් හදාවඩා ගන්න ඉන්දියානු යුවලක් ගැන කියන මේ වගේ ම කතාවක් අපට දකින්න ලැබුණේ මනිරත්නම් අධ්‍යක්ෂණය කරපු “කන්නාත්තිල් මුතමිත්තාල්” නම් දමිළ චිත්‍රපටියෙන්. ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් තියෙන දර්ශනවල තාත්ත්වික බව පෙන්වන්න ඕනේ නිසා ම, මේ සිනමාපටයේ දර්ශන බොහොමයක් ලංකාවේ උතුරු නැගෙනහිර පැතිවල රූපගත කෙරුණා.

4. Bombay Velvet

රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා, කරන් ජොහාර් එහෙම රංගනයෙන් දායක වුණු “බොම්බේ වෙල්වට්”, බොක්සිං ක්‍රීඩකයෙක් සහ ගායිකාවක් අතරේ ඇතිවෙන ප්‍රේම පලහිලව්වක් ගැන තියෙන කතාවක්. මේ සිනමාපටයෙදී ඉන්දියාවේ බොම්බේ නගරය ලංකාවේ ඉදි කරන්න කටයුතු කෙරුණා. මේකට පාවිච්චි වුණේ හම්බන්තොට රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයයි. ඒ හැරුණා ම, බෙන්තොට පාලම, කොළඹ කොටුව දුම්රිය ස්ථානය, ගාලු කොටුව වගේ තැනුත් මේ වැඩේට පාවිච්චි වුණා. ලංකාවෙන් අක්කර පහක් අරගෙන හදපු මේ බොම්බේ නගරයෙන් නිරූපණය වුණේ 60 දශකයේ ඉන්දියාවයි.

5. Agyaat

තරමක් අසාර්ථක වෙච්ච ඉන්දියානු චිත්‍රපටයක් විදියට “අග්යාත්” හඳුන්වන්න පුළුවන්. රාම් ගෝපල් වර්මා විසින් අධ්‍යක්ෂණය වුණු මේ සිනමාපටයේ තියෙන්නේ කැලේකට ගිහින් අතරමං වෙන පිරිසක් මුහුණදෙන භයානක අත්දැකීම් සම්බන්ධ කතාවක්. මේකේ දර්ශනවලින් බොහෝ ප්‍රමාණයක් රූගත වුණේ ලංකාවේ සීගිරිය ආශ්‍රිත ව ඇති කැලෑ ප්‍රදේශයේයි. තෝරගත්ත දර්ශන කීපයක් විතරක් ඉන්දියාවේ අතිරප්පිලි කැලයේ පටිගත වුණා.

6. Ready

2011දී තිරගත වුණු “රෙඩී” කොමඩි, ඇක්ෂන්, රොමෑන්ටික් වර්ග තුන ම එකතු කරපු චිත්‍රපටියක්. සල්මන් ඛාන් සහ අසින් ප්‍රධාන රංගන ශිල්පීන් විදියට රඟපෑව මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළෙත් සල්මන් ඛාන්මයි. මේක පටිගත කරන්න මුරිශියස් රාජ්‍යය තෝරා ගැනුණත් සල්මන් ඛාන් ඒ තීරණය වෙනස් කළා. ඉන්දියාවට කිට්ටුවෙන් ම තියෙන ලස්සන රටක් නිසා බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනයට සුදුසු ම රට වෙන්නේ ලංකාව බවයි ඔහුගේ අදහස වුණේ. රෙඩී සිනමාපටයේ දර්ශනවලින් 40%ක් ම වාගේ රූගත වුණේ ලංකාවේ දර්ශනතලවල. කොළඹ, බෙන්තොට නගර මේ වෙනුවෙන් පාවිච්චි කෙරුණා.   

7. Jism 2

සනී ලියෝන්, රන්දීප් හූදා, අරුනෝද් සිං රඟපෑව “ජිස්ම් 2” චිත්‍රපටයේ ගොඩක් දර්ශන පටිගත වුණේ ඉන්දියාවේ ජායිපූර් සහ ගෝවා නගරවල. ඒ වුණාට මේකේ අන්තිම රූගත කිරීම්වලට ලංකාව යොදා ගැනුණා. මොකද මේකේ කතා තේමාවේ සනී ලියෝන් ලංකාවට ඇවිදින් පදිංචි වෙන දර්ශනයක් සහ රන්දීප් කාලයක් තිස්සේ ලංකාවේ ජීවත්වෙන පුද්ගලයෙක්ගේ චරිතයක් නිරූපණය කිරීමක් දකින්න ලැබුණා. ඒ විදියට පටිගත වුණු මේ සිනමාපටය රිදී තිරයට ගියේ 2012දී.

8. Sooryavansham

1999දී තිරගත වුණු, ප්‍රවීණ නළු අම්බිතාබ් බච්චන් රංගනයෙන් දායක වුණු “සූර්යවංශම්” චිත්‍රපටියේ දර්ශන ගොඩක් ඒවා හැදුණේ ලංකාවේ කිව්වොත්, විශ්වාස කරන්න පුළුවන්ද? පොළොන්නරුවේ කිරි විහාරය, වටදාගය, පේරාදෙණියේ උද්භිද උද්‍යානය ප්‍රදේශ මේ වෙනුවෙන් පාවිච්චි වුණා. සත්යනාරායනගේ පළමු සහ එක ම හින්දි චිත්‍රපට අධ්‍යක්ෂණය කියලා සැලකෙන්නෙත් සූර්යවංශම් සිනමාපටයමයි.

මේවා විතරක් නෙවෙයි, සුප්‍රසිද්ධ ඉංග්‍රීසි චිත්‍රපටි කීපයකුත් ලංකාවේ රූපගත වුණා. ඒ ගැන කියවන්න පුළුවන් මෙන්න මේ ආටිකල් එකෙන්. ලංකාවේ හදපු බොලිවුඩ් සිනමාපට ගැන තව රසබර විස්තර දන්නවනම්, අපටත් කියන්න ඕනේ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide