සදා නොමියෙන අතීත ගී මතක! එදත් අදත් අපේ දෙසවන් පිනවූ අපූරු වේදිකා නාට්‍ය ගී 8ක්.

අල්ලස් දී පොලීසියට කොස්ගස් හන්දියේ ජයට

නෛ‍යින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට… ඩෙඟර ටකං ඩෙඟර ටකං

මතකෙයි, ඒ විරිඳු පද ටික. හරි ෂෝක් අතීත පොඩ්ඩ නේ. හැත්තෑව, අසූව දශකයෙ අයට නම් ඇහෙද්දි, බැලෙද්දි ඇස්වලට කඳුලුත් උනනව ඇති. ඒත් අවාසනාවට වගේ, අද වෙද්දි ඉතුරු වෙලා තියෙන්නෙ ඒ අතීත මතකයන්ගෙ පොඩි පොඩි වීඩියෝ, පොටෝ කෑලි ටිකක් විතරයි. හැරත් ඒ වේදිකා නාට්‍ය එහෙමත් දැන් පේන්න නෑනෙ. සිංහබාහු, මනමේ, නරිබැනා වගේ ප්‍රසිද්ධම ඒව ටික තමයි තවමත් ප්‍රදර්ශනය වෙන්නෙ. බාග වෙලාවට ඊටත් වඩා රසවත් රජගහේ නාඩගම, මධුර ජවනිකා, බෙර හඬ වගේ වේදිකා නාට්‍ය දැන් දැන් වේදිකාව පැත්තට එන්නෙම නැති තරම්.

හ්ම්ම්… එහෙමයි කියල ඉතින් අපිටත් කරන්න ඒ හැටි දෙයක් නෑනෙ. එකතුවෙලා නාට්‍යයක් පෙන්නන්න කියලයැ. හැබැයි අපි ගේම නිකම්ම අත ඇරියෙ නෑ. ඔයාලට පොඩි හරි රසවින්දනයක් ගේන්නෙ කොහොමද කියල සෑහෙන්න කල්පනා කළා. කරල තමයි අන්තිමට හිතුවෙ, බලපු අයට කතාව මතක් වෙන්නත්, නොබපු අයට කතාව බලන්න ආස හිතෙන්නත් එක්ක, පැරණි වේදිකා නාට්‍ය ගී ටිකක් ඔයාලට ගේන්න.

එහෙනම් හීන් සැරේට මේ සිංදු ටික අහල අතීත මතක ගොන්නත් අලුත් කරගන්න ගමන් අපිටත් පුංචි කමෙන්ට් එකක් දාන්නකො.

1. වාසනා දිනේකි මේක පාමූ තුටින් සිතේ…

ජෝන් ද සිල්වා, නම කියද්දිම දන්නව නේ. ඔව්, ලාංකීය වේදිකා නාට්‍ය, නූර්ති කලාවේ සදා අමරණීය චරිතයක්. ඒ වගේම තමයි ගොඩක් රසවත්, හරවත් පද රචනයන්ගෙන්, සංගීතයන්ගෙන් අපේ දෙසවන් පිනවපු අග්‍රගණ්‍ය කළා කරුවෙක්. ජෝන් ද සිල්වා මහත්තයගෙ ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තියෙ තමයි මේ ‘වාසනා දිනේකි’ ගීතය ඇතුලත් වෙලා තියෙන්නෙ. එතුමා අතින් හරිම රසවත් විදියට මේ පද පේළිය ලියවුනාට මොකද ඇඟ නැටවෙන ඩොල්කෙ, සර්පිනා, බටනලා තාලවලින් සංගීතවත් කලේ කවුද කියල නම් හරියටම හොයා ගන්න බැරි වුණා. හිතන විදියට ජෝන් ද සිල්වාම වෙන්නෙ ඕන. ඒත් ගායනා කරන්නෙ එදත් අදත් රසික හදවත් දිනපු ජයලත් මනෝරත්නයන්.

2. මඩේ ලගින තාරාවන් නාවන්ද මං…

‘තාරාවෝ ඉගිලෙති’, වාසනාවට වගේ තවමත් වේදිකා ගත වෙනව. ඒත් මර්සි මහත්මිය නැති අඩුපාඩුව නම් ගොඩක් රසික හදවත්වලට දැනෙනව ඇති. කොහොම වුනත් මේ අපූරු වේදිකා නාට්‍යයෙ එන ‘මඩේ ලගින තාරාවන්’ සිංදුවෙ අන්‍යතාවය තියෙන්නෙ මර්සි මහත්මියගෙ හඬත් එක්ක. එතකොට ඒ අපූරු පද රචනය සිද්ධ වෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහත්තය අතින්. සංගීතය ගුණදාස කපුගේ ශූරීන්ගෙන්. ඉතින්, දැනට මේ සිංදුව අහල හිත හදා ගත්තට කමක් නෑ යාළුවනේ, පුලුවන් වෙලාවක තාරාවෝ ඉගිලුන හැටි දැක බලා ගන්නත් ගියොත් තමයි තවත් හොඳ.

3. යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා…

හෙන්රි ජයසේන ශූරීන්ගෙ හුණුවටයේ කතාව කියන්නෙත් තවමත් දැක බලා ගන්න පුලුවන් හරි ලස්සන වේදිකා නාට්‍යයක්. ඉතින් එ් වේදිකා නාට්‍යයෙ එන ලස්සන ගීත අතරින් එකක් තමයි ‘යුද්ධෙට මං ගියා’ කියන්නෙ. සිංදුවෙ පද රචනයත් හෙන්රි ජයසේනයන්ගෙන්මයි. සංගීතවත් කෙරෙන්නෙ ෂෙල්ටන් පෙරේරා මහත්තය අතින්. අපි හොයා ගත්තු විදියට මේ සිංදුවෙ මුල් ගායනය ජෝ අබේවික්‍රම මහත්තයයි තවත් පිරිසකගෙනුයි.

4. විභාගේ තමයි අපේ අභාගේ… විභාගෙ විභාගේ

සෝමලතා සුභසිංහ මහත්මිය අතින් අධ්‍යක්ෂණය කෙරුනු ‘විකෘති’ වේදිකා නාට්‍යය නම් වර්තමානයට ගොඩක්ම ගැලපෙනවා. මොකද තරඟකාරී ජීවන රටාවෙ ආදීනව හරි ලස්සනට අන්තර්ගත කරල තියෙනවනෙ. විකෘති එකේ එන විභාගේ සිංදුවත් ඒ විකෘතිත්යට කියාපු. ගී පද ලියවෙන්නෙ සෝමලතා මහත්මිය අතින් විතරක් වුණාට සංගීතයට නම් කලේ එම්. ආර්. චූලසිංහ කියල මහත්තයෙකුත් හවුල් වෙලා තියෙනව. කොහොමත් මේක සමූහ ගායනයක් නිසා අපි වගේ ෆේල් කට්ටියට එහෙම හොඳට හිතට වදින සිංදුවක් වේවි.

5. කන්න දෙනව නං අපිට බොන්න දෙනව නං…

එක්තරා ආණ්ඩු කාලෙක බිහිවුණු, අපේ උන්දැලටම කියාපු සිංදුවක්. ආ.. නැද්ද කියන්නකො, කන්න දෙනව නං බොන්න දෙවන නං අපේ කස්ටිය… නෑ එක්කො ඕන නෑ. කොහොම හරි මේ ‘රජ ගහේ නාඩගම’ නාට්‍යය නිර්මාණය වෙන්නෙ සිරිසේන ප්‍රේමලාල්, ජනක් ප්‍රේමලාල් දෙපල අතින්. එතකොට ගීතයෙ පද රචනය වගේම ගායනයත් රවීන්ද්‍ර යසස් මහත්තය අතින්. ඒත් හරි අපූරු තාලෙකට ගීතය සංගීතවත් කලේ කවුද කියල නම් හරි හැටි හොයා ගන්න බැරි වුණා.

6. නෛ‍යින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට…

අහනව නං අන්න විරිඳු. දයානන්ද ගුණවර්ධනයන්ගෙ මධුර ජවනිකා නාට්‍යයෙ තමයි මේ විරිඳුව අන්තර්ගත වෙලා තියෙන්නෙ. එච්. ඒ පියදාස මහත්තයගෙ ‘කවි කොළය’ පද්‍ය පන්තියෙන් උපුටා ගත්තු මේ සත්‍ය කතා විරිඳුව හිත් ඇද බැඳ ගන්න විදියට ගායනා කරන්නෙ ජැක්සන් ඇන්තනී මහත්තයයි, අනුලා බුලත්සිංහල මහත්මියයි. සංගීතය අපූරු විරිඳු තාලයක් නිසා ‘නෙයිනගෙ සූදුව’ ඒ දවස්වල ඉඳන්ම කාගෙ කාගෙත් හිත් දිනා ගත්ත සිංදුවක් වුනා. හැරත් මේක ඇත්ත කතාවක් නිසා ගොඩ දෙනෙක් අතර නොමියෙන පද පේලියක් බවටත් පත්වුනා කියන්න පුලුවන්.

7. අද.. වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී…

ජෝන් ද සිල්වා මහත්තයගෙ වෙස්සන්තර නූර්තියෙ තමයි මේ මේ රස බර, කාටත් හුරු පුරුදු පද පේළි ටික එන්නෙ. හිතන විදියට ලියවෙන්න ඇත්තෙත් එතුමා අතින්මයි. හැබැයි වර්තමාන ගායනය නම් ජයලත් මනෝරත්න, රත්නා ලාලිනී ජයසේකර, නිස්සංක දිද්දෙනිය මහත්ම මහත්මීන්ගෙන්. හ්ම්ම්… මේ නූර්තියත් සංගීතවත් කරන්න ඇත්තෙ ජෝන්ද සිල්වා මහත්තයම වෙන්න ඕන. ඔයාලා දන්නව නම් අපිට කමෙන්ට් කරන්න හොඳද.

8. බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා…

මේ නූර්ති ගීතය එන්නෙත් ජෝන් ද සිල්වා මහත්තයගෙ වෙස්සන්තර නූර්තියෙන්. මුල් ගායනය කාගෙද කියල හරියටම හොයා ගන්න බැරි වුනාට පස්සෙ කාලෙක ජයලත් මනෝරත්නයන් හරි අපූරුවට ගායනා කරනව. මේ නූර්තියත් සංගීතවත් කලේ කවුද කියල දන්නව නම් අපිට කියන්න හොඳද.

ඒ විතරක්මත් මදි මේ වගේ තවත් අපූරු වේදිකා නාට්‍ය ගී මතක තියෙනව නම් ඒවා අළුත් කරන්නත් ඔයාලගෙ උදව් ඕන. එතකොට අපි හැමෝටම රස විඳින්න පුලුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide