අලුත් ගබ්සා නීතියත් ගබ්සා වෙයිද?.

ශ්‍රී ලංකාවේ දැනට තියන නීතියට අනුව මවගේ ජීවිතයට අනතුරක් සිදුවෙනවානම් ඇරෙන්න කළලයක් ගබ්සා කරන එක නීතියෙන් තහනම්. ශ්‍රී ලංකාවේ ගබ්සාවට මුලින්ම නීති පනවන්නේ 1883 දී. දණ්ඩනීති සංග්‍රහයේ 303 වගන්තියට අනුව මවගේ කැමැත්ත ඇතිව ගබ්සාවක් සිදුකරපු අවස්ථාවකදී නම් එම ගබ්සාව සිදුකරන කෙනාට අවුරුදු 3කට නොවැඩි සිර දඬුවමක් සහ දඩයක් නියම කරන්න පුළුවන් ඒ වගේම, ගබ්සාව සිදුකරගන්නා මවට අවුරුදු 7කට නොවැඩි සිර දඬුවමක් සහ දඩයක් නියම කරන්න පුළුවන්.

ආගම හරහට​

Photo: LifeNews.com

කොහොම වුණත් ගබ්සා නීතිය කියන්නේ බොහොම කාලයක් තිස්සේ වාදවිවාදයට ලක්වෙමින් තිබුණ මාතෘකාවක්. 1995 දී ලිංගික අතවරයක් නිසා සිදුවුන ගැබ්ගැනීමක්, කළලය බරපතල ලෙස විකෘති වෙලා තියෙන අවස්ථාවක ගබ්සා සිදුකිරීමට අවසර දෙන්න  උත්සාහ කළත් ආගමික ආයතනවලින් එල්ල වෙච්ච දැඩි විරෝධයත් එක්ක ඒ සංශෝධනය හකුලාගන්න රජයට සිදුවුණා. කළලයක් කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් කියන එකත්, ඒක නිසා ගබ්සාවක් කියන්නේ මිනීමැරුමක් කියන එක තමයි ගබ්සා නීතිය සංශෝධනය කරනවට විරුද්ධ අයගේ ප්‍රධාන තර්කය.

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල 

දැන් ආපහු සැරයක් ගබ්සා නීතිය සංශෝධනය කරන එකට රජයේ අවධානය යොමුවෙලා. GSP+ සහනය ලබාගන්න අවශ්‍ය නිර්දේශ ගැන තියෙන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර වාර්ථාවේ මේකත් ඇතුළත්. මේකට අනුව ලිංගික අතවරයක් නිසා ගැබ් අරගෙන නම්, මව බාල වයස්කාරියක් නම් (අවු.16ට අඩු විට), එහෙම නැත්නම් කළලය බරපතල ලෙස විකෘතිතාවකට ලක්වෙලා නම් ගබ්සා කිරීමට අවසර දීමට රජයේ අවධානය යොමුවෙලා තියෙනවා.

පෙත්ත ගත්තද?​

ලිංගික අතවරයක් නිසා ගැබ් ගත් අවස්ථාවකදී බරපතල සමාජ ගැටළු නිර්මාණය වෙනවා කියන එක අමුතුවෙන් කියන්න අවශය නැහැ. ඒ වගේම එහෙම බිහිවෙන දරුවාට සමාජයෙන් වගේම පවුල තුළින්ම එල්ලවන බලපෑම සුළුපටු නැහැ.

ඒත් ගබ්සා නීතිය සංශෝධනය කරනවට විරුද්ධ කණ්ඩායම් කියන්නේ එහෙම වෙලාවක වුනත් ගබ්සා කරන්නේ නැතිව හරි වෙලාවට උපත්පාලන පෙති පාවිච්චි කළොත් කළලයක් ඇතිවෙන එක නවත්තන්න පුළුවන් නිසා ගබ්සා නීතිය සංශෝධනය කරන්න අනවශ්‍ය නැහැ කියන එක. ඒ වගේම ලිංගික අතවරයක දී දඬුවම් දෙන්න ඕන ඒ අතවරය සිදුකරන කෙනාට මිසක් අහිංසකයෙක් වෙච්ච දරුවාට නෙවෙයි කියන එක ඔවුන් ඉදිරිපත්කරන තර්කයක්.

ලිංගික අතවරයකට ලක්වෙච්ච කාන්තාවක් මුහුනදෙන මානසික කම්පනය නිසා ගොඩක් වෙලාවට ඒ සිදුවීම ගැන කතාබහ කරන්න පවා බිය වෙනවා. එහෙම අවස්ථාවක උපත්පාලනය ගැන කල්පනාකරලා වෙලාවට උපත්පාලන පෙති ගන්නවන් මානසිකත්වයක් ඇයට නැති බව තමයි අනිත් පාර්ශවයේ තර්කය.

ළමය අම්මෙක් වෙලා​

බාලවයස්කාරියක් ගැබ් ගත්තොත් ඇතිවෙන සමාජ තත්ත්වය අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඒ වගේම එහෙම කෙනෙකුට දරුවෙක් බිහිකිරීම හදා වඩා ගැනීම වගේ වගකීමක් දරන්න අමාරුයි. ඒ වගේම සමාජයෙන් එල්ලවෙන අපවාදත් එක්ක අම්මයි දරුවයි දෙන්නම ලොකු මානසික පීඩනයකට ලක්වෙනවා. එහෙම වෙලාවක මේ පීඩනය දරාගන්න බැරිව සියදිවිනසාගන්න වුනත් බැරි නැහැ. ඒ වගේ තත්ත්වයක හැදෙන වැඩෙන ළමයෙක් ලොකුමහත් වුනයින් පස්සේ සමාජය දිහා කොහොම බලයිද කොයි විදියට ප්‍රතිචාර දක්වයිද?

එක පාර මා මරන්න​

මන්දබුද්ධික එහෙමත් නැත්නම් වෙන උපතින්ම එන ආබාධ තියෙන දරුවෙක් ලැබෙනවා කියන්නේ ඒ ළමයට විතරක් නෙමෙයි ඒ දෙමවුපියන්ටත්, පවුලේ ඉන්න අනිත් ළමයින්ටත් ලොකු බලපෑමක් ඇතිකරන කාරණයක්. ඉස්සර වගේ නෙමෙයි දැන් තියන තාක්ෂණයත් එක්ක කළලයක මොකක්හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක මුල් කාලෙදිම අඳුනගන්න පුළුවන්. එහෙම වෙලාවකදී ඒ කළලය ගබ්සා කරන්න අවස්ථාව ලබාදෙන එකෙන් ඒ පවුල මුහුනදෙන සමාජීය ගැටළු බොහොමයක් නැතිකරගන්න පුළුවන්.

පවතින නීතිමය තත්ත්වය කොහොම වුනත් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ කරුණාතිලක මහත්මයා පවසන විදියට ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවෙන ගබ්සා ගණන 650ක්. මේ ගබ්සාවලින් බහුතරයක් සිදුකරන්නේ නිසි පුහුණුවක් නැති පුද්ගලයන් විසින් නිසි වෛද්‍ය පහසුකම් නැති ස්ථානවල. ඒක නිසා මේ විදියට ගබ්සාකරගන්න කාන්තාවෝ බොහොමයක් කල් පවතින ආබාධවලට ලක්වෙනවා.

මේ කාරණාත් එක්ක බලද්දී ගබ්සා නීතිය සංශෝධනය කරන්න ගත්ත පියවර බොහොම සාධනීය පියවරක් විදියට තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම කාන්තා සහ මානව හිමිකම් සංවිධාන වසර ගණනාවක් තිස්සේ  සටන් කරලා ලබාගත්ත ජයග්‍රහනයක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Tamarind opens its doors in Colombo

The new multi-cuisine restaurant brings variety, comfort food and contemporary dining to Kinross Avenue. Colombo’s

Highlights Trending

What Are the Best Gold & Gemstone Earrings to Shop at DINIDU in Colombo?

Earrings are among the most expressive pieces of jewellery a person can own. They may

Highlights Trending

Inside Charcoal Colombo: A Story Told Through Fire, Spice and Design

In just a few months since opening its doors, Charcoal Tandoor Fire & Grill has

Highlights Trending

Cinnamon Box Office: Launch of Destination Event Calendar to Elevate Colombo’s Entertainment Landscape

Cinnamon Box Office unveils a new era of entertainment experiences, positioning Colombo as South Asia’s

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide