අවුරුදු 60ක් ඇදෙන උමා ඔයේ ඇත්ත කතාව.

උමා ඔය කියන්නේ මේ දවස්වල තියෙන ප්‍රධාන මාතෘකා අතරින් එකක් කිව්වොත් හරියටම හරි. ගොඩක් දෙනෙක් මේ ව්‍යාපෘතියට විරුද්ධ වුණාට, ඒ ගැන නමින් අහලා තිබුණාට ඇත්තටම මොකක්ද මේ ව්‍යාපෘතිය කියන එක වගේම මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා දන්නවද කියන එක ගැන නම් සැකයක් තියෙනවා.

මොකක්ද මේ උමා ඔය?

උමා ඔය කියන්නේ මහවැලියෙන් පස්සේ අපේ රටේ ඇති වෙච්චි ලොකුම බහුකාර්ය ව්‍යාපෘතිය. ඒ කියන්නේ එක ව්‍යාපෘතියකින් විදුලිය නිපදවීම, පානීය ජලය, වාරි ජලය, ගංවතුර පාලනය වගේ වැඩ ගණනක් සිදුකරන ව්‍යාපෘතියක් කියන එක.

www.studiozindeed.com

වැස්ස කාලෙට උමා ඔය ඉහළට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවෙන එක පාලනය කරන්න උමා ඔය ඉහළ ජලාශයක අවශ්‍යතාව ගැන කතාබහ ඇති වුණේ 1950 ගණන්වල ඉඳලා. කොහොම වුණත් මේ ව්‍යාපෘතිය මුලින්ම සැලසුම් වෙන්නේ 90 දශකයේ; ඒ කියන්නේ දැනට අවුරුදු 30කට විතර කලින්. ඒ හරහා මේ කියන ගංවතුර ගැටලුව විසඳන්න වගේම මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල වාරි ජල සහ පානීය ජල අවශ්‍යතා සපුරන්නත් මේ ව්‍යාපෘතිය හරහා සැලසුම් සකස් කරලා තිබුණා. කොහොම වුණත් 1991 දී මිනිස්සුන්ගේ නිදහසේ ජලය ලබාගැනීමට තියෙන අයිතියට බලපෑම් වෙනවා කියන පදනම උඩ ඇති වෙච්ච උද්ඝෝෂණ සහ තාක්ෂණික දෝෂ නිසා මේ ව්‍යාපෘතියට අනුමැතිය හිමිවෙන්නේ නැහැ.

එහෙම අතඇරලා දාලා තිබුණ මේ ප්‍රොජෙක්ට් එක ගැන ආපහු කතාබහ ඇතිවෙන්නේ 2008 දී. ඒ 2008 දී ඉරාන රජයේ තාක්ෂණික සහ මූල්‍ය උපකාර සහිතව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩ්නිජාඩ් අතර අත්සන්කරන ගිවිසුමත් එක්ක.

www.tamilnet.com

හැබැයි මේ ගිවිසුම අත්සන් කරන්නේ ඒ ව්‍යාපෘතිය ගැන කිසිම ශක්‍යතා අධ්‍යනයක් (Feasibility Study) කරන්නේ නැතිව. කොහොමත් ඉතින් මේක ලංකාවනේ. 2009 අප්‍රේල් 29 වැල්ලවාය ප්‍රදේශයේ මුල්ගල තබනකොටත් මේ ව්‍යාපෘතිය සඳහා සැලසුම් හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා සකස්‌ කරලා තිබුණේ නැහැ. නීතිය බැලුවොත් ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශයට පත්කරපු 1993 ජුනි 24 දින අංක 772/22 ගැසට්‌ නිවේදනයට අනුව ගංගා ද්‍රෝනිකය සංවර්ධන කටයුත්තක්, වාරි කටයුත්තක්, මෙගා වොට්‍ 50ට වැඩි විදුලි බලාගාරයක්, නැතිනම් ඕනෑම ආකාරයේ උමගක් වගේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කලින් ඒ ගැන පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හදලා ඒකට අනුමැතිය ලබාගන්න ඕන. කොහොමහරි 2011 අප්‍රේල් මස 11 වැනිදා තමයි පරිසර වාර්තාවට අනුමැතිය ලැබෙන්නේ. මේ වාර්තාව පිළිගන්න පුළුවන්ද කියන එක ගැනත් මේ වෙද්දී විවාද ඇතිවෙලා තියෙනවා.

උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 529ක්. එයින් 85%ක් ඉරාන රජය අපනයන සංවර්ධන බැංකුව හරහා ලබාදෙන්නේ ණයක් විදියට. ඉතිරි 15% ක බර දරන්න වෙන්නේ ඉතින් ලංකා රජයට, ඒ කියන්නේ අපිට.

මේ ව්‍යාපෘතියත් එක්ක ඉදිකරන්න බලාපොරොත්තු වෙන විදුලි බලාගාරයේ උත්පාදන හැකියාව මෙගා වොට් 120ක්. ඒ වගේම මේ ජලය එතැනින් පස්සේ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වෙත බෙදාහරින්න නියමිතව තියෙනවා. මේකෙන් දකුණේ හා නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5,000කට ජලය සම්පාදනය කිරීම තමයි මේකේ සැලසුම වෙලා තියෙන්නේ.

මේ ව්‍යාපෘතිය හරහා පුහුල්පොල දී සහ ඩයරබා දී ජලාශ දෙකක් ඉදිවෙනවා. උමා ඔයේ වැඩියෙන්ම කතාබහ කෙරෙන්නේ උමග ගැන. හැබැයි ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකේ උමං 4ක් තියෙනවා.

  1. පුහුල්පොල ඉඳලා ඩයරබා ජලාශයට ජලය ගෙන එන කි.මී. 4ක උමග
  2. එතැන ඉඳලා කරඳගොල්ලේ භූගත විදුලි බලාගාරයට ජලය ගෙනයන කි.මී. 15.2ක උමග
  3. භූගත විදුලි බලාගාරයට ජලය ඇතුළු කිරීම සඳහා කි.මී. 1.5ක් දිග උමග
  4. විදුලි බලාගාරයේ ඉඳලා අලිකොට ආර දක්වා කි.මී. 3.3 ක ජලය පිට කිරීමේ උමග

පරිසරය බල්ලට?

කොහොම වුණත් මේත් එක්ක ඉතාම සංවේදී පරිසර කලාපයක් වෙච්ච උමා ඔය නිම්නය ආශ්‍රිතව පාරිසරික අර්බුද ගණනාවක් ඇතිවෙලා කියන චෝදනාව, මේ ව්‍යාපෘතියට එරෙහිව නැගිලා තියෙනවා. මේ ගැටලු පටන් ගත්තේ 2014 දී හීල් ඔය, පල්ලේපෙරුව මකුල්ඇල්ල, එගොඩගම, වෙහෙරගලතැන්න කියන ප්‍රදේශවල ගෙවල් ඉරි තැලීමත් එක්ක. මේ වෙද්දී උමා ඔයේ ප්‍රධාන උමග හාරන ප්‍රදේශවල නිවාස ඉරිතලා යාම, භූගත ජලමට්ටම පහළ බැසීම, පොළවේ ඇතිවන ගිලා බැසීම් ඇතුළු පාරිසරික ගැටලු ගණනාවක් ඇතිවෙලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් මේ වෙද්දී කෙළින්ම ඇඟිල්ල දික්වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියට. මේවට හේතුව කියන්නේ නැතිව ඇඟිල්ල දික් වුණා කියලා කියන්නේ මේ කියන ගැටලු උමා ඔයත් එක්ක සම්බන්ධයි කියලා හැමෝම හිතුවට තාම කිසිම අධ්‍යනයකින් එහෙමමයි කියලා වාර්තාවක් එළිදක්වලා කරලා නැති නිසා. අධ්‍යනයක් කරන්නේ නැතිව අත්සන් කරපු ගිවිසුමක් නේ ඉතින් ඒ ස්ටේටස් එක දිගින් දිගටම පවත්වාගෙන යන්න අපි ලොකු මහන්සියක් ගන්නවා.

මුලදී මේ උමඟ ඇතුළෙන් කාන්දු වෙච්ච ජල ප්‍රමාණය තත්පරයකට ලීටර් 250ක විතර වුණත් මේ වෙද්දී උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමගෙන් කාන්දුවෙන ජල ප්‍රමාණය තත්පරයකට ලීටර් 1,000ක් වගේ කියලා තමයි කියන්නේ. මේ උමග හාරන්න භාවිතා කරන විශේෂ උමං හෑරීමේ යන්ත්‍රයක් ඒකෙන් උමඟ හාරනවත් එක්කම කොන්ක්‍රීට් මිශ්‍රණයකින් ඒකේ බිත්ති සකස් කිරීම සිද්ධ වුණත් මේ ජල කාන්දුව නවත්තන්න ඒක ප්‍රමාණවත් නොවුණ බව තමයි පේන්න තියෙන්නේ. මේකට හේතුව උමග හෑරීම සිදු කරන්නේ භූගත ජල ස්තරයට යටින් වීමත් එහෙම කරද්දී ඇතිවෙන කම්පන වලට භූගත ජල ස්තරයට යටින් තියෙන පස්වල ස්ථායී බව නැතිවෙලා ඇතිවෙච්ච පැලුම් හරහා භූගත ජලය උමඟ ඇතුළට කාන්දුවීම කියලා තමයි දැනට පවතින ප්‍රධානම මතය වෙන්නේ. පොළවේ සහ නිවාස වල පැලුම් ඇතිවෙන්න හේතුව මේ විදියට භූගත ජල මට්ටම පහළ යෑමත් එක්ක පොළව වියළීම නිසා ඇතිවන පැලුම් කියන එකත් පවතින ප්‍රධාන මතයක්. මේ විදියට උමං හෑරීමෙදී ඒවට ජලය කාන්දුවීම සාමාන්‍ය තත්වයක් කියලා කිව්වත් මේ වෙනකම් ඒක පාලනය කරගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි කියන එක ගැටලුවක්.

කෙහොමහරි මේ වෙද්දී මේ ප්‍රදේශවල නිවාස 4,000කට අධික ප්‍රමාණයක බිත්ති පුපුරලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශවල බොහොමයක් දෙනා තමුන්ගේ පානීය ජලය සපයාගන්නේ ලිං වලින්. ඒත් මේ වෙද්දී මේ ප්‍රදේශයේ තියෙන ලිං වලින් බහුතරය සම්පූර්ණයෙන්ම වගේ හිඳිලා ගිහින් තියෙන නිසා ඔවුන් තවත් ලොකු ගැටලුවකට මුහුණපාලා ඉන්නවා. ඒ වගේම භූගත ජල මට්ටම පහළ යාම නිසා වගා කටයුතු වලට ඇතිවෙලා තියෙන බලපෑමත් විශාලයි.

www.dailymirror.lk

ඒ වගේම මේ ව්‍යාපෘතියට තියෙන තවත් චෝදනාවක් තමයි මේ ව්‍යාපෘතිය කරගෙන යන්න කියලා බාරදීලා තියෙන Farab කියන ඉරාන සමාගම මේ සම්බන්ධයෙන් පළපුරුද්දක් නැති සමාගමක් කියන එක. හැබැයි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙන www.farab.com වෙබ් අඩවියට ගිහින් බැලුවම පේන්න තියෙන දෙයක් තමයි ඔවුන් භූගත ජලවිදුලි බලාගාර වගේම වේලි හා සම්බන්ධ ප්‍රොජෙක්ට් ගණනාවක් සිදුකරලා තියෙන බව. හැබැයි ඒ එකක්වත් උමා ඔය නිම්නය වගේ සංකීර්ණ සහ සංවේදී ප්‍රදේශ වල සිදුකළාද කියන එක ගැන නම් පැහැදිලිව කියන්න අමාරුයි.

විසඳුමක් නැද්ද?

මේ ප්‍රශ්නය මේ වෙද්දී සෑහෙන්න දේශපාලනීකරණය වෙලා ඉවරයි. දේශපාලන මතවාද මඩ පැත්තකින් තිව්වයින් පස්සේ මේ වෙද්දී මේ ප්‍රශ්නෙට ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන ප්‍රධාන අදහස් 2ක් ඉදිරිපත්වෙලා වෙලා තියෙනවා.

www.colombogazette.com

1. මේ ව්‍යාපෘතිය වහාම නතර කළ යුතුයි කියන එක

මේ අදහසට පක්ෂ බොහොමයක් දෙනා කියන්නේ උමා ඔය ප්‍රොජෙක්ට් එක මුල ඉඳලාම හරි අධ්‍යනයක් නැතිව කරපු ව්‍යාපෘතියක් කියන එක. ඒ වගේම මේක තවදුරටත් කරගෙන යාම තුළින් වඩාත් දරුණු ප්‍රතිඵල අත්වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම මේ ව්‍යාපෘතිය හරහා ඉදිකරන ජලාශ කුඩා ඒවා වීම නිසා ගංවතුර පාලනය වගේ අරමුණු ඉටුකරගන්න නොහැකි බවත්, ඒ වගේම මේ ජලාශ දෙකටම ජලය ලැබෙන්නේ ඊසානදිග මෝසමෙන් පමණක් නිසා ජලාශ වලට එකදිගටම ජලය සැපයෙන්නේ නැහැ කියන එකත්, ඒක නිසා බලාපොරොත්තුවෙන ආකාරයට ව්‍යාපෘතියෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ කියන එක. ඉතින් එහෙම තත්ව යටතේ මේ විදියේ අවදානමක් ගන්න එක තේරුමක් නැහැ කියන එක තමයි ඔවුන්ගේ මතය.

 www.hirunews.lk

2. මේ ප්‍රොජෙක්ට් එක කොහොමහරි ඉවර කරන්න ඕන කියන එක.

මේ අදහසට පක්ෂ අය කියන්නේ මේ වෙද්දී මේ ව්‍යාපෘතිය බොහොමයක් දුරට ඉවර කරලා ඉවරයි කියන එකත්, උමගට ජලය පිරෙව්වයින් පස්සේ පීඩනය තුලනය වෙන නිසා නැවත භූගත ජලමට්ටම යථා තත්වයට පත්විය හැකි බව, සහ ඇතිවෙලා තියෙන පරිසර ගැටලු බොහොමයක් යථා තත්වයට පත්වේවි කියන එක තමයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ. ඒ වගේම මීට පෙර මහවැලිය ඉදිකරද්දිත් මේ විදියෙම ගැටලු පැනනැගුණ බවත් ඒ ගැටලු පැන නැගුණේ ජනාකීර්ණ ප්‍රදේශ වල නොවුණ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවුණු බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙද්දී ඒ තාවකාලික ගැටලු මේ වෙද්දී යථා තත්වයට පත්වෙලා තියෙන ආකාරයටම මේ ගැටලුවත් තා තත්වයට පත්වෙයි කියන එක තමයි ඔවුන්ගේ අදහස.

අපිට හිතෙන විදියට මේ වෙලාවේ පළවෙනියට කරන්න ඕන ඇතිවෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට විධිමත් පරීක්ෂණයක් පවත්වන එක. ඊට පස්සේ ඇතිවෙලා තියෙන ගැටලු වලට ප්‍රතිකර්ම යොදන්න පුළුවන් නම් ඒ ප්‍රතිකර්ම යොදලා මේ ව්‍යාපෘතිය අවසන් කරන එක. ඒ වගේම මේ වෙද්දී නිවාසවලට අලාභහානි වෙලා තියෙන අයට සහ වගා හානි සිද්ධවෙච්ච අයට වන්දි සහ විකල්ප නිවස වගේම වගා ප්‍රදේශ ලබා දීමත් අත්‍යවශ්‍යයි. එහෙම නැතිව කිසිම මේ ව්‍යාපෘතිය වසා දැමීම තුළින් වෙන්නේ අවුරුදු 50ක විතර කාලෙක ඉඳලා හඳුනගත්ත අවශ්‍යතාවයක් වෙනුවෙන් පරක්කුවෙලා හරි අරගත්ත පියවරක් අතරමග ඇනහිටින එක. ඒ හැරුණාම වෙන මුදල් හානිය ගැන ආපහු කියන්න ඕනේ නැහැනේ.

 
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide