ඒලෙවල් ඉවරද? එහෙනම් අද ඉඳන් පටන් ගමු
2016 අවුරුද්දේ ඒලෙවල් විභාගයත් මේ දවස්වල පැවැත්වෙනවා. අපේ සමහර නංගිලා මල්ලිලාට නම් දැනටමත් විභාගේ ඉවරයි. “”ඒ තුනක් ෂුවර්”” ගානට විභාගේ කරපු අය වගේම, “”මේ සැරේ නම් ගන්නම දෙයක් නැහැ”” කියන තත්වෙන් ඉන්න අයත් මේ අතර ඇති. මේ කොයි තත්ත්වෙන් විභාගේ කරත්, ප්‍රතිඵල එනකන් තියෙන මාස තුනක වගේ කාලය හොඳින් ගෙවන්න පුළුවන් විධි කිහිපයක් ඔයාලට කියන්න අපි හිතුවා.