2018 අවුරුද්දෙ ආණ්ඩුවේ අයවැය ලේඛනය පහුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආර්ථිකයෙ එකඑක අංශවලට මේක බලපාන විදිය ගැන මේ දවස්වල පත්තර, ටීවීවල ආර්ථික විශේෂඥයෝ වගේ අය කතාකරනවා. ඉතිං ආර්ථික වර්ධනය, ණය අනුපාත, ආර්ථික නිදහස වගේ කාරණා ඒ ගොල්ලන්ට කතාකරන්න තියලා අපි කල්පනා කළා මේ පාර බජට් එකෙන් කනබොන අයට ලැබිල තියෙන වාසි මොනවද කියල පොඩ්ඩක් බලන්න.
ඔයාල ගොඩක් දෙනෙක්ට දැනිලා ඇති ලෝකෙ වෙන රටවල් එක්ක බලද්දි ලංකාවේ චීස්, බටර් වගේ දේවල් වගේ ම පිටරටින් ගේන පළතුරු වර්ග, මස් වර්ග එහෙමත් ගිනි ගනං කියලා. මේවට ගහලා තියෙන බදු නිසයි මේවයෙ ගණං මේ තරමට වැඩිවෙලා තියෙන්නෙ. එක්දාස් නවසිය බර ගනංවල මේව “සුඛෝපභෝගි භාණ්ඩ” වුණාට දැන් වෙද්දි මේව අපි ගොඩක් දෙනෙක් එදිනෙදා කන දේවල්.
හැබැයි ඉතිං මේ විදියට ගිනි ගනංවලට කෑම විකුණන එකෙන් සංචාරක ව්‍යාපාරයට වෙන හානිය සලකලා මේ විදියට පිටරටින් ගේන කෑම වර්ග සෑහෙන ගානක් ආනයනය කරද්දී ගහන සෙස් බද්ද අයින්කරන්න මේ පාර අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. ඉතිං සංචාරකයන්ට විතරක් නෙවෙයි, රහට කන්න බොන්න කැමති ලංකාවේ අපි හැමෝටමත් මේක හොඳ ආරංචියක්. මේ තියෙන්නෙ ඒ විදියට මිල අඩුවෙන කෑමබීම ජාති අතරින් කීපයක්.
බීෆ්, පෝක් වගේ ම ඒවයින් හදන හැම්, බේකන් සහ අනිත් කියෝඩ් මීට් වර්ගවලත් සෙස් බදු මේ පාර අයවැයෙන් අයින්කරලා තියෙනවා. ඒ වගේ ම එළු මස්, බැටලු මස්, ටර්කි සහ තවත් මස් සහ මාළු වර්ග සෑහෙන ගානකට ගහල තිබුණ බද්දත් අයින් කරලා. උම්බලකඩ සහ කරවලත් මීට පස්සෙ බදුවලින් නිදහස්.
බටර්, බටර්මිල්ක්, යෝගට් සහ ගී ඇතුලු කිරිවලින් හදන ගොඩක් දේවලුත් දැන් බද්දෙන් නිදහස. හැබැයි චීස් වර්ග නම් මේ ලැයිස්තුවේ නෑ.
මිදි, පෙයාස්, ප්ලම්, කිවිෆෘට් වගේ පළතුරු ගණනාවක මිල ගණං මේ පාර අඩුවෙනවා. ෆ්‍රෙෂ් සහ වේලපු රටඉඳිවලත් මේකට ඇතුළත්.
පිටරටින් ගේන කෑන් බියර්වලට ගහන සෙස් බද්දත් දැන් නෑ. ඒ වගේ ම වයින් සහ අනෙත් ඇල්කොහොල් වර්ගවලට ගහන බද්දත් අයින් කරලා! අැල්කොහොල් නැති බීම වර්ගවලටත් මීට පස්සෙ බදු නෑ.
චොකලට් සහ ඒ ආශ්‍රිත කෑම හදන්න ගන්න කොකෝවා බටර් සහ කොකෝවා පේස්ට්වලටත් මීට පස්සෙ සෙස් බද්ද බලපාන්නෙ නෑ.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Post-lockdown high tea seshs in Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
The Kingsbury buffet is pretty good. It's the best in terms of salads and veg, highly competitive in seafood, and good for everything else. It's Rs. 3,500…
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment
Pramodya Abeysinghe
So how much was the tax as a percentage?