පළාත් පාලන ඡන්දෙ මේ 10 වෙනි දා පැවැත්වෙනවා. මේ ඡන්දෙන් තමයි ප්‍රාදේශීය සභා, නගරසභා සහ මහනගර සභාවලට නියෝජිතයෝ තෝරගන්නෙ. ඒ කියන්නෙ කුණු ටික එකතු කරන්න, පාර ලයිට් ටික දාගන්න, ගමේ පොඩි පාරවල් ටික හදාගන්න වගේ පළාතේ වැඩවලට කෙළින් ම සම්බන්ධ වෙන අය ව තෝරාගන්නෙ මේ ඡන්දෙන්.
හැබැයි මේ පාර ඡන්දෙ තියන්නෙ වෙනදා විදියට නෙවෙයි; අලුත් ක්‍රමයකට. අලුත් කීවට මේක අලුත්මත් නෑ. මේක 1978ට කලින් තිබුණ ක්‍රමයට සෑහෙන දුරට සමානයි. අලුත් ක්‍රමයක් කියල බයවෙන්න දෙයක් නෑ. මේක කලින් තිබුණු ක්‍රමයට වඩා සරලයි.
අපේ බුද්ධික ඊයේ පෙරේදා දවසක අහනවා මනාප දෙන්නෙ නැතුව පක්ෂෙට විතරක් ඡන්දෙ දෙන්න පුළුවන් නේද කියලා. ඇත්තටම කීවොත් බුද්ධිකට විතරක් නෙවෙයි, අපි හැමෝට ම මේ පාර ඡන්දෙ දෙන්න වෙන්නෙ පක්ෂෙට විතරයි. මේ අලුත් ක්‍රමය යටතේ මනාප කියල ජාතියක් නෑ!
මේ ක්‍රමය යටතේ හැම පළාත් පාලන ආයතනයක් ම පුංචි පුංචි ඡන්ද කොට්ඨාසවලට බෙදනවා. ඔයාගෙ ඡන්ද කොට්ටාසෙට එක පක්ෂෙකින් හරි ස්වාධීන කණ්ඩායමකින් හරි ඉල්ලන්නෙ එක්කෙනයි. ඔයා ඒ පක්ෂෙට ඡන්දෙ දැම්මොත් එයාට තමයි ඒ ඡන්දෙ වැටෙන්නෙ. ඉතිං කරන්න තියෙන්නෙ ඡන්ද පත්‍රිකාවේ අදාළ පක්ෂයේ හෝ කණ්ඩායමේ සලකුණට ඉස්සරහින් කතිරයක් ගහන එක විතරයි.
ඒ ඒ පක්ෂෙන් ඉල්ලන කෙනාගෙ නම ඡන්ද පත්‍රිකාවේ ප්‍රින්ට් කරලා නෑ. ඒ නිසා ගෙදරට ආණ්ඩුවෙන් එවලා තියෙන ලිස්ට් එකෙන් තමයි ඔයාගෙ කොට්ඨාසෙට ඉල්ලන්නෙ කවුද කියල බලාගන්න වෙන්නෙ. නැතත් ඉතිං ගොඩක් පක්ෂවල ගෙදරට එයාලගෙ කොළ බෙදලා ඇති නේ.
මේ විදියට තෝරගන්න පිරිසට අමතර ව පක්ෂයට හම්බවෙන ඡන්ද ගාණට සමානුපාතිකවත් තව ආසන ටිකක් බෙදෙනවා. හැබැයි ඒ ආසනවලට පත්වෙන අයව තෝරන්නෙ පක්ෂයෙන් මිස අපේ මනාපවලින් නෙවෙයි.
ඡන්ද ක්‍රමය වෙනස් වුණාට වෙනදට තියනෙ ඡන්ද නීති හැම එකක්ම වගේ මේ ඡන්දෙටත් අදාළයි. මේක රහස් ඡන්දයක් නිසා ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ එහෙම අරන් ෆේස්බුක් දාන්න එහෙම බෑ. කොටින් ම ඡන්දෙ දෙන තැන මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න තහනම්. කතිරය වෙනුවට බෝල හරි වෙන මොනව හරි අඳින එක වගේ ම වෙනවෙන දේවල් ලියන එකත් ඔයාගෙ ඡන්දය අවලංගු වෙන්න හේතුවක් වෙනවා.
වෙනද වගේ ම උදේ 7 ඉඳන් හවස 4 වෙනකල් තමයි ඡන්දෙ දෙන්න පුළුවන්. අයඩෙන්ටි කාඩ් එක, ඩ්‍රයිවින් ලයිෂන් එක, පාස්පෝට්, වැඩිහිටි/ විශ්‍රාමික/ පූජ්‍ය/ පූජක හැඳුනුම්පත කියන ඒවයින් එකක් අනිවාර්යයනේ තියෙන්න ඕන ඡන්දෙ දාන්න නම්. ගෙදරට එවන ඡන්ද කාඩ් එක අනිවාර්ය නෑ; ඒත් ඒක අරන් යන එක ඔයාලට වගේ ම එයාලටත් ගොඩක් ලේසියි.
මේ පාර ඡන්දෙ ගණං කරන්නෙත් ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල ම හින්දා ගොඩක් වෙලාවට පැය දෙක තුනක් ඇතුළත ප්‍රතිඵල කියන්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්නෙ. ඒ නිසා මේ පාර වෙනදා වගේ එළිවෙනකල් ප්‍රතිඵල අහන්න නම් වෙන එකක් නෑ. හැබැයි ඉතිං ප්‍රතිඵල කලින් කියල ඉවර වුණාට කට්ටියත් එක්ක සෙට් වෙලා දිනුම/ පැරදුම සමරන්න බාධාවක් නෑනේ. කොහොමත් ඉතිං ඉරිදා නිවාඩුනේ ගොඩක් අයට.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Post-lockdown high tea seshs in Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
The Kingsbury buffet is pretty good. It's the best in terms of salads and veg, highly competitive in seafood, and good for everything else. It's Rs. 3,500…
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment