Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

කෝක් එක්ක! තලු මර මර රස බලන්න සුපිරිම කෑම ජාති 5ක්

හැමදාම කන රයිස් එකෙන්, කොත්තුවෙන් එපිටට… මොකෝ…

Posted by

අනුග්‍රහය: කොකා කෝලා

හැමදාම කන රයිස් එකෙන්, කොත්තුවෙන් එපිටට…

මොකෝ කියන්නෙ, අලුත් අවුරුද්දෙ අලුත් වෙනසකටත් එක්ක අලුත් අලුත් කෑම ටිකක් රස බලමුද? හැන්දැ වෙන්න අල්ලලා, කට්ටියත් එක්ක සෙට්වෙලා, නිදහස් තැනක් එහෙමත් අල්ලල. මොකද එතකොටනෙ ඔය කෑම කාලා එන හායි හූයි ගෑවිල්ලත් එක්ක අමුතු ගතියක් එන්නෙ, නේ… නැතත් ඒ ගතිය එක්ක කූල් කෝක් උගුරක් එහෙම බහිද්දී… පංකාදු පහයිනෙ ඉතින්!

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ඔයාලට නිදහසේ සෙට්වෙලා, චැට් එකක් දාගෙන, ෆන් එකේ ඉඳගෙන... බඩ කට පිරෙන්න, කන්න කියාපු තැන් ටිකක් කියන්න. වැඩේ තියෙන්නෙ ඉතින් අපි කිව්ව වගේ නෙවෙයි, ඔයාලත් අද හෙටම යන්න බලන්න ඕන හොඳද.

1. දයියා චිකන් වින්ග්ස්, The Irish

පාර්ක් ස්ට්‍රීට් පැත්තෙන් නම් වැඩේට සෙට් වෙන්න බලන්නේ…

ආයෙ හොයහොය ඉන්න එපා කෙළින්ම යන්න ද අයිරිෂ් එකට. මොකද ඒකෙ තියෙනව සුප්ප චිකන් වින්ග්ස් එකක්, බාබකියු සෝස් එහෙම මදි නොකියන්න දාපු කෑවාම කඳුළු පනින ගාණට සැර තියෙන. අනික ඒ ප්ලේට් එකක් දෙන්නෙක්ට මදි නොකියන්න තියෙන නිසා ලොකු අවුලකුත් නෑ. වැඩේ තියෙන්නෙ ඉතින් ගාණ ටිකක් වැඩි එක තමයි.

2. කිස් ඔෆ් ද ඩ්‍රැගන්, Box O Noodles

වරදවා වටහා ගන්න එපා මේක කෑමක්. ඒකත් නිකම් නෙවෙයි පඩ්තායි නූඩ්ල්ස්වලින් හදපු පංකාදු චීන කෑමක්. එහෙම කිව්වාම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සැර තියෙනව කණ පැලෙන්න. මොකද ටොම් යම් සෝස් යමරෙට දාලා… ළාවට ෆ්‍රයි කරපු පොඩි පොඩි චිකන්, සීෆුඩ් කෑලි ටිකකුත් හොඳ හැටි මික්ස් කරලා හදපු එකක්නේ. ඒ නිසා ම මගෙ හිතේ මේකට කූල් කෝක් බඩියකුත් ඕන වෙයි, කටේ සැර මකාගන්න.

3. ෆෝ චීස් පීසා, Giovannis’s

යමු ෆෑන්ස්ලට නම් තැන කියන්න ඕනත් නැතිවෙයි. කමක් නෑ, අහගන්නකො.

තිඹිරිගස්යාය පාරෙ පොඩ්ඩ ඉස්සරහට යද්දි තමයි මේ ප්ලේස් එක තියෙන්නෙ. කතාවෙ හැටියට නම් මේක කොළඹ හොඳම පීසා කඩේ, වගේ තමයි. ඒ වගේම මෙයාලගෙ, ඒ හොඳම පීසා අතරිනුත්.. චීස් හතරෙ පීසා එකට ලොකු තැනක් තියෙනව. සැර අතින්ම නොවුණට, රස අතින්... අවංකයෙන්ම පංකාදු පීසා එක. දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්නත් පුළුවන්, චීසුත් එමටයි, ඊටත් සෝස් එකතු වුණාම? රස නහර පිනා යන්නෙ.

පිනා!

4. චිකන් ලම්ප්රයිස්, The Fab

ෆැබ් එකේ ලම්ප්රයිස්!

ඔය කොහෙ කොහෙත් ප්‍රසිද්ධ, සුප්ප ම ලම්ප්රයිස් එකනෙ. ඔරිජිනල් ම නොවුණට ඒකෙ තියෙන චිකන් ව්‍යංජනයයි, තම්බල බැදපු බිත්තරෙයි, ෆ්‍රිකැඩල් එකයි හොඳ රහට තියෙනව. ඊටත් වම්බටු මොජුවයි, ‘බ්ලන්චන්’ අර සම්බල් වගේ එකයිත්, නොම්මර එකයිනෙ. හැරත් ඒ ටික එකට එකතු වුණා කියන්නේ... තලුමරමර, යමරෙට වැඩ තමයි. අර අවුල තියෙන්නෙ ඒකෙ කටට සැරට සෙට් වෙන්න දෙයක් නැති එක. ඒකට ඉතින් උණු උණුවෙන්ම වැඩේ පටන් ගත්ත නම් හරි. හැබැයි අන්න එතකොට නම් හිතෙයි... කෝක් බඩියක් ඕනමයි කියල නේ!

5. හොට් බටර් කට්ල්ෆිෂ්, Randoli

හප්පේ… බොන ඈයොන්ට කියාපු බයිට් එක වගේම තමයි නොබොන ඈයොන්ටත් කියාපු ඩයට් එක! මොකද ඒක ඇත්තටම, බටර් රසින් අනූනයි. පොඩි අවුලකට තියෙන්නෙ උණු උණුවෙ මේසෙට එද්දි පොඩ්ඩක් තෙල් ගතිය වැඩි එක තමයි. හැබැයි ඒක හරියනව රයිස් එකක් එක්ක කලවම් කරගත්තාම.

ලොකු ලොකු දැල්ලො කෑලි තොගයක්, මදි නොකියන්න බටර්වල දවටලා, ක්‍රිස්පි ගතිය නූලට තියෙන්න ගැඹුරු තෙලේ බැදලා, ලූනු, මිරිස්, ලුණු ඇඹුල් පදමත් එක්ක සුවඳ ගගහ මේසෙට එද්දී… ඔය කාට කාට වුණත් කෝක් නම් අනිවා ඉතින්…

Leave a comment