Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

කර්ෆිව් වුනත්.. ටොප් ෆ්‍රයිඩ් රයිස් එකක් අඩුම ගාණට ගෙන්න ගන්න කියාපු තැන් 5ක්

දුකයි නේ යාළු, එහෙම රයිස් එකක් ආයෙ කන්න…

Posted by

මතකද?

ඉස්සර.. වැඩ ඇරිල එන ගමන්, නැත්නම් වීක්එන්ඩ් එකේ පොඩියක් දාගෙන හැන්දැ වෙලා හන්දියට යන ගමන් අතේ තියෙන ගාණට, උණු උණුවට ෆ්‍රයිඩ් රයිස් කියල දෙයක් කෑවා..

දුකයි නේ යාළු ඒ අතීතය මතක් වෙද්දි. ඊටත් කවදා.. එහෙම රයිස් එකක් ආයෙ කන්න ලැබෙයිද කියල මතක් වෙද්දි?

අන්න ඒ නිසාමයි, අපි ඔයාලගෙ දුක තේරුම් අරගෙන කොළඹ වටේ පොඩ්ඩක් හොයල බලල..

හොඳටම රයිස් දාන සහ ගෙවල් වලටම ඩිලිවර් කරන කඩ ටිකක් හොයල ඔයාලට කියන්න කල්පනා කලේ.

ඒ ටික.. එහෙනම් ඔන්න පහළින් තියෙනව. හැබැයි ඕඩරේ දාද්දි නම් කල්පනා කරල දාන්න, අතේ තියෙන ගාණත් එක්ක..

‘දැන් කනවද නැත්නම් ඉවසල ටිකක් ඉන්නවද කියල’

1. Spice & Curry (Nugegoda - 0112811949/ 0777255515)

වෙජි රයිස් එක රු. 400න් පටන් ගත්තාම චිකන් රු. 500යි, මික්ස් රයිස් රු. 800 වෙනකම්ම තියෙනව. ම්.. බැලූ බැල්මට නම් ගාණ ටිකක් වැඩියි වගේ තමයි යාලු. ඒත් පෝෂන් එකේ සයිස් එකයි, අඩුම කුඩුම දාලා තියෙන ප්‍රමාණයයි එක්ක බැලුවාම නම් ටිකක් සාධාරණයිත් වගේ. ඊටත් මෙයාලගෙ රයිස්වල රස තියෙනවනෙ ටොප් එකටම. විශේෂයෙන්ම ෆ්‍රයිඩ් මස් මාලු තමයි දාන්නෙත්. ඒ නිසා පාඩුවක් නම් වෙන එකක් නෑ.. හැබැයි මතක තියාගන්න ඔයා ඕඩරේ ලන්ච් එකට දානව නම් උදේ 11ට කලින් දාන්න ඕන. ඒ වගේම ඩිනර් එකට දානව නම් හවස 5ට කලින් දාන්න ඕන හරිද.

ඩිලිවරි ගාස්තු ඇත.

2. 1979 (Boralesgamuwa - 0114328498/0772431979)

බොරලැස්ගමුව, බෝකුන්දර, පිළියන්දල, බෙල්ලන්තර, පැපිලියාන, මහරගම අවට ඉන්න ඔයාට.. ඇති පදමට ෆ්‍රයිඩ් චිකන් මික්ස් කරපු දෙතුන් දෙනෙක්ටම ඇති වෙන තරම් ලොකු ෆ්‍රයිඩ් රයිස් එකක් රු. 650කට ගෙන්න ගන්න, කතා කරන්න 1979 එකට. උදේ 11 ඉඳන් රෑ 10 වෙනකම්ම මෙයාලා විවෘතයි. ඒ වගේම තමයි මෙයාලට ගෙවද්දි කාඩ් එකෙන් ගෙවන්නත් පුලුවන්. ඒ නිසා අතේ තියෙන සල්ලිත් ඉතුරුයිනේ..

ඩිලිවරි ගාස්තු නැත.

3. Saffron Restaurant (Nawam Mawatha - 0771775661/ 0760284585)

අඩුම ගාණට වැඩිම රසට!

මෙයාලගෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තියෙනව රු. 350ට. වැඩේ කියන්නෙ ඒක ඩිලිවර් කරන්නෙ කොළඹ 1-15 වෙනකම් විතරයිනෙ. හැබැයි ඒ අවට ඉන්නව නම් ඔයාට වෙලාව තියෙනව උදේ 11 ඉඳන් රෑ 11 වෙනකම්ම ඕඩරේ දාන්න..

ඩිලිවරි ගාස්තු ඇත.

4. Cafe Asiana (Dehiwala - 0767231255/ 0775190095)

දෙන්නෙක්ට පැහැදිලිවම බඩ පැළෙන්න කන්න..

හොඳ හැටි චිකන් එළවළු අඩුම කුඩුම දාලා හදපු රයිස් එකක් රු. 650ට ගෙන්න ගන්න, කෝල් කරන්න ඒසියානා එකට. හැබැයී.. හැමෝම නෙවෙයි, මවුන්ට් ඉඳන් දෙහිවල, කොහුවල සහ කොළඹ 3-6 ඇතුලත ඉන්න අය විතරයි.

ඩිලිවරි ගාස්තු ඇත.

5. Chinese Dragon Cafe (0117808080/ 0115808080/ 0112808080)

රස ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. වෙජි වුනත්, චිකන් වුනත් අඩුම කුඩුම වලින් නම් අඩුවක්ම නෑ. කොහොමහරි දෙන්නෙක්ට මදි නොකියන්න තියෙන මෙයාලගෙ රෙගියුලර් ෆ්‍රයිඩ් රයිස් රු. 500-700 අතර යන්නෙ. වැඩේ කියන්නෙ ඒවා ඩිලිවර් කරන්නෙ රාජගිරිය, නාවල, කෝට්ටේ, නුගේගොඩ, බත්තරමුල්ල, පැළවත්ත, තලවතුගොඩ, බොරැල්ල ටිකට විතරයි. ඒකත් හැබැයි අඩුම ඕඩරේ රු. 2000 වෙන්නත් ඕන. ගෙවන කොට කාඩ් එකෙන් ගෙවන්නත් ඕන. හ්ම්…

ඩිලිවරි ගාස්තු ඇත.

Leave a comment