Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

දන්න කියන කෑම වෙනස්ම විදියකට! ගෙදරදිම හදල රස බලන්න සුපිරි රෙසිපි 5ක්

ඔය එහේ මෙහේ රවුම් ගහද්දි පොඩි…

Posted by

ඔය එහේ මෙහේ රවුම් ගහද්දි පොඩි පොඩි තැන්වලින් කන්න හම්බවෙච්ච කෑම ටිකක්. රෙසිපි දැනගත්තෙත් එයාලගෙන්ම අහල. බලන්නකො නිකමට ඔයාලත් මේවා ගෙවල් වලම හදල..

පංකාදුයි ඈ...

1. මස් පිට්ටු

පිටි ටික හොඳට හලල කරල අරගෙන ඒකට පොල් එහෙමත් දාලා, ලුණු අඩුපාඩුත් ගලපලා.. සාමාන්‍ය පිට්ටු හදන විදියටම කැටි පිටි ටික හදාගන්න. හදාගෙන, ඊට පස්සේ.. මට්න්, බීෆ් වගේ මසක් පොඩි පොඩි කෑලි වලට කපලා පෑන් ෆ්‍රයි කරගන්න හොඳහැටි මිරිස්, තුනපහ, ලූණු අඩුම කුඩුම සියල්ලත් සමගම. අන්තිමටම.. බම්බුවට පිට්ටු අතුරද්දී, යටටම පිට්ටටු තට්ටුවක් දාලා ඊට උඩින් මස් තට්ටුවක් වගේ තියෙන්න මාරුවෙන් මාරුවට තට්ටු ටික අතුරන්න. අතුරල ඉවරවෙලා ඉතින් පදමට තම්බ ගන්නයි තියෙන්නෙ. ඒ අතරට ඔ්න නම් ඔයාට මොනවහරි මිරිස් හොද්දක්, කිරි හොද්දක් ලිපේ තියාගන්නත් පුලුවන්, පිට්ටුව හරියද්දි වැඩේට බහින්න!

2. දැල්ලො කහබත්

මේකට ගන්න ඔ්න දැල්ලො කරවල. අරගෙන හොඳට හෝදල කරල ලිපේ තියන්න දියකිරි, මිරිස්, ගම්මිරිස්, ලූණු, තුනපහ, සියඹල, රම්පෙ කරපිංච සියල්ලම දාලා. ලිපේ තියල ලාවට කිරි හිඳීගෙන එද්දී.. කලින් හදපු සම්බාහාලෙ බතක් එකතු කරලා.. කහ චුට්ටක් එක්ක, වතුර ටිකකුත් දාලා හොඳට කලවම් කරල පෑහෙන්න අරින්න. ඊට පස්සෙ නම් ඉතින් වැඩේ ඉවරයි. ඒත් මේක කනකොට, මතක ඇතුව ටොප් කට්ට සම්බෝලයකුයි, ඔම්ලට් හොද්දකුයි ලංකරගන්න අමතක කරන්න එපා.

3. පළතුරු රොටි

පංකාදු කෑමක්. හදන්නත් හරිම ලේසියි. හොඳට ඉදුණු පළතුරු විශේෂයෙන්ම අඹ, කෙසෙල්, අන්නාසි, මිදි, රටඉඳි වගේ.. පොඩි පොඩියට කෑලි කපල ලුණු, සීනි පදමට දාලා, අව්වෙ වේලල අරගෙන.. සාමාන්‍ය රොටි මිශ්‍රණයම, අනද්දි හොඳහැටි බටර් ටිකක් දාලා පළතුරුත් එක්කම එකට අනලා පදමට පුච්චගන්නයි තියෙන්නෙ. ඒ අතරට රොටි කන්න ටොප් පොල් පැණි එකකුත් ගලප ගත්ත නම්.. ආයෙ බඩකට පිරෙන්න කෑ හැකි.

4. චීස් මීට් සැන්ඩ්විච්

ගෙදර තියෙන ඔ්නම දෙයක් දාලා හිතේ හැටියට හදාගන්න කියාපුම සැන්ඩ්විච් එක. විශේෂයෙන් කියල ඔ්න කරන්නෙ චීස් විතරයි. 

මුලින්ම සැන්ඩ්විච් පාන් පෙති 2ක් හෝ වැඩි ප්‍රමාණයක් අරගෙන, පෑන් එක ලිපේ තියල ඒකට බටර් ටිකක් දාලා පාන් පෙති ටික එළල සනික දාගන්න බිත්තරයක් එක පාන් පෙත්තක් උඩට. දාලා බිත්තරේ කරවීගෙන එද්දි ඒ උඩට දාන්න ලුණු, අමුමිරිස්, රතු මිරිස්, ගම්මිරිස්, ලූණු, කැරට්, ඔ්නම දෙයක්. දාලා ටෝස්ට් එක හරියා‌ගෙන එද්දී ඒ උඩට නවන්න තව කර වෙච්ච පාන් පෙත්තක්. නවලා.. ඊටත් උඩින් චීස් පෙති ටිකක් අතුරල, දාන්න ෆ්‍රයිඩ් මස්, සොසේජස්, හැම්, බේකන් ඇති හැටියට. දාලා ලුණු, ගම්මිරිස් ටිකකුත් දාලා පදමට සෙට් වෙනකොටම අර කලින් හදාගත්තු බිත්තර එළවළු සැන්ඩ්විච් තට්ටුව මේ උඩට නවල තලල කරල, උස බස්සල බාගන්නයි තියෙන්නෙ.. ආයෙ වේලකට ඇති ඈ..

5. මයිලෝ මාෂ්මෙලෝ පුඩිං

පළමුව ඝන මයිලෝ එකක් හදාගන්න මයිලෝ, ෆ්‍රෙෂ් මිල්ක් සහ සීනි පමණක් පදමට දාගෙන. හදල ඒක කූල් වෙන්න තියලා.. මාශ්මෙලෝ කෑලි ටික ටික අරගෙන අඟුරු රස්නයකට අල්ලල, මෙලෙක් වේගෙන එද්දිම අතුරන්න බන්දේසියක පතුලට. ඊට පස්සෙ මයිලෝ තට්ටුවක් වත්කරන්න ඒක වැහෙන්න. වත් කරලා ආයෙත් අර විදියටම මෙලෙක් කරපු මාශ්මෙලෝ තට්ටුවක්. ඔය විදියට ඇති හැටියට මාශේමෙලෝ සහ මයිලෝ දාලා, උඩින්ම මයිලෝ හැඳි කීපයක් එක්ක හීනියට ලියල කලවම් කරගත්ත කජු ටිකකුත් අතුරල හයි වෙන්නම කූල් කරල..

කෑමට පසු හැඳි 2, 3 ගාණෙ වෙගේ.. 

Leave a comment