මාස 2, 3ක් තිස්සෙ වහල තියල.. එක පාරට ඇරිය කියල..
බිස්නස් හැදෙයිද?
හැබැයි ඉතින් එහෙමයි කියල වැඩේ අල්ලල දාන්නත් එපා යාළු. මොකද.. අපි කොයි කවුරුත්, වැටිච්ච ලිං කටෙන්ම එපැයි ගොඩ එන්න.
ඒ නිසාම ඔන්න, පහළින් තියෙනව අපේ අදහසුත් එකතු කරල ගලපපු පොඩි පොඩි ට්‍රික්ස්, ටිප්ස් ටිකක්.. ඔයාගෙ කඩේ ගොඩ ගන්න.
බලන්නකො, අනිවා වැඩක් වේවි!
අමුතුවෙන් කියන්න ඔ්න නෑනෙ ඉතින්. කොළඹ විතරක් නෙවෙයි දැන් ලංකාව වටේම, ලොකු පොඩි බේද නැතුව ඔ්න කඩයකට උදව් කරන ‘පික්මි ෆුඩ්’. රෙජිස්ටර් වෙන්නත් ඒ හැටි අමාරුවක් නෑ. කඩේ ඉඳගෙන තමන්ගෙ ෆෝන් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
පික්මි ෆුඩ් එක්ක ජොයින් වුනොත් ඔයාට, ඔයාගෙ කඩේ ප්‍රමෝට් කරගන්න සෝෂල් මීඩියා පැත්තෙනුත් පොඩි චාන්ස් එකක් ලැබෙනව. මොකද එයාලා, ඔයාගෙ අළුත් අළුත් ඔෆර්ස්, කෑම බීම.. සියල්ලම වගේ එයාලගෙ පේජ් වල දානවනෙ. නැතත් ඉතින්.. ඔය විස්තරත් එක්ක ලස්සන ෆොටෝ ටිකක් අපිට එව්ව නම් වැඩේ කරල දෙන්න පුලුවන්.
ඔය මුකුත්ම බැරි නම් ඔයාම කඩේ නමට පේජ් එකක් හදල දවස ගාණෙ ලස්සන ෆොටෝස් ටිකක් දාන්න පටන් ගන්නකො.
අළුතෙන් වියදම් කරන්න යන්න එපා. නැතත් එහෙම වියදම් කරන්න දැන් සල්ලිත් නැතුව ඇතිනෙ. හැබැයි දවස් කීපයක් මහන්සි වෙලා හරි කඩේ ෆුල් සුද්දයක් දීලා ඇරේන්ජ්මන්ට් එක වෙනස් කරන්න. මොකද කස්ටමර්ස්ල කාලෙකට පස්සෙ බහිනකොට.. කඩේ වෙනසක් තිබ්බ කියන්නේ.. ගාණ පොඩ්ඩක් වැඩියෙන් ගියත් ලොකු අවුලක් නෑ.
අනිවා.. මෙනුව පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ කිව්වෙ අළුත් කිචන් අයිටම් ගෙනැල්ල වැඩ දාලා, මහන්සි වෙලා, වියදම් කරගෙන හදන ඒවා නෙවෙයි. දැනට තියෙන ඒවයින් ටොප් එකටම හදන්න පුලුවන් කෑම ටිකක්. ඒත් එකක්.. ඉස්සර නැගල ගියපු කෑමවලට එකෙන්ම තැන දෙන්න..!
හොඳට බිස්නස් තිබ්බ කාලෙ..
‘අනේ බං ඔහොම මැරිල වැඩක් නෑ බං. ඔන්න ඔය 9ට විතර වහලා දාලා ගෙදර යනව’
කියන්න ඇති අනිවා..
හැබැයි දැං එහෙම කියල හිටියොත් නම් ආත්මෙකට ගොඩ එන්න වෙන්නෙ නෑ. ඒ නිසා පුලුවන්, ඉස්සර කරගෙන ගියපු නයිට් කඩේ වෙනුවට, දැන් උදේ, දවල් කෑම සියල්ලම එක්ක හරි වැඩේ පටන් ගන්න වෙලාවල් කලාවල් නොබලා..
අවුලක් ගන්න කාරි නෑ.. මහන්සිවෙලා ආයෙ කොහොමහරි ගේම ගොඩදාමු. අපිත් ඉන්නවනෙ සප් එකට!
Where, how, and why to find love in the paradise island.
We tasted every locally brewed and available beer. In the name of science!
Post-lockdown high tea seshs in Colombo.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment