Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

සුද්දො එනකම්.. ලෝකල් ටුවරිසම් වලින් ගේම ගහන්න, ටොප් ටිප්ස් 5ක්

මේ වෙලාවෙ හොඳට කල්පනා කරල ගේම ගහන්න…

Posted by

ඔයින් හරි රට ඇරිය මදෑ..

දැන් ඉතින්.. මුලසිටම ගේමට බහින්නයි තියෙන්නෙ. විශේෂයෙන්ම අපේ ටුවරිසම් කරපු යාළුවො එහෙම.

මේ වෙලාවෙ හොඳට කල්පනා කරල ගේම ගහන්න ඔ්න. නැත්නම්.. තව මාස ගාණකට ගොඩ එන්න වෙන්නෙ නෑ. ඒ නිසාමයි අපිත් කල්පනා කලේ, අපේ අදහස් ටිකකුත් ඔයාලට කියන්න, කොහොමද සුද්දො එනකම් ලෝකල් ට්‍රැවලර්ස්ලගෙන් ගේම ගහන්නෙ කියල.

1. Low Budget Accommodation

අනිවාර්යයම කාරණාවක්.

හිතන්නකො, දැන් අපේ ඇවිදින්න යන යාළුවො අතෙත් සල්ලි නෑ. ඔයාලා අතෙත් සල්ලි නෑ. හැබැයි එහෙමයි කියල ඔයාලා, ඔයාලගෙ නවාතැන් අපේ කට්ටියට දරාගන්න බැරි ගණන් වලට ඉදිරිපත් කලොත්.., ඒ කියන්නෙ කොරෝනා වලට කලින් ඔයාලා, ඒවා සුද්දන්ට දුන්න ගණන් වලට ඉදිරිපත් කලොත්..

එක්කො අපේ අය වෙන වෙන විකල්ප වලට යයි. නැත්නම් ඒ ගමන පස්සට දායි.

ඊට වැඩිය නරකද.. ඔයාලගෙ නවාතැන්, ඒ ඒ පහසුකම් අනුව, හැකි උපරිම සාධාරණ ගණන් වලට ලබා දුන්නොත්..?

2. Camp Site

පහුගිය අවුරුදු 5ක් විතර තිස්සෙ, අපේ තරුණ පරපුර අතර නැගී ආපු වැඩක් තමයි කෑම්පින්ග්. හැබැයි ඒ කෑම්පින්ග් ගොඩක්ම කරන්නෙ ලස්සන විව් තියෙන ප්ලේස්වල, නැත්නම් ඝන කැළෑ මැද්දෙ. ඉතින්.. ඔයාගෙ නවාතැනත් ඒ වගේ තැනක නම් තියෙන්නෙ, ඉඩ තියෙන විදිය බලලා පුංචියට හරි ගලපන්න, කෑම්ප් කරන්න හොඳ ප්ලේස් එකක්. බිම පිළිවෙලට සකසල, පොදු වැසිකිලියක්, ගිණිමැල ගහන්න තැනක්, විව් පොයින්ට් එකක්..

පැහැදිලිවම අදායමක් උපයන්න පුලුවන්.

3. Low Cost Guiding

අමුතුවෙන් කියන්න ඔ්නත් නෑ.

මෙහෙමනෙ යාළු, සුද්දොන්ට අපේ රට පෙන්නල ලොකු ලොකු ගණන් ගන්න පුලුවන්. ඒත් අපේ මිනිස්සුන්ට?

අන්න ඒ නිසයි අපි කියන්නෙ, ඔය.. දවස් ගණන් යන හයික්, එක එක ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස්, ජීප් සෆාරි, බෝට් සෆාරි වගේ ඒවා.. පුලුවන් විදියට බලල, අඩු කරල දෙන්නකො. දීලා ෆේස් බුක් එකේ පොඩි ප්‍රමෝෂන් පාරක් දාන්නකො. ආයෙ වැඩ තියෙයි ගජරාමෙට!

4. Experiences

එක්ස්පීරියන්ස් ටුවරිසම් කිව්වාම, ඒවා කරපු අය දන්නව ඇති සුද්දොන්ට කොහොමද ගණන් කිව්වෙ කියල. එහෙම නෙවෙයි, ඒවා.. පොඩ්ඩක් සරල කරලා.. අපේ අයටත් සහභාගී වෙන්න පුලුවන් විදියට ගලපලා, නරකද පැකේජ් ටිකක් හැදුවොත්?

උදාහරණයකට වගේ නිකම්.. ඔය හේනක පැළක නයිටක් ගහන්න..!

5. One Day or One Night Packages

ලෝ බජට් කිය කිය ඉතින් හැම එකක්ම ලෝ බජට් කරන්න බෑනෙ. අන්න එහෙම බැරි තැන්වලදි.. ඔයාලට පුලුවන් අමතර වියදමක් නොයන හෝ අඩු විදමකින් කරන්න පුලුවන්, පොඩි පොඩි ඇක්ටිවිටීස් ටිකක් එක්ක නවාතැන ප්‍රමෝට් කරන්න. එතකොට.. එන අපේ අයටත්, දවසම ෆුල් හැපනින්ග්..

ඔයාටත්.. හරි හරියට සම්තින්ග් එක කමින්ග්...

Leave a comment